සපුගස්කන්දෙන් ළිං ජලයට මිශ්‍ර වූ දැවි තෙල් ඉවත් කිරීමේ මෙහෙයුමට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවත් එක්වෙයි

සපුගස්කන්දෙන් ළිං ජලයට මිශ්‍ර වූ දැවි තෙල් ඉවත් කිරීමේ මෙහෙයුමට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවත් එක්වෙයි

*********************************************

සපුගස්කන්දෙන් ළිං ජලයට මිශ්‍ර වූ දැවි තෙල් ඉවත් කිරීමේ මෙහෙයුමට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවත් එක්වෙයි

(05.06.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාවත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වැසි ජලයට එකතු වූ දැවි තෙල් ඉවත් කිරීමේ මෙහෙයුම සදහා මේ වනවිට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවද එක්වී සිටිනවා.

ඛනිජ තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉවත්වන ඉන්ධන නැවත පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්ධන ගබඩා ටැංකි තුලට වැසි ජලය ඇතුලු වී පිටාර ගැලීම හේතුවෙනුයි මෙම ගැටළුව හටගත්තේ.

කෙසේ වෙතත්, තෙල් පිරිපහදුව අවට ප්‍රදේශවාසින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම සිද්ධිය හේතුවෙන් තමන් පානීය ජලය සපයා ගැනීම ඇතුළු ගැටළු රැසකට මුහුණදෙමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ඛණිජතෙල් ජාතික සේවක සංගමයේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ ඉන්ධන අපතේ යෑම වලක්වා ගැනීම සදහා පවතින ජාත්‍යන්තර ක්‍රියාමාර්ග නිසි පරිදි අනුගමනය නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

අධික වර්ෂාවත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වැසි ජලයට දැවි තෙල් එකතු වීමේ සිද්ධියෙන් ජල සම්පාදන මණ්ඩලය මගින් බෙදා හරින පානීය ජලයේ ගුණාත්මකභාවයට හානි සිදුව ඇතැයි දැනට අනාවරණ වී නොමැති බව එම මණ්ඩලය ප්‍රකාශ කළා.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි තිලිණ විජේතුංග මහතා මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අද (05) සපුගස්කන්දට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

******************************************

(05.06.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් (1) වාන්දොරටුවක් විවෘත කර තිබෙනවා.

ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එක් (1) වාන්දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බවයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් ජලාශ වේල්ල පහලින් කොත්මලාඔයේ දෙපස පහත්බිම්වල සිටින ජනතාව සැලකිලිමත් වන ලෙසට නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අහලකෝන් මහතා ඉල්ලීමක් කරනවා.

මේ අතර, විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට පටන් ගෙන ඇති අතර, ලක්ෂපාන ජලාශයේ ද එක් වාන්දොරටුවක් විවෘත කර තිබෙනවා ෴

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව හිරු වාර්තාකරු පවසනවා ෴

(05.06.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

මහඔය ද්‍රෝණියේ ජල ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ එහි නිම්න ප්‍රදේශයේ පහත් බිම්වල ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව, අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම, විශේෂයෙන් ගිරිඋල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගිරිඋල්ල පොලීසිය අසලින් ජලයෙන් යටවිය හැකි බව එමගින් සඳහන් කළේ.

මේ අතර, හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා ෴

(05.06.2021 – 11:38 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 07 ක පුද්ගලයන් 170, 022 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මේ අතර පුද්ගල මරණ 04 ක් වාර්තා වන අතර අතුරුදන්වීම් 07 ක් ද වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

නිවාස 10 කට පූර්ණ හානි සිදුවී තවත් නිවාස 569 කට අර්ධ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ ෴

(05.06.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා, ඉදිරි පැය 6 ත් 18 ත් අතර කාලය තුල සීතාවක, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ යන ප්‍රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළයාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ කැළණි, කළු, ගිං, නිල්වලා සහ මහවැලි මෙන්ම මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි.

ඇතැම් ස්ථානවලින් ගංගා කිහිපයක් පිටාර ගලන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

කැළණිමුල්ල ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් යටවී ඇති අතර කොළඹ තවත් ප්‍රදේශ රැසක් වැසි ජලය හේතුවෙන් යටව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම, හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මධුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කළුගං නිම්නයේ පහත් බිම්වල දැනට පවතින ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළ ද පවතිනු ඇති.

අත්තනගලු ඔය ද්‍රෝනියේ මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වය සුළු වශයෙන් වැඩිවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මහඔය ද්‍රෝණියේ ජල ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, විශේෂයෙන් ගිරිඋල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගිරිවුල්ල පොලීසිය අසලින් ජලයෙන් යටවිය හැකි බව එමගින් සඳහන් කළේ.

මේ අතර, හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර, මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, ඉන් දියණියගේ සිරුර සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දැඩි වර්ෂාපතනයත් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයට නායයාමේ අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවා තිබුණා.

මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ අල්ගම ප්‍රදේශයේ වැසි ආපදා හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම, කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක දිසා ලේකම් ප්‍රදේශය මෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව ප්‍රදේශය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ හොරණ දිසා ලේකම් ප්‍රදේශ වල මෙලෙස නායයාමේ අවදානම් පවතින බවයි.

එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, උඩුනුවර සහ යටිනුවර නායයාමේ අවදානමක් පවතිනවා.

මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරණායක සහ වරකාපොල ප්‍රදේශවල ද නායයාමේ අවදානමක් හෙට (06) අලුයම 05:30 දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර, මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන්දොරටුවක් විවෘත කර තිබෙනවා.

ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එක් වාන්දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බවයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් ජලාශ වේල්ල පහලින් කොත්මලාඔයේ දෙපස පහත්බිම්වල සිටින ජනතාව සැලකිලිමත් වන ලෙසට නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අහලකෝන් මහතා ඉල්ලීමක් කරනවා.

මේ අතර, විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට පටන් ගෙන ඇති අතර, ලක්ෂපාන ජලාශයේ ද එක් වාන්දොරටුවක් විවෘත කරනු ලැබුවා.

එමෙන්ම, මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කළ බව මහවැලි අධිකාරිය ප්‍රකාශ කළා. මේ නිසා පොල්ගොල්ල ජලාශයේ පහළ කොටස භාවිත කරන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එමගින් දැනුම් දෙන්නේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 07 ක පුද්ගලයන් 1,70,022 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එමෙන්ම, පුද්ගල මරණ 04 ක් වාර්තා වී ඇති අතර, තවත් 07 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

සිදුව ඇති පූර්ණ නිවාස හානි සංඛ්‍යාව 10 ක් වන අතර, අර්ධහානි 569 ක් ද වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

******************************************

(05.06.2021 – 12:38 +0530 – hirunews.lk/sinhala)

මානව සෞඛ්‍ය සුරැකීමට නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීම සඳහා ලොව රටවල් පසුබට නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එවැනි ප්‍රතිපත්ති පාරිසරික සංරක්ෂණයට සහය විය යුතුයි.

එමෙන්ම, ජෛව විවිධත්වය විනාශ වීම වැළැක්වීම සහ තිරසර ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ජනතාවට සහය වීම අවශ්‍යතාවක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂි පරිසර විද්‍යා සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්.

රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානය ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කරමින් මෙම සමුළුව ඇමතීම සඳහා ඇරයුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

කෘත්‍රිම පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට තම රජය ගත් තීරණයෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් පරිසර හිතකාමී කෘෂිකාර්මික පද්ධතියක් කරා සංක්‍රමණය වීමට දිගු කාලීනව පැවති අවශ්‍යතාව සපුරා ගත හැකිවනු ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ.

******************************************

(05.06.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ පුද්ගලයින් 16 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතර, නෞකාවේ ගින්නෙන් මුහුදට එක්වූ අපද්‍රව්‍ය හලාවත – මාරවිල වෙරළ තීරයටද ගොඩගසා තිබුණා.

@@@@@@@@@@@@@@

(05.06.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

අදියර 04 ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ අදාල ප්‍රචාරයන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

යළි පාසල් ආරම්භ කිරීමේ සැලසුමක් තවමත් ගෙන නොමැති බවයි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ මෙවැනි සාවද්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපේක්ෂා කරන බවයි ෴

+++++++++++++++++++++++

(05.06.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3,410 දෙනා අතරින් වැඩිම පිරිස වන ආසාදිතයින් 602 දෙනෙකු වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ අතරින් 159 දෙනෙකුම හදුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් විම විශේෂත්වයක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 538 දෙනෙක් වාර්තා වූ අතර පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් පමණක් 200 කට වැඩි ආසාදිතයින් පිරිසක් වාර්තා වි තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 302 දෙනෙක් මෙන්ම ගාල්ල, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින්ද 200 ඉක්මවා ආසාදිතයින් වාර්තා වි ඇති බවයි කොවිඩි-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

නව ආසාදිතයින් අතරින් 12 දෙනෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින්වනවා.

එම පිරිස සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 199,254 ක් දක්වා ඉහළ ගියා.

ගතවූ දිනයේ කොවිඩ් මරණ 48 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබූ අතර, එය මෙරට දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.

එම මරණ සිදු ව ඇත්තේ පසුගිය මැයි 11 සිට ජුනි 03 දක්වා කාලය තුළදියි.

ඒ අතර පිරිමි පුද්ගලයින් 25 ක් සහ කාන්තාවන් 23 දෙනෙකු වන අතර මරණ 18 ක්ම නිවෙස් තුළ සිදුව තිබෙනවා.

එම මරණ 48 සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,656 ක් දක්වා ඉහළ ගියා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 351,459 දෙනෙකුට මේ වන විට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද පුද්ගලයින් 930,573 දෙනෙකුට ලබාදී අවසන්.

ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව මෙතෙක් ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 64,986ක් ෴

+++++++++++++++++++++++

ආයුර්වේදය තුල ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමට හැකියාව තිබියදි එය නොසලකා හැරිම, පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක නොවීමෙන් ජනඝාතක බෝම්බ ප්‍රහාරයකට මග සෑදීම හා සමානයි

(05.06.2021 – 00:14 +0530 – lankaleadnews.com)

රජය විසින් සිංහල වෙදකම සහ ආයුර්වේද ප්‍රතිකාර මගින් ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමට හැකියාව තිබියදි එය නොසලකා හැරිම, පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක නොවීමෙන් ජනඝාතක බෝම්බ ප්‍රහාරයකට මග සෑදීම හා සමාන සාපරාධි නොසැලිකිලිමත් කටයුක්තකි.

මේ බව සදහන් කරන්නේ දේශප්‍රේමී ජාතික පෙරමුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙන ලිපියක් යොමු කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ,
ගරු ජනාධිපති.

නිරෝධායන නීති යටතේ ආයුර්වේද සහ සිංහල වෛද්‍ය ප්‍රතිකර්ම මර්ධනය කිරීම.

ජනාධිපතිතුමනි,

මේ වන විට ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය බරපතල අනතුරකට ලක්ව ඇති බව ප්‍රත්‍යක්ෂ කරුණකි. සංචරණ සීමාවන් දිගින් දිගටම පවත්වාගෙන යෑම ප්‍රායෝගික නොවන බවත් එයින් ආර්ථිකයට වන හානිය සුළුපටු නොවන බවත් අපි දනිමු.

මෙවැනි තත්වයක් තුල රජය විසින් සිංහල වෙදකම සහ ආයුර්වේද ප්‍රතිකාර මගින් ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමට හැකියාව තිබියදි එය නොසලකා හැරිම, පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක නොවීමෙන් ජනඝාතක බෝම්බ ප්‍රහාරයකට මග සෑදීම හා සමාන සාපරාධි නොසැලිකිලිමත් කටයුක්තකි.

දේශිය වෛද්‍ය ක්‍රමය පිළිබඳව උනන්දුවක් දක්වන භික්ෂුන් වහන්සේලා, වෛද්‍යවරුන් සහ විද්වතුන් අවස්ථා කිහිපයකදීම අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය සහ දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යවරයා මුණ ගැසි මේ පිළිබඳව දැනුවත් කල ද ඔබගේ රජය මේ කරුණ සම්බන්ධයෙන් දක්වන ඇල්මැරුණු මන්දගාමි ප්‍රතිචාරය පිළිබඳව අපි බලවත් ලෙස කනස්සල්ල ප්‍රකාශ කරමු. විශේෂයෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමය තුල රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයා නොගෙන තිබෙන තත්වයක් තුල, නිරෝධායන කඳවුරු තුල විටමීන්-සී සහ පැරසිටමෝල් ලබා දීමට එහා ගිය ප්‍රතිකාරයක් නොතිබියදි රජයේ මේ නිද්‍රාශීලි පිළිවෙත උවමනාවෙන් රට ආර්ථික අර්බුදයකට ලක් කිරිමක් වන බව අපේ හැඟීමයි.

සිංහල සහ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමට අවසර ලබා දීම සහ එම රෝහල් අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස නම් කිරිම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට මාර්ගෝපදේශයක් මගින් කල හැකිව තිබියදි එය ‘රොකට් තාක්ෂණය’ හා සමාන සංකීර්ණ ක්‍රියාවලියක් බවට මවා පෙන්වීම පැහැදිලිවම රජය විසින් ජනතාව නොමඟ යැවීමකී.

බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග වැලක්වීමේ ආඥා පණතේ 02 වන වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයාට පැවරි ඇති බලතල ප්‍රකාරව 2020 මාර්තු 25 දින සහ අංක 2168/6 දරණ විශේෂ ගැසට් පත්‍රය මගින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නිරෝධායන බලධාරියා වශයෙන් පත් කර ඇත. නිරෝධායන සහ රෝග වැලක්වීමේ ආඥා පණතේ (222 අධිකාරිය) රෙගුලාසි යටතේ 42 වන වගන්තිය යටතේ නිසි බලධාරියා විසින් ප්‍රතිකාර කරන රෝහල් සහ නිරික්ෂණ මධ්‍යස්තාන ප්‍රකාශයට පත් කල හැකිය. ඒ අනුව 2020 නොවැම්බර් මස 06 වන දින සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් රජයේ බටහිර රෝහල් ආසාධිතයන් සඳහා ප්‍රතිකාර කරනු ලබන අතර මැදි රෝහල් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම ප්‍රතිපාදන යටතේ නිසි බලධාරියාට ආයුර්වේද සහ සිංහල වෙදමහතුන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන කොවිඩ් වසංගතය සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පහසුවෙන් නම් කල හැකිය.

එම රෙගුලාසිවල 45 වන වගන්තිය අනුව වෛද්‍ය වෘත්තියකුට හෝ ප්‍රතිකාර දීමට සුදුසුකම් ලත් අයකුට ප්‍රතිකාර දීමට හැකියාව ඇති බව පැහැදිලි වේ. 1961 අංක 31 දරණ ආයුර්වේද පණතේ අර්ථ නිරුපණය අනුව ආයුර්වේද වෛද්‍යවරයකු හෝ දේශිය වෛද්‍යවරයකුද වෛද්‍ය වෘත්තිකයකු ලෙස පිළිගෙන ඇත. තවද මෙම පණතේ 83 වගන්තිය මගින් ආයුර්වේද ප්‍රතිකාර සහ ශෛල්‍යකර්ම සඳහා බටහිර වෛද්‍යවරුන් පාලනය වෛද්‍ය ආඥා පණත අදාල නොවන බව නිශ්චිතව දක්වා ඇත. ඒ අනුව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කිරිම පිළිබඳව නිර්ණායක පැනවීම, පාලනය සහ අධික්ෂණය බටහිර වෛද්‍යවරුන් අතට පත් කිරිම නීති විරෝධි ක්‍රියාවකි. කරුණු එසේ තිබියදි , බටහිර වෛද්‍ය ආඥා පනත අනුව එම ශික්ෂණයන් යටතේ පෝෂණය වු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයකු යටතට සමස්ත ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව වගකීම පැවරීම සුදුසු නොවේ. දැනට බලාත්මක නිරෝධාන ආයතන ධූරාවලිය තුල ආයුර්වේද වෛද්‍ය කේෂේත්‍රයේ කිසිදු නියෝජනයක් නොමැත. මෙම අසාධාරණ තත්වය ඉවත් කිරිම සඳහා නිරෝධායන ධූරාවලිය වහාම සංශෝධනය කර ඒ තුලට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නියෝජනය අන්තර්ග්‍රහණය කල යුතුය.

අවසන් වශයෙන් , ඔබ විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්මෙහි 25 වන පිටුවෙහි ‘දේශිය සහ ආයුර්වේදය වෛද්‍ය කේෂේත්‍රය’ යන කොටසට ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු. එහි සඳහන් වන අකාරයටම අපගේ සංස්කෘතියේ ප්‍රබලතම සං‍රචකයක් වශයෙන් දේශිය හා ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රම සඳහා රෝග වැලැක්වීමට ඇති හැකියාව නොතකා හැරිම ඔබට ලැබුණු ජනවරමට පිටු පෑමකි. එහි සඳහන් ආකාරයට දේශීය සහ ආයුර්වේද ක්‍රමයට ගෝලීය පිළිගැනීමක් ලබා දීමට පෙර රට තුල අවශ්‍ය නීතිමය පසුබිම සැකසීම ඔබ සතුවගකීමකි. මේ, දේශිය සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවය වෙනදාටත් වඩා අවශ්‍ය මොහොත බව අවසන් වශයෙන් සිහිපත් කරමු.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
සභාපති

ඉන්ජිනේරු ප්‍රියන්ත දායරත්න
ලේකම්

+++++++++++++++++++++++

‘මට ඉන්න කියන්නේ හෙළුවෙන්ද..’ – පියුමි හංසමාලි නිරෝධානයේ සිට වීඩියෝවක්.. – චමුදිතට උත්තර දෙයි

(05.06.2021 – 12:00 +0530 – lankacnews.com)

නිරෝධායනය සඳහා හදිසියේම යොමුකළ හේතුවෙන් එවේලේ ඇතිවූ ආවේගයට විවිධ දේ ප්‍රකාශ කළ ද දැන් තමන් ඇතුළු පිරිස ඉතා සතුටින් නිරෝධායනයේ යෙදී සිටින බව නිරූපණ ශිල්පිනි පියුමි හන්සමාලි සඳහන් කරයි.

බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානය සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය කියා සිටින්නේ එම මධ්‍යස්ථානය භාරව කටයුතු කරන හමුදා නිලධාරීන් ඉතා හොඳින් තමන් ඇතුළු පිරිස රැක බලා ගන්නා බවයි.

බණ්ඩාරවෙල යනු ඉතා සුන්දර නගරයක් බවත් තමන්ටත් දැනට ඇති එකම ප්‍රශ්නය තම දරුවා තමන් සමීපයේ නොමැති බව බව යැයිද ඇය කියා සිටියාය.

තමන්ට නිරෝධායන මධ්‍යස්ථානයට ඇඳුම් බෑගය ගෙනැවිත් දුන් වෛද්‍යවරයා කවුදැයි ඇතැමුන් විමසන බවද පැවසූ ඇය එය එම කාරණාව කිසිවෙකුට වැඩක් නැතැයි ද ‘මට ඉන්න කියන්නේ හෙළුවෙන්ද’ එහිදී තවදුරටත් ප්‍රශ්න කළාය.

තම ජීවිතය පළමුවතාවට ඇමති සරත් වීරසේකර මහතා සමග කතා කලේ එදින බවත් වෙන කිසිම දිනෙක ඔහු සමග තමන් කතා කර නැති බවත් ඇය එහිදී කියා සිටියාය.

වහාම බස් රථය නතර කර ඇඳුම් ටික ලබාදීමට කටයුතු කරන්නැයි ඇමැතිවරයා උපදෙස් දුන් බව ද ඇය පැවසීය.

+++++++++++++

+++++++++++++

+++++++++++++

+++++++++++++

(04-06-2021) (හරේන්ද්‍ර ජැක්සන් ගේ දුව මාදවි සහ බෑනා ගැන අහන්නේ නැ. ජැක්සන් හරේන්ද්‍රගේ යාලුවෙක් ?)

+++++++++++++

05-06-2021

+++++++++++++

චන්දිමාල්ගේ පාටියට පෙර ඇමති පුතෙකුගේ විවාහ උත්සවයක් ෂැංග‍්‍රිලා හෝටලයේ..?

(05.06.2021 – 14:10 +0530 – lankacnews.com)

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊට දින දෙක තුනකට පෙර ප්‍රභූ පුත්‍රයෙකුගේ විභාග විවාහ උත්සවයක් පැවැත් වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කරයි.

ප්‍රබල අමාත්‍යවරයකුගේ පුත‍්‍රයකුගේ විවාහ උත්සවය මෙසේ අඩු පිරිසකගේ සහභාගිත්වයෙන් එම හෝටලයේ දී පැවැත්වී ඇතැයිද එම වාර්තාවන් හි සඳහන් ය.

විවාහ යුවල සඳහා රූපලාවණ්‍ය කටයුතු සිදුකර ඇත්තේ ද චන්දිමාල් ජයසිංහ වන බවත් ඒ සඳහා ඔහු මුදල් අය කර නැති බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *