ගිනි ගනිමින් පවතින නෞකාවේ ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් සොයා විමර්ශන

ගිනි ගනිමින් පවතින නෞකාවේ ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් සොයා විමර්ශන

*********************************************

ගිනි ගනිමින් පවතින නෞකාවේ ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් සොයා විමර්ශන

(26.05.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ රැගෙන ගිය පිරිස් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

වත්තල – ප්‍රීතිපුර සිට මීගමුව දක්වා වන වෙරළ තීරයට ගොඩගසා තිබියදී මෙම භාණ්ඩ විවිධ පිරිස් රැගෙන යනු ලැබුවා.

කෙසේ වෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නේ සිරුරට අහිතකර බැවින් අදාළ ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙසයි.

මේ අතර ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු අබලි ද්‍රව්‍ය පාවී එනු ඇති බවට අපේක්ෂා කරන දික්ඕවිට සිට හලාවත දක්වා සහ වැල්ලවත්ත සිට පානදුර දක්වා මුහුදු තීරයේ නාවික හමුදාව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇති බවයි. එ

සේම පාවී එන ද්‍රව්‍ය පිළිබඳව ද නිරන්තර අවධානයෙන් පසුවන බව නාවික හමුදාව ප්‍රකාශ කළා ෴

ගිනිගත් නෞකාවේ සුන්බුන් වෙරළට ගොඩ ගසමින් ඇති නිසා කොළඹ සහ මීගමුව වෙරළ තීරයන්ට යාමෙන් වළකින්නැයි, මෙරට සිටින ඉන්දීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දීමක් සිදුකර තිබෙනවා ෴

++++++++++

නෞකාවේ ගින්න පාලනය කිරීමට ඇති අවස්ථාව අවම වෙයි – තෙල් විසිරීමේ දැඩි අවදානමක්

(26.05.2021 – 09:53 +0530 – sinhala.adaderana.lk)

කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ පිපිරීමකට ද ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව තවදුරටත් ගිනි ගනිමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

මේ අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය යාත්‍රා 4 ක් අද (26) කොළඹට ළඟාවීමට නියමිතය.

පසුගිය 20 වැනිදා ගිනි ගැනීම හටගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව තුළ ඊයේ (25) උදෑසන පිපිරීමක් සිදුවිය.

මේ හේතුවෙන් නෞකාවේ ගින්න තීව්‍ර වූ අතර නෞකාවේ ගබඩා කර තිබූ බහාලුම් රැසක් මේ වනවිටත් ගිනි ගනිමින් පවතී.

පිපිරීමත් සමග බහාලුම් කිහිපයක් මුහුදට ද වැටී තිබුණි.

නෞකාව මේ වනවිට දකුණු පසට ඇලවී ඇති අතර එහිදී ඇතැම් බහාලුම් මුහුද වැටී තිබේ.

අද (26) ‘දෙරණ අරුණ’ වැඩසටහන සමග සජීවිව එක්වෙමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ නෞකාවෙන් යම් තෙල් කාන්දුවක් සිදුවුවහොත් විය හැකි පරිසර හානිය අවම කරගැනීම සඳහා මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බවය.

“මේ අවස්ථාව වනවිටත් ගින්න පාලනය කිරීමට පුළුවන් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. නැවේ ඉදිරිපස කොටසින් පටන් ගත්තු ගින්න දැන් නැවේ පිටුපස කොටසටත් ව්‍යාප්ත වෙලා. ඉතාමත් අඩු සීමිත අවස්ථාවක් තමයි තියෙන්නේ මේ ගින්න පාලනය කිරීමට. නැව ඇදගෙන ගිහින් විනාශ කරන්නේ නෑ. මුහුදු කලාපය ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි. අපි කිව්වේ මේ නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් එහාට ගෙනියන්න කියලා. මේ බහාලුම්වල නයිට්‍රික් අම්ලය මෙට්‍රික්ටොන් 25 ක්, කෝස්ටික් සෝඩා සහ තවත් රසායනික ද්‍රව්‍ය රැසක් අඩංගු වෙලා තියෙනවා මේ නැවේ. රූපලාවන්‍ය ද්‍රව්‍ය සෑදීමට භාවිත කරන ද්‍රව්‍යත් තියෙනවා. ගින්න පැතිරෙන්න උපකාර කරන ද්‍රව්‍ය රැසක් මෙහි තියෙනවා. මේ නැවෙන් තෙල් විසිරීමේ අවදානමක් තියෙනවා. එහෙම වුණොත් මීගමුව ආශ්‍රිත ප්‍රදේශයට තමයි තෙල් විසිරීම යන්නේ. මේ වගේ කාලගුණ තත්ත්වයක් යටතේ නැව වටේ ආවරණ යොදලා තෙල් විසිරීම පාලනය කරන්න බෑ. වෙරළ පිරිසිදු කිරීම තමයි අපිට තියෙන විසඳුම. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ පා වෙලා එන කිසිදෙයක් අල්ලන්න එපා කියලා. එය සෞඛ්‍ය බලපෑමක් වෙන්න පුළුවන්” යනුවෙන් ද ඇය පැවසුවාය.

******************************************

(26.05.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

යාස් සුළි කුණාටුව ඉතා ප්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්ව ඇති බවට ඉන්දිය කාලගුණ දේපාර්තුමේන්තුව නිවේදනය කර තිබේනවා.

මෙරට කාලගුණ දේපාර්තුමේන්තුව ඊයේ (25) රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ සුළගේ වේගය පැයට කිලොමීටර් 70 ක් දක්වා වැඩිවිය හැකි බවයි.

කෙසේවෙතත් ඊයේ (25) දිනයේ හැමු තද සුළං හේතුවේන් විවිධ ප්‍රදේශය වල වාගාවන් වලට හානි සිදුවි ඇති බවට වාර්තා වනවා.

වව්නියාවේ ඔලුමඩු ප්‍රදේශයේ තද සුළං හේතුවේන් රෝපණය කල තිබු පැපොල් ගස් 600 කට වැඩි ප්‍රමාණයක් විනාශය වීගොස් තිබේනවා.

******************************************

(26.05.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික වටිනාකමකින් යුත් හබරණ ටැම්පිට රජමහ විහාරස්ථානය විනාශවීමේ තර්ජනයකට නතුව තිබෙනවා.

මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හබරණ ප්‍රදේශයේ පිහිටි පුරාණ ටැම්පිට රජ මහා විහාරස්ථානයයි.

මහනුවර යුගයට අයත් කීර්ති ශ්‍රී රාජසිංහ රජදවස ඉදිකරවු බවට සැලකෙන මෙම විහාරස්ථානය හබරන ප්‍රදේශයේ පිහිටි පෞරාණිකම විහාරස්ථානයයි.

දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක් ද වැඩ සිටින ටැම්පිට විහාරය පෞරාණික නටඹුන්ගෙන් ද සමන්විතයි. උසින් මිලිමීටර් 550 ක් වන ටැම් 11 ක් මෙම විහාරස්ථානයේ දැකිය හැකියි.

මහනුවර යුගයට අයත් චිත්‍ර මකර තොරන, ලියවැල් හා ඉර හා හද විහාර මන්දිරය ඇතුළත බිත්තිවල සහ වහලයේ නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

එවන් ඓතිහාසික වටිනාකමකින් යුතු හබරණ පුරාණ ටැම්පිට රජ මහා විහාරස්ථාන මේ වනවිට දිරාපත්ව විනාශවීමේ තර්ජනයකට මුහුණා තිබෙන ආකාරයයි මේ.

බලධාරීන්ගේ අවධානය යොමු නොවීමෙන් විහාර මන්දිරයේ පිහිටි සියලුම චිත්‍ර මැකී ගොස් ඇති අතර, පිළිම වහන්සේ දුර්වර්ණ වී තිබෙනවා.

ඓතිහාසික බෞද්ධ උරුමයන් සංරක්ෂණය කරමින් මතු පරපුර වෙනුවෙන් රැකදීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද?

******************************************

(26.05.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

තද සුළං සමඟ සිදුවූ ගස් කඩා වැටීම් හේතුවෙන් පාරිභෝගිකයන් 76,000 කට අධික පිරිසකට විදුලිබලය ඇණ හිට තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව, ගාල්ල, කෑගල්ල, ඉංගිරිය, හොරණ, දඹුල්ල, කුරුණෑගල, බලංගොඩ, කුලියාපිටිය, රත්නපුර, යන ප්‍රදේශවලට මෙලෙස විදුලිය බිඳ වැටී ඇති බවයි ෴

******************************************

කොත්මලේ ජලාශ වේල්ල අසල මාර්ගයක කොටසක් ගිලා බැසීමට ලක්වෙයි

(26.05.2021 – 15:57 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ ජලාශයේ වේල්ල අසල මාර්ගයක කොටසක් ගිලා බැසීමට ලක්ව තිබෙනවා.

කොත්මලේ ජලාශ වේල්ලට නුදුරින් කොත්මලේ හරංගල හරහා නාවලපිටියට පිවිසෙන මාර්ගයේ ස්වභාවික ඇලක් හරහා ඉදිකර ඇති බෝක්කුවක් අසලිනුයි මෙම ගිලා බැසීම සිදුවී ඇත්තේ.

කෙසේවෙතත් මෙමගින් ජලාශයේ වේල්ලට කිසිදු අවදානමක් නොමැති බවයි ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු ආර්.එම්.එස්. වත්සල මහතා ප්‍රකාශකර තිබෙනවා.

අද අලුයම 5 ට පමණ මෙය සිදුව ඇති අතර ඉන් ජලාශ වේල්ලට කිසිදු හානියක් හෝ අවදානමක් නොමැති අතර ගිලා බැසීමට ලක්වූ ස්ථානය පිලිසකර කර අවසන් කරන තෙක් රථ වාහන ධාවනයට අවසර ලබා නොදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 6 ක පමණ කොටසක් අද (26) දිනයේ මෙලෙස ගිලා බැසීමට ලක්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ද සඳහන් කර තිබෙනවා.

කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම තත්වය මතුව තිබෙනවා.

+++++++++++

******************************************

(26.05.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 35 මිලි ග්‍රෑම් 165 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු දින දෙකක් (2) රඳවා තබාගෙන පරික්ෂණ පැවැත්විමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අද (26) ගාල්ල පොලිසියට නියෝගයක් ලබා දුන්නා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල හින්පැන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කර ඇත්තේ සැකකරු ගව පට්ටියක් පවත්වාගෙන යන මුවාවෙන් දිර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරතව සිටි ඇති බවයි.

මේ හේතුවෙන් සැකකරු සම්බන්ධ විමර්ශන සඳහා දින දෙකක (2) රැඳවුම් නියෝගයක් නිකුත් කරන ලෙස ගාල්ල පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එය සලකා බැලීමෙන් අනතුරුවයි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම රැඳවුම් නියෝගය නිකුත් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

(26.05.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පොහොය නිමිත්තෙන් රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු කතෝලික දේවස්ථානයට හිමිවරුන් 41 නමක් වඩම්වා දේවමෙහෙයක් සහ දානමය පිංකමක් අද (26) සිදු කෙරුණා.

මහා සංඝරත්නය උදෙසා සුවිශේෂි වූ දේව මෙහෙය පැය එකහමාරකට අධික කාලයක් පැවැත්වුණා.

එම දිව්‍ය පූජාව මෙහෙයවන ලද්දේ ගරු ටෙරන්ස් බොදියබදුගේ පියතුමා විසින්.

දේව මෙහෙය අවසානයේ දී බුදු දහම හා මෙම සත් ක්‍රියාවලිය සසඳාලමින් ධර්ම දේශනයක් පූජ්‍ය තෙලුල්ලේ සමිත හිමියන් විසින් සිදු කලා.

ඉන් අනතුරුව මහා සංඝරත්නය විශයෙහි ධානය පිලිගැන්වීම සිදු කෙරුනේද පියතුමන්ලාගේ මූලිකත්වයෙන්.

මේ අවස්ථාව සඳහා කතෝලික බැතිමතුන් මෙන්ම බෞද්ධ බැතිමතුන් ද විශාල පිරිසක් එක්ව සිටියා.

@@@@@@@@@@@@@@@@@

(26.05.2021 – 12:36 +0530 – hirunews.lk/sinhala)

චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට අද (26) අලුයම රැගෙන ආ මාත්‍රා ලක්ෂ 5 ක සයිනොෆාම් එන්නත් තොගය අද (26) සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

එම එන්නත් තොගය සෞඛ්‍ය අංශ නිර්දේශවල ප්‍රමුඛතාව අනුව දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ගුවන්තොටුපලේදී මෙම එන්නත් තොගය ප්‍රදානය කිරීමෙන් අනතුරුව චීන තානාපති චී චෙන් හුන් සඳහන් කළේ කොරෝනා වෛරසය අපගේ පොදු සතුරා වන අතර, ඊට එරෙහි බලවත්ම ආයුධය එක්සත්කම හා සහයෝගීතාව බවයි ෴

++++++++++++++++++++++

(26.05.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා පනවා තිබු තාවකාලික තහනම ජුනි 01 සිට ඉවත් කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනවා.

කෙසේ වෙතත් ඉන්දීය සංචාරකයින්ට සහ පළවැනිදා සිට සති දෙකක් (2) පසුපසට කාලය තුල ඉන්දියාවේ සංචාරය කල වෙනත් රට වල සංචාරකයින්ටත් මෙම ලිහිල් කිරීම අදාල නොවන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම එක ගුවන් ගමනක් සඳහා උපරිම මගීන් 75 ක් නොඉක්මවන සේ සීමවක්ද පනවා තිබෙනවා ෴

++++++++++++++++++++++

(26.05.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා මැද බැතිමතුන්ගෙන් තොරව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව, අද (26) උදෑසන වෙහෙර විහාරවල ආගමික වතාවත් සිදුකෙරුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ වෙනදා උවැසි උවැසියන්ගෙන් පිරී ඉතිරී යන ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, පොළොන්නරුව ගල් විහාරය ඇතුළු වෙහෙර විහාරස්ථාන සියල්ලෙහිම පාළු ස්වභාවයක් ගත් බවයි.

කෙසේ වෙතත්, එම වෙහෙර විහාරස්ථානවාසී ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ආගමික චාරිත්‍ර සහ වතාවත් නියමිත පරිදි සිදුකෙරුණු බව අප වාර්තකරුවන් වැඩිදුරටත් කියා සිටියා.

ගත වූ පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කුලී රථ රියදුරන් 50 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු කොවිඩ් අසාදනයවී ඇති බව තහවුරු වී තිබෙනවා ෴

+++++++++++++++++++++

(26.05.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හෙට (27) සහ අනිද්දා (28) වසා තැබෙන බව එහි ස්ථානභාර නිලධාරි සම්පත් උදයංග මහතා ප්‍රකාශ කළා.

ඒ වෙනුවෙන් ලබන 30 සහ 31 දෙදින තොග වෙළඳාම සඳහා ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන බවයි ඔහු සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(26.05.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු පළාගොස් ඇති බවට වාර්තා වනවා.

යාපනය අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි එම ආසාදිතයා හෘදයාබාධයක් හේතුවෙන් කිලිනොච්චිය රෝහල වෙත අද (26) උදෑසන ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ රැඳවියා සොයා මේ වනවිට කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේනවා ෴

++++++++++++++++++++

හෙළ වෙදකම වෙනුවෙන් කලාකරුවෝ – අමිල සංජීව වෙද මහතා (26.05.2021)

https://www.youtube.com/watch?v=IP5urZ0EFD4
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *