බාධක වලට අභියෝග කරණ අවිශ්කගේ කථාව

බාධක වලට අභියෝග කරණ අවිශ්කගේ කථාව

*********************************************

බාධක වලට අභියෝග කරණ අවිශ්කගේ කථාව

(05.05.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala)

අධිෂ්ඨානය පෙරදැරි කරගෙන මවට සහ පියාටත් සවියක් වෙමින් අධ්‍යපනයෙන්ද විශිෂ්ටයින් අතරින් විශිෂ්ටයෙකු වූ අවිශ්ක මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත් හැටි.

******************************************

(05.05.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

කටුපොල් තහනම සම්බන්ධයෙන් එකම දිනකදී එකම අංකයක් යටතේ නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදන දෙකක් (2) සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළා.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ කටුපොල් සම්බන්ධයෙන් අප්‍රේල් 5 වැනිදා 2222/13 අංකය යටතේ නිකුත් කළ දෙවන (2) අති විශේෂ ගැසට් නිවේදනය නෛතිකව පිළිගන්නා බවයි.

එකම දිනයේ එකම ගැසට් අංකයක් යටතේ මේ ආකාරයෙන් ගැසට් දෙකක් (2) නිකුත් කළ හැකිද?

මෙලෙස නිකුත් කර ඇති දෙවන (2) ගැසට් පත්‍රයේ කටුපොල් සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමතරව දැනට වගා කර ඇති කටුපොල් ගස් ගලවා ඉවත්කිරීමට අදාළ වගන්තියක්ද සඳහන් කර තිබෙනවා.

******************************************

(05.05.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් නොලැබූ සිසුන්ගේ තොරතුරු නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ පාඨමාලාවලට ඔවුන්ව යොමු කිරීම එහි අරමුණ බවයි ඔහු කියා සිටියේ.

(05.05.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගයේ පළමු දෙවැනි වශයෙන් ස්ථාන ප්‍රකශයට පත් නොකරන බව විභග කොමසාරිස් ජෙනරාල් බි. සනත් පුජිත මහතා ප්‍රකශ කරනවා. ඔහු අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

එමෙනම පාසල් විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසල් මාර්ගයෙන් මෙනම පෞද්ගලික අයදුම් කරුවන්ට ද මාර්ගත ක්‍රමවේදයන් අනුව අයදුම් කිරිමට පහසුකම් සලසා දෙන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

@@@@@@@@@@@@@@@@

(05.05.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට පසුගිය 2 වනදා සංචරණ සීමා පැනවූ නමුත් ග්‍රාම නිලධාරී වසම් 10 ක් හැර ඉතිරි ග්‍රාම නිලධාරී වසම්වලට පැනවූ සංචරණ සීමා එදිනම රාත්‍රියේ ඉවත් කෙරුණා.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ තම අනුමැතියකින් තොරව මෙලෙස සංචරණ සීමා ඉවත් කර ඇති බවයි.

මේ අතර මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය එස්. එම් ආනල්ඩ් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිව්දෙනෙකු (4) ගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් අද (05) පෙරවරුවේ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණියා.

ඒ, පවතින තත්වය පිළිබඳ කරුණු සොයාබැලීම සඳහායි.

අනතුරුව ඔවුන් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පිටත්ව ගොස් තිබෙනවා.

මෙරටින් ඊයේ (04) වාර්තාවූ කොරෝනා රෝගීන් 1914 න් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 542 ක් වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පෙ ප්‍රදේශයෙන් ආසාදිතයන් 113 දෙනෙකු, කිරිඳිවැලින් 101 දෙනෙකු සහ පූගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයන් 80 දෙනෙකු හමුවුණා.

මේ දක්වා දෛනික වැඩිම ආසාදිතයන් කුරුණෑගලින් සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වාර්තාවූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දෛනික වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවූයේ පළමුවරට වීම විශේෂත්වයක්.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (04) ආසාදිතයන් 531 දෙනෙකු අලුතින් සොයා ගෙන තිබෙනවා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් හමුවී ඇත්තේ කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශවලින් වන අතර, එම සංඛ්‍යාව 208 ක්.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 116 දෙනෙකු, ගාල්ලෙන් ආසාදිතයන් 112 දෙනෙකු, මහනුවරින් ආසාදිතයන් 85 දෙනෙකු ඊයේ (04) අලුතින් සොයාගැනුනා.

ඊයේ (04) මාතලෙන් ආසාදිතයන් 74 දෙනෙකු සොයාගැනුනු අතර, හම්බන්තොටින් 69 දෙනෙකු සහ නුවරඑළියෙන් 46 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික ආසාදිතයන්ගේ වාර්තාවට අනුව රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තාවූ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (04) සොයාගෙන ඇත්තේ ආසාදිතයන් 22 කු පමණයි ෴

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

(05.05.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688 කට අධික බැඳුම්කර සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිරකැවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජූනි මස 07 වනදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කළා.

මෙම නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ වන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (05) කැදවීමට නියමිතව තිබුණා.

එහෙත් වර්මානයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ ප්‍රකාරව මෙම නඩුව ජූනි මස 07 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළ බව එම අධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් පළ කර ඇති නිවේදනයේ සඳහන් ෴

+++++++++++++++++++++++++

(05.05.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුවහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළා.

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14 කට අයත් පොලිස් බල ප්‍රදේශ 6 ක් සහ ග්‍රාම සේවා වසම් 98 ක් හුදෙකලා කර තිබෙනවා.

මේ අතර ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරීවරයාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්වරයා මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවයි වාර්තාවන්නේ ෴

+++++++++++++++++++++++

(05.05.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) පස්වරු හතරේ (04:00) සිට අද (05) අලුයම එක (01:00) දක්වා බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සමාජශාලා, ඔට්ටු මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන පරික්ෂා කර නීතිවිරෝධී ලෙස සහ නිරෝධායන නීතීන්ට පටහැනිව කටයුතු කළ 75 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුනා.

එවැනි සම්බාහන මධ්‍යස්ථාන සහ අවන්හල් පරීක්ෂා කිරීමක් තලංගම පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (04) සිදුකළා.

ඒ අනුව නීති උල්ලංගණය කරමින් කටයුතු කළ පුද්ගලයින් එම ස්ථානවලදීම දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමටයි එහිදී කටයුතු කෙරුණේ ෴

+++++++++++++++++++++++

(05.05.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මූලස්ථානය විසින් තවත් චක්‍රලේඛයක් ඊයේ (04) නිකුත් කර තිබෙනවා.

ඒ, පොදු ප්‍රවාහනයේදී සහ කුලී රථවල නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහායි.

මේ අතර, රත්නපුර නගරයේ එළිමහනේ පවත්වන ප්‍රධාන මැණික් පොළවල් 3 නතර කරන ලෙසට සෞඛ්‍ය අංශ විසින් මැණික් ව්‍යාපාරිකයින්ට දැනුම් දී තිබෙනවා.

මීට අමතරව නගරයේ එළිමහනේ සිදුකරන අනෙකුත් මැණික් පොළවල් ද දින 14 ක කාලයක් සඳහා අත්හිටුවන ලෙසටයි රත්නපුර මහ නගර සභාවේ ඊයේ (04) පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ ෴

++++++++++++++++++++

(05.05.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට සිදුකරන කොරෝනා පරීක්ෂණ 11 කට එක් ආසාදිතයෙකු වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයනය පවසනවා.

ඔවුන් දෛනිකව නිකුත් කරන නවතම වාර්තාවට අනුවයි මෙම කරුණු අනාවරණ වන්නේ.

මීට දින දෙකකට (2) පමණ පෙර එම ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව දැක්වුණේ කොරෝනා පරීක්ෂණ 9 කට එක් ආසාදිතයෙකු වාර්තා වන බවටයි ෴

++++++++++++++++++++++

‘ධම්මික පැණිය’ සායනික පරීක්ෂාවෙන් අසමත්

(05.05.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වූ දෙවන (2) කොරෝනා රැල්ලේදී දැඩි කථාබහකට ලක්වූ ‘ධම්මික පැණිය’ කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවට සායනික පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධ පිළිබද සොයාබැලීමට පත්කළ විද්වත් කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සදහන් කළා.

කොරෝනා මර්දනය කිරීමට යැයි පවසමින් කෑගල්ලේ ‘ධම්මික බණ්ඩාර’ නැමැත්තෙකු විසින් පැණියත් නිපදවුයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදියි.

එය ප්‍රචාරය වීමත් සමඟ පැණිය පිළිබද සමාජයේ දැඩි කථාබහක් නිර්මාණය වුණා.

ධම්මික පැණිය ලබාගැනීම සදහා විශාල පිරිසක් නිරෝධායන නීති ද උල්ලංඝනය කරමින් කෑගල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසට රැස්වුයේ ඒ අනුවයි.

මෙවැනි නිර්දේශීත නොවන ඖෂධ පානය කිරීම සුදුසු නොවන බවට විවිධ සෞඛ්‍ය විශේෂඥයින් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේද ඒ අතරතුරයි.

කෙසේ වෙතත්, එම උපදෙස් නොතකා ජනතාව විශාල වශයෙන් පැණිය සොයා ඒමෙන් උත්තේජනය ලැබූ ධම්මික බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකුට ද පැණිය ලබා දුන්නා.

ඉන් නොනැවතුණු ඔහු අනුරාධපුර ජය ශ්‍රී මහබෝධින් වහන්සේටද පැණිය පුජා කරමින් මහා සංඝරත්නය වෙතද පුජා කිරීමට උත්සහ කළා. කෙසේ වෙතත්, ඒ වන විට මෙම පැණිය කොරෝනා සදහා සුදුසුදැයි පරීක්ෂා කිරිම සඳහ සායනික පරීක්ෂණවලට යොමුකර තිබුණා.

ඒ, කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධ පිළිබද සොයා බැලීමට පත්කළ විද්වත් කමිටුවක අධීක්ෂණය යටතේයි.

මහාචාර්ය සිසිර සිරිබද්දන, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය සරත් ලේකම්වසම්, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසුරිය, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය රජිත වික්‍රමසිංහ, මහාචාර්ය අංජන සිල්වා, වෛද්‍ය ස්වර්ණා කළුතොට සහ විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය යන විද්වතුන් එම කමිටුවට ඇතුළත් වුණා.

පැණිය සායනික පරීක්ෂණය සදහා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම කමිටුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත මෙත්සිරිසෙවන සහ නොච්චියාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණා.

එහිදි සායනික පරීක්ෂණය සඳහා කොරෝනා ආසාදිතයින් 128 දෙනෙකු යොදාගැනීමට අවශ්‍ය වුවද ඒ සදහා ඉදිරිපත්ව සිටියේ රෝගීන් 68 දෙනෙකු පමණයි.

ඒ අනුව ඒ අතරින් 31 දෙනෙකු සදහා ධම්මික පැණිය ලබාදුන් අතර ඉන් 37 දෙනෙකු සදහා සාමාන්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරුනා. එහිදී නිරීක්ෂණය වී ඇත්තේ දින 04 කට පසු ධම්මික පැණිය ලබා ගත් 05 දෙනෙකු සහ සාමාන්‍ය ප්‍රතිකාර ලබාගත් 05 දෙනෙකු සුවය ලැබු බවයි.

ඒ අනුව සුව වුවන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස වෙනසක් නොවන බව නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම දින 04 කට පසුව සිදුකළ පරීක්ෂණයේදි හෙළිව ඇත්තේ ධම්මික පැණිය සහ සාමන්‍ය ඖෂධ ලබාගත් රෝගීන්ගේ ජෛව රසායනික මිනුම අතර වෙනසක් නොමැති බවටයි.

එ හේතුවෙන් මෙම පැණිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම අවශ්‍ය නොවන බවටයි විද්වත් කමිටුව මතය වී ඇත්තේ. ඒ අනුව විද්වත් කමිටුව සිය වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

එමගින් විද්වත් කමිටුව පෙන්වා දි ඇත්තේ ධම්මික පැණිය කොරෝනා වෛරසයට එරෙහි කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවයි.

මෙම පැණිය යහපත් ප්‍රතිඵල පෙන්නුම් නොකලද දේශිය ඖෂධ සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යනයන් වඩා විධිමත්ව ඉදිරියට සිදුකරන බවද විද්වත් කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා පවසන්නේ මෙලෙස විද්වත් කමිටුව මගින් පැණිය සාර්ථක නොවන බවට ඉදිරිපත් කර ඇති වාර්තාව තමන් නොපිලිගන්නා බවයි.

සායනික පරීක්ෂාවෙන් අසමත් වූ අදාළ පැණිය, ධම්මික බණ්ඩාර නැමැත්තා කෑගල්ලේ නිවසේ අලෙවි කරන බව වාර්තා වනවා. පැණි බෝතලයක මිල රුපියල් 10,000 ක් වන අතර බෝතල් කාලයක් අලෙවි කරන්නේ 2500 කටයි.

+++++++++++++++++++

+++++++++++++++++++

(05.05.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ ආයුර්වේද රෝහල් 7 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කරන ලෙසට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් ආයුර්වේද කොමසාරිස්වරියට නියෝග කර තිබෙනවා.

ඒ අනුව පළාතේ ආයුර්වේද හදිසි ප්‍රතිකාර ඇදන් 283 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගත් බවයි ආණ්ඩුකාරවරිය කියා සිටියේ ෴

++++++++++++++++++++++

(05.05.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 100,075 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (05) දිනයේ පමණක් සුවය ලැබූ ගණන 922 ක් බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 115,590 ක් හමුවී ඇති අතර ඉන් 14,795 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 720 ක් දක්වා ඉහළ ගියේ අද තවත් මරණ 11 ක් වාර්තාවීමත් සමගයි.

මේ අතර කොරෝනා එන්නතේ පළමු (1) මාත්‍රාව මේවන විට පුද්ගලයන් 928,107 කට ලබාදී ඇති අතර දෙවන (2) මාත්‍රාව පුද්ගලයන් 140,721 කට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *