අණතුරට පත්ව තිබූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අතයට ගනු දෙනුවකින් කොළඹට ගෙන්වා ගෙන ?

අණතුරට පත්ව තිබූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අතයට ගනු-දෙනුවකින් කොළඹට ගෙන්වා ගෙන ?

*********************************************

අණතුරට පත්ව තිබූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අතයට ගනු-දෙනුවකින් කොළඹට ගෙන්වා ගෙන ?

(27.05.2021 – 11:00 +0530 – lankaleadnews.com)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව පසුගිය 19 වෙනිදා කොළඹ වරායට ඇතුල් වීම සඳහා කොළඹ වරායට නාවික සැතපුම් 9 ක් පමණ ගිණිකොන දිශාවට වන්නට නැංගූරම් ලා සිටියේය. දින දෙකක් (2) පමණ එම නැව නැංගූරම් ලා සිටින අතර තුර නැවෙහි කන්ටේනර් පෙට්ටි පටවා තිබෙන ප්‍රදේශයේ ඇතිවූ ගින්න හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුහුදු බත් විය.

නාවික කටයුතු පිළිබඳ විශේෂඥයෙකු මෙම නැවෙහි ගිනි ගැනීම සම්බන්ධව අදහස් දක්වමින් ‘ලංකා ලීඩ්’ වෙත පවසා සිටියේ අපගේ මුහුදට විශාල වශයෙන් විෂ රසායන ද්‍රව්‍යය එක් කරමින් දැවැන්ත විනාශයක් කරලීම පිටුපස විශාල කුමන්ත්‍රණයක් සිදුව ඇති බවයි.

එහිදී ඔහු පවසා සිටින්නේ අදාළ නැව කටාර් රාජ්‍යයේ කටාර් වරායෙන් පිටත්ව සැලකිය යුතු දුරක් ගමන් කළ පසු නැවෙහි කන්ටේනර් පටවා තිබෙන කොටසෙහි යම් කිසි අණතුරක් සිදුවිය හැකි බව කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කර ඇති බවයි. ඒ අනුව මෙවැනි තත්වයක් පාලනය කිරීමට පහසුකම් ඇති ළඟම පිහිටි වරාය වන ඉන්දියාවේ හසාරියා වරායෙන් නැව ඇතුළු කිරීමට අවසර ඉල්ලා ඇති බව ඔහු පවසා සිටියේය.

නැවෙහි කාර්ය මණ්ඩලය සැලකිය යුතු පිරිසක් ඉන්දියානු ජාතිකයන් වුවද ඉන්දියාවේ හසයිරා වරායට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව තහවුරු වන බව එම විශේෂඥයා අවධාරණය කරයි. එයට හේතු ලෙස එම විශේෂඥයා ඉදිරිපත් කරන්නේ මෙම නැව ‘ජාත්‍යයන්තර සමුද්‍රීය අන්තරායාකාර භාන්ඩ’ ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු මූලික ආරක්ෂණ ක්‍රමවේදයන් වන ‘වහා ගිණි ඇවිලෙන සුළු ද්‍රව්‍යය අඩංගු කන්ටේනර’, ඉහළම කොටසට පැමිණෙන ලෙස ගබඩා කිරීම කළ යුතු බවට වන නීතිය හිතා මතා උල්ලංඝනය කර ඇති නිසා බවයි. නැවෙහි ගින්න හටගත් ආකාරය අධ්‍යයනයේදී එම නීතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව වැටහෙන්නේ නැවෙහි ගින්න හටගෙන ඇත්තේ කන්ටේනර වල ඉහලම කොටසින් නොව මැද ප්‍රදේශයේ තිබූ කන්ටේනර වලින් වීම නිසායැයි එම විශේෂඥයා අවධාරණය කරයි.

ඉන්පසු නැවෙහි ගමන් මාර්ගය නැගෙනහිර අප්‍රිකානු රටක් බලා යාත්‍රා කිරීමට දිශානති කරවා ඇති බව වැටහෙන බව එම විශේෂඥයා සිතියම් ආශ්‍රයෙන් පෙන්වා දෙයි. ඒ අනුව අදාළ නැව් සමාගම කොළඹ බළධාරීන් සම්බන්ධ කරගෙන ඇත්තේ නැවෙහි තත්වය ඔවුන් යායුතු වරාය දක්වා ගමන් කිරීමට තරම් ආරක්ෂක මට්ටම්මක නැති බව අවබෝධ වීම නිසා බව එම විශේෂඥයා අවධාරණය කරයි. නමුත් ඒ වන විටත් නැව සැලකිය යුතු දුරක් අරාබි මුහුදේ නැව් සමාගම දැනට සඟවන නැවෙහි ගමනාන්ත වරාය දෙසට ගමන් කර ඇති බව පැහැදිලි වන බව සිතියම අධ්‍යයනයෙන් පැහැදිළි වේ.

කෙසේ වුවද කොළඹ නෞකා ලියාපදිංචි කාර්යාලයේ සිටින ඉහළම මට්ටමේ දූෂිත නිළධාරියෙකු සුපුරුදු පරිදි අතයට ගනුදෙනු ගෙන නැව කොළඹ වරායාට පැමිණීමට අවසර ලබා දී ඇති බව ඔහු දැඩිව අවධාරණය කරයි. ඊට අමතරව මෙම සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සිටින ඉහළම මට්ටමේ නිලධාරීන්ගේ නොදැනුවත්කම් මෙන්ම මෙවැනි භයානක අවස්ථාවන් පිළිබඳ අත්දැකීම් නොමැති වීම මෙම අනතුර අපේ වරාය සීමාවටම ගෙන්වා ගැනීමට හේතු වී ඇති බව එම විශේෂඥයා පෙන්වා දේ. ඔහුට අනුව නැවෙහි ගමන් මඟ පිළිබඳ සියළු තොරතුරු ‘එක්ස්ප්‍රස් ෆීඩර්’ නම් නැව් සමාගම විසින් හිතා මතා හංගා ගෙන සිටියි.

එම නාවික විශේෂඥයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම නීති විරෝධී ක්‍රම උපයෝගී කරගිනිමින් භාන්ඩ පටවා ඇති නෞකාව යම් කිසි විදියකින් කොළඹ වරායට ඇතුළු වී තිබුණේ නම් සිදු වීමට නියමිත වූ පාඩුව ගණන් බැලිය නොහැකි තරම් විශාල බවයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙවැනි තත්වයන් වලක්වා ගැනීමටත්, ජාතිය මර උගුල්වල වට්ටවන නිළධාරින් මට්ටු කිරීමටත් මෙම නැව සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි ෴

+++++++++++++

27-05-2021

******************************************

(28.05.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදෙස් ජාතිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒහිදී ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ මුදලින් රුපියල් 45,000 ක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්තිඩිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 ක් පමණ වන මලාවි ජාතිකයෙකු බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ තෑගි ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් 498,000 ක මුදලක් මොහු වංචා කර ඇති බවයි ෴

******************************************

(28.05.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 13 ක් ව්‍යාජ ලේඛන සහ අංක තහඩු යොදා යළි අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විශේෂ විමර්ශනයකදී අනාවරණ වූ තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර, එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

වයස අවුරුදු 23 ත් 47 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් රත්නපුර – කරන්ගොඩ, රත්නහංගමුව, කැටන්දොල, පැල්වාඩිය සහ ඇත්ඔය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

උරග නාමාවලියට අලුත් නම් දෙකක් (2) : ‘ගුණවර්ධන හූනා සහ ගුණසේකර හූනා’

(28.05.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ආචාර්ය නීතීඥ ජගත් ගුණවර්ධන මහතාට සහ පරිසරවේදී සමන්ත ගුණසේකර මහතාට ගෞරවයක් ලෙසින් ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව දිවාසැරි ඣන් විශේෂ දෙකක් (2) ඔවුන්ගේ නම්වලින් නම්කර තිබෙනවා.

ඒ අනුව මෙම හූනන් විශේෂ නම් කර ඇත්තේ ‘නෙමස්පීස් ගුණවර්ධනයි’ සහ ‘නෙමස්පීස් ගුණසේකරයි’ වශයෙන්.

ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාගේ නමින් නම් කර ඇති හූනන් විශේෂය ගම්පහ – පිලිකුත්තුව පුරාවිද්‍යා භූමියෙන් සොයාගෙන තිබෙනවා.

පරිසරවේදී සමන්ත ගුණසේකර මහතාගේ නමින් නම් කළ හූණු විශේෂය සොයාගෙන ඇත්තේ රිටිගල රක්ෂිතය ආශ්‍රිත භූමියෙන්.

2018 වසරේ සිට සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලය ලෙස මෙම නව හූණු විශේෂ දෙක (2) සොයාගත් බව පර්යේෂණ කණ්ඩායම නියෝජනය කරන උරග සහ උභයජීවී විද්‍යාඥ සමීර සුරංජිත් මහතා ප්‍රකාශ කළා.

පසුගිය 2019 වසරේදී ජාතික වීරයන් 16 දෙනෙකුගේ නමින් හූණන් විශේෂ හයක් (6) නම් කිරීමට කටයුතු කරනු ලැබුවේද මෙම පර්යේෂණ කණ්ඩායමයි ෴

@@@@@@@@@@@@@@@@

කොරෝනා පාලනය දොස්තරලාට පමණක් තනියෙන් කරන්නැයි කියයි.. සෙසු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගෙදර නවතින බව දන්වයි..

(27.05.2021 – 22:13 +0530 – lankacnews.com)

වෛද්‍යවරුන් නොවන සෞඛ්‍ය මන්ඩලවල පිරිස් තම රජකාරි සදහා පැමිණෙද්දී මහා මාර්ගයේදී පොලිසිය විසින් අනවශ්‍ය ලෙස සෝදිසි කිරීම සිදුකරන බව වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන් නොවන සෙසු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට මහා මාර්ගයේ ගමන් කරමින් තම රාජකාරි වලට පැමිණීමට මෙමගින් දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි.

වෛද්‍යවරුන් සිටින්නේ 25,000 කට ආසන්න ප්‍රමාණයක් බවත් සෙසු සෞඛ්‍ය කාර්යමණ්ඩල ලක්ෂයකට (100,000) වැඩි පිරිසක් සිටින බවත් පොලිසිය දැනගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් මත පදනම්ව පොලිසිය විසින් මේ ආකාරයේ කරදරකාරී පරික්ෂා කිරීම් වලට ලක් කරන බවද ඔහු කියා සිටියේය.

මේ තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නම් වෛද්‍යවරුන්ට පමණක් වසංගතය පාලනයට අවස්ථාව දී සෙසු සියලු කාර්ය මණ්ඩල රාජකාරියෙන් ඉවත් ව ගෙදර නැවතීමට සිදු වන බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

https://www.youtube.com/watch?v=topB58wPBXk

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

‘මගේ තුණ්ඩුවට එන්නත් ගහනු’ මොරටු නගරාධිපති එන්නත් මධ්‍යස්තානයට පැන යකා නටයි… දොස්තර පොලිසි යයි…

(27.05.2021 – 15:50 +0530 – lankacnews.com)

මොරටුව ප්‍රදේශයේ පිහිටි කොරෝනා එන්නත් කරන මධ්‍යස්ථානයක අද (27) ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මොරටුව නගරාධිපති සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය අතර මෙම උණුසුම් තත්වය ඇතිවිය.

නගරාධිපති විසින් ලබාදෙන ලද තුණ්ඩුවකට අනුව එන්නත්කරණය සිදු නොකළේ යැයි ඔහු චෝදනා කරයි.

නමුත් වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරන්නේ තමනට ලැබී ඇති උපදෙස් අනුව එන්නත් කරණය සිදුකරන බවයි.

නගරාධිපති තම රාජකාරියට බාධා කළ බවට ද ඇය පොලීසියට පැමිණිලි කළාය.

එන්නත්කරණයට ගාල්ලේ හා කුරුණෑගලත් දේශපාලන බලපෑම්.. වෛද්‍යවරුන් දැඩි විරෝධය පාති..

(27.05.2021 – 22:36 +0530 – lankacnews.com)

කොරෝනා එන්නත්කරන මධ්‍යස්ථානයට ඇතුළු වූ මොරටුව නගරාධිපති ගේ ක්‍රියා කලාපය හා එය පාලනය කිරිමට පොලීසිය මැදිහත් නොවීම ගැන දැඩිව විරෝධය පළ කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කුරුණෑගල හා ගාල්ලේ ද ප්‍රදේශ කිහිපයක මෙවන් දේශපාලන මැදිහත්වීම එන්නත්කරණය ට සිදුව ඇති බවයි.

මේ ආකාරය දේශපාන බලපෑම් සිදු කලහොත් මෙරට එන්නත්කරණයේ සාර්ථකත්වය අවුල් සහගත වනු ඇතැයිද ඔවුන් අනතුරු අඟවයි.

ඒනිසා විද්‍යාත්මකව හා සංවිධානාත්මකව එන්නත්කරණය කිරීම සඳහා සෞඛ්‍ය සේවකයන්ට හා ජනතාවට වහාම අවස්ථාව ලබා දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් කියා සිටිති.

++++++++++++++++++++++

27-05-2021

++++++++++++++++++++++

27-05-2021

++++++++++++++++++++++

(28.05.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළදී නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 829 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ දක්වා එක් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව එය බවටයි වාර්තාවන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ඒ අනුව මාතලේ ප්‍රදේශයෙන් 180 ක්, නිකවැරටිය ප්‍රදේශයෙන් 79 ක්, කොළඹින් 72 ක්, සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 15,595 ක් පමණ වනවා ෴

+++++++++++++++++++

(28.05.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ඖෂධසැල් වල පාරිභෝගිකයන් සමග ඍජුව කටයුතු කරන සේවකයන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමය ඉල්ලීමක් කරනවා.

එහි සභාපති කපිල ද සොයිසා මහතා කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග ඖෂධ සැල් වල සේවකයන් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි ෴

+++++++++++++++++++

(28.05.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

මේ මසට අදාළ විශ්‍රාම වැටුප්, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා මෙන්ම, මහජන ආධාර දීමනා ලබා නොගත් පිරිසට පමණක් තැපැල් කාර්යාල මගින් ගෙවීම අද (28) සහ හෙට (29) දිනයන්හි සිදුකරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව එම දීමනා ලබාගැනීමට සිටින පුද්ගලයින් සිය විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, ධීවර විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, වැඩිහිටි හා මහජන ආධාර ගෙවීම සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පත උපයෝගි කරගෙන තැපැල් කාර්යාල වෙත පැමිණ අදාළ දීමනාව ලබා ගැනීමට හැකිවනවා.

ප්‍රවාහන අපහසුතා හේතුවෙන් යම් කිසි තැපැල් කාර්යාලයක් වසා ඇතහොත් 1950 කෙටි දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

කොළඹ මැනිං වෙළඳපල ඇතුලු ආර්ථික මධ්‍යස්ථාන අද (28) සහ හෙට (29) දිනවලත් විවෘත කෙරෙන්නේ නැහැ. ඒවා 30 සහ 31 දිනවල යලි විවෘත කෙරෙන බවයි ආර්ථික කළමනාකරන භාරයන් ප්‍රකාශ කළේ. එසේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලද අද (28) විවෘත නොකරන බව ධීවර අමාත්‍යාංශය කියා සිටියා ෴

++++++++++++++++++++++

(28.05.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා 50,000 ක් ඊයේ (27) රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබුවා.

එන්නත් තොගය රාත්‍රී 10:50 ට ඩුබායි හි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 2528 දරණ භාණ්ඩ ප්‍රවාහන යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන විත් තිබූ බවයි අප වාර්තාකරු සඳහන්කළේ.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා 15,000 ක් මුල්වරට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ පසුගිය 04 වනදායි.

ඊයේ (27) රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණේ ස්පුට්නික් එන්නතේ දෙවන (2) තොගයයි.

මෙම එන්නත් තොගය විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ට්‍රක් රථ මගින් කොළඹ ඔවුන්ගේ ප්‍රධාන ගබඩා සංකීර්ණය වෙත පසුව රැගෙන ගොස් තිබුණා.

මේ වනවිට මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (27) දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 41,939 කට සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 421 කට ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 9,25,242 කුට, එම එන්නතේම දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 3,41,962 කුට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊට අමතරව ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව මෙතෙක් 14,984 දෙනෙකුට ලබාදී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *