ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

*********************************************

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

(07.06.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් පවතින සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 11 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 77 ක් මෙලෙස හුදෙකලා බවින් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශ පිළිබද විස්තර පහතින් :

++++++++++++++++++++++++

(07.06.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ගත වු දිනයේදි නව ආසාදිතයින් 2,976 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 2,07,254 දක්වා ඉහළ ගියා.

ඊයේ (06) දිනයේදි තවත් කොරෝනා ආසාදිතයින් 1172 නෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1,67,304 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර විදෙස් ගතව සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෙඛ්‍ය අමාත්‍යාංශය මගින් ඊයේ (06) නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය ලබා දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හෝ ද්විත්ව පුරවැසියන් දින 14 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්විය හැකියි.

ඒ සඳහා ඔවුන් සතු නිවහනක් ශ්‍රී ලංකාවේ තිබිය යුතු අතර, අනුමත කොරෝනා එන්නත් මාත්‍රා දෙකම (2) දිවයිනට පැමිණීමට සති දෙකකට (2) පෙර ලබාසිටිය යුතුයි.

කෙසේ නමුත් ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකානු හෝ දකුණු ඇමරිකානු රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හෝ ද්විත්ව පුරවැසියන් එලෙස නිවෙස් තුළ නිරෝධායන වීමේ රෙගුලාසිය වලංගු වන්නේ නැහැ.

දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සියල්ලන්ම ඊට පෙර කොරෝනා පරීක්ෂණයකින් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබිය යුතුයි.

කටුනායක ප්‍රදේශයේ ආසාදිතයින් 62 දෙනෙකු ඊයේ (06) හඳුනා ගෙන ඇති අතර ඉන් 42 දෙනෙකු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වනවා.

මේ දක්වා කාල සිමාව තුළ කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් කර්මාන්ත ශාලා 64 තුළින් හඳුනා ගෙන ඇති ආසාදිතයින් ගණන 2417 ක්.

මේ අතර නිරෝධායන නීති උල්ලංණය කළ තවත් 913 දෙනෙකු ගතවූ පැය විසි හතර (24) තුළ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(07.06.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා උල්ලංඝනය කරමින් වාහන පදවන පිරිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර නිරෝධායනය සඳහාද යොමුකිරිමට කටයුතු කෙරෙනවා.

ඊට අදාළ උපදෙස් මේ වනවිටත් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++

(07.06.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (06) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගෙන් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 805 ක්.

ඊයේ (06) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2976 දෙනෙකු වාර්තා වුණා.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 589 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 300 දෙනෙකු හඳුනාගත් බවයි කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ෴

@@@@@@@@@@@@@@@@@@

(07.06.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගත ටැංකියකින් දැවි තෙල් ජලයට මිශ්‍ර වීම මේ වනවිට පාලනය කර ඇති බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වෙරළාරක්ෂක බලකායේ සහයෝගය ඇතිව මෙම කටයුතු සිදුවූ බවයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගත ටැංකියකින් වැසි ජලයට දැවිතෙල් මිශ්‍ර වූ බවට මුලින්ම වාර්තා වූයේ පසුගිය 04 වනදායි.

තත්ත්වය බරපතලම වූයේ එම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වයත් සමග නිවාස තුලටද ගලාගෙන ආ දැවිතෙල් මිශ්‍ර ජලය, පානීය ජලය සපයාගන්නා ළිං වලටද එකතු වීමත් සමගයි.

ඒ අනුව ඉන්ධන අවට පරිසරය පුරා පැතිරීයාම වැලැක්වීමට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් අරම්භ කළා.

******************************************

(07.06.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය, සෙල්ලබාව 02 ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල තිබී අභිරහස් ලෙස මියගිය අඹුසැමි යුවලකගේ සිරුරු ඊයේ (06) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත මෙම සිරුරු දෙක (2) සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකුගේ සහ 21ක් හැවිරිදි කාන්තාවකගේ සිරුරුයි.

මොවුන් දෙදෙනා වැල්ලවාය සෙල්ලබාව ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි සිට දේශීය වෙදකම් සිදුකරගෙන ගොස් ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා මියයාමට හේතුව තවමත් ආනාවරණය කරගෙන නොමැති අතර පොලිසිය සැකපල කරන්නේ මොවුන් දෙදෙනා සියදිවි හානිකරගන්නට ඇති බවයි.

මළ සිරුරු සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා ෴

******************************************

(07.06.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

2021 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (07) ආරම්භ කරනු ලැබුවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම තුන්දින (3) සමුළුව සඳහා ලොව රටවල් 65 ක, 3,500 ක පමණ පිරිසක් සහභාගි වන අතර, එහිදී මෙරට ආයෝජන අවස්ථා 70 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව සංවිධාන කර ඇත්තේ ආයෝජන මණ්ඩලය, ලංකා වානිජ මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව විසින්.

ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙම සමුළුව ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක දියත් කෙරෙන්නක් බවයි.

දශක ගණනාවක් පුරා මෙරට ගොඩනගන ලද හැකියාවන් ආයෝජන අවස්ථාවන් ලෙස මෙමගින් ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

මෙරට ආර්ථිකයේ සියලු අංශ නියෝජනය කරන ආයෝජන අවස්ථා ඊට අයත්.

මෙරට වාර්ෂික ඒකපුද්ගල ආදායම වසර 2030 වනවිට ඇමෙරිකානු ඩොලර් 8000 දක්වා දෙගුණයකින් ඉහළ නැංවීම ලක් රජයේ අපේක්ෂාවයි.

ඒ සඳහා ආයෝජන ආකර්ශනය කර ගැනීමේ යටිතල පහසුකම්, දේශපාලන ස්ථාවරභාවය, ශක්තිමත් ආයතන මෙන්ම, හැකියාවන් සහිත ශ්‍රම බලකායක් මෙරට සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්, මාර්ග පද්ධති ඇතුළු ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මෙරට වරායන් ද විදේශීය ආයෝජන සඳහා අවස්ථාවන් රැසක් සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව විදේශීය ආයෝජන ආකර්ශනය කිරීම සඳහා ආසියාවේ පැවැත්වෙන ප්‍රථම සහ විශාලතම අතත්‍ය සමුළුව ද වනු ඇති.

******************************************

(07.06.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala)

මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වීම හෙට (08) දිනය සඳහා පමණක් සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

ඒ අනුව, හෙට (08) දිනයේ පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10 සිට පස්වරු 04:30 දක්වා ක්‍රියාත්මකයි ෴

******************************************

(07.06.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

අරණායක, දෙවනගල, අල්ගම ප්‍රදේශයේ පසුගිය 05 වනදා සිදු වූ නාය යෑමෙන් මියගිය එකම පවුලේ සිව්දෙනාට (4) අවසන් ගෞරව දැක්වීමට අද (07) පෙරවරුවේ සිට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.

තල්ගමුව, ඉලංගසූරිය විදුහල අසල නිවසක මෙම දේහයන් තැම්පත් කර ඇති අතර සංචරණ නීති, කොවිඩ් සෞඛ්‍ය නීති පවා නොතකමින් පිරිස් මෙම දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටින බවයි හිරු වාර්තාකරු පැවසුවේ.

පෙරේදා සිදුවූ මෙම නාය යෑමෙන් එකම පවුලේ පියා (57), මව (53), පුතා (29) සහ දියණිය (23) ජීවිතක්ෂයට පත් වුණා.

******************************************

FB : Sri Lanka Air Force

Latest updates of Flood Situation in Sri Lanka on 06 June 2021
Due to the inclement weather currently prevailing in the island, an SLAF Bell 212 Helicopter deployed on 06 June 2021 on a reconnaissance mission in order to evaluate the flooding situation which is threatening several districts.

******************************************

(07.06.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරයෙකු බව අඟවා මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මරදාන ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 38 ක් සොයා ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු වෛද්‍යවරයෙකු නොවන බවටයි.

මේ අතර, මරදාන ප්‍රදේශයේදීම නාවික හමුදා සාමාජිකයන් භාවිත කරන ආකාරයේ කමිසයකින් සැරසුණු පුද්ගලයෙකු ළඟ තිබී අයිස් සහ ගංජා තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සහ ගංජා මිලිග්‍රෑම් 610 ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ෴

******************************************

(07.06.2021 – 12:01 +0530 – hirunews.lk/sinhala)

ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු අංජු’ නැමැත්තාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙක් සහ ඔහුගේ බිරිඳ ඊයේ (06) අතුරුගිරිය පොලිසි විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුනේ අතුරුගිරිය පොලිස් කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් මතයි.

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිදුකල සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සහ මත්කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 14 ක මුදල් ද පොලිස් භාරයට බෙන තිබෙනවා.

ඊට අමතරව ඉලෙක්ට්‍රොනිකව මුදල් ගණනයකරන යන්ත්‍ර දෙකක්ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් කාන්තාව නිරූපණ ශිල්පිණියක් බව පැවසෙන අතර ඇය සහ ඇගේ සැමියා එක්ව මෙම ජාවාරම් කටයුතුවල යෙදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

******************************************

(07.06.2021 – 12:04 +0530 – hirunews.lk/sinhala)

යාපනය – නාගර් කෝවිල් වෙරළේ අත්හැර දමා තිබූ ගෝනි 3 ක බහාලූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 96 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (07) උදෑසන සිය භාරයට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් (2,80,00,000) පමණ වන අතර, අදාළ කේරළ ගංජා තොගය ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන්නට ඇති බවට විශ්වාස කරන බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙම කේරළ ගංජා තොගය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව නාවික හමුදා අධීක්ෂණය යටතේ උතුරු නාවික විධානයේදී විනාශ කිරිමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *