රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි

*********************************************

රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි

(27.04.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්ත්වය සමඟ දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා වසා තැබීමට රජය අද (27) තීරණය කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දිවයිනේ සියලුම පාසල්, පෙර පාසල්, පිරිවෙන්, පෞද්ගලික උපකාරක පන්ති ඇතුලු අධ්‍යාපන ආයතන මෙලෙස වසා තැබෙන බවයි.

මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අද (27) පස්වරුවේ නිකුත් කෙරුණා.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට සතියකට වැඩ කරන දින දෙකක් (2) ඔවුන්ගේ නිවාඩුවලින් අඩු නොකර සේවයට වාර්තා නොකර සිටීමට ඉඩ ලබාදිය හැකියි.

නිවාඩු ලබා නොගෙන රාජ්‍ය නිලධාරියෙකුට මසක් තුළ සේවයට වාර්තා නොකිරීමට ඉඩ දිය හැකි උපරිම දින ගණන දින අටක් (8) ඉක්මවා නොයන පරිදි තම ආයතනයට වඩාත් ගැළපෙන අයුරින් සේවයට වාර්තා නොකිරීමේ ක්‍රමවේදය සකස් කරගැනීමට ආයතන ප්‍රධානීන්ට ඉඩකඩ පවතිනවා.

සේවා මුර ක්‍රමයට සේවයට නොකැඳවූ දිනකදී වුවද සෑම රජයේ නිලධාරියෙකුම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ රාජකාරිය කිරීමට සූදානමින් සිටිය යුතුයි.

+++++++++++++++

+++++++++++++++++++++++

(27.04.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල නගර මධ්‍යය හරහා ගමන් කරන බස් රථ බොහොමයක රියදුරන් සහ කොන්දොස්තරවරුන් මුහුණු ආවරණ නිසි ලෙස පැලදීමකින් තොරව සේවයේ යෙදීම නිසා බරපතල ප්‍රශ්නයකට මුහුණ පාන බව දඹුල්ල පොලිසිය පවසනවා.

දඹුල්ල පොලිසිය පවසන්නේ පොලිස් නිලධාරින් නිරන්තරයෙන් මෙම බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කළද ඔවුන් නිසියාකාර සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා මෙම කණ්ඩායම් වලට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම බස් වල ගමන් ගන්නා ඇතැම් මගීන් ද සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා දැඩි අවධානම් තත්වයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

දඹුල්ල පොලිසිය අද (27) දවස පුරා මුව ආවරණ නොමැති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබුණා.

දුර ගමන් සහ කෙටි ගමන් සේවා වල නිරතව සිටින පෞද්ගලික සහ ලංගම බස් රියදුරන් මේ ආකාරයෙන් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නගර රැසක් අවදානමේ දමමින් සිටින බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා ෴

++++++++++++++++++++++

(27.04.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් රෝගීන් 279 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සම්පූර්ණ සුවය ලැබු මුළු රෝගීන් ගණන 94,856 දක්වා ඉහළ ගොස් ඇත ෴

කොවිඩ් ආසාදිතයින් 674 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

++++++++++++++++++++++

(27.04.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

දැනට පැතිර යන කොරෝනා වසංගත තත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක හතක ග්‍රාම නිලධාරී වසම් 100 ක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ඒවා කුරුණෑගල, කළුතර, ත්‍රිකුණාමලය, ගම්පහ, ගාල්ල, පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට අයත්.

ඉන් 87 ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් වසමේ පිහිටා තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත – උතුර, පැලවත්ත නැගෙනහිර සහ කළුතර දකුණ – අධිකාරීගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ද මේ වනවිට හුදකලා කර තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. ගම්පහ දිස්ත්‍රික්කයේද පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල, අස්වැන්නවත්ත – නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ යන ග්‍රාම නිලධාරී වසම්ද ඊයේ (26) රාත්‍රි අටේ (08:00) සිට හුදකලා කෙරුණා.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල පොලිස් බල ප්‍රදේශයේ පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී වසමත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් සිරිකෙත යන ග්‍රාම නිලධාරී වසමත් අද (27) උදෑසන සිට හුදකලා කළා ෴

(27.04.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

අද (27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 674 ක් අලුතින් හඳුනා ගැනුනා. එම ආසාදිතයන් සමඟ මෙරටින් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 103,050 දක්වා ඉහළ ගියා.

අද (27) දිනයේදී ආසාදිතයන් 279 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 94,856 ලෙස දැක්වෙනවා.

ඒ අනුව දිවයිනේ රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 7,547 ක්.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අනුර ප්‍රදීප් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද අද වාර්තා වුණා.

අසනීප තත්වයක් හේතුවෙන් ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී සිදුකළ කොරෝනා පරීක්ෂණයේදීයි වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ.

මේ වනවිට සභාපතිවරයා අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබෙනවා.

මේ වනවිට අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය විෂබීජ හරණය කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම මිනුවන්ගොඩ – මාබොදල – නාගවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු සාදයකට සහභාගි වූ 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර ගලෙන්බිඳුණුවැව සති පොළෙහි මාළු වෙළඳුන් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ළමයින් 12 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ බෙලිගල, කිතුල්ගල යන ප්‍රාදේශීය රෝහල් සහ අරණායක – අමිතිරිගල සහ හිඟුරලකන්ද යන ප්‍රාදේශීය රෝහල්වල වාට්ටු කිහිපයක් ද කොරෝනා රෝගීන් සඳහා වෙන් කිරීමට අද (27) පැවති කෑගල්ල දිස්ත්‍රික් කොවිඩ් 19 කමිටු රැස්වීමේදී තීරණය කළා.

එමෙන්ම, මාවනැල්ල රෝහලේ කොරෝනා ඒකකය භාර වෛද්‍යවරයාගේ සොහොයුරා ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වූ බව අද (27) වාර්තාවුණා.

මේ අතර, කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන්වල කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළා.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ඇති බවට, ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව හෙට (28) සිට ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(27.04.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

වෙනත් රටවල රැකියා සඳහා පිටත්ව යන ඉන්දීය ජාතිකයින් ශ්‍රී ලංකාවේ නිරෝධායනය කිරිමේ සූදානමක් පවතින බවට එල්ල වන චෝදනා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (27) එක්වෙමින්.

ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනය සඳහා අවස්ථාව ලබාදීමට රජයේ නිලධාරින් සහ ව්‍යාපාරිකයින් ඉදිරිපත්ව සිටින බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයට චෝදනා කළේ.

+++++++++++++++++++++

(27.04.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

ජනතාව දිගින් දිගටම සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකළහොත් පවතින නීති දැඩි කිරීමට සිදුවනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දිවයින පුරා වෙන් කර ඇති රෝහල් දොළහේම (12) රෝගීන් ඇතුළත් කිරීමේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බව හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු කියා සිටියේ වෛරසය පැතිරයාමේ සීග්‍රතාවක් මේ වනවිට දක්නට ලැබෙන බවයි.

මෙරටින් දිනකදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වරට 1000 සීමාව අද (27) ඉක්මවා ගියා. අද (27) දිනයේ තවත් ආසාදිතයන් 422 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව අද වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1096 ක් ලෙසයි ෴

+++++++++++++++++++

කොවිඩ් අවදානම මැද උතුරේ විශාල පිරිසක් තේරු උත්සවයකට එක්වෙති

(27.04.2021 – 21:54 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා කොවිඩ් ව්‍යාප්තියේ දැඩි අවදානමක් තිබියදීත් පසුගිය 25 වනදා යාපනය වන්නාර්පන්නෙයි හි පිහිටි හින්දු කෝවිලක තේරු උත්සවයක් සංවිධානය කර තිබී ඇති අතර ඊට විශාල පිරිසක් ද එක්ව තිබේ.

ඊට සහභාගී වූ බොහෝ පුද්ගලයින් මුහුණු ආවරණ පැළඳ සිටීමක් හෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමක් දක්නට නොලැබුණි.

මේ අතර කළුතර, දොඩංගොඩ ගන්ඉම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් 20 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව තහවුරු වී ඇත්තේ පසුගිය 24 වැනිදා එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 134 දෙනෙකුට සිදුකළ අහඹු PCR පරික්ෂණවලදී ය.

කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා සඳහන් කළේ, කර්මාන්තශාලාව අද (27) සිට තාවකාලිකව වසාදැමූ බවය.

එමෙන්ම ලංකා ධීවර නීතිගත සංස්ථාවේ අහඹු ලෙස පුද්ගලයින් 186 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවලින් 13 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

අද ඊට අදාළ තවත් PCR පරීක්ෂණ 86 ක් සිදුකළ අතර එහි වාර්තා හෙට (28) ලැබීමට නියමිතය.

+++++++++++++++++++++

දැඩි සත්කාර ඒකකයේ ඇඳක් නොමැතිව වෛද්‍යවරයෙකුගේ කොවිඩ් ආසාදිත සොහොයුරා මියයයි

(27.04.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk)

දැඩි සත්කාර ඒකකයක ඇඳක් නොමැතිව මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකුගේ සොහොයුරෙකු මියගිය බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හදිසි කොවිඩ් කමිටු රැස්වීමේදී විමසු ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

“ලංකාවේ හැම තැනම ට්‍රයි කළා. අපිට දැඩි සත්කාර ඒකකයක ඇඳක් හොයා ගන්න බැරි වුණා,” යනුවෙන් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසීය.

මාවනැල්ල මුලික රෝහලේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රථිකාර ලබාදෙන වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සොහොයුරා එලෙස හදිසියේ අසනීප වී මාවනැල්ල මූලික රෝහලට රැගෙනවිත් තිබූ අතර පසුගිය 24 වනදා ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී තිබුණි.

ඊට පසුදින (25) ඔහුට ශ්වසන අපහසුතා සහ සංකූලතා මතුවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරුවත් එය ව්‍යර්ථ වී ඇත.

පසුව හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබුණි.

ඒ අනුව වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පවතින තත්ත්වය පිළිබඳව ජනතාව මීට වඩා දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බවය.

@@@@@@@@@@@@@@@

(27.04.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

ඇඳුම් සහ ආභරණ අඩංගු පෙට්ටියක් තුල සඟවා තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා කොකේන් ග්‍රෑම් 95 ක් සමග පුද්ගලයෙකු සීදුව ගුදමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගුව සඳහන් කළේ ජැමෙයිකාවේ සිට ගුවන් මගින් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට එවන ලද ඇදුම් සහ ආභරණ අඩංගු පෙට්ටියක් පරීක්ෂාවට ලක් කල අවස්ථාවේදී ඒවා සොයා ගත් බවයි.

******************************************

(27.04.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

විලාසිතා සහ නිරූපණ ක්‍ෂේත්‍රයට අදාළ නීති ප්‍රතිසංස්කරණය සහ සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය මෙන්ම ප්‍රමුඛත්වය ලබාදිය යුතු කර්තව්‍යයක් බව හිටපු ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි පවසනවා.

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය සඳහන් කරන්නේ තවමත් විලාසිතා සහ නිරූපණ ක්‍ෂේත්‍රයට මෙරට තුළ බිම් මට්ටමේ පිළිගැනීමක් සහ විශ්වාසයක් දිනාගැනීමට නොහැකිවී ඇති බවයි.

එබැවින් අදාළ ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව පෙන්වා දෙන ඇය, තරාතිරම්, බෙදීම් සහ භේදවලින් තොරව සියලුම කාන්තාවන් සඳහා, සමාන සහ සාධාරණ වේදිකාවක් නිර්මාණය කිරීම තම අරමුණ බව පවසනවා.

විලාසිතා සහ නිරූපණ ක්‍ෂේත්‍රය වෙනුවෙන් නීති සහ නියාමන ක්‍රමවේදයන් සම්පාදනය කිරීමේදී අඩංගු විය යුතු කරුණු කිහිපයක් අදාළ ලිපිය මගින් දක්වා ඇති අතර, ප්‍රමිතිගත විගණනය, තරගකරුවන්ගේ ආරක්ෂාව, නෛතික ගිවිසුම් වැනි කරුණු පිළිබඳව එහි යෝජනා ඇතුළත්.

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරගයේදී ඇතිවූ ගැටළුව හේතුවෙන් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි තම කිරුළ යළි භාරදීමට තීරණය කළා ෴

******************************************

(27.04.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

ජුනි මස 23 වනදා සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝහිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව ජපානයේ ප්‍රාන්ත 47 ක් පුරා සංචාරය කිරීම මේ දිනවල සිදුකෙරෙනවා.

එහිදි ජපානයේ ඔහිතා පළාතේදි ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ වරම් හිමිකර ගැනීමට එරට උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලංකාවේ ගයනි මාලි බහර් සමත්ව තිබීමද විශේෂත්වයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *