ඉදිරි පැය තිස් හයේත් (36) වැසි සමග තද සුළං

ඉදිරි පැය තිස් හයේත් (36) වැසි සමග තද සුළං

*********************************************

ඉදිරි පැය තිස් හයේත් (36) වැසි සමග තද සුළං

(25.05.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාව සමඟ කැළණි, කළු, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැළණි ගඟ, ග්ලෙන්කෝස් සහ නෝර්වුඩ් යන ස්ථානවලින් පිටාර මට්ටමට ආසන්නව පවතින බවයි.

එසේම, කළු ගඟ, රත්නපුරයෙන් පිටාර ගලා ඇති අතර, මඟුර සහ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්නව පවතිනවා.

නිල්වලා ගග, පානදුගමින් සහ අත්තනගලු ඔය – දූනමලෙන් පිටාර මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කළු ගගේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර, කුරුවිට, කිරිඇල්ල, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි පහත් බිම් වල මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මේ අතර, නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වීම හේතුවෙන් ඉදිරි පැය 36 තුලත් පළාත් රැසකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති යාස් සුළි කුණාටුව ඉදිරි පැය 12 තුල ඉතා චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට අලුයම් කාලයේ ඉන්දියායේ ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති.

එහි බලපෑම හේතුවෙන් ද අද (25) සිට ලබන 27 වනදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ, සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

උතුර, උතුරුමැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් විට සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එසේම, ගාල්ල, කළුතර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක වලට පනවා ඇති නායයාමේ අවදානම ද තවදුරටත් ක්‍රියාත්මකයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාමේ අවදානම පවතින ප්‍රදේශවල ජනතාව වෙත ඉවත් වීමේ රතු නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

******************************************

ගිනි ගන්නා නැව දකුණට ඇලවෙයි ඉන්දියාවත් සහයට

(25.05.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්ව ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඉදිරිපස ඇති වූ ගින්න මේ වනවිට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පසුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතින බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාව පැවසුවේ මුහුදේ රළු ස්වභාවය මත මේ වනවිට නෞකාව දකුණු පසට මදක් ඇලව පවතින බවයි.

එසේම, කාලගුණික තත්ත්වයේ වෙනස්වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය, ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇතැයි ද නාවික හමුදාව පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත ප්‍රජාවට එම මුහුදු ප්‍රදේශය මඟ හැර තම ධීවර කටයුතුවල නිරත වන ලෙසටයි නාවික හමුදාව දැනුම් දෙන්නේ.

ගින්න නිවා දැමීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා දෙකක් (2), යෙදවීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකාරක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් හා කොටස් කොළඹ සිට මීගමුව දක්වා වෙරළ තීරයට පැමිණිය හැකි බැවින් රසායනික ද්‍රව්‍ය ඇතුළත් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටයි.

එවන් ද්‍රව්‍ය දුටු වහාම පොලීසියට හෝ 117 අංකයට දැනුම් දෙන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නා.

කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබියදී ටොන් 40,000 ක් බරැති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව පසුගිය 19 වනදා ගිනි ගැනීමකට ලක්වූයේ එහි බහාලුම්වල ගබඩා කර තිබූ නයිට්‍රික් අම්ල කාන්දුවීම හේතුවෙන්.

ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේදී එම නෞකාව නයිට්‍රික් අම්ල ටොන් 25 ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය ඇතුළු රූපලාවන්‍ය ද්‍රව්‍ය ගබඩා කර තිබූ බහාලුම් 1486 ක් ප්‍රවාහනය කරමින් තිබුණා.

පසුව වරාය අධිකාරිය, නාවික හමුදාව එක්ව එම ගින්න යම්තාක් දුරකට පාලනය කළ අතර පසුව නෞකාවේ සිසිලනය කටයුතු සිදුකරනු ලැබුවා.

ඉන් අනතුරුවයි අද (25) අලුයම නෞකාවේ පිපිරීමක් සිදුවීමත් සමඟ ගින්න යළි සක්‍රිය වූයේ.

එම පිපිරීමෙන් නාවිකයන් දෙදෙනෙකු (2) ද තුවාල ලැබූ අතර, නෞකාවේ 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ආරක්ෂිත ලෙස අද (25) පෙරවරුවේ නාවික හමුදාව ඉන් ඉවත් කර ගනු ලැබුවා.

ඔවුන් සියලුදෙනා මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා.

එසේම, නෞකාවේ ගින්න වර්ධනය වීමත් සමඟ එහි තිබූ බහාළුම් 20 කට වැඩි ප්‍රමාණයක් ගිනි ගනිමින් මේ වනවිට මුහුදට වැටී ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව, සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කරලීම සඳහා නෞකාව නාවික සැතපුම් 50 ක් පමණ ඈතට රැගෙන යාමට අපේක්ෂිතයි.

නෞකාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද (25) දිනයේදී රජයේ පාර්ශව සඳහා නෞකාවේ මව් සමාගමේ මෙරට නියෝජිතයින් සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා.

+++++++++

Video footage of the “X-PRESS PEARL” vessel which is presently engulfed in flames. Footage was captured by the SLAF Bell 212. (25.05.2021)

+++++++++

25-05-2021

@@@@@@@@@@@@@@@@

(25.05.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව මගින් පරිසර හිතකාමී මෘත ශරීර බහාලනයක් (කාඩ්බෝඩ් වලින් නිපදවන ලද මිනී පෙට්ටියක්) හඳුන්වා දීම අද අත්තිඩිය සුසාන භූමියේදී සිදු කෙරුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ පූර්ණ අනුමැතිය ඇතිව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අධික්ෂණය යටතේ කොවිඩ් වැළඳී මියගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් ප්‍රථම වතාවට කාඩ්බෝඩ් මිනීපෙට්ටියක් භාවිතා කරමින් කොහුවල පොදු සුසාන භූමියේදී ආදාහනය කලා.

මෙම කාඩ්බෝඩ් මිනීපෙට්ටිය හඳුන්වාදීම සිදු කෙරුනේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් අත්තිඩිය අවමංගල්‍ය උත්සව ශාලාවේදීයි.

මෙහිදී අදහස් දැක්වු දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතා කියා සිටියා කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් කාඩ්බෝඩ් මිනීපෙට්ටි භාවිතා කරමින් ආදාහනය කිරීම රුපියල් 10,000 කින් සිදු කිරීමට හැකි බව.

+++++++++++++++++++++++++

(25.05.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1228 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 131,131 ක් ෴

දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ට එන්නත් ලබාදීමේ මීලඟ අදියරේදී ප්‍රමුඛතාව ලබා දෙන බව , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ බැවින් වෘත්තිය ක්‍රියාමාර්ගවලට නොයන ලෙස, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් ඉල්ලා සිටිනවා ෴

+++++++++++++++++++++++++

(25.05.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණයක් පැලදීමකින් තොරව අද (25) දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා විල්බැරෝවක් ද රැගෙන පැමිණ සිටි පුද්ගලයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

ඔහු අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත්තේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන රීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේය.

ඒ අනුව අදාළ පුද්ගලයාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පොලීසිය පවසන්නේ.

++++++++++++++++++++++++

(25.05.2021 – 21:24 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 898 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ පමණක් හමුවූ ආසාදිතයින් ගණන 2706 දක්වා ඉහළ යනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1228 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 131,131 ක් ෴

බුස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්සට රැගෙන යමින් සිටි කොරෝනා අසාදිත රැඳවියෙකු මාතර වැලිගම ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයේ ජනේලයකින් පැන පාලාගොස් තිබෙනවා. අප කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා මේ බව තහවුරු කළා ෴

++++++++++++++++++++++++++

(25.05.2021 – 22:25 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාවේ 53 වන සේනාංකය විසින් දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ යොවුන් සේනාංක භූමියේ ගොඩනැගිලිවල සූදානම් කළ නව ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත භාර දීම සිදු කෙරුණා.

දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේ ප්‍රධානී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා යුද හමුදාව විසින් ඉදිකරන ලද ඇඳන් 150 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසුව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ වෙත බාර දෙනු ලැබුවා.

ප්‍රතිකාර සඳහා පැමිණෙන සියලු දෙනාට සනීපාරක්ෂක පහසුකම් ඇතිව මෙහි ප්‍රතිකාර ලබා ගත හැකි අතර වෛද්‍යවරුන් සඳහාද පහසුකම්, ප්‍රතිකාර ගැනීම සඳහා වෙනත් ස්ථාන, ආහාර ගැනීම් සඳහා වෙනත් ස්ථාන ආදී සියලු අංගයන්ගෙන් මෙම ස්ථානය සූදානම් කොට තිබෙනවා.

යුද හමුදාවේ පනස් තුන් (53) වන සේනාංකය මගින් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සූදානම් කොට තිබුණා.

ඒ අනුව පනස් තුන්වන (53) සේනාංකයට යුද හමුදාපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් දහසක් (1000) සදා නිමකිරීම මෙම ඇඳන් 150 ත් සමග සම්පුර්ණ වනවා.

++++++++++++++++++++

ජනතාවගේ හැසිරීම ගැන සෞඛ්‍ය අංශවල කණගාටුව

(25.05.2021 – 17:13 +0530 – sinhala.adaderana.lk)

දැඩි සංචරණ සීමා පනවනු ලබන්නේ කොවිඩ්-19 රෝග තත්ත්වය පාලනය කිරීමට වන අතර ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සංචරණ සීමා ලිහිල් කළ අද (25) දිනයේදී ජනතාව විශාල වශයෙන් ප්‍රධාන නගර කරා එක්රැස් වූ ආකාරය දැක ගැනීමට හැකිවූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය යහපත් නොවන බවත් මෙමගින් තවදුරටත් කොවිඩ්-19 වෛරසය ව්‍යාවප්තවීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

අද (25) උදෑසන 04:00 සිට සංචරණ සීමා ලිහිල් කෙරුණු අතර එය අද (25) රාත්‍රී 11:00 දක්වා ක්‍රියාත්මකය.

ඒ අනුව යළිත් රාත්‍රී 11:00 සිට දිවයින පුරා දැඩි සංචරණ සීමා පැනවෙන අතර එය එළඹෙන 07 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

++++++++++++++++++++++

ශ්‍රී ලංකාව තුළ නුදුරු දිනකදී ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකියි – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව

(25.05.2021 – 15:30 +0530 – lankaleadnews.com)

අමෙරිකා එක්සත් ජනපදයේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීම අත්හිටුවන ලෙසයි.

ඊට අමතර ශ්‍රී ලංකාව තුළ නුදුරු දිනකදී ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවත්, සංචාරකයන් ගැවසෙන ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, ආපන ශාලා, සුපිරි වෙළෙදසැල්, පොදු ස්ථාන, ‌හෝටල්, රෙස්ටූරන්ට්, ආගමික ස්ථාන, ගුවන්තොටුපොළවල්, විශාල සංස්කෘතික උත්සව, අධ්‍යාපන ස්ථාන, රෝහල් ආදිය ත්‍රස්ත ඉලක්ක විය හැකි බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් එරට වැසියන්ට අවවාද කර සිටී.

එම නිවේදනය මගින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අවවාද කරණු ලබන්නේ මේ හේතුව මත යම් හදිසි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ලංකාවේ දුරස්ථ ප්‍රදේශවල සිටින අමෙරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අපහසුතාවක් පැන නගිනු ඇති බවත් ඒ අනුව ආරක්ෂාකාරී පියවරක් ලෙස ශ්‍රී ලංකාව තුළ සංචාරය අත්හිටුවීමට කටයුතු කරණ ලෙසත්ය.

Do not travel to Sri Lanka due to COVID-19. Exercise increased caution in Sri Lanka due to terrorism.

Read the Department of State’s COVID-19 page before you plan any international travel.

The Centers for Disease Control and Prevention (CDC) has issued a Level 4 Travel Health Notice for Sri Lanka due to COVID-19, indicating a very high level of COVID-19 in the country. Visit the Embassy’s COVID-19 page for more information on COVID-19 in Sri Lanka.

Terrorists may attack with little or no warning, targeting tourist locations, transportation hubs, markets, shopping malls, government facilities, hotels, clubs, restaurants, places of worship, parks, major sporting and cultural events, educational institutions, airports, hospitals, and other public areas.

The U.S. government has limited ability to provide emergency services to U.S. citizens in remote areas.

[ https://travel.state.gov/content/travel/en/traveladvisories/traveladvisories/sri-lanka-travel-advisory.html ]

Do not travel to Sri Lanka due to COVID-19. Exercise increased caution in Sri Lanka due to terrorism.

https://www.youtube.com/watch?v=vFAr5uw1Hmw

++++++++++++++++++++++

පිරිසුදු පොල්තෙල් කොරෝනා මඩිනවා.. – රසායන විද්‍යා මහාචාර්යවරයෙක් උපුටමින් CNN කියයි….

(26.05.2021 – 10:00 +0530 – lankacnews.com)

කොරෝනා ආසාදනයෙන් ඇතිවන රෝග ලක්ෂණ මර්දනය කිරීමට පිරිසිදු පොල්තෙල් යොදා ගත හැකි බව පිලිපීනයේ ප්‍රධාන කළේ රසායනික විද්‍යා මහාචාර්යවරයකු උපුටා දක්වමින් ‘සීඑන්එන්’ පුවත් සේවය වාර්ථා කරයි.

වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන මද රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ වෛරස ආසාදනය වී ඇතැයි සැක කරන අයගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට පිරිසිදු පොල්තෙල් වලට හැකියාව ඇති බවත් දැනට සිදු කර ඇති අධ්‍යන වලින් හෙළි වී ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

අසාධ්‍ය තත්ත්වයට පත් වන ආසාදිතයන්ට පූර්ව රෝගී ලක්ෂණ තිබෙන රෝගීන්ටත් පිරිසුදු පොල්තෙල් වලින් වන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමටත් පර්යේෂකයන්ට අවස්ථාව ලබා දී ඇති බවත් ඔහු පවසයි.

පිරිසුදු පොල් තෙල් මගින් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ශරීර තුළ වෛරස් පරිමාව 90% දක්වා ප්‍රමාණයකින් අඩු කිරීමට හැකියාව ඇති බවද අධ්‍යන වලින් හෙලිවී තිබේ.

එමෙන්ම පිරිසුදු පොල්තෙල්වලින් කොරෝනා වෛරසයට එරෙහි ශරීරවල ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරන බවද අනාවරණය වී ඇත.

VCO trials on serious COVID-19 cases, patients with comorbidities pushed
[ https://www.cnnphilippines.com/news/2021/4/16/virgin-coconut-oil-COVID-19-patients.html ]

+++++++++++++++++++++

GMOA කට්ටිය එන්නත් පැහැරගත් බවට චෝදනා

(26.05.2021 – aruna.lk)

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි (2) මාත්‍රාවෙන් එන්නත් දහතුන් දහසක (13,000) ප්‍රමාණයක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැහැරගෙන ඇති බවත් එම දෙවැනි (2) මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව යම් කෙනකු මරණයට පත්වුවහොත් එය එම සංගමය කරන ලද මිනීමැරුමක් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ බස්නාහිර පළාතේ ඊයේ (25 වැනිදා) ක්‍රියාත්මක කිරීමට තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බව ප්‍රකාශ කරමිනි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගේ පවුල්වල අයට අයුතු ලෙස එන්නත් ලබා දීම ට විරෝධය පළ කරමිනි.

මේ සම්බන්ධව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය කේෂ්ත්‍රවල අනෙකුත් සාමාජිකයන්ට ද ග්‍රාම නිලධාරිවරුන්ට සහ ත්‍රිවිධ හමුදා පවුල්වල සාමාජිකයන්ටද එන්නත් ලබා දීමට තිරණයකට එළැඹිමත් සමග මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් හිටවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මෙරටට ලැබෙන සයිනොපාම් එන්නත් තොගවලින් මෙම පිරිසට එන්නත් ලබාදෙන බවටද සෞඛ්‍ය ඇමැතිතුමිය එකඟ වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය.

කෙසේවුවද සභාපතිවරයා කියා සිටියේ ලක්ෂ පහ හමාරක (5½) පමණ ප්‍රමාණයක් පළමු (1) මාත්‍රාව ලබාගෙන තිබු ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි (2) මාත්‍රාව අපේක්ෂාවෙන් සිටි පිරිසගේ එන්නත්වලින් මෙලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එන්නත් පැහැරගෙන ඇති බවයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත අවභාවිත කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ පවුල්වලට පළමු (1) මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය වෘත්තීය සම්ගම් ඉහත සාකච්ඡාවේ දී සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගෙන් ඉල්ලා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් හත්දහස් එකසිය විසි අටකට (7128) එන්නත් කිරීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමංගම් ඇමැතිවරිය සමග පැය තුනක (3) පමණ කාලයක් සාකච්ඡා පැවැත්වීය ෴

+++++++++++++++++++++

(26.05.2021 – 06:04 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 28 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1269 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

එම මියගිය ආසාදිතයන් පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් :

+++++++++

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 686 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *