දෙහිවලින් අසුවූ කල් ඉකුත්වූ ඖෂධ ගබඩාව

දෙහිවලින් අසුවූ කල් ඉකුත්වූ ඖෂධ ගබඩාව

*********************************************

දෙහිවලින් අසුවූ කල් ඉකුත්වූ ඖෂධ ගබඩාව

(13.06.2021 – nethgossip.lk)

දෙහිවල, නැදිමාල , රබර්වත්ත පාර, දෙමහල් නිවසක නීති විරෝධී ලෙස සූක්ෂම පවත්වාගන ගිය ආනයනික කල් ඉකුත් වූ හා කල් ඉකුත් වීමට ආසන්න රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඖෂධ වර්ග සහිත ගබඩාවක් වටලා නිෂ්පාදිත හා කල් ඉකුත් වීමේ දින වෙනස් කරන ලද ස්ටිකර් තොගයක් සමග එක් පුද්ගලයෙකු දෙහිවල පොලීසිය හා එක්ව ජාතික ඖෂධ නියාමක අධිකාරිය නිලධාරීන් විසින් ඊයේ (12) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල පොලීසිය බස්නාහිර පළාත් බුද්ධි ඒකකය වෙත ලද තොරතුරකට අනුව දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීමකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිලධාරීන් විසින් සිදුකර ඇත. එහිදී කාමර කීපයකම පෙට්ටිවල අසුරා ගබඩාකර තිබූ කල් ඉකුත් වූ ඖෂධ විශාල තොගයක්, කාඩ්පත් වලින් වෙන් කරන ලද ඖෂධ කරල් සහ ඒවායේ හිස් කාඩ්පත් , ඖෂධ හිස් ඇසුරුම් පෙට්ටි, ස්ටිකර් මුද්‍රණයට යොදාගත් පරිඝණකය හා මුද්‍රණය කර තිබූ ස්ටිකර් තොගයක් ද ඖෂධ නියාමන අධිකාරිය නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

දැනට සිදුකරගන යනු ලබන විමර්ශණ වලදී ආයතන ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය නිමල් ජයසිරි මහතාගේ උපදෙස් පරිදි සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සියලු ඖෂධ තොග ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගැනීමටත් කටයුතු කරනු ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

******************************************

අමන පණ්ඩිතයන්ගේ උපදෙස්වලට අගමැතිතුමා රැවටුණොත් නැවෙන් වූ විනාශය තක්සේරු කර ගන්න බැහැ – පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි

(13.06.2021 – newsfirst.lk/sinhala)

ජාතික භික්ෂූ පෙරමුණ අද (13) මාධ්‍ය හමුවක් පවත්වමින් අනතුරුදායක නෞකාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පැහැදිලි කිරීම ගැන අදහස් පළ කර තිබේ.

එහිදී පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි පැවසුවේ, අමන පණ්ඩිතයන්ගේ උපදෙස්වලට අගමැතිතුමා රැවටුණහොත් ගිනි ගත්ත නැවෙන් සිද්ධ වුණු දැවැන්ත විනාශය තක්සේරු කරගන්නට නොහැකි වන බවය.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි,

“අපි දැක්කා ගොඩහේවා මහත්තයා කියනවා ‘මේ නෞකාව නීති විරෝධි එකක් නෙවෙයි. මේක බලහත්කාරයෙන් ආපු එකකතුත් නෙවෙයි. මේක මේ එහෙම අනතුරු දායක එකකුත් නෙවෙයි. මේක අපිට කළින් වරායවල් දෙකකට, ඒ කියන්නේ ඉන්දියාවේ සහ තවත් වරායකට ගිහිල්ලා අවේ ඒ නිසා එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ’ කියලා එතුමා මේක මේ ඉතාම සරල කරනවා. සරල කරමින් වහන්නේ මොකක්ද, ගොඩහේවා මහත්තයෝ ඔබතුමාගේ ගොඩකම් මිනිස්සුන්ට මේ විදිහට ඉදිරිපත් කරන්න යන්න හදන්න එපා. ඔබතුමාන්ලා හංගනවා.

මේ නැව ඉන්දියාවේ සහ අනෙකුත් වරායන්වලට ගිහිල්ලා තමනුගේ බහාලුම් භාර ගත්තා; නැව යැව්වා. ඒගෝල්ලන්ට කියනවා මේ නැවේ කපිතාන් ‘මේ වගේ කාන්දුවක් තියෙනවා මේක හදා ගන්න ඉඩ දෙන්න’ කියලා. ඒ එක වරායක්වත් එක්ට ඉඩ දෙන්නේ නැ. ඒ ගොල්ලෝ තමන්ගේ බහාලුම් ටික භාර අරගෙන නැවට යන්න කියලා කියනවා.

මෙහේ මොකක්ද වෙන්නේ, තමන්ගේ ටික භාරගෙන යන්න කියන්නේ නැහැ, නැවට එන්න කියලා කියනවා මේ විනාශය කැන්ද ගත්තා. ඇයි එක ගොඩහේමා මහත්තයා හංගන්නේ. අපි කියනවා අගමැතිතුමාට ‘අනේ අගමැතිතුමනි, ඔබතුමාට මේ සම්බන්ධව සම්පුර්ණ දැනුමක් නැතුව ඇති. දැන් ඔබතුමාට උපදෙස් දෙන්නෙ මේ අදාළ කට්ටියනේ. මේ අර එදා හිටපු කේවට්ට පණ්ඩිතයෝ වගේ අමන පණ්ඩිතයෝ. දැන් මේගොල්ලෝ කියන දේවල්වලට ඔබතුමා රැවටුණොතින් මේ නැවෙන් සිද්ධවෙච්ච මහ දැවැන්ත විනාශය තක්සේරු කරගන්න බැරිවෙනවා. මේකට අදාළ නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා.”

******************************************

(14.06.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

එරාවුර්, කොම්මාතුරේ ප්‍රදේශයේ දිය නාමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු (8) අතුරින් දෙදෙනෙකු (2) දියේ ගිලීමෙන් ඊයේ (13) සවස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 15 සහ 17 යන වයස් වල පසුවූ තරුණයින් දෙදෙනෙකු (2) බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන්ගේ මෘත ශරීර මේ වනවිට චෙංකල්අඩි රෝහලේ තැන්පත්කර ඇති අතර එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

******************************************

(14.06.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

ගොවියන්ට බෙදාදීම සඳහා ලබාදී තිබූ පොහොර තොගයක් පුද්ගලික වෙළඳසැලක අලෙවි කරමින් සිටි ගොවිජන සේවා අධිකාරියේ සංවර්ධන නිලධාරියෙකු වාරියපොළ පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සහනදායී මිලට ගොවියන්ට ලබාදීමට තිබූ පොහොර තොගයෙන් පොහොර මිටි 50 ක් සැකකාර සංවර්ධන නිලධාරියා විසින් රැගෙන ගොස් අලෙවි කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සංවර්ධන නිලධාරියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

******************************************

(14.06.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala)

වැඩි වූ ඉන්ධන මිල යළි සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව අද (14) රැස්වන අමාත්‍ය මණ්ඩලයේදී සලකා බැලීමට නියමිත බවට රජයේ ආරංචි මාර්ග අනාවරණ කළා.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (14) පස්වරු 05 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතයි.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහළ ගියා.

පසුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබුණේ ජනතාව අසීරුතාවට පත්වූ මොහොතක ඉන්ධන මිල වැඩි කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගත් තීරණයට ඔහු ඍජුව වගකිව යුතු බවයි.

එවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව වගකීම භාරගෙන ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් වුණා.

මේ අතර, පොදුජන පෙරමුණේ මෙම චෝදනාවලට පිළිතුරු දීම සඳහා ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (13) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඔහු ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ගනු ලැබුවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේදී බවයි.

මේ අතර, ඉන්ධන මිල ඉහල දැමීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිලිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩුකර විනිමය අනුපාත ශක්තිමත් කර ගැනීමටත් අවධානය යොමු කරමින් ගනු ලැබූ පියවරක්.

එමෙන්ම, සෞඛ්‍ය හා සුබසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයන මත රඳා පවතින පාරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන සහ පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමටත් එමඟින් අපේක්ෂා කරන බව එහි දැක්වුණා.

මේ අතර, වෙළඳපොළට නව ගෑස් සිලින්ඩර් හඳුන්වාදීමෙන් පාරිභෝගිකයා නොමඟ යැවීම සම්බන්ධයෙන් ගෑස් සමාගම්වලට එරෙහිව ඉදිරියේ නිතීය ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (13) සඳහන් කළා ෴

******************************************

(14.06.2021 – 07:06 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී මේ වනවිට මාස 03 කට අධික කාලයක් ගතවූවද තවමත් විභාග රාජකාරි දීමනා ගෙවීමට අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත් වී ඇති බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.

විභාග රාජකාරීවල හා උත්තරපත්‍ර ඇගයීම්වල නිරත වූ ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින් මෙම තත්වය හමුවේ දැඩි ආර්ථික ගැටළුවලට මුහුණ දී ඇති බවයි එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ෴

******************************************

(14.06.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදුවු බලපෑම හා හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට අමතරව නෛතික කටයුතු පිළිබඳ විශේෂ සාකච්ජාවක් අද (14) පැවැත්වීමට නියමිතයි.

ඒ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්රි සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදීයි.

මේ අතර, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නත් සමඟ ජීවනෝපාය අහිමිවු ධීවර පවුල්වලට හෙට (15) සිට රුපියල් 5000 දීමනාව ලබාදීමට බලාපොරොත්තු වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කළා.

ඊට අදාල කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් මෙරට සාගර කලාපයට එක්වූ ද්‍රව්‍ය තුළ සාගර ජීවීන්ට කෙටි කාලීන මෙන්ම දිගු කාලීන හානි ඇති කරන අපද්‍රව්‍ය පවතින බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එම අධිකාරිය ප්‍රකාශ කළේ මේ වනවිට නෞකාවෙන් මෙරට සාගර කලාපයට එක්වූ අපද්‍රව්‍ය බහාළුම් 42 ක ප්‍රමාණයක් එක් රැස් කර ඇති බවයි.

එම අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරෙනවා.

ඒ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක බලකාය, මධ්‍යම පරිසර අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සහභාගීත්වයෙන්.

එලෙස එක් රැස් කෙරෙන අපද්‍රව්‍ය තාවකාලිකව ගබඩා කිරීමේ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් බලපත්‍ර නිකුත් කර ඇති ආයතනයක් මගින් සිදුකරනු ලබනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ රසායන උපද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ අපද්‍රව්‍ය වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒවා බැහැර කරන ක්‍රමවේදය තීරණය කරන බවයි ෴

******************************************

හෙරොයින්වලට ඇබ්බැහි වූ අයෙක් සහල් සොරකමේ

(14.06.2021 – 07:39 +0530 – sinhala.adaderana.lk)

ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැළකට ඇතුළු වී රුපියල් 250,000 ක් වටිනා සහල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කරසිටි සැකකරුවෙකු පොලීසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

ගල්කිස්ස දුම්රිය ස්ථානය අසල දී පොලීසිය සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු ඊයේ (13) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 100 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සහල් සොරකම පිළිබඳව අනාවරණය වී තිබේ.

ඉකුත් 11 වනදා ඔහු එම සොරකම සිදුකර ඇත.

ඒ අනුව සැකකරු සතුව තිබූ තවත් සහල් කිලෝ 5 බැගින් වූ සහල් උර 5 ක් සොයා ගැනුණි.

සැකකරු විසින් සොරකම් කරන ලද සහල් විකිණීම සඳහා ලබාදුන් වෙළෙඳසැල් 2 ක තිබී තවත් සහල් උර 8 ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 34, 33 සහ 39 වයස්වල පසුවන්නන් ය ෴

@@@@@@@@@@@@@@

(14.06.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

ගතවු පැය 24 තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 32,593 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++

(14.06.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබන මාසයේදී මෙරටට ලබාගැනීමට අදාලව විශේෂ සාකච්ජාවක් අද (14) පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ඊයේ (13) මෙරටින් තවත් කොරෝනා අසාදිතයින් 2,361 ක් වාර්තා වුණා.

ඊයේ (13) වාර්තා වූ ආසාදිතයින් අතරින් තිස් දෙදෙනෙකු (32) විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ ආසාදිතයින් වන අතර, අනෙක් ආසාදිතයින් 2329 දෙනා අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින්.

එම ආසාදිතයින් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 223,638 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, අමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබන මාසයේදී මෙරටට ලබාගැනීමට අදාළව අද (14) දිනයේදී එරට විද්‍යාඥයින් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ජාවක් පැවත්වීමට නියමිතයි.

අමරිකාවේ ප්‍රදානයක් ලෙස ලබාදෙන එන්නත් වර්ග හා ප්‍රමාණ මේ සතිය වනවිට තහවුරු කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා ෴

++++++++++++++++++

(14.06.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවත්වුණා.

එහිදී අග්‍රාමත්‍යවරයා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවකදී දරුවන්ගේ රෝග සහ ගැටළු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නා ලෙසයි.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කළ යුතු බව එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාවය දිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා එහිදී අවධාරණය කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Corrupt drug and medication dealer. These vultures MUST be shot at sight for murdering and attempted murdering of innocent unsuspecting patients through supplying out dated and time expired drugs. The minimum must be 20-years in prison with hard labour and confiscation of all their private assets and properties. An example must be set of these vultures so that others do not copy these methods. if there is justice and law and order in the country, please wipe out all vermin of this elk.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *