“වසංගත ප්‍රධානියා රජය නොමඟ යවලා – තවදුරත් අපිට ඔහු යටතේ වැඩ කරන්න බැහැ” – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

“වසංගත ප්‍රධානියා රජය නොමඟ යවලා – තවදුරත් අපිට ඔහු යටතේ වැඩ කරන්න බැහැ” – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

*********************************************

“වසංගත ප්‍රධානියා රජය නොමඟ යවලා – තවදුරත් අපිට ඔහු යටතේ වැඩ කරන්න බැහැ” – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(20.05.2021 – am.lk)

තවදුරටත් වසංගත රෝග ඒකකයේ ප්‍රධානියාගේ උපදෙස් පිළිනොගෙන ඒ වෙනුවට එම අංශයේ ප්‍රධානියා ලෙස මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කරන ලෙස සෞඛ්‍ය අමත්‍යතුමියගෙන් ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේය.

සොයිසා මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19) පස්වරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ඊයේ (19) දිනය තුළ පවතින ගැටළු නිරාකරණය කිරීමට අමාත්‍යවරිය පොරොන්දු වී තිබෙන අතර ඒ අනුව හෙට (20) දිනය වන විට අදාළ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වනු ඇති බවට විශ්වාස කරන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

එසේ නොවුණහොත් තවදුරටත් මෙම වසංගත රෝග අංශයේ ප්‍රධානියා යටතේ කටයුතු කිරීමේ අපහසුව හා ඒ තීරණය ශාඛා සමිතිවලට දැනුම් දීම හෙට (20) දිනයේදී සිදුකරන බවත් ඔහු සඳහන් කරන ලදී.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඉතා පැහැදිලිව මේ රටේ නිවැරදි දත්ත නොමැතිව නිවැරදි දත්ත නොපෙන්වා නිශ්චිත සිතියම පෙන්වන්නේ නැතුව වසංගත රෝග අංශය ඉතා පැහැදිලි ලෙස සමස්ත රජයත් සමස්ත ක්‍රියාවලියත් නොමඟ යවමින් තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස සභාවේ තීරණය වෙලා තියෙන්නේ.”

19-05-2021

++++++

Dr Senal Fernando | Secretary GMOA | 19.05.2021 :

Dr Samantha Ananda | Asst. Secretary GMOA | 19-05-2021 :

Dr Prasad Kolabage | General Committee Member | 2021.05.19 :

+++++++++++++++++++++

සියළු සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත ප‍්‍රකාශ දීම අත්හිටුවයි.. ලේකම්ගෙන් නියෝගයක්…

(20.05.2021 – 12:00 +0530 – lankacnews.com)

රජයේ සෞඛ්‍ය සේවාව නියෝජනය කරන සියලුම සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සීමා කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ සිය සුව සියලු නිලධාරීන් වෙත මේ බව චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත්තේ ආයතන සංග‍්‍රහයේ පවතින විධා විධාන අනුව කටයුතු කරන ලෙසයි.

එය නොසලකා කටයුතු කරන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සෞඛ්‍ය ලේකම්වරයා විසින් දන්වා ඇත.

ඒ බව සඳහන් කරමින් ඔහු විසින් යොමු කර ඇති ලිපිය මෙසේය :

++++++++++++++++++++

පොසොන් සඳ උදා වෙද්දි වෙන්න යන දේ ගැන සූරිය ගුණසේකර සූරීන්ගෙන් හද කම්පා කරවන හෙළිදරව්වක් (20.05.2021)

++++++++++++++++++++

හෝමාගම වික්‍රමආරච්චි වෙද මහතාට මරණ තර්ජන 7 ක් – තාමත් ICU එකේද? (20.05.2021)

https://www.youtube.com/watch?v=9Tp9SelrkKY

+++++++++++++++++++++

කොරෝනාවට බටහිර ඖෂධ නෑ.. දේශීය ප්‍රතිකාර සාර්ථකයි.. ඊට ඉඩ දෙන්න.. – ප‍්‍රකට බටහිර විශේෂඥ වෛද්‍යවරයෙක් ප‍්‍රස්ද්ධියේ ඉල්ලයි..

(21.05.2021 – 00:06 +0530 – lankacnews.com)

කොරෝනා වෛරස ඉදිරියේ බටහිර වෛද්‍ය ක්‍රමය අසාර්ථක වී ඇති බවත් බටහිර වෛද්‍ය ක්‍රමය තුල කොරොනා වයිරසය සඳහා ප්‍රතිකාර ක්‍රමයක් නැති බවත් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා සඳහන් කරයි.

නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයේ ඒ සඳහා ප්‍රතිකාර ඇති බවත් ඒවා භාවිතයට අවසර දිය යුතු බවත් ඒ මහතා පැවසීය.

බටහිර වෛද්‍ය ක්‍රමය තනිකරම මාෆියාවක් බවත් තමන් එය කීමට බිය නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සඳහා හදුන්වා දුන් පැණිය පරීක්ෂණයට ලක් කළ ආකාරය වරද සහගත බවත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර පරික්ෂා කළ යුත්තේ දේශීය වෛද්‍යවරුන් විසින් බවත් පැවසූ ඔහු එම පරීක්ෂණ වාර්තා තමන් නොපිළිගන්නා බව ද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමිනි.

+++++++++++++++++++

(20.05.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ බන්ධනාගාර කොමසාරිස්ගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා විසින්, චෝදනා ලැබුවන්ට ඇප ලබා දීමේ ප්‍රතිපාධන සංශෝධනය කර තිබෙනවා.

මෙම සංශෝධන ඇතුලත් නව මාර්ගෝපදේශ පොලිස්පතිවරයාට නිකුත් කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ මේ දිනවල දිවයින පුර සිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් තත්වය නිසා බන්ධනාගාරවල තද බදය අවම කිරීමට අවධානය යොමු වීම නිසයි ෴

+++++++++++++++++++

(20.05.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් රෝගීන් සහ කොවිඩ් මරණ ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගෙන දින 14 කට රට තුළ දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මනුජ් වීරසිංහ මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයින් රජයට යෝජනාවක්ද ඉදිරිපත් කර ඇති බවයි.

+++++++++++++++++++++

අක්ෂි රෝහලට පැමිණෙන අයට දැනුම්දීමක්

(20.05.2021 – 14:22 +0530 – sinhala.adaderana.lk)

ජාතික අක්ෂි රෝහලෙන් ප්‍රතිකාර හා සේවාවන් ලබා ගැනිමේදී දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පවතින කොවිඩ්-19 අවදානම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව කටයුතු කිරිමේදී රෝහල් පරිශ්‍රය තුළ රඳවාගත හැකි වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන සීමිත පිරිසක් පමණක් බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

සෑම දිස්ත්‍රික්කයකම රජයේ අක්ෂි සායන පැවැත්වීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සඳහා ජාතික අක්ෂි රෝහලට පැමිණිම අත්‍යවශ්‍ය නොවන බව අමාත්‍යාංශය පවසයි.

මේ හේතුවෙන් අත්‍යවශ්‍යම සේවාවන් සඳහා පමණක් දිනයක් හා වේලාවක් වෙන්කරවාගෙන අක්ෂි රෝහලට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දෙයි.

මීට පෙර දී ද ජාතික අක්ෂි රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබුණි.

එම දුරකථන අංක පහතින් දැක්වේ :

+++++++++++++++++++++++

(20.05.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් නිවසේ නිරෝධානය වී සිටින තම බිරිඳ හා දරුවන් වෙත රාත්‍රි ආහාර රැගෙන ඒම සඳහා නගරයට ගොස් සිටි අතරවාරයේ බස් රථයකට යටවී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු කිසියම් පිරිසකගේ පහරදීමකට ලක්ව මහ මග වැටී සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරට ලක් වූ පුද්ගලයාගේ දියණියක් කොග්ගල ඇගලුම් කර්මාන්ත ආයතනයේ සේවයේ නියුතු අතර ඇය කොවිඩි ආසාදිත වීම හේතුවෙන් එම පවුලේ මව හා තවත් දරුවන් දෙදෙනෙකු (2) නිවසේ නිරෝධානයට ලක්කර තිබුණා.

නමුත් දින කිහිපයක් තිස්සේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් නොමැති වීම හේතුවෙන් දරුවන් හා බිරිඳට රාත්‍රි ආහාරය රැගෙන ඒම සඳහා මෙම පුද්ගලයා වැලිගම නගරයට පැමිණ තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රීයේයි.

එහිදි කිසියම් පිරිසක් මොහුට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ බිරිඳ හා දරුවන් පවසන්නේ ඔහුට වැලිගම පොලිසිය විසින් පහර දී ප්‍රධාන මාර්ගයට ගෙනවිත් දමා තිබියදි බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කලේ මෙය පෞද්ගලික ආරාවුලක් මත සිදුවුවක් බවයි.

(21.05.2021 – 10:38 +0530 – hirunews.lk/sinhala)

වැලිගම නගරයේදී පුද්ගලයකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් රාජකාරී පැහැර හැරිම යටතේ වැලිගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු (2) මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 17 වනදා වැලිගම බස් නැවතුම්පොළට ආසන්නයේදී මිදිගම ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඥාතීන් චෝදනා කළේ මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට පොලිසිය පිළිබඳව සැකයක් පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආපනශාලාවක සේවයේ නියුතු පුද්ගලයෙක්ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාලව බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

+++++++++++++++++++++

(20.05.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

තුල්හිරිය ඇඟලුම් කම්හලක සේවකයින් 400 කට එකවර කෝවිඩ් රෝගය වැළඳීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කම්කරු කොමසාරිස්වරයාට නියෝගකර තිබෙනවා.

ඇඟළුම් කර්මාන්ත ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඉල්ලීමක් කරනවා.

තුල්හිරිය කර්මාන්ත ජනපදයේ ඇඟළුම් කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් 400 ක් වාර්තාවීමත් සමඟ එම කර්මාන්තශාලාව ඊයේ (19) වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

මීට අමතරව පානදුර, නුවරඑළිය සහ කොග්ගල යන ප්‍රදේශවලින්ද ඇඟළුම් කර්මාන්ත ආශ්‍රිතව වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තාවී තිබෙනවා.

නෝර්වුඩ් ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක තවත් සේවකයින් 16 දෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී ඇති අතර මේ වනවිට එම කර්මාන්තශාලාවෙන් වාර්තාවී ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 100 ක්.

කෙසේ වෙතත් අදාළ කර්මාන්තශාලාව විෂබීජහරණයට ලක්කොට එහි සේවා කටයුතු සිදුකරගෙන යන බවටයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා චෝදනා කළේ දිවයිනේ කර්මාන්තශාලා තුනක (3) හැර අනෙකුත් කිසිදු කර්මාන්තශාලවක කොවිඩ් කමිටු පිහිටුවා නොමැති බවයි ෴

+++++++++++++++++++

(20.05.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාර්ගගත ඉගෙනුම් ක්‍රමයෙන් බැහැර විකල්ප වැඩපිළිවෙලක් කෙරෙහි අවදානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළේ අන්තර්ජාල පහසුකම් සහ යෙදවුම් සෑම පාසල් දරුවෙකුටම එක ලෙස නොපවතින බැවින් මාර්ගගත අධ්‍යාපනයට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගෙන එම පියවර ගන්නා බවයි.

මේ අතර, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග යළිත් කල් දැමීමට තීරණය කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.

ඔහු සදහන් කළේ දැනට තීරණය කර ඇති දින තුළම එම විභාග පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව බවයි.

2021 උසස් පෙළ විභාගය මේ වසරේ ඔක්තෝම්බර් 04 වනදා සිට 30 වනදා දක්වාත් 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 03 වනදාත් පැවැත්වීමටයි දැනට තීරණය කර ඇත්තේ.

2021 සාමාන්‍ය පෙළ විභාගය ලබන 2022 වසරේ ජනවාරි මාසයේ අවසන් සතියේ පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා සදහන් කළා ෴

@@@@@@@@@@@@@@@@@@

කිරිබත්ගොඩ ඤාණානන්දගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක වියදම …

******************************************

(20.05.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටූවිමට අදාල පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු විවාදය දෙවන (2) දිනටත් මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

විවාදයෙන් පසුව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

******************************************

(20.05.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අද (20) පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (19) සංවිධානය කළ විරෝධතාවය නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ බවට පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ නියෝජිතයින් අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.

මේ අතර වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (19) සංවිධානය කර තිබූ උද්ඝෝෂණය නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ බවට චෝදනා කරමින් වැලිකඩ පොලිසිය විසින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.

******************************************

(20.05.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවල ඇදහැලුණු අධික වැස්සත් සමඟ ගංවතුර යළි කාලීන මාතෘකාවක් බවට පත්වුණා.

එවන් පසුබිමක ඉදි කිරීම් අවසන් කර මසක් ඉක්ම යන්නටත් මත්තෙන් හංවැල්ල ලෝලෙවල් මාර්ගයේ ගංවතුර පාලනය කිරීමට ඉදි කෙරුණු වේල්ලේ කොටසක් කඩා වැටීමෙන් පුවතක්ද අපට වාර්තා වුණා.

කැලණි ගග පිටාර ගැලීමෙන් ලෝලෙවල් මාර්ගය ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා අතීතයේ සිට හංවැල්ල පොල්වත්ත ප්‍රදේශයේ වේල්ලක් ඉදි කර තිබූ අතර කාලයත් සමග එය විනාශ වී තිබුණා.

රුපියල් මිලියන 40 ක පමණ වියදමක් දරා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම නව වේල්ල ඉදි කෙරුණේ ඒ අනුවයි.

එහෙත් නව වේල්ල ඉදි කර මසක් ඉක්ම යන්නටත් මත්තෙන් එහි කොටසක් කැඩී ගොස් ඇත්තේ ඉදිකිරීම් ප්‍රමිතිය පිළිබඳව රටටම පසක් කර දෙමින්.

ජනතාව චෝදනා කරන්නේ නිසි අධීක්ෂණයකින් තොරව වේල්ලේ කටයුතු සිදු කිරීම හේතුවෙන් බැම්ම මෙලෙස කඩා වැටී ඇති බවයි.

******************************************

(20.05.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

වසංගත තත්ත්වය හේතුවෙන් අධ්‍යාපනයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් මාතලේ – නාවුල – අක්කරහාඩුව දුෂ්කර ගම්මානයේ වැඩවසන හිමි නමක් දරුවන්ගේ අධ්‍යාපනයට සහයවීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

කෙසේ වෙතත්, එය ද අභියෝගයක් වී ඇත්තේ එම ප්‍රදේශයට දුරකථන සංඥා නොමැතිවීම සහ තාක්ෂණික මෙවලම් පවා ප්‍රමාණවත්ව නොමැතිවීමයි. දුරකථන සංඥා සොයා ගැනීම සඳහා උන්වහන්සේට විහාරස්ථානයේ නාන කාමරේ වහලය මත නැගීමට පවා සිදුව තිබෙනවා.

එම අභියෝග හමුවේ වුවද දරුවන්ට ඉගැන්වීම් සිදුකිරීමට වෙහෙසෙන මාතලේ – පළාපත්වල – බුද්ධඝෝෂ මහ විද්‍යාලයේ ගුරු හිමි නමක් වන පූජ්‍ය ගාල්ල සුවන්දගොඩ චන්දවිමල ස්වාමීන් වහන්සේ දුෂ්කරතා පවතින බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *