අඩු බර ගෑස් සිලින්ඩර විකිණු වෙළෙඳසැල්වලට එරෙහිව නඩු

අඩු බර ගෑස් සිලින්ඩර විකිණු වෙළෙඳසැල්වලට එරෙහිව නඩු

*********************************************

අඩු බර ගෑස් සිලින්ඩර විකිණු වෙළෙඳසැල්වලට එරෙහිව නඩු

(01.06.2021 – 22:51 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොලේ විකිණීමට තබා ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සඳහන් කර ඇති බරට සරිලන ලෙස ගෑස් නොමැති බවට ලැබුණු පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව අද (01) කොළඹ ගෑස් අලෙවිසැල් පරීක්ෂාවක් සිදු කලා.

එහිදි කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරවලට ප්‍රිමියම් ලෙස හඳුන්වා ලීටර් 18 ක් සඳහන් කර තිබූ ගෑස් ටැංකිවල බර පැවතියේ කිලෝ ග්‍රෑම් 9.7 ක් පමණක් බව තහවුරු වුණා.

ඒ අනුව එම වෙළෙඳසැල්වලට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරනු ලැබුවා.

******************************************

(01.06.2021 – 23:00 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව ලබාදුන් පෙරොන්දු කඩිනමින් ඉටු කළ යුතු බවට වන යෝජනාවලියක් අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව වෙත ඉදිරිපත්ව තිබෙනවා.

කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති එම යෝජනාවලියට ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු 7 ක් ඇතුළත්.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල විදේශ සම්බන්ධතා කමිටුව වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත්තේ කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකාවක්වන දෙබොරා රෝස් විසින්.

අප කළ විමසීමකදී වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ශ්‍රී ලංකාවේ විරෝධය මේ සම්බන්ධව දැනටමත් අදාළ කමිටුව වෙත ප්‍රකාශ කර ඇති බවයි.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමටද අපේක්ෂා කරන බව තානාපති කර්යාලය වැඩිදුරටත් සදහන් කළා.

******************************************

(02.06.2021 – 06:31 +0530 – hirunews.lk/sinhala)

ජුනි 01 සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් :

******************************************

(02.06.2021 – 07:11 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ අංක තහඩුවක් සහිත නීත්‍යානුකූල නොවන ලෙස එකලස් කරන ලද ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් භාවිත කළ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

46 හැවිරිදි මොහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාසය අදාළ වැටලීම සිදුකර තිබූ බවයි ෴

******************************************

(02.06.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මැයි 08 වනදා බත්ත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසකින් රුපියල් කොටි තුනකට (3) අධික මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කළ සිද්දියේ තවත් සැක කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඔහු සතුව තිබී රුපියල් කොටියක පමණ මුදල් හා ස්වර්ණාභරණ සොයා ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ෴

******************************************

(02.06.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී අදට වසර 34 ක් ගතවනවා.

1987 වර්ෂයේ ජුනි මස 02 වැනිදා අරන්තලාව ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් ස්වාමීන් වහන්සේ ඇතුලු 34 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර, භික්ෂූන් වහන්සේලා 12 නමක් එහිදී දිවි ගලවා ගෙන තිබුණා ෴

******************************************

(02.06.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

හොරොම්බාව – ආගරවැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී ඊයේ (01) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ මොවුන් දෙදෙනා (2) මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති අතර, ඉන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 17 සිට 18 වයස් වියේ පසුවූ දෙදෙනෙක් (2) ෴

******************************************

(02.06.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ දී අලෙවි කිරීම සඳහා සන්තකයේ තබා ගත් රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමින් යුත් මත් පෙති 5000 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු (2) දෙහිවල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(02.06.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම සඳහා, ගලවාගෙන යාමේ සමාගමේ නියෝජිතයන්ට පහසුකම් සැලසීමට මෙරට නාවික හමුදාවේ කණ්ඩායමක් නෞකාවට ගොස් තිබෙනවා ෴

‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ කෙරේ ෴

නැවේ පසුපස කෙළවරේ ඇති ජල කාන්දුව හේතුවෙන් ගින්නෙන් දැවී ගිය එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව දැනට ගිලෙමින් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂක කමිටුව පවසනවා ෴

‘එක්ස්-ප්‍රෙස් පර්ල්’ නෞකාව ගිලී ගියහොත් පාරිසරික හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහාය ඉල්ලා ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා ෴

++++++++++++

X-Press Pearl ගිනි ගැනීමක් නොවේ.. ප‍්‍රහාරයක්.. සැලසුම් සහගත කුමන්ත‍්‍රණයක්.. – මහාචාර්යවරියක් හෙලි කරයි

(01.06.2021 – 22:02 +0530 – lankacnews.com)

කොළඹ වරාය ආසන්නයේ විනාශයට පත් වූ නෞකාවට සිදුවූයේ අහඹු ගිනි ගැනීමක් නොවන බව මහාචාර්ය චන්දිමා විජයගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

එය පුපුරුවා හැරීමක් බව – ඇත්තටම එය ප්‍රහාරයක් බව – නොඑසේ නම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව ඇය කියා සිටී.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් හා සමාන බවත් එමගින් රට අකර්මන්‍ය කිරීමේ සැලසුමක් තිබූ බවත් ඇය කියා සිටියි.

තමන් ළඟ මේ සම්බන්ධ සියලු තොරතුරු ඇතැයි ද ඇය පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කර තිබේ.

++++++++++++

30-05-2021
02-Jun-2021 02:46pm +0530

******************************************

(02.06.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

අලි වැට ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් හිඟුරක්ගොඩ – ඉලුක්වැව – මහසෙන්ගම ගම්මානයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිට වන අලි ගම්වැදීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ හේන් ගොවිතැන කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි ගම්වාසීන් කියා සිටියේ.

මේ අතර, හක්කපටස් යෙදූ ආහාර ගෙන මිය ගොස් සිටි අලි පැටවෙකුගේ සිරුරක් කහටගස්දිගිලිය – දහනක්කෑව ගම්මානයේ හේන් යායක තිබී සොයාගෙන තිබෙනවා.

ඊයේ (01) සොයා ගත් වන අලි පැටවා වයස අවුරුදු 4 ක් පමණ වන බවයි වාර්තා වන්නේ ෴

@@@@@@@@@@@@@@@@@

(01.06.2021 – 23:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1527 ක් දක්වා ඉහළ ගියා. ඒ තවත් මරණ 43 ක් වාර්තා වීමත් සමගයි.

++++++++++++++++++++

(02.06.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කල පුද්ගලයින් 1,038 දෙනෙකු ඊයේ (01) දිනය තුල අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

+++++++++++++++++++++++

කොවිඩ්-19 තෙවැනි රැල්ලෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා වන සහන යෝජනා ක්‍රමය

(01.06.2021 – cbsl.gov.lk)

කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි රැල්ල නිසා බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් විසින් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බලපෑම‌ට ලක්වූ ණය ගනුදෙනුකරුවන් හට පහත සඳහන් සහනයන් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභි බැංකු ලෙස හැඳින්වෙන) වෙත දන්වා ඇත.

[සම්පුර්ණ ලිපිය ] (pdf file)

++++++++++++++++++++++++

(02.06.2021 – 09:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹට ඇතුළු වන වාහනවලට විශේෂ ස්ටිකරයක් හඳුන්වාදීම සහ සිදු කරන පරීක්ෂා කිරීම් නිසා කොළඹ ස්ථාන රැසක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා ෴

******************************************

හෝමාගම වික්‍රමආරච්චි වෙදමහතා ගෙන් අනාවැකියක් : 2021 ජූලි-අගෝ-සැප් මාස 3 ඇතුලත ශ්‍රී ලංකාවට සුනාමියක් (01.06.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *