පළාත් අතර සංචරණ සීමාවන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට

පළාත් අතර සංචරණ සීමාවන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට

*********************************************

පළාත් අතර සංචරණ සීමාවන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට

(11.05.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර සංචරණ සීමා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මැයි 30 වනදා දක්වා මෙලෙස පළාත් අතර සංචරණ සීමා පනවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) අදාළ බලධාරීන්ට දැනුම් දී තිබුණා.

ඒ අනුව පළාත් අතර සංචරණ සීමාවන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති.

කෙසේ නමුත්, මෙම සීමාවන් අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

• රට තුල පවතින කෝවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික් අතරද සංචරණ සීමා පැනවීමට සිදුවිය හැකි බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා ෴

• ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පාලනය වන අන්තර් පළාත් බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව එම කොමිෂන් සභාව පවසනවා ෴

• දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ්-19 වසංගත තත්වයත් සමඟ පැනවුණු අන්තර් පළාත් සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත්වන අන්තර් පළාත් මගී බස් රථ සඳහා සහන ලබාදීමට ඊයේ (10) රැස්වුණු කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ඒ අනුව මීට පෙර 2021 මාර්තු 31 වනදා දක්වා ලබාදීමට නියමිතව තිබූ වාර්ෂික ටෙන්ඩර් ගාස්තුවෙන් සහ අධිවේගී මාර්ගයේ තාවකාලික අවසර පත්‍ර ගාස්තුවෙන් 50% බැගින් අය කිරීමට ගත් තීරණය 2021 සැප්තැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා ෴

++++++++++++++++++++++++++

(11.05.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) දිනයේත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2500 සීමාව ඉක්ම වූවා.

එසේම, ඊයේ (10) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 26 ක්ද වාර්තා වුණා.

වත්තේගම ප්‍රදේශයේ පදිංචි මාස 03 බිළිඳියක් ද මෙලෙස කොරෝනා ආසාදනයෙන් මියයාම විශේෂත්වයක්.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියයාමට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් බහු ඉන්ද්‍රිය අක්‍රීය වීමේ තත්ත්වයයි.

නව කොරෝනා ආසාදිතයින් 2,624 දෙනෙකු ඊයේ (10) මෙරටින් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,28,530 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (10) දිනයේදී වෛරසය ආසාදනය වූවන් 1,148 ක් සුවවීමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,05,611ක්.

තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක වෛරසය ආසාදනය වූවන් 22,118 ක් ප්‍රතිකාර ලබනවා.

ඊයේ (10) දිනයේදී කොරෝනා මරණ 26 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව සිදුවූ මරණ වලින් විසි දෙදෙනෙකුම (22) මියගොස් ඇත්තේ ‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වය හේතුවෙන්.

ඊයේ (10) මියගිය පුද්ගලයින් අතර නෑබඩ ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවක සිටින අතර, හෙටිට්පොල පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු සහ අකුරැස්ස ප්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවක්ද වනවා.

මීට අමතරව ගාල්ල, පල්ලෙවෙල, මහනුවර, මතුගම, පාදුක්ක, නෑබඩ, යාපනය, මීගහගොඩ, කළුතර, මොරොන්තුඩුව, අනුරාධපුරය, වැල්ලවත්ත, කළුඅග්ගල, මොරටුව, මල්වාන, බොරැල්ල, මට්ටක්කුලිය, කඳාන, මාස්වෙල සහ මාලඹේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකුද වනවා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ගැබිණි කාන්තාවන්ට කඩිනමින් එන්නත් ලබාදීම සිදුකරන ලෙසට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

ඊයේ (10) දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආසාදිතයින් 122 ක් හඳුනාගෙන ඇති අතර, කටුනායක, සීදුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආසාදිතයින් 91 ක් වාර්තා වී තිබෙනවා.

බත්තරමුල්ල – පැලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක තරුණියන් දෙදෙනෙකු (2) කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එසේම, ඇහැළියගොඩ ප්‍රදේශයේ සිදුකළ කොවිඩ් පරීක්ෂණවලදී ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැණුනු අතර ඉන් 11 දෙනෙකු පසුගියදා එම ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූවන් බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඊයේ (10) දිනයේ මුව ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 548 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා ෴

+++++++++++++++++++++

(11.05.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (10) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2,624 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 551 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අතර දිවුලපිටියෙන් හඳුනාගත් ආසාදිතයින් 120 ක්, සීදුවෙන් හඳුනාගත් ආසාදිතයින් 63 ක් සහ කටාන ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් 58 දෙනෙකු වනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 321 දෙනෙකු ඊයේ වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව නුවරඑළියෙන් ආසාදිතයින් 184 ක්, කුරුණෑගලින් ආසාදිතයින් 177 ක්, ගාල්ලෙන් ආසාදිතයින් 170 ක්, රත්නපුරයෙන් ආසාදිතයින් 128 ක් සහ යාපනයෙන් ආසාදිතයින් 109 ක් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ෴

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරි ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් අද (11) පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කෙරෙන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එසේම, තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද (11) දිනයේදී සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

මේ රටේ එක නීතියක් නෑ කියලා අපි ස්ට්‍රයික් කරන්නද …? – වෛද්‍ය නවීන් ද සොයිසා – Talk with Sidaththa (10.05.2021)

++++++++++++++++++++++++

තුන්වන රැල්ල අවසන් කරන හෝමාගම වික්‍රමආරච්චි වෙදමහතාගේ විශේෂ ආහාර අතිරේකය දැන් ඔබේ නිවසටම (10.05.2021)

https://www.youtube.com/watch?v=volLikJxq2w

++++++++++++++++++++++

චීනයේ සිනෝෆාම් එන්නතට අනුමැතිය දුන්නේ ජනපති හා සාකච්ඡාව අනුව නොවෙයි – WHO

(11.05.2021 – ada.lk)

චීනයේ සිනෝෆාම් එන්නත ලොව පුරා හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවට ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඊයේ (10 දා) කළ ප්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

කිංස්ලි රත්නායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව ඩේලි මිරර් වෙබ් අඩවිය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසීමක් කර ඇති අතර එයට පිළිතුරු දෙමින් එම සංවිධානය මේ බව ප්‍රකාශ කර තිබේ.

( http://www.dailymirror.lk/top_story/WHO-denies-claims-GR-influenced-decision-on-Sinopharm/155-211745 )

එන්නත් සංවර්ධකයා විසින් යම් එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හදිසි භාවිතය සඳහා අනුමත කර ගැනීම වෙනුවෙන් ලබාදෙන දත්තවල ගුණාත්මක භාවය ඒවා සඳහා ප්‍රවේශවීම ඇතුළු කරුණු අනුව එන්නතක් හදිසි භාවිතය සඳහා අනුමත කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ බවත් එම ක්‍රියාවලියට මාස දෙක තුනක කාලයක් ගතවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

“ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ‘සයිනොෆාම්’ එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.” යැයි ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය ප්‍රකාශයන් සඳහන් කළේය.

යම්කිසි රටක ජාතික ප්‍රතිපත්ති, ව්‍යවස්ථා අනුව එම රටවලට යම්කිසි එන්නත් සිය රට තුළ හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට අවස්ථාව ඇති බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඩේලි මිරර් වෙබ් අඩවියට සඳහන් කර තිබේ ෴

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ප්‍රකාශය (2021-05-10) :

+++++++++++++++++++

(11.05.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසය ලෝකය තුළ සදාකාලිකව පැවතිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ එම වෛරසයට පවතින එකම විසඳුම එන්නත්කරණය බවයි.

‘හිරු ටී.වී. සලකුණ’ සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ආචාර්ය ජීවන්දර මහතා මේ බව සඳහන් කළා.

++++++++++

@@@@@@@@@@@@@@@@@@

(11.05.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත් බිම් කලාපය, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ, ජාතික රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

හෙක්ටයාර 6232 ක පැතිර ඇති මෙම තෙත් බිම් කලාපයෙහි හෙක්ටයාර 1285 ක භූමි ප්‍රමාණය වනජිවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් ලෙස දැනටමත් නම් කර තිබෙනවා.

අනෙක් හෙක්ටයාර 162 භූමි ප්‍රමාණය මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කරනු ලැබුවා.

මුතුරාජවෙල තෙත් බිම් කලාපය රැම්සා තෙත් බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කිරිම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

මෙම තෙත් බිම් කලාපය සංරක්ෂණයට සහ තිරසාර භාවිතය සඳහා වර්තමානයට ගැලපෙන ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමට ද තීරණය වී තිබෙනවා ෴

******************************************

(11.05.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

ලොව ප්‍රමුඛ පෙලේ රට බීම වලට සමාන වන ලෙස මෙරටදී නිෂ්පාදනය කල ව්‍යාජ මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අම්බලන්තොට මයුරපුර සිංහ ගම්මානයෙදී අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත් වුනා.

එහිදී සිදුකල ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා දේශීය මත්පැන් මිලට ගෙන රටබීම වල රසට සහ පැහැයට සමාන වන සේ විවිධ රසායනික ද්‍රව්‍ය යොදා මෙම නිෂ්පාදන සිදු කර ඇති බවයි.

මෙලෙස ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරනු ලබන රට බීම ලොව ප්‍රමුඛ විස්කි, බ්‍රැන්ඩි සන්නාම සටහන් කල බෝතල් වල අසුරා කොළඹට පටවන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

මෙම වැටලීමේදී මෙලෙස ව්‍යාජ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා විවිධ රසායනික දව්‍ය සහ උපකරණ තොගයක්ද පොලිස් බාරයට ගැනුනා.

වැටලීම සිදු කිරීමට පෙර මෙහි නිෂ්පාදනය කල ව්‍යාජ මත්පැන් තොගයක් කොළඹට පටවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් අම්බලන්තොට පොලිස් ස්ථානධිපතිවරයා පැවසුවා.

මෙම නිෂ්පාදන කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අවන්හල්වල බෝතලයක් රුපියල් 5000 සහ 6000 අතර මිලකට අලෙවි කර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවයි අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

******************************************

(11.05.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජොන්ග් අද (11) නීතිපතිවරයා හමුවී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ දෙරට අතර, නීති සබඳතා සහ සහයෝගිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි.

මේ අතර, මෙරට උසස් පෙළ විෂය මාලාව සඳහා විදේශ භාෂාවක් ලෙස කොරියානු භාෂාව එක් කිරීමට තීරණය කර ඇති බව ද කොරියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

ඒ අනුව, 2023 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට කොරියානු භාෂාව තෝරා ගැනීමට ඉඩ සැලසෙනවා ෴

******************************************

(11.05.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

මේ ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ජාතික සංහිඳියාව වෙනුවෙන් මුල්ගල් තැබූ ‘කඳුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසල් ගොඩනැගිල්ල’ යි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 වසරේ සැප්තැම්බර් මස 17 වැනි දින මෙම පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ද සහභාගීත්වයෙන්.

රුපියල් කෝටි 120 ක ඉන්දීය ණය ආධාර සහ මෙරට අරමුදල් ද යොදා පාසල් ගොඩනැගිල්ල වසරකින් නිමකර සිසු අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබුණ ද අද ඊට අත්ව ඇති ඉරණමයි මේ.

ගොඩනැගිල්ලේ වැඩ කොන්ත්‍රාත්කරුවන් විසින් අතරමඟ නතර කර දමා ගොස් ඇත්තේ එහි දොර ජනෙල් ද විනාශවීමට ඉඩ හරිමින්.

සිව් (4) වසරක් යන්නටත් පෙර ගොඩනැගිල්ලේ ඇතැම් කොටස් කැඩී බිඳී ගොස් ඇති ආකාරය හිරු කැමරාවේ මෙලෙස සටහන් වුණා.

සංහිඳියාව සනිටුහන් කිරීම උදෙසා ඉදිකළ පාසල් ගොඩනැගිල්ල මේ වනවිට සමාජ විරෝධී ක්‍රියා සිදුවන තෝතැන්නත් බවට පත්ව තිබීම කනගාටුවට කරුණක්.

මෙම ගොඩනැගිල්ල කැලයෙන් වැසී තිබියදී ඊට ආසන්නව තවත් ගොඩනැගිල්ලක් මේ වනවිට ඉදිවෙමින් පැවැතීම පිළිබඳව ගම්වාසීන් මෙලෙස අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *