ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

*********************************************

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

(11.06.2021 – 22:08 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා.

ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ යනු ඇති. එහි නව මිල වන්නේ රුපියල් 157 ක්.

ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 23 කින්. ඒ අනුව ඔක්ටේන්-95 පෙට්‍රල් ලීරයක නව මිල රුපියල් 184 ක් වනවා.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් වැඩි වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 111 ක් වනවා.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ යන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 144 ක් වනවා.

භූමිතෙල් මිල ද රුපියල් 7 කින් ඉහළ යන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 77 ක්.

මේ අතර මෙම මිල ගණන්වලට සමාන වන ලෙසට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සිය මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

මේ අතර කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළේ ජීවන වියදම් පිළිබද අමාත්‍ය අනු කමිටුව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට තීරණය කර ඇති බවයි.

වැඩි මිලට ඉන්ධන මිලදී ගෙන අඩු මිලට අලෙවි කිරීම හේතුවෙන් මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි 33,100 ක් බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

******************************************

(12.06.2021 – 06:56 +0530 – hirunews.lk/sinhala)

අම්පාර, සමන්තුරෙයි, මල්වත්ත ප්‍රදේශයේදී ඊයේ (11) සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මොවුන් දෙදෙනා (2) නීති විරෝධී මත්පැන් පෙරමින් සිටින අතර තුර බැරලයක් පිපිරී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්වත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මෘත ශරීරය මේ වන විට සමන්තුරෙයි රෝහලේ තැන්පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ ෴

******************************************

(12.06.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුරේ බලපෑමට ලක්වූ පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරය නිසි අධ්‍යයනයකින් අනතුරුව ධීවර කටයුතු සඳහා විවෘත කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම, කොවිඩ් වසංගත තත්ත්වයට සමගාමීව අඩු ආදායම්ලාභීන් වෙත ලබාදෙන රුපියල් පන්දහසේ (5000) දීමනාව නෞකාව හේතුවෙන් අගතියට පත් ධීවර ප්‍රජාව සඳහා ලබන සඳුඳා (14) සිට ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා ෴

12.06.2021 දින සිට මීගමුව කලපුවේ ධීවර කටයුතු සඳහා අවසර ලබාදෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා ෴

******************************************

(12.06.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 10 ක ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මෙම මාසයේ ගත වූ දින කිහිපයේ පමණක් ඩෙංගු රෝගීන් 184 දෙනෙකු වාර්තා වී ඇති බවයි වසංගත රෝග අංශය ප්‍රකාශ කළේ.

පසුගිය මාසයේදී ඩෙංගු රෝගීන් 888 දෙනෙකු වාර්තා වී ඇති අතර, වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 80,031 ක්.

පවතින තත්ත්වයත් සමග දිස්ත්‍රික් බොහොමයක අවදානම ඉහළ ගොස් ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ යා හැකි බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ.

ඩෙංගු පතුරුවන මදුරුවන්ට බැක්ටීරියාවක් භාවිතා කර සිදුකළ අත්හදා බැලීම්වලින් ලෝකයේ බොහෝ රටවල්වල ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ ගොස් තිබෙනවා.

මෙරට ද කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මීට පෙර අවස්ථා කිහිපයකදී එය අත්හදා බැලූ අතර, ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසක එය ක්‍රියාවට නංවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(12.06.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමඟින් ඊයේ (11) රාත්‍රි 08:30 ට නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ඉදිරි පැය 24 තුළ එම පද්ධතිය තවදුරටත් වර්ධනය වී බටහිර දෙසට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇති බවයි.

මේ නිසා එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ ඉහළ යෑමක් දක්නට ලැබෙන අතර, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මීගමුවේ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් පනහේ (50) සිට හැට (60) දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම, දිවයින වටාම මුහුදු ප්‍රදේශ තරමක් රළුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑලිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි අපේක්ෂා කෙරෙන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 දක්වා තරමක තද වැසි ඇතිවිය හැකියි ෴

******************************************

(12.06.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකාර්මික බෝගවලට රෝග මගින් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා ඇතැම් කෘෂි රසායනික ද්‍රව්‍ය කිහිපයක් ආනයනය කර, සීමාවන්ට යටත්ව නිකුත් කිරීමට තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඊයේ (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණවත් ලෙස මෙරට තුල නිෂ්පාදනය කළ නොහැකි නම් ඒවා ආනයනයට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත්, ඊයේ (11) දිනයේදීත් කන්තලේ සහ කඩවත ප්‍රදේශයේ ගොවීන්ද කියා සිටියේ රසායනික පොහොර ආනයනය අත්හිටුවීමේ තීරණය සමග හටගෙන ඇති පොහොර හිඟය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රසායනික පොහොර අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය රජය සැලසුමකින් තොරව සිදුකර ඇති බවයි ෴

******************************************

(12.06.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

රජය ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් කර්මාන්තය තවදුරටත් ගැටළුකාරී තත්ත්වයකට පත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.

සිපෙට්කෝ අලෙවිසැල්වල ඉන්ධන මිල ගණන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව රජය නිවේදනය කළා.

සිපෙට්කෝ මිල ගණන්වලට ගැලපෙන පරිදි තම අලෙවිසැල්වල පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවූ බවයි ලංකා අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළේ ෴

******************************************

(12.06.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

තම 15 හැවිරිදි දියණිය දූෂණය කළ පියෙකු ලබන 25 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) නියෝග කර තිබෙනවා.

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්තේ ගාල්ල, බූස්ස ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පස් (5) දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

දැරියගේ මව පියාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්වන අතර දැරිය ද සිය මව භාරයේ සිට තිබෙනවා.

ඔවුන් ජීවත්වන නිවස අසලම පිහිටි නිවසක අදාල සැකකාර පියා තනිව ජීවත්ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාල දැරිය විසින් සිය පියාට තේ ගෙනගොස් දී ඇති අතර එහිදී අවස්ථා කිහිපයකදී ඇයව දූෂණය කර ඇති බවටයි පොලිසිය කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

දැරියගේ සිරුරේ වෙනස්විම් දුටු මව ඒ පිළිබඳ විමසීමේදී සිද්ධිය මවට පවසා ඇති අතර පසුව දැරිය මහමෝදර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සිදුකළ පරික්ෂා කිරීමේදී ඇය පස්මස් (5) ගැබිණියක් බවට තහවුරු වී තිබෙනවා ෴

******************************************

(12.06.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

දැනට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපාන් ඉම්රාන්ගේ ගෝලයෙකු වන ක්ලෙමන්ට් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ පුද්ගලයෙකු වැල්ලම්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07ක් සමගයි.

වැල්ලම්පිටිය – කොහිලවත්ත ප්‍රදේශයේ ඊයේ (11) රාත්‍රී 07:30 ට පමණ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු වැල්ලම්පිටිය පොලීසියට භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

******************************************

(12.06.2021 – 11:18 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කෘත්‍රීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස්රථ මුහුදේ ගිල්වීම ඊයේ (11) ආරම්භ කෙරුණා.

ඒ යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට අදාළවයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් ආරම්භ කෙරුණු එම ව්‍යාපෘතිය යටතේ භාවිතයෙන් ඉවත් කළ බස් රථ 20 ක් මුහුදේ ගිල්වීමට නියමිතයි.

ඊයේ (11) දිනයේදී ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් සයුරු කැනීම් නෞකාව මඟින් භාවිතයෙන් ඉවත් කළ බස්රථ 04 ක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්‍ෂිතව දියයට ස්ථානගත කිරීම සිදුකළා.

******************************************

පක්ෂීන්ට දෙන ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් පොලිස් භාරයට

(12.05.2021 – 10:14 +0530 – sinhala.adaderana.lk)

කුවේට් සිට මෙරටට ගෙන්වූ පක්ෂීන් සඳහා ලබාදෙන ඖෂධ තොගයක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ජම්පටා වීථියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පශු ඖෂධ පාලන අධිකාරියේ අනුමැතියකින් තොරව ගෙන්වා තිබෙන එම ඖෂධ සැකකරුවන් විසින් විකිණීම සඳහා තිබියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේ දී වයස අවුරුදු 38 ක පුද්ගලයෙක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

එම ඖෂධ තොගයේ වටිනාකම ලක්ෂ 10 කට අධික බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශියන්ත මහතා පවසයි.

******************************************

වංචාකාරී ලෙස ATM කාඩ් පතකින් මුදල් ගත් අයෙක් හඳුනාගැනීමට සහාය පතයි

(11.05.2021 – 16:25 +0530 – sinhala.adaderana.lk)

ATM කාඩ් පතක් සොරකම් කර මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන් වු සැකකරුවෙක් හඳුනාගැනීමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටී.

මහරගම පොලීසියට ලද පැමිණිල්ලක් මත මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකරු විසින් සොරාගත් කාඩ්පත භාවිත කර මුදල් ලබාගන්නා ආකාරය CCTV වීඩියෝ මඟින් හඳුනාගෙන ඇත.

ඒ අනුව ඉහළ ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

ස්ථානාධිපති – මහරගම : 071 891 1645

******************************************

ඥාණසාර හිමි ලක්ෂ 300 V8 අරන් කට වහගත්ත කියන්නේ ඇත්තද ? හඩපට සහිත සාකච්ඡාව – Truth with Chamuditha (12.06.2021)

******************************************

හුස්ම පොදක් වෙනුවෙන් සටන් වදින පිළියන්දල දැරිය – WANESA TV (01.06.2021)

දරුවාගේ පියාගේ තොරතුරු :
M M Asoka Jayantha
Commercial Bank Piliyandala
A/c No : 8110009562
Phone No : 077 197 5859

******************************************

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ හොර ගෑණි පානදුරේදී කොටු

(12.06.2021 – colombotoday.com)

= මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු =

දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කාන්තාවක් ඇතුළු පිරිසක් ඊයේ (11) දින පොලීසියට කොටු විය.

සහල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව අඟවමින් කාන්තාවක් විසින් වාරියපොළ සහල් තොග වෙළෙඳ සැලකින් රුපියල් ලක්ෂ 12 ක පමණ සහල් ඇණවුම් කර තිබුණි.

සහල් තොගය පානදුරට රැගෙන යා යුතු බව පවසා යක්කල නගරයේදී ඔවුනගේ ලොරියකට මාරු කර මුදල් ලබාදීම පිණිස යක්කල පෞද්ගලික බැංකුවක් අසළට පැමිණෙන ලෙස පවසා පළා ගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබුණි.

ලොරියෙ අංකය, සහල් තොගය රැගෙන ආ අයෙකුගේ මතකයේ තිබූ බැවින් මේ පිළිබඳව යක්කල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාරිය හා තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර ප්‍රදේශයේදීය.

ඒ වනවිටත් සහල් කිලෝ 11,800 ක් මීගොඩ, පානදුර සහ පිළියන්දල වෙළෙඳ සැල්වලට අළෙවි කර තිබුණි.

එම සහල් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

යක්කල පොලීසිය මේ වෙන විටත් සොයාගෙන තිබෙන්නේ සැකකාරිය මීට පෙර අවස්ථා හතරකදී (4) මෙලෙස සහල් මංකොල්ල කා ඇති බවටයි ෴

******************************************

(12.06.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

දැනට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංජිපාන් ඉම්රාන්’ගේ ගෝලයෙකු වන ‘ක්ලෙමන්ට්’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ පුද්ගලයෙකු වැල්ලම්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 ක් සමගයි.

වැල්ලම්පිටිය – කොහිලවත්ත ප්‍රදේශයේ ඊයේ (11) රාත්‍රී 07:30 ට පමණ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු වැල්ලම්පිටිය පොලීසියට භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

******************************************

(12.06.2021 – 11:18 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කෘත්‍රීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස්රථ මුහුදේ ගිල්වීම ඊයේ (11) ආරම්භ කෙරුණා.

ඒ යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට අදාළවයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් ආරම්භ කෙරුණු එම ව්‍යාපෘතිය යටතේ භාවිතයෙන් ඉවත් කළ බස් රථ 20 ක් මුහුදේ ගිල්වීමට නියමිතයි.

ඊයේ (11) දිනයේදී ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් සයුරු කැනීම් නෞකාව මඟින් භාවිතයෙන් ඉවත් කළ බස්රථ 04 ක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්‍ෂිතව දියයට ස්ථානගත කිරීම සිදුකළා.

******************************************

(12.06.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුරේ බලපෑම හේතුවෙන් ධීවර කටයුතු අඩාල වූ මීගමුව කලපුවේ ධීවර කටයුතු සඳහා අද (12) සිට අවසර ලබාදෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැව ගිනි ගැනීමත් සමඟ මීගමුව ධීවරයින් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අද (12) මීගමුව නගර ශාලාවේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

මේ අතර නෞකාවේ බලපෑම හේතුවෙන් ධීවර කටයුතුවල යෙදීමට නොහැකි වූ මීගමුව සිට පානදුර දක්වා මුහුදු තීරය නිසි අධ්‍යයනයකින් අනතුරුව ධීවර කටයුතු සඳහා විවෘත කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දුන්නා.

ඒ, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති සාකච්ඡාවකදීයි.

එසේම, කොරෝනා වසංගත තත්ත්වයට සමගාමීව අඩු ආදායම්ලාභීන් වෙත ලබාදෙන රුපියල් පන්දහසේ (5000) දීමනාව නෞකාව හේතුවෙන් අගතියට පත් ධීවර ප්‍රජාව සඳහා ලබන සඳුඳා (14) සිට ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

මීට අමතරව, සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකරමින් නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය පිලිබඳව පූර්ණ වශයෙන් තක්සේරු කිරීමටත්, අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේදී උපදෙස් ලබාදී ඇත්තේ.

අදාළ නීතිමය කටයුතු, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබෙනවා.

@@@@@@@@@@@@@@

(12.06.2021 – 6:18 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාධිත මරණ 62 ක් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 2073 ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1027 දෙනෙකු ගත වූ පැය 24 තුලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 30,042 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++

(12.06.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 122 දෙනෙකු සහ කටුනායක ප්‍රදේශයෙන් ආසාදිතයින් 117 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) දිනයේදී කොරෝනා ආසාදිතයින් 505 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 397 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

කළුතර, කුරුණෑගල, මහනුවර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 දෙනෙකු ඉක්මවා හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

++++++++++++++++++++

(12.06.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් මාත්‍රා අතර කාල විරාමය ඉහළ නැංවීම තුළින් පුද්ගලයෙකු කොරෝනා විකෘති ප්‍රභේදවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව අමෙරිකාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුචි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඉන්දීය රජය මගින් කොරෝනා එන්නත් මාත්‍රා අතර පරතරය ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය පිළිබඳව සිදුකළ විමසීමකදීයි.

වෛද්‍ය ඇන්තනී ෆවුචි සඳහන් කළේ ෆයිසර් සහ මොඩර්නා යන එම්-ආර්.එන්.ඒ. තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන කොරෝනා එන්නත් මාත්‍රා අතර පරතරය සති 03 ක් හෝ 04 ක් විය යුතු බවයි.

කෙසේ නමුත්, සැපයීමේ හිඟයක් පවතින විට එන්නත් මාත්‍රා අතර පරතරය ඉහළ නැංවීම හැර විකල්පයක් නොවන බව ඔහුගේ අදහසයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකක් (2) අතර පරතරය සති 12 ත්, 16 ත් අතර කාලයක් දක්වා ඉහළ නැංවීමට ඉන්දීය රජය පසුගියදා තීරණය කළා.

එලෙස කොවිෂීල්ඩ් එන්නත් අතර පරතරය ඉහළ ප්‍රතිඵල ලබාගැනීම සඳහා දීර්ඝ කළ දෙවන (2) අවස්ථාව එයයි.

ඊට පෙර එම එන්නත් මාත්‍රා අතර පරතරය දින විසිඅටේ (28) සිට සති 06 ක් හෝ 08 ක් දක්වා ඉහළ නැංවිය හැකි බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ, කොරෝනා එන්නත් සැපයුමේ විශාල හිඟයක් පවතිද්දීයි ෴

++++++++++++++++++++

(12.06.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

අද (12) සහ හෙට (13) දින දෙක (2) තුළ දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම් සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තොග වෙළදුන්ට මෙන්ම ජංගම වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ද ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට හැකියි.

දිවයිනට පනවා තිබූ සංචරණ සීමා අනිද්දා (14) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ලබන 21 වනදා දක්වා සංචරණ සීමා දීර්ඝ කරන බවයි.

මේ අතර, ඊයේ (11) දිනයේත් කොරෝනා ආසාදිතයින් 2789 දෙනෙකු වාර්තා වුණා.

ඉන් 30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්.

එසේම අංගොඩ මානසික රෝහලේ රෝගීන් 14 කටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

එසේම ඊයේ (10) දිනයේ තහවුරු කළ කොරෝනා මරණ 62 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2073 දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++

පාසල් විවෘත කිරීම පහසු කළ හැක්කේ කෙසේ ද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවක්

(11.05.2021 – 19:17 +0530 – sinhala.adaderana.lk)

ජූලි මාසය වන විට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමෙන් පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් හිමිවනු ඇතැයි රජයේ වෛද්‍ය න්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේ, මෙරට 60 ට වැඩි පිරිසට ද එන්නත්කරණය සිදුකිරීම ඉතා වැදගත් බවය.

ඒ තුළින් මේ වන විට ඉහළ යමින් පවතින කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,

“අපි 60 ට වැඩි අයට එන්නත්කරණය කරොත් දැනට මැරෙන සංඛ්‍යාව සියයට 90 කින් අඩුකර ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් 40-50 ක ප්‍රමාණයක් මියයනවා. මේ සංඛ්‍යාව 10 ට අඩු සංඛ්‍යාවකට සති 4 කදී විතර යනවා ඒ කියන ආකාරයට එන්නත් කරොත්. ඒ ගැන පැහැදිලි කිරීමක් කළා. ආර්ථික වශයෙන් වැදගත් කොටස්වලට ලබා දෙනකොට අවුරුදු 18 ට වඩා වැඩි සියලුදෙනාටම එන්නත් ලබාදීම කළ යුතුයි. පාසල් දැනට වහලා තියෙන්නේ. ගුරුවරු ලංකාවේ තුන්ලක්ෂ ගානක් ඉන්නවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරා ඔවුන්ට එන්නත ලබාදීම සඳහා ලබන මාසේ එනම් ජූලි මාසය වන විට කටයුතු කරන්න කියලා. ඒ තුළින් පාසල් විවෘත කරගැනීමේ අවස්ථාවක් තියෙනවා.”

++++++++++++++++++++++

වෛද්‍යවරයෙක් බිරියන් 05 කට.. වෛද්‍යවරියක් සැමියන් 06 කට කොරෝනා එන්නත් ගහලා.. කොලඹ ජාතික රෝහලේදී..

(11.06.2021 – 22:26 +0530 – lankacnews.com)

එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් (5) තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් (6) කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ දී මෙම එන්නත්කරණය සිදුව ඇති බවයි.

වෛද්‍යවරුන් විසින් තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් ලෙස හදුන්වමින් 13,000 කට එම ස්ථානයේ එන්නත්කරණය කළ බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම කොළඹ ආසන්න තවත් රෝහල් කිහිපයකම ඒ ආකාරයේ එන්නත් කරණ සිදු කර තිබෙන බවද පැවසූ ඔහු එසේ තිබියදී උණවටුනේ පමණක් සිදුවීමට පරීක්ෂණ කරන්නේ කුමන නීතියකින්දැයි ප‍්‍රශ්න කලේය.

පරීක්ෂණ කරන්නේ නම් සියලු ස්ථානයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවද ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී ෴

++++++++++++++++++

මිනිත්තු පහයි, රෝග ලක්ෂණ ඉවරයි, නිවාරණයි තීන්දුයි (12.06.2021)

සේන වෙද මහතාගේ දුරකථන අංකය – 077 495 0431
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *