නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ – නිවසකින් පිටවිය හැක්කේ දෙදෙනෙකුට (2) පමණයි – මංගල උත්සවයකට 150 යි

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ – නිවසකින් පිටවිය හැක්කේ දෙදෙනෙකුට (2) පමණයි – මංගල උත්සවයකට 150 යි

*********************************************

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ – නිවසකින් පිටවිය හැක්කේ දෙදෙනෙකුට (2) පමණයි – මංගල උත්සවයකට 150 යි

(23.04.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

තුන්වන කොරෝනා අවදානම් තත්ත්වය මත පදනම්ව ලබන මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ලබන මස 31 වනදා දක්වා කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, සම්බාහන මධ්‍යස්ථාන, ළමා උද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, ගෘහස්ථ උත්සව සහ එළිමහන් උත්සව, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති වසා දැමිය යුතු බවයි.

එමෙන්ම, එක් නිවසකින් පුද්ගලයින් දෙදෙනෙකුට (2) පමණක් පිටවීමට අවසර ඇති අතර, පොදු ප්‍රවාහන සේවය ආසන ධාරිතාව අනුව, ප්‍රවාහනය කිරීමට අවසර ලැබී තිබෙනවා.

මූල්‍ය ආයතන, සාප්පු සංකීර්ණ, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, අවන්හල්, රූපලාවන්‍යාගාර, ආර්ථික මධ්‍යස්ථාන, සඳහා සියයට 50 ක් ගණුදෙනුකරුවන් ඇතුළු කර ගත හැකියි.

රජයේ කාර්යාල සහ පෞද්ගලික අංශය සඳහා අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාව ක්‍රියා කිරීමට අවසර ඇති අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබාදිය යුතු බවයි එම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

මංගල උත්සව වෙනුවෙන් ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 නොඉක්මවන ලෙසට උපරිම වශයෙන් අමුත්තන් 150 දක්වා ආරාධනා කිරීමේ හැකියාව පවතින අතර ලබාදී ඇති උපදෙස්වලට අනුව කටයුතු කළ යුතුයි.

කොවිඩ් හේතුවෙන් මරණයට පත්වූවන්ගේ හැර අනෙක් අවමංගල්‍ය උත්සව සඳහා ලබාදී ඇති උපදෙස්වලට අනුව ඕනෑම වේලාවක උපරිම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකුට පමණක් සහභාගී විය හැකියි.

පැමිණෙන පුද්ගලයන් ප්‍රමාණය අවම කිරීමට ගත හැකි සියලු පූර්වාරක්ෂාවන් ගත යුතු බවටයි දන්වා ඇත්තේ.

පොදු ප්‍රවාහන සේවාවලදී බස් රථවල මෙන්ම දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර හිමි වනවා.

මෝටර් රථ සහ ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙකකට (2) සීමාවන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාව දක්වා සීමා වනවා.

රජයේ සහ පෞද්ගලික කාර්යාලවලට උපදෙස් ලබාදී ඇත්තේ අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමට අවසර ඇති බවයි.

හැකි සෑම විටකම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබාදිය යුතු බවට ද මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ඇතුලත්.

අධිකරණවල ලබාදිය හැකි ඉඩ ප්‍රමාණයෙන් සියයට 50 ක ප්‍රමාණයක් පිරෙන ආකාරයට පුද්ගලයන් ඇතුලුකර ගත හැකි අතර ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතුයි.

බන්ධනාගාර සඳහා අමුත්තන්ගේ පැමිණීම සීමා කර තිබෙනවා.

+++++++++

@@@@@@@@@@@@@@@@@

බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා CID අත්අඩංගුවට

(24.04.2021 – 05:52 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට ආධාර සහ අනුබලදීමේ චෝදනාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන් දෙදෙනා අත්ඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

******************************************

ඉස්ලාම් මූලධර්මවාදය පරාජය කරන්න අපි හිතලවත් නෑ – Dr Wasantha Bandara (17.04.2021)

******************************************

අපිත් මේ රටේ මිනිස්සු… ඇයි ඔයාලට අපිව දැනෙන්නේ නැත්තේ…? Talk with Sudaththa (24.04.2021)

******************************************

මාස තුනක බිළිදු අවදියේ සිදුවූ දෑ අදටත් මට මතකයි – Amila Sanjeewa (19.04.2021)

https://www.youtube.com/watch?v=YFU0YZ_cIUg
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *