කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ නෞකාවක ගින්නක්

කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ නෞකාවක ගින්නක්

*********************************************

කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ නෞකාවක ගින්නක්

(21.05.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබූ නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

සිංගප්පූරු සමාගමකට අයත් රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැමැති මෙම නෞකාවේ බහාළුමක රසායන ද්‍රව්‍ය කාන්දුවීමක් ගින්නට හේතුව ලෙස නාවික හමුදාව සඳහන් කළා.

ඒ අනුව ඊයේ (20) රාත්‍රියේ සිට ගින්න පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

අදාළ නෞකාව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ හසීරා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නයිට්රික් ඇසිඩ් ටොන් 25 ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාළුම් 1486 ක් එහි තිබූ බව සඳහන්.

නෞකාව පිලිපීන, චීන, ඉන්දීය සහ රුසියානු ජාතිකයින්ගෙන් සමන්විත 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් යුක්ත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

නෞකාව මේ වනවිට කොළඹ වරායේ බෝපිටිය ප්‍රදේශයට නාවික සැතපුම් 06 ක් පමණ ඈතින් ස්ථානගතව පවතින අතර, ඩෝරා යාත්‍රා දෙකක් (2) සහ නෞකා දෙකක් (2) ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.

කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම්ලා ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කර ඇති බව වරාය අධිකාරිය ප්‍රකාශ කළා ෴

******************************************

(21.05.2021 – 09:53 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහල යාම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරතෙල් සඳහා වන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ද නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටළු පිළිබඳව පත් කළ අනු කමිටුව තුන්වන (3) වරට ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදීයි මේ පිළිබඳව අවධානය යොමුව ඇත්තේ.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහල ගියද ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව තවදුරටත් සාකච්ජාවට බඳුන් වී තිබෙනවා.

පසුගිය වසරේ මුදල් අමාත්‍යාංශය මැදිහත්වී ඉන්ධන මිල ස්ථායි කිරීම යටතේ රුපියල් බිලියන 50 ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවා ඇතත් තවත් රුපියල් බිලියන 79 ක ණය ලැබීමට නිමිතව ඇති බවද එහිදී අනාවරණ තිබෙනවා.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන පාඩුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවද සඳහන් ෴

******************************************

කොළඹ අළුත්ම ඉඩම් කොල්ලය මේකද ? මේක එක බිස්නස්කාරයෙක්ගේ උවමනාවක් (08.05.2021)

******************************************

මම මැරිලා ඉපදුන කෙනෙක් මහත්තයෝ – රණවිරු ශාන්ත කියයි – 18.05.2021

රණවිරු ශාන්ත මහතා : 074 096 4819

******************************************

(21.05.2021 – 11:51 +0530 – hirunews.lk/sinhala)

මානව හිමිකම් නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් කොළඹ සිට කල්මුණේ දක්වා හෙරොයින් ප්‍රවාහනය කරන පුද්ගලයන් තිදෙනෙකු (3) දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකපිට (20) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී හෙරොයින් ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුණේ තුඩුව, කල්මුනේ මාධවන් සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකු බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

සැකකරුවන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් මානව හිමිකම් සංවිධානයක කණ්ඩායමක් බවත් කොළඹ සිට කල්මුනේ ප්‍රදේශයේ මානව හිමිකම් සිද්ධියක් සඳහා ගොස් නැවත ගමන් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් ලැබුණු තොරතුරු මත පරික්ෂා කිරීමේදී මෙම වෑන් රථයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයකට (10) අධික වටිනාකමකින් යුත් හෙරොයින් සොයාගැනීමට හැකි වූ බවයි පොලිස් විශේෂ බලකාය පවසන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා හෙරොයින් තොගය සහ වෑන් රථය දඹුල්ල පොලිසියට භාරදී තිබෙනවා.

******************************************

(21.05.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – රාගල – මැදවත්ත ප්‍රදේශයේදී වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයක් පෙරලී අද (21) පෙරවරුවේ සිදුවූ අනතුරකින් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් නුවරඑළිය මහරෝහල වෙත ඇතුළත් කර ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

රාගල වත්තේ සිට එම වතුයායට අයත් සෙන් ලෙනාඩ් වතු යායේ තේ දළු නෙළීම සඳහා වතුකම්කරුවන් ප්‍රවාහනය කරමින් සිටියදී ට්‍රැක්ටර් රථයෙන් එහි ටේලරය ගැලවී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(21.05.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

අන්තර් පළාත් සීමා ඇතුළු, සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14 ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

+++++++++++++++++++++++

(21.05.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 822 ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

එසේම, ඊයේ (20) හඳුනා ගත් ආසාදිතයින් 3443 දෙනා අතරින් ආසාදිතයින් 674 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ 287 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා ෴

+++++++++++++++++++++

(21.05.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අදාළව, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොරෝනා එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (20) දිනයේදී පුද්ගලයින් 18,988 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව, එම එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 485,373 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එසේම, ඊයේ (20) දිනයේදී කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (20) මාත්‍රාව පුද්ගලයින් 8,738 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 925,242 ක්.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාවද මේ වනවිට පුද්ගලයින් 14,941 දෙනෙකුට ලබාදී තිබෙනවා ෴

++++++++++++++++++++

++++++++++++++++++++

(21.05.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට මෙරට ළමුන් 1000 කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින බව හා එයින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ හේතුවෙන් වයස අවුරුදු 12 න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කොරෝනා රෝගය සීග්‍රයෙන් පැතිරී යාමත් සමඟ ළමුන්ටත් එම රෝගය වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් මෙසේ එන්නත්කරණය මඟින් ප්‍රතිශක්තිකරණය ඇති කල යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

රටවල් කිහිපයක් මේ වන විටත් ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ආරම්භ කර ඇති බවත් ඉන්දියාවේ දැනට ඒ පිළිබඳව පර්යේෂණ කරමින් සිටින බවත් ඔහු මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටින්නේ ප්‍රතිශක්තිකරණය හරහා පමණක් රෝගය පාලනය කර ගැනීමට නොහැකි බවයි.

ඒ සඳහා ජනතාව වැඩි දැනුවත් භාවයකින් සහ හික්මීමකින් කටයුතු කරමින් ළමුන් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා ෴

+++++++++++++++++++++

පෞද්ගලික රෝහලක් කොරෝනා ව්‍යාප්ත කිරීමේ මෙහෙයුමක ?

(21.05.2021 – 11:13 +0530 – aruna.lk)

• තුල්හිරිය කම්හලේ පොසිටිව් වාර්තා විනාශ කරලා
• පී.සී.ආර් 1200 ක් කරන්න දීපු අවසරෙන් 7000 ක් කරලා

තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට (400) කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම ඇඟලුම් කම්හලේ සේවකයන් හාරදහසකට (4000) මෙම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර එම පී.සී.ආර්. පරීක්ෂණ කර ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් යැයිද අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂණ අක්‍රමවත්ව සිදු කර ඇති හෙයින් ආසාදිතයන් සම්බන්ධයෙන් දුන් වාර්තා පරස්පර බව කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබේ.

ඉන්පසු එම රෝහලෙන් අදාළ වාර්තා ටික ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කොවිඩ් කමිටුවට උපදෙස් දී ඇති අතර බදාදා (19 වැනිදා) වන විට එම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියදී ඒවා විනාශ කළ බව අදාළ පෞද්ගලික රෝහල දන්වා ඇත.

දිනක් ඇතුළත අදාළ වාර්තා විනාශ කිරීම සැකසහිත වූයෙන් වහාම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ.

මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1200 ක් පමණ කිරීමට අවසර දී තිබියදී මෙම සතියේ දින දෙකකට (2) එම රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ 7000 ක් කර ඇති බවද හෙළි වී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

+++++++++++++++++++

(21.05.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

මැයි 28 වනදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාව තුල කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ සීමා ලිහිල් කරන දිනයන්හි යම් සීමාවකට යටත්ව දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර, බස් රථ ධාවනය ද සංචරණ කාලසීමාවන් තුල සිදු නොවන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ.

අද (21) රාත්‍රී 11 සිට 25 වනදා අඟහරුවාදා අලුයම හතර (4) දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි. එසේම, 25 වනදා අලුයම 04 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, යළි 28 වනදා සිකුරාදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා බලපැවැත්වෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *