හෙට (21) රාත්‍රී 11 සිට යළිත් සංචරණ සීමා

හෙට (21) රාත්‍රී 11 සිට යළිත් සංචරණ සීමා

*********************************************

හෙට (21) රාත්‍රී 11 සිට යළිත් සංචරණ සීමා

(20.05.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

හෙට (21) රාත්‍රී 11 සිට 25 වනදා අඟහරුවාදා අලුයම හතර (04:00) දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් 25 වන දා අලුයම 4 ට පැය 19 ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, යළි එදිනම රාත්‍රී 11 ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා.

එය ඉවත් කෙරෙන්නේ 28 වනදා සිකුරාදා අලුයම 4 යි.

ආසාදිතයන් 24 දෙනෙකු හමුවීමත් සමඟ කොළඹ ග්‍රෑන්ඩ්පාස් මහවත්ත පාරේ 233 වත්ත අද (20) පෙරවරුවේ සිට හුදෙකලා කෙරුණා.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ මීට පෙරද අදාළ ප්‍රදේශයෙන් ආසාදිතයන් 13 දෙනෙකු හමුවූ බවයි.

ඒ අනුව සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් අනතුරුවයි අද පෙරවරුවේ එම ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගැනුනේ.

හුදෙකලා කෙරුණු 233 වත්ත ප්‍රදේශයේ පුද්ගලයින් 360 දෙනෙකු පමණ ජීවත්වන අතර, තවත් පුද්ගලයින් 100 කගේ පමණ කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියා.

එසේම මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ දෙකක (2) ග්‍රාම නිලධාරී වසම් 5 ක් ද අද (20) පෙරවරුවේ සිට හුදෙකලා කෙරුණා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ මඩකලපුව පොලිස් බල ප්‍රදේශයේ සින්නෝරානි සහ පලමීන්මඩු ග්‍රාම නිලධාරී වසම් සහ කාන්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ තිරුචෙන්දූර්, කල්ලඩිවෙල්ලූර් සහ නොචිමුනායි යන ග්‍රාම නිලධාරී වසමේ පුනෝචිමුනායි ග්‍රාමය හැර අනෙකුත් ගම් හුදෙකලා කෙරුණු බවයි.

+++++++++++++

+++++++++++++++++++++

(20.05.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගවල ගමන් කරන සියළු ගිලන් රථවලින් කිසිදු ගාස්තුවක් අය නොකරන ලෙසට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පවතින කොරෝනා තත්ත්වයත් පිළිබද සලකා බලමිනුයි අදාළ තීරණය ගෙන ඇත්තේ ෴

++++++++++++++++++++

(20.05.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත්, එය වළක්වාගත නොහැකි මට්ටමක පවතින බවත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මෙරට දෛනික වැඩිම ආසාදිත සංඛ්‍යාව ඊයේ (19) වාර්තා වූ අතර, 3,623 න් වන එම ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රමාණය වන 761 හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම ආසාදිතයන් 761 දෙනාගෙන් 101 දෙනෙකුම වාර්තාවී ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයෙන්.

මීට අමතරව කඩවතින් ආසාදිතයන් 100 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

එමෙන්ම රාගම, මිනුවන්ගොඩ සහ කටාන යන ප්‍රදේශවලින්ද ඊයේ (19) වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කළුතර දිස්ත්‍රික්කයෙන්ද ගෙවුණු දිනයේදී ආසාදිතයන් 493 ක් වාර්තාවී තිබෙනවා.

මීට අමතරව කොළඹ, කුරුණෑගල, ගාල්ල, යාපනය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 200 ඉක්මවා ඊයේ (19) දිනයේදී වාර්තා වුණා.

එමෙන්ම අනුරාධපුර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින්ද ඊයේ (19) දිනයේදී ආසාදිතයන් 100 ඉක්මවා තිබෙනවා.

මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,51,343 ක්.

අලුත් අවුරුදු පොකුරෙන් පමණක් ආසාදිතයන් 54,362 ක් වාර්තා වුණා.

කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කොළඹදී අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සමාජය තුළ තවදුරටත් කොරෝනා වෛරසය පැතිරයාම සිදුවන බවයි.

මේ අතර කොරෝනා මර්දන එන්නත් ක්‍රියාවලිය අද (20) දිනයේදීත් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් තවදුරටත් ක්‍රියාත්මකයි.

එන්නත් ක්‍රියාවලිය සිදුවන අතරතුර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව මුදලට ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණ කළා.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ මුදල් ලබාදී එන්නත් මිලදී ගැනීම සිදු නොකරන ලෙසට තමන් ජනතාවට දැනුම් දෙන බවයි ෴

+++++++++++++++++++++

(20.05.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 400 දෙනෙකුට එකවර කොරෝනා වැළඳීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ කර්මාන්තශාලාවේ නියමිත පරිදි සෞඛ්‍ය කමිටු පිහිටුවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ ද නැද්ද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම දැනට ක්‍රියාත්මක පෞද්ගලික කර්මාන්තශාලාවල සහ සේවා ස්ථානවල අදාළ සෞඛ්‍ය කමිටු සක්‍රිය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද විෂයභාර අමාත්‍යවරයා ආයතන ප්‍රධානීන් හා වෘත්තිය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා ෴

+++++++++++++++++++++

(20.05.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ලක්ෂපාන – මොරහේනගම ප්‍රදේශයේ එකම පවුලේ 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ආසාදිතයින් අතර අවුරුදු 2 ක සහ 5 ක කුඩා ළමයින් දෙදෙනෙකු ද සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අවස්ථාවේදී සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකදී ඔවුන් මෙලෙස කොරෝනා ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙනවා ෴

+++++++++++++++++++

(20.05.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

දැනට අනුමත කර ඇති එන්නත්වලින් ඉන්දීය වෛරස් ප්‍රභේදය ඇතුලු දැනට හඳුනාගෙන ඇති අනෙකුත් සියළු කොවිඩ් ප්‍රභේද මැඬ පැවැත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

අද (20) දහවල් එම සංවිධානය නිල වශයෙන් මේ බව දැනුම්දුන් අතර, ඉන්දීය වෛරස් ප්‍රභේදයෙන් බි්‍රතාන්‍යය තුළ නව කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බව එරට විද්‍යාඥයින් අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබෙනවා.

මේ අතර අද (20) දිනයේත් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එන්නත්කරණ වැඩසටහන දියත් වුණා ෴

++++++++++++++++++++

(20.05.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala)

ඉපලෝගම පොලිස් ස්ථානයේ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 15 දෙනෙකු පමණ වාර්තා වීමත් සමඟ එම පොලිස් ස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා වෙනත් නිලධාරීන් පිරිසක් යොදවා තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මේ වන විට කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ගේ ආශ්‍රිතයින් 60 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි.

පවතින කොරෝනා තත්ත්වයට අනුව අදාළ පොලිස් ස්ථානය පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුවයි ඊට වෙනත් කණ්ඩායමක් යොදවා එහි කටයුතු ආරම්භ කර ඇත්තේ ෴

@@@@@@@@@@@@@@@@@

(20.05.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය තුළ නවතා තිබූ තම මෝටර් රථයේ රෝද දෙකක (2) ටයර් දෙකක් කපා දමා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි පවසනවා.

ඊයේ (19) රාත්‍රියේ සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් මිරිහාන පොලීසිය දැනුවත් කළ බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

(20.05.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දෙපස අද (20) විරෝධතාවක නිරතවුණා.

විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කියමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඔවුන් විරෝධතාවයේ නිරතවූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

එහිදී වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ පිටපතක් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් පුලුස්සා දමනු ලැබුවා.

මෙම විරෝධතාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුලු එහි මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.

මේ අතර වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට අදාළ විවාදය දෙවන දිනටත් මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

මෙම පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

******************************************

(20.05.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

තම වගාවන්ට නිසි පරිදි පොහොර සහ කෘමිනාශක නොලැබීම නිසා අසීරුතාවට පත්ව සිටින බව ගලෙන්බිදුණුවැව – ගැටලාව ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

මේ හේතුවෙන් අස්වැන්න ද අඩු වී ඇති බවයි ඔවුන් සදහන් කළේ.

මේ අතර, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීම නිසා තම තේ ශාඛවල පත්‍ර කහ පැහැ ගැන්වී ඇති බව මාතර – පිටබැද්දර ප්‍රදේශයේ තේ වගාකරුවන් පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *