තවත් ප්‍රදේශ දෙකක් (2) මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ දෙකක් (2) මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

*********************************************

තවත් ප්‍රදේශ දෙකක් (2) මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

(06.05.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 2 ක් අද (06) උදෑසන සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පනන්ගම්මන ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ සුභද්‍ර ලංකා මාවත ග්‍රාම නිලධාරී වසමත් මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

ඊයේ (05) දිනයේත් වාර්තාගත කොරෝනා ආසාදිතයින් 1939 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 117,529 ක් ලෙසයි.

මේ අතර, නව ආසාදිතයින්ගෙන් 1897 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 42 නෙකු ආසාදිතයන් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව ආසාදිතයින් 16,720 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑපහක් (1,00,075) ෴

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 734 ක් දක්වා ඉහළ ගියා. ඒ තවත් මරණ 14 ක් වාර්තා වීමත් සමගයි ෴

මියගොස් ඇත්තේ වයස අවුරුදු 51, 35, 66, 70, 82, 75, 42 සහ 84 වයස්වල පසුවන කාන්තාවන් 8 දෙනෙකු සහ අවුරුදු 76, 70, 55, 66, 67, 87 යන වයස්වල පසුවූ පිරිමි පුද්ගලයන් 6 දෙනෙක්.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (05) දිනයේ පුද්ගලයන් 238 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++++

(06.05.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද (06) සිට ආරම්භ කරන බව ඔෂධ නිෂ්පාදනය, සැපයුම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් එන්නත ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.

අවුරුදු 30 ත්, 60 ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින්ට මෙම එන්නත ලබාදීම සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ (05) දිනයේදී 18,265 දෙනෙකුට ලබාදී ඇති අතර, මේ අනුව පසුගිය 28 වන දා සිට මේ දක්වා කාලය තුළ එම එන්නත 157,551 දෙනෙකුට ලබාදී තිබෙනවා ෴

++++++++++++++++++++++

(06.05.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

යාපනය ප්‍රදේශයේ ඊයේ (05) සිදුකල මෙහෙයුම් අතරතුර නිරෝධායන සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් පොලිසිය සිය භාරයට ගනු ලැබුවේ මෙලෙසින් :

+++++++++++++++++++++

(06.05.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

සායනික පරීක්ෂාවෙන් අසමත් වූ පැණිය මින් ඉදිරියට නිෂ්පාදනය නොකරන ලෙස අද (06) දිනයේ ධම්මික බණ්ඩාර නැමැත්තාට ලිඛිතව දැනුම් දෙන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය ප්‍රකාශ කළා.

මෙම පැණිය ආහාර අතිරේකයක් ලෙස භාවිතයට ගැනීම සඳහා නිෂ්පාදනය කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදුන් අතර එම කාලසීමාව මේ වන විට අවසන් වී ඇති බවයි ලේකම්වරිය සඳහන් කළේ.

මෙම පැණිය පානය කිරීමෙන් කොරෝනා සුව වන බවට ධම්මික බණ්ඩාර නැමැත්තා දිගින් දිගටම ප්‍රකාශ කිරීමත් සමඟ එය සායනික පරීක්ෂණයකට යොමු කෙරුණා.

කෙසේ වෙතත්, සිදුකළ එම පරීක්ෂණයේදී මෙම පැණිය පානය කිරීමෙන් කොරෝනා සුව නොවන බවට තහවුරු වී ඇති අතර ඒ අනුව විද්වත් කමිටුව සිය අවසන් වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ධම්මික පැණිය කොරෝනා වෛරසයට එරෙහි කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවටයි.

++++++++++++++++++++++

(06.05.2021 – 09:31 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවය කරනු ලබන සේවකයන් පිරිසකට කොරෝනා වැළදීම නිසා ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ග දෛනික නඩත්තු කටයුතු සිදුකිරීම ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

කෙසේ වෙතත්, අඛණ්ඩව ධාවනය පවත්වාගෙන යාම සඳහා දුම්රිය මගීන්ගේ, සේවකයින්ගේ, දුම්රිය මාර්ගවල සහ ධාවන ඇණියේ සුරක්ෂිභාවය උදෙසාත් මේ වන විට ඇතැම් ප්‍රදේශවල දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 30 ක් හෝ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යාමට සිදුව ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සදහන් කළේ.

එමෙන්ම, සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රත්මලාන යාන්ත්‍රික වැඩබිම ඇතුළු වැඩබිම් ගණනාවකම කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් වසා දැමීමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමේදී දුම්රිය බලධාරීන් බරපතල ප්‍රශ්න හා ගැටළු ගණනාවකට මුහුණදීමට සිදුව ඇති බව ද ඔවුන් සදහන් කළා.

මේ අතර, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 52 නෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

ඔහු මේ බව සඳහන් කළේ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

@@@@@@@@@@@@@@@

පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්

(06.05.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) එහි සිටි ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා පළා ගොස් තිබෙනවා.

අදාළ බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයට අද (06) උදෑසන මුදල් ඇතුළත් කිරීමට (මුදල් පිරවීමට) පැමිණි අවස්ථාවකදීයි මෙම කොල්ලකෑම සිදුකිරීමට උත්සාහ දරා ඇත්තේ.

කෙසේ වෙතත්, පැමිණි පිරිසට මුදල් කොල්ල කෑම සිදුකිරීමට නොහැකි වී ඇති අතර, වෙඩි තබා ඇත්තේ ආරක්ෂක නිලධාරියාගේම ගිනි අවියෙන් බවයි පොලීසිය සදහන් කළේ.

+++++++++++++++

අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට (පිරවීමට) ගෙනා මුදල් කොල්ලකෑමට උත්සහ කර, එහි ආරක්ෂක නිළධාරියාට වෙඩි තබා පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා විමර්ශණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

අනුරාධපුර නව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයට මුදල් තැන්පත් කිරීම සඳහා අද (06) උදෑසන 06:30 ට පමණ නිලධාරීන් 3 දෙනෙකු පැමිණ තිබුණා.

එහිදී මුදල් තැන්පත් කිරීම සඳහා නිලධාරියෙකු බැංකුව අසළට පැමිණීමත් සමඟ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) ගෙන් එක් අයෙකු ඔහුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කොල්ලය සඳහා පැමිණි එක් අයෙකු බැංකුවේ ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය උදුරාගෙන එම ගිනි අවියෙන්ම ඔහුට වෙඩි තබා තිබෙනවා.

කෙසේ වෙතත්, මුදල් කොල්ලය අසාර්ථක වීමෙන් පසු කොල්ලකරුවන් යතුරුපැදියෙන් පළා ගොස් ඇති අතර, තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

+++++++++++++

+++++++++++++

(පෞද්ගලික බැංකුව = සම්පත් බැංකුව)

+++++++++++++++++

06.05.2021 දින දිවි නොතකා‌ කොල්ලකරුවන් සමග මහ සටනක පැටලුණු අනුරාධපුර සම්පත් බැංකු නිලධාරියා සහ ආරක්ෂක නිලධාරීන්…. නවතම CCTV දර්ශන (07.05.2021)

******************************************

(06.05.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා ඩ්‍රෝන කැමරා භාවිත කරමින් නව රථවාහන වැඩපිළිවෙළක් දියත් කිරීමට පොලිස් රථවාහන ඒකකය කටයුතු කර තිබෙනවා.

මේ සඳහාවන නියමු ව්‍යාපෘතිය අද (06) උදෑසන කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක දී ආරම්භ කෙරුණා .

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සහයද ලබාගෙන තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ජංගම මෙහෙයුම් මැදිරි උපයෝගී කරගෙන මාර්ග තදබදය අධික අවස්ථාවල දී ඩ්‍රෝන කැමරා භාවිත කරමින් මාර්ග තදබදය පවතින ස්ථාන නිරීක්ෂණය කරමින් ඒවා අවම කිරීමට පියවර ගැනීමයි.

අද (06) දිනයේ දී කොළඹ හයිලෙවල් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරුණු මෙම මෙහෙයුම ඉදිරියේදී පාර්ලිමේන්තු මාර්ගය මීගමු මාර්ගය වැනි ප්‍රධාන මාර්ග වලදීද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා.

******************************************

(06.05.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මහනුවර යටිනුවර වීදියේ ඊයේ (05) සවස කළ මෙහෙයුමකදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් වර්ගයේ මත්ද්‍රවය ග්‍රෑම් 400 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය සමත්වුණා.

ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කඩුවෙල ප්‍රදේශයේ දී සිදු කරන ලද තවත් මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් දෙසිය තුනක් (203) සමඟ සැකකරුවෙක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මේ අනුව ඊයේ (05) දිනය තුළ සිදු කල මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම් වලදී හෙරොයින් වර්ගය මත්ද්‍රව්‍ය ග්‍රෑම් 630 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 63 කට අධිකයි ෴

******************************************

(06.05.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

2021-22 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්වී තිබෙනවා.

ඒ, ඊයේ (05) පස්වරුවේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 54 වන මහ සභා රැස්වීමේදීයි.

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහ සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ (05) පැවති වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කඩිනමින් සාමාජික රටවල සහයට ඩොලර් බිලියන 20 ක මුදලක් බෙදා හරිමින් ආසියානු සංවර්ධන බැංකුව දුන් සහය සිහිපත් කළ යුතු බවයි.

එන්නත්කරණය සඳහා ශ්‍රී ලංකාවට සහ තවත් බොහෝ රටවලට ඩොලර් බිලියන 9 ක් ලබාදී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴

******************************************

(06.05.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ආර්ථික කෙමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය අප්‍රේල් මස 08 වනදායි.

අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විවිධ අදහස් පළ කරමින් පැවති පසුබිමක එය අභියෝගයට ලක් කරමින් පෙත්සම් 19 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණේ.

එලෙස පෙත්සම් ඉදිරිපත් කළ පිරිස අතර සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් ඇතුළත්.

අදාළ පෙත්සම් විභාගය අගවිනිසුරුවරයා පුමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පසුගිය 19 වනදා ආරම්භ කෙරුණා.

පෙත්සම් විභාගය පසුගිය 23 වනදා අවසන් වූ අතර ඒ අනුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය කතානායකවරයා වෙත දැනුම්දීමටයි නියමිතව තිබුණේ.

ඉන් අනතුරුව පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම පෙත්සමට අදාළ විවාදය ඊයේ (05) දිනයේදී පැවැත්වීමට සැලසුම් කළ නමුත් පසුව එය කල් තැබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලැබී නොතිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ලබන සතියේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *