ශ්‍රී ලංකාවේ පැතිරෙන නව කොරෝනා ප්‍රභේදයෙන් මරණ අවදානම ඉහළට

ශ්‍රී ලංකාවේ පැතිරෙන නව කොරෝනා ප්‍රභේදයෙන් මරණ අවදානම ඉහළට

*********************************************

ශ්‍රී ලංකාවේ පැතිරෙන නව කොරෝනා ප්‍රභේදයෙන් මරණ අවදානම ඉහළට

(28.04.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුල පැතිර යන එංගලන්තයෙන් හමුවූ කොරෝනා ප්‍රභේදය මගින් මරණ සිදුවීමේ අවදානම ඉහළ අගයක් ගන්නා බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

සෞඛ්‍ය අංශ විසින් මේ වනවිට අනාවරණ කරගෙන ඇත්තේ ලංකාවෙහි පැතිර යන කොරෝනා වෛරසය, එංගලන්තයෙන් හඳුනා ගත් බී 1.1.7 කොරෝනා වෛරස් ප්‍රභේදය බවටයි.

++++++++++++++++++++

https://www.youtube.com/watch?v=i9wS7LIXy2A
28-04-2021

+++++++++++++++++

28-04-2021

+++++++++++++++++++++++

(28.04.2021 – 18:34 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සති කිහිපය තුල කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාත්මකව වැඩි වුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සලකා කිසිදු විටෙක සමස්ත රටම අගුලු නොදැමීමට රජයක් ලෙස තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පල කලේ අද (28) සවස චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් සමග පැවති හමුවේදීයි.

එහිදී ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයා කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ චීනය ශ්‍රී ලංකාවට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව ස්තූතිය ද පළකළා.

චීන ආරක්ෂක අමාත්‍යවරයා සමග වැඩිදුරටත් අදහස් හුමවාරු කර ගත් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ අද (28) වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවධානය යොමුවී ඇත්තේ පවතින වසංගත තත්වය යටතේ වුව ද ලොව පුරා සිටින ආයෝජකයින්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව කෙරෙහි යොමුකර ගැනීම බවයි.

එම ආකර්ෂණය සහ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා චීන රජයේ සහයෝගය උදක්ම බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙරට නිල සංචාරයක යෙදෙන චීන ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළා.

එමෙන්ම ලොවම සසල කළ කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ වුව ද ඉහළ පෙලේ චීන දූත පිරිස් අවස්ථා ගණනාවකදී සංචාරය සඳහා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයාගේ ස්තූතිය ප්‍රකාශ කෙරුණා.

අදාළ හමුවේදී මෙම වසරට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරයට සුභාෂිංශන පිරිනැමීමටත් අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැහැ.

ලොවම ආක්‍රමණය කර ඇති මෙම බරපතල වසංගත තත්වය හමුවේ පැන නගින අභියෝග ජය ගැනීම සඳහා දැනට පවතින සහයෝගීතාව තව තවත් වැඩිදියුණු කර ගැනීමටත් චීන රජය සමග ඉතා සමීපව අඛණ්ඩව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියාසිටියා ෴

+++++++++++++++++++++++

(28.04.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

තුන්වන (3) කොරෝනා රැල්ල නිර්මාණය වීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාර ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

ඔහු මේ බව කියා සිටියේ රක්ෂණ නියෝජිතයින් පිරිසක් සමඟ අද (28) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්.

එමෙනම් රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා.

+++++++++++++++++++++++

(28.04.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

අද (28) දිනයේ මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 988 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එසේම, කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් නොකළ දැඩි සත්කාර ඇඳන් ද, ආසාදිතයින් සඳහා ලබාදීම අද (28) සිට ආරම්භ කෙරුණා.

අද (28) මෙතෙක් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 988 දෙනා ද සමග මෙරට මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 104,475 දක්වා ඉහළ ගියා.

227 දෙනෙකු සුවය ලබා තිබූ අතර, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,080 ක්.

මේ අතර, කිසිදු අවස්ථාවක රටම වසා දැමීමට තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර, හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට නිවසක අත්‍යවශ්‍ය භාණ්ඩ යම් ප්‍රමාණයක් වැඩිපුර ගබඩා කර තබා ගන්නා ලෙසට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර ඊයේ (27) පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දෙදෙනෙකුට (2) සහ සිසුන් තුන් දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, එම නිසා විශ්වවිද්‍යාලයේ නේවාසිකව සිටින පළමු වසර සිසුන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර තිබෙනවා.

අනුරාධපුර – පුරහල ප්‍රදේශයේ අද (28) සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී ආසාදිතයින් 11 දෙනෙකු හඳුනා ගත්තා.

මේ අතර, අධිවේගී මාර්ගවල වාහන ධාවනය කරන රියදුරන් ප්‍රවේශපත්‍ර ලබාගැනීමට පිවිසුම වෙත යාමේදී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පළඳින ලෙස අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සේවකයින් තුන්දෙනෙකුට (3) කොරෝනා ආසාදනය වීමත් සමඟයි.

මේ අතර, පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ගුවන් තොටුපල වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ඒ ගම්පහ ප්‍රදේශයේ අද (28) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම අද (28) ආරම්භ කෙරුණු අතර, මෙරට එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් නව ලක්ෂ විසිපන්දහස් දෙසිය හතලිස් දෙදෙනෙකුට (9,25,242) එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

කොළඹ යුද හමුදා රෝහලේදී ඉදිරි පෙල රාජකාරී සිදුකරන යුද හමුදා සාමාජිකයින් සඳහා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම අද (28) ආරම්භ කෙරුණා.

එසේම, කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 800 දෙනෙකුට දෙවන මාත්‍රාව අද ලබාදීම සිදුකෙරුණේ කොළඹ 10 සහ කොළඹ 14 ප්‍රදේශවලදීයි.

කෙසේ වෙතත්, දෙවන (2) මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය මෙරටට ලබාදීමට ඉන්දියාව එකඟත්වය පළ කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කොරෝනා ආසාදිතයින් සඳහා වෙන් නොකරන ලද රෝහල්වල පවතින දැඩි සත්කාර ඇඳන් 50 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් අද (28) සිට වෙන් කිරීමට කටයුතු කළ බවයි.

බන්ධනාගාර නිලධාරීන් සඳහා ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම හෙට (29) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගර සභා සීමාව සහ වෙහෙරයාය – කොට්ටම්භගොඩ, බුත්තල – රත්තනගම යන ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) උදෑසන සිට හුදෙකලා කිරීමට පියවර ගැනුණා.

එමෙන්ම, අම්පාර දිස්ත්‍රික්කයේ උහන – කුමාරිගම ග්‍රාම නිළධාරී වසම ද හුදෙකලා කර ඇති අතර, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල – අළුගොල්ල ග්‍රාම නිලධාරී වසම ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථානවල ලබන මස 01 වැනිදා සිට සෑම පස්වරුවකම රතන සූත්‍ර දේශනාව පවත්වන ලෙසට ඉන්දු – ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ උත්තරීතර බෞද්ධ උපදේශක සභාව ඉල්ලීමක් කළා.

මේ අතර, කොරෝනා වසංගතය හමුවේ මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල ලබන මස 10 වනදා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

පවතින තත්ත්වය හමුවේ කොළඹ ජාතික දන්ත වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර කටයුතු ද සීමා කර තිබෙනවා.

+++++++++++++++++++++++

(28.04.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

අද (28) දිනය තුලදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 06 ක් වාර්තා වනවා. මෙම මරණ 06 ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 661 ක් දක්වා ඉහළ ගියා.

+++++++++++++++++++++

(28.04.2021 – 20:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් දිනකදී හමුවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (28) වාර්තාවුනා. ඒ අද (28) තවත් ආසාදිතයන් 463 ක් වාර්තාවීමත් සමගයි. ඒ අනුව අද (28) දිනයේ වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1451 ක්.

මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 104,953 ක් වාර්තාවී තිබෙනවා.

මෙරටින් හමුවූ ආසාදිතයන්ගෙන් 9209 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති සංඛ්‍යාව 95,083 ක්.

මේ අතර අද (28) වාර්තාවු මරණ 6 ක් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 661 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++

(28.04.2021 – 21:19 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සතිවල කොන්සියුලර් සේවා හදිසි අවශ්‍යතා සඳහා සීමා කෙරෙන බැවින්, එම අංශයේ අනෙකුත් සේවා සඳහා 011 233 5942 , 011 233 8836 , 011 233 8812 අමතා වෙන් කර ගැනීම් සිදුකළ යුතු බව විදේශ අමාත්‍යාංශය පවසනවා ෴

+++++++++++++++++++

(28.04.2021 – 06:15 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින හතරක කාලය තුලදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම පසුගිය පැය 24 ක කාලය තුළදී නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 187 ක්.

2020 නොවැම්බර් මස 20 වැනි දා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 4087 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

දිනෙන් දින උග්‍ර වන කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයත් සමඟ මෙලෙස නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන අය අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දැඩිකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

එහෙයින් නිරෝධායන නීති රීති වලට අනුගත වී කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට සහය දෙන ලෙස ඔහු මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ 19 හැවිරිදි තරුණයෙකු ගම්පොලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++

(28.04.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

කෝවිඩ් රෝගය පළාත් අතර පැතිරීම වැළැක්වීම සඳහා අද (28) දහවල් 12 සිට බස්නාහිර පළාතේ තෝරා ගත් ස්ථාන 12 ක පොලිසිය,සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදාව එක්ව බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන වාහන විශේෂ පරීක්ෂාවට පරීක්ෂාවකට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

එම ස්ථාන වන්නේ කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාවේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමණබැද්ද පාලම, හංවැල්ල වනහගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම, තිනියාවල හන්දිය, ඉංගිරිය කැට කැදැල්ල පාලම, බදුරලිය සමන් දේවාලය අසල, මීගහතැන්න ගොරකා දුව අවිත්තාව පාලම, මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමයි.

මෙම ස්ථානවල දී බස්නාහිර පළාතෙන් පිටව යන සහ බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් අහඹු ලෙස තෝරා ගෙන ක්ෂණික කොවිඩ්-19 පරීක්ෂණ සිදු කිරීමටත් නියමිතයි.

අද (29) දින දහවල් 12:00 සිට නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ පළාත් අතර කෝවිඩ් රෝගීන් ගමන් ගන්නේ දැයි යන්න සොයා බැලීම සහ පළාත් අතර කොවිඩ් රෝග ව්‍යාප්තියේ පරිමාව සොයා බැලීමයි ෴

+++++++++++++++++++++++

(28.04.2021 – 07:09 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

එම ග්‍රාම නිලධාරී වසම් වන්නේ සුමේතගම්පුර, මුදෝවි, කෝවිල්අඩි, ලින්ග නගර්, කාවන්තිකුඩා සහ චීනවරාය යි.

මේ අතර පසුගිය දින හතරක (4) කාලය තුලදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම පසුගිය පැය 24 ක කාලය තුළදී නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 187 ක්.

2020 නොවැම්බර් මස 20 වැනි දා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 4087 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

දිනෙන් දින උග්‍ර වන කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයත් සමඟ මෙලෙස නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන අයවලුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දැඩි කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

එහෙයින් නිරෝධායන නීති රීති වලට අනුගත වී කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට සහය දෙන ලෙස ඔහු මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴

++++++++++++++++++++

(29.04.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ගාල්ලෙන් සහ කළුතරින් ලබාගත් කොරෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පලවලද පවතින්නේ බ්‍රිතාන්‍යයේ වෛරස් ප්‍රභේදය බවට ඊයේ (27) රාත්‍රියේ සිදුකළ මූලික පරීක්ෂණවලදී සාධක ලැබී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

සෞඛ්‍ය අංශ විසින් මේ වනවිට අනාවරණ කරගෙන ඇත්තේ ලංකාවෙහි පැතිර යන කොරෝනා වෛරසය එංගලන්තයෙන් හඳුනා ගත් බී 1.1.7 කොරෝනා වෛරස් ප්‍රභේදය බවටයි.

+++++++++++++++++++

(29.04.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 රෝග මර්දනය සඳහා පොලිසිය නව පියවර කීපයක් අනුගමනය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (28) පෙරවරු 09:00 ත් 11:00 ත් අතර කාලයේදී පොලිස් කණ්ඩායම් ගණනාවක් කොළඹ නගරයේ ත්‍රීරෝද රථවල ඇති සෞඛ්‍ය ආරක්ෂිත භාවය පිළිබඳව සොයා බැලීමක් සිදුකළා.

මෙම මෙහෙයුමේදී පරීක්ෂාවට ලක් කෙරුණු ත්‍රීරෝද රථ සංඛ්‍යාව 6110.

මෙලෙස පරික්ෂාවට ලක් කෙරුනු ත්‍රීරෝද රථ 1240 නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් සෞඛ්‍යාරක්ෂිතව ක්‍රම වලින් බැහැරව මගීන් ප්‍රවාහනය කරන බවයි හෙළිවී ඇත්තේ.

මෙහිදී ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ නිරෝධාන නීති රීතිවලට අනුකූල නොවන සේ වැඩිපුර මගින් සංඛ්‍යාවක් රැගෙන යාම එමෙන්ම ඔවුන් එකම පරිශ්‍රයක ජීවත් නොවන මගින් වීම ආදී කරුණු ද නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණු ත්‍රීරෝද රථ 3027 රියදුරන් සහ මගීන් අතර නිසි ආවරණයක් නොමැතිව ධාවනය කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

මෙලෙස මගියා සහ රියැදුරු අතර නිසි ආවරණයක් නොමැතිව ත්‍රීරෝද රථ ධාවනයේ යෙදීමෙන් කොවිඩ්-19 රෝගය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ වැඩි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

එමෙන්ම පරීක්ෂාවට ලක් කෙරුණු ත්‍රීරෝද රථ 2988 කම කිසිදු ආකාරයක විසබීජ නාශක දියර භාවිතයක් දක්නට නොලැබුණු බවත් ඔහු අවධාරණය කරනවා.

සමාජය තුළ කෝවිඩ් රෝගය සීග්‍රයෙන් පැතිර යන බැවින් ත්‍රිරෝද රථ රියැදුරන්ට ඔහු දැනුම් දෙන්නේ එම රෝගයේ තවත් එක් වාහකයෙක් නොවන ලෙසට ක්‍රියා නොකරන ලෙසයි ෴

+++++++++++++++++++

(29.04.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වීම ආරම්භ කළ දින සිට එක් දිනයක් තුළ වාර්තාවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව යළිත් අලුත් කරමින් ඊයේ (28) දිනයේදීද ආසාදිතයින් දහස (1000) ඉක්මවා වාර්තා වුණා.

ඊයේ (28) මෙරටින් ආසාදිතයින් 1,466 දෙනෙකු හඳුනාගත් අතර, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104,953 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (28) වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 1,419 ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් තිස් දෙදෙනෙකු (32) සහ විදේශයන් හි සිට පැමිණි 15 දෙනෙකු ද මේ අතර වනවා.

ඒ අනුව ආසාදිතයින් 9,209 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 95,083 ක්.

කොරෝනා මරණ 06 ක් ඊයේ (28) වාර්තා වීමත් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 661 ක් දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ පල්ලේගම පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, වීරපොකුණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක සහ හාලිඇල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා ආසාදිතව මියගොස් ඇති බවයි.

එමෙන්ම මාවනැල්ලේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 69 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු ද කොරෝනා ආසාදිතව මියගියා.

මේ අතර, කොරෝනා පරීක්ෂණ සඳහා මුළු දිවයිනෙන්ම ජෛව පටල සාම්පල හාර දහසක් (4000) පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවලට ඊයේ (28) ලැබී තිබෙනවා.

එම සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ.

අදාළ සාම්පලවලින් තෝරාගන්නා සාම්පල කොරෝනා වෛරසය විශ්ලේෂණ පරීක්ෂණ සඳහාද යොදා ගන්නා බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම පවතින කොරෝනා අවදානම් තත්වය හමුවේ හෙද නිලධාරීන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩල වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට වහා පියවර ගත යුතු බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත මහතා කියා සිටියේ හෙද නිලධාරීන්ට ආරක්ෂිත නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බවයි.

කුඩා දරුවන් සහ ගර්භණී මව්වරුන් කොරෝනා ආසාදනය වීම වළක්වා ගැනීමට ප්‍රවේශම්කාරී විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසයට එරෙහි කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව සෞඛ්‍ය හා හමුදා සාමාජිකයන් වෙත ලබාදීම ඊයේ (28) සිට ආරම්භ කළ අතර ඒ අනුව දිනය තුළ පුද්ගලයන් 3445 දෙනෙකුට එම එන්නත ලබා දී තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 110 ක ජනතාව මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සිදුකළ සමීක්ෂණයක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා ෴

@@@@@@@@@@@@@@@@@

(28.04.2021 – 20:38 +0530 – hirunews.lk/sinhala)

නව ගෑස් සිලින්ඩරය පමණක් ලිට්රෝ සමාගම විසින් වෙළඳපොලට නිකුත් කරන බවටල අලෙවි නියෝජිතයින්ගෙන් පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය ඔස්සේ සිදුකළ අනාවරණයත් සමඟ පාරිභෝගික සේවා අධිකාරිය ලිට්රෝ සමාගමට නියෝග කළේ අලුතින් හඳුන්වා දුන් ගෑස් සිලින්ඩරය වෙළඳපොලෙන් ඉවත් කර ගන්නා ලෙසටයි.

පසුවල ඔවුන් ප්‍රකාශ කළේ ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය සහ අඩුවක් නොමැතිව කිලෝග්‍රෑම් 12.5 පැරණි ගෑස් සිලින්ඩරය සමානව වෙළඳපොලට නිකුත් කරන බවටයි.

කෙසේ වෙතත් ඔවුන් ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය පමණක් වෙළඳපොලට නිකුත් කරන බවට අලෙවි නියෝජිතයින්ගෙන් මේ වනවිට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවාග මෙය පාරිභෝගික සේවා පනත දැඩිව උල්ලංඝනය කිරීමක් බවයි එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතරල ලිට්රෝ සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පසුගියදා කථාබහට ලක්වූ වෙළඳපලට හඳුන්වාදුන් ලීටර 18 ගෑස් සිලින්ඩරය වෙන්ව හඳුනාගත හැකි ආකාරයට නව නිෂ්පාදනයක් ලෙස නිකුත් කරන බවයි.

එමෙන්ම වෙළඳපලෙහි පවතින කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩර වෙළඳපලේ පැවති මිලටම කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ සඳහන් වුණා.

මේ අතර සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අද පස්වරුවේ ප්‍රකාශ කළේ හිඟයකින් තොරව කිලෝග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහතික වී ඇති බවයි.

******************************************

(29.04.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

දෙදින (2) නිල සංචාරය අවසන් කර චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි වෙන්ග් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද (29) පෙරවරු 08:55 ට බී.4021 චීන ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ඔහු දිවයිනෙන් පිටත්ව ගිය බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ඔහු මෙරට රැදී සිටි කාලය තුළ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් හමුවුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *