ඉස්ලාම් අන්තවාදීන්ට අරමුදල් සපයන කටාර් පුණ්‍ය අරමුදළ කාර්යයාලය විවෘත කර ඇත්තේ සජිත් ප්‍රේමදාස – පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි

ඉස්ලාම් අන්තවාදීන්ට අරමුදල් සපයන කටාර් පුණ්‍ය අරමුදළ කාර්යයාලය විවෘත කර ඇත්තේ සජිත් ප්‍රේමදාස – පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි

*********************************************

ඉස්ලාම් අන්තවාදීන්ට අරමුදල් සපයන කටාර් පුණ්‍ය අරමුදළ කාර්යයාලය විවෘත කර ඇත්තේ සජිත් ප්‍රේමදාස – පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි

(22.04.2021 – 05:28 +0530 – lankaleadnews.com)

ඉස්ලාම් අන්තවාදීන්ට අරමුදල් සපයන ලොව රටවල් තුනක (3) මේ වනවිට තහනම් කර ඇති කටාර් පුණ්‍ය අරමුදළ (Qatara Charity) නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යයාලය 2018 ජුලි මස විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ව සිට පීත්ත පටිය කපමින් එය විවෘත කොට ඇත්තේ එවකට නිවාස ඇමතිව සිටි වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව කරුණු සහිතව අනාවරණය කරමින් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි විසින් පෙන්වා දෙයි.

2017 වසරේදී සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය යන රටවල් මෙම සංවිධානය තහනම් කර තිබූ තත්වයක් යටතේ 2018 වසරේදී ශ්‍රී ලංකාවේ මෙම කාර්යයාලය විවෘත කිරීම එවකට යහපාලන රජය යටතේ සිදුවී ඇති බවද හිමියන් පෙන්වා දෙයි.

2020 සැප්තැම්බර් මස 23 වන දින ඩේලි මිරර් පුවත්පත වාර්තාවක් පළකරමින් අත් අඩංගුවේ සිටින හිජාස් හිස්බුල්ලාගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා මෙමගින් අරමුදල් සපයා ඇති බවත් අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අරමුදළ ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන ආයතනයක් හැටියට හඳුන්වා දී තිබූ බවත් අනාවරණය කර තිබුණි.

මෙම අරමුදල හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් යන ත්‍රස්ත සංවිධාන වලට ඩොලර් මිලියන ගණනින් අරමුදළ් සපයා ඇති බවට ද කරුණු අනාවරණය වී ඇති අතර අමරිකා එක්සත් ජනපදයේ අධිකරණය තුළ මෙම අරමුදළ, මස්‍රාෆ් අල් රයාන් බැංකුව සහ කටාර් ජාතික බැංකුව ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයා ඇති බවට විත්තිකරුවන් කරමින් නඩු පවරා ඇති බවට ද කරුණු අනාවරණය වී තිබේ.

කැබිතිගොල්ලෑවෙන් හමුවූයේ, අනුරාධපුරයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කෝටි ගණනින් හමුවූයේ මෙම මුදල් නොවේදැයි එහිමියන් ප්‍රශ්ණ කර සිටී.

++++++++++++

******************************************

අන්‍යාගමිකයින් විනාශ කර පිළිම වන්දනා කරන පිරිස් මරා දමන්න කරණ ඉගැන්වීම් පෙළ පොත්වල පවා තිබෙනවා – ආරක්ෂක ලේකම්

(22.04.2021 – 10:34 +0530 – lankaleadnews.com)

තරුණයින් අන්තවාදය සඳහා යොමු කරන පොත් විශාල සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසන අතර එලෙස සොයා ගන්නා ලද පොත් ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ශ්‍රී ලංකාව තුළ පරිශීලනය කරන එවැනි පොත් විශාල සංඛාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

එසේම පාසල් පෙළ පොත්වල සහ ගුරු අත්පොත්වල ඇති අන්තවාදී ඉගැන්වීම් ඇතුළත් කරුණු සොයාගෙන තිබෙන බව ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටි අතර එවැනි සමහර පොත්වල අන්‍යාගමිකයින් විනාශ කරන ලෙසත් පිළිම වන්දනා කරන පිරිස් මරා දමන ලෙසත් සටහන්ව ඇති බව ඔහු මෙහිදී අනාවරණය කළා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර එවැනි පොත් ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

ආණ්ඩුව මුස්ලිම් පක්ෂ සමග ‘ඩීල්’ එකක සිටිනවා – කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා

(22.04.2021 – 05:31 +0530 – lankaleadnews.com)

කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසා සිටින්නේ ආණ්ඩුව මුස්ලිම් පක්ෂ සමග ‘ඩීල්’ එකක සිටින බවත් රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා ඇප මත නිදහස් කළේ එම ‘ඩීල්’ එක අනුව බවත්ය. ඒ අනුව පාස්කු සටන පාරට ගෙන එන බව උන්වහන්සේ අවධාරණය කර සිටියි.

උන්වහන්සේ ‘ටෘත් විත් චමුදිත’ අන්තර්ජාල වැඩසටහනට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

එහිදී උන්වහන්සේ අවධාරණය කරණු ලැබුවේ 20 වෙනි සංශෝධනයට මුස්ලිම් පක්ෂ විසින් උදව් කරන ලද්දේ ඒ අනුව යැයි ද පැවසූ පියතුමා බලය රැක ගැනීම පිණිස කතෝලික ජනතාව රවට්ටන්නට හදන බවත් එය තාවකාලිකව බවත්ය.

එහිදී චමුදිත විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිරිල් ගාමිණී පියතුමා පවසා සිටියේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මේ මොහොතේ සිටින්නේ පීඩනයක, කේන්තියක සහ වේදනාවක බවත් කාදිනල්තුමන් මොනවා කිව්වද පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදි ප්‍රහාරයක් බවය.

[ https://www.youtube.com/watch?v=FE_O0IeoLlc&t=8s ]

******************************************

පාම් ඔයිල් මගින් පිලිකා ඇතිකරන බව සමීක්ෂණයකින් සොයා ගනී

(21.04.2021 – nethgossip.lk)

ආහාර මේද හා හෘද වාහිනී රෝග අතර සම්බන්ධය නිසා ලෝකයේ දෙවන විශාලතම පරිභෝජනය කරන එළවළු තෙල් වන පාම් තෙල් පිළිබඳ පර්යේෂණ උනන්දුවක් ඇති විය. නිවර්තන ශාකයකින් ලබාගත් පාම් තෙල්වල සංතෘප්ත මේද අම්ල හා අසංතෘප්ත මේද අම්ල අනුපාතය එකමුතුකමට (?) ආසන්න වන අතර එහි ඉහළ ප්‍රතිඔක්සිකාරක, බීටා-කැරොටින්අඩංගු වේ. පාම් තෙල් පොල් තෙල් වලට වඩා රුධිර කොලෙස්ටරෝල් මට්ටමක් ඇති කරයි.

පාම් ඔයිල් නැවුම් තත්වයේ සහ විවිධ මට්ටම්වල ඔක්සිකරණය කර ඇත. ඔක්සිකරණය යනු විවිධ සූපශාස්ත්‍ර අරමුණු සඳහා තෙල් සැකසීමේ ප්‍රතිඵලයකි. බහුලව භාවිතා වන පාම් තෙල් සැලකිය යුතු ප්‍රමාණයක් ඔක්සිකරණය වූ තත්වයේ පවතින අතර එය ශරීරයේ ජෛව රසායනික හා භෞතික විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයට විභව අන්තරායන් මතු කරයි. ඔක්සිකරණය වූ පාම් ඔයිල් අහිතකර ලිපිඩ පැතිකඩක් වකුගඩු, පෙනහළු, අක්මාව සහ හදවතේ විෂ සහිත බවක් ඇති කරයි. විශේෂයෙන්ම පිලිකා ඇති කරයි.

පාම් ඔයිල් පිළිබඳව melboume university විසින් කරන ලද සොයා බැලීමකදී සොයාගෙන තිබුනේ පාම් ඔයිල් රත්වීමේදී ඉතා විස සහිත රසායනයක් නිපදවෙන බවත් එවායින් පිලිකා සහ බොහෝ හදවත් රෝග ඇතිවන බවයි.

එම වීඩියෝව පහතින් :

https://www.youtube.com/watch?v=7hwuuzrj_kI

******************************************

නීතිප* දෙපාර්ත*වේ මතිසු වර්ධනධර්ම (SD) ගේ ක්‍රියාකළාපය ගැටළුකාරීයි (21.04.2021)

[ https://www.youtube.com/watch?v=oJckBwUHufc ]

******************************************

රුපියල් මිලියන 1332 ක් මහජන මුදල් කබ්රාල් මහත්තයා කාබාසිනියා කරලා තියෙනවා. ඇමරිකාවේ CIA කාරයාට දීලා.” – කබ්රාල්ට එරෙහිව පාලිත හිමි නඩු මගට

(20.04.2021 – colombotoday.com)

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමි අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

ඒ ඔහු රු. බිලියන 23 කට අධික ජනතා මුදල් අවභාවිත කර ඇතැයි, චෝදනා කරමිනි.

පාලිත හිමි මෙම නඩුව ගොනු කර ඇත්තේ, විනාශ කළ මහජන මුදල් අය කර ගැනීමට නීතිමය පියවර ගන්නා ලෙස සහ අපරාධ නුඩුවක් ගොනු කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලමිනි.

“රුපියල් මිලියන 1332 ක් මහජන මුදල් කබ්රාල් මහත්තයා කාබාසිනියා කරලා තියෙනවා. ඇමරිකාවේ CIA කාරයාට දීලා. ඒ සල්ලි ගත්ත සුබේරු කියන මනුස්සයා මේ වෙනකොට අවුරුදු 12 ක් හිරේ දාලා තියෙනවා. සල්ලි දීපු එකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මුදල් ඇමතිකමත් අරගෙන බොහෝ යහතින් වැජඹෙනවා..” – තීනියාවල පාලිත හිමි

උන් වහන්සේ එහිදී පැවසුවේ, කබ්රාල් යනු දූෂණ වංචා සම්බන්ධයෙන් අතීතයක් ඇති පුද්ගලයෙකු බවයි.

තවද වංචා, දූෂණ පොදු දේපළ විනාශ කිරීම චෝදනාවලට සම්බන්ධ කබ්රාල් සහ පී.බී. ජයසුන්දර රජයේ කිසිඳු තනතුරකට සම්බන්ධ කර නොගත යුතු බව සහ නීත්‍යනුකූලව දඩුවම් කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ ෴

******************************************

(22.04.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේ දී යුද හමුදා සෙබලුන් පිරිසක් යටකර පලායාමට උත්සාහ කළ වැලි ජාවාරම්කරුවන් පිරිසකට වෙඩි තබා තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ ඊයේ (21) රාත්‍රීයේ යුද හමුදා සෙබලුන් පිරිසක් මෙම වැටලීමට ගොස් ඇති බවයි.

එහිදී වැලි ජාවාරම්කරුවන් ගමන් ගත් ට්‍රැක්ටරය නවත්වන ලෙස අණ කර ඇති අතර ඔවුන් එය නොතකා යුද හමුදා සෙබලුන් ද යට කර පලා යාමට උත්සාහ කර තිබෙනවා.

එහිදීයි ට්‍රැක්ටරයට හමුදා සෙබලුන් වෙඩි තබා ඇත්තේ.

පසුව ජාවාරම්කරුවන් ට්‍රැක්ටරය අතහැර අසල කැළෑ ප්‍රදේශයට පලා ගොස් තිබෙනවා ෴

******************************************

(22.04.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

පිලිකාකාරක ඇති බවට හඳුනා ගැනුණු පොල්තෙල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රේගුව සිදුකරන විමර්ශන පිළිබඳව සාකච්ඡාවට ලක් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අද (22) ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර සාකච්ඡාවක් සිදුකරන බවයි.

මේ අතර, රේගු දෙපාර්තමේන්තුව සහ පොල්තෙල් ආනයනකරුවන් අතර හෙට (23) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වනවා.

ඒ, ඉදිරියේදී සිදුකරන ආනයන කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහායී.

පිලිකාකාරක ඇති බවට පැවසූ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් අඩංගු අනෙකුත් බහාලුම් ප්‍රමාණයද මෙම සතියේදී ප්‍රතිඅපනයනය කිරීමට බලාපොරොත්තු වන බව රේගු ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගියදා ඇෆ්ලටොක්සීන් නැමැති පිලිකාකාරකය අඩංගු බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් අඩංගු බහාලුම් 06 ක් ප්‍රතිඅපනයනය කෙරුණු අතර චෝදනාවට ලක්වූ එක් සමාගමක පොල්තෙල් පමණක් මෙලෙස ප්‍රතිඅපනයනය කර තිබුණා ෴

******************************************

(22.04.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ (21) පැවති ‘රටක් වටිනා පොතක්’ පොත් දස දහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදියරෙහි සහතික පත් ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

රටට වැඩදායී සහ ආර්ථිකයට ඝෘජුවම දායකවන දරු පිරිසක් අනාගතයට දායාද කිරීම රජයේ අරමුණ බවයි ජනාධිපතවරයා එහිදී සඳහන් කළා.

මේ අතර රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වී නැති ආයතන පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (21) ඔවුන් හමුවූ අවස්ථාවේදියි.

******************************************

(22.04.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

වියලි මිදි බවට පවසමින් ඉන්දියාවෙන් ආනයනය කල බහලුම් 4 ක තිබී නීති විරෝධී ලෙස ගෙන්වන ලද කහ තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඒ, රේගුවේ ආර්.සී.ටී. බහාලුම් පරීක්ෂණ අංගණයේ තිබියදීයී.

එම බහලුම් විවෘත කිරීමේ කටයුතු ඊයේ (21) ආරම්භ කෙරුණු අතර, ඒ අනුව එක් බහලුමක තිබී කහ කිලෝ 7110 ක් සොයා ගනු ලැබූවා ෴

******************************************

(22.04.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලීසිය විසින් අඛන්ඩව ක්‍රියාත්මක කරනු ලබන බීමතින් රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළ යටතේ වසරකට දළ වශයෙන් බීමත් රියදුරන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ සඳහා ලංකා පොලිසිය භාවිත කරනු ලබන්නේ ජාත්‍යන්තර තත්ත්වයේ පවතින ස්වසන වායු උපකරණයයි.

කෙසේ වෙතත් මේ හරහා මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

මේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් භාවිත කළේ සැකසහිත රියදුරන් ලේ පරීක්ෂාවන් සඳහා යොමු කිරීමයි.

කෙසේ වෙතත් පසුගිය කාලසීමාව තුළදී මත්පැන් පානය කර මෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන්ගේ ඉහල යාමක් පොලිස් රථවාහන අංශ විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

මේ නිසා මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සෘජුව හඳුනා ගැනීමේ පහසුකම් ශ්‍රී ලංකා පොලීසිය සතු කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මේ සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පැවැත්වුණා.

මෙම සාකච්ඡාව සඳහා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ඇතුළු අන්තරාකාර ඖෂධ පාලන අධිකාරියේ සභාපතිවරයා, ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිලධාරීන් ද එක්ව සිටියා.

මෙම සාකච්ඡාවේ දී ඉස්මතු වූ කරුණු අනුව තීරණය කෙරුණේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනා ගැනීමේ උපකරණ වහාම ශ්‍රී ලංකා පොලිසියට ලබාගැනීමට කටයුතු කළ යුතු බවටයි.

ඒ සඳහා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ අනුමැතිය හිමි වී තිබෙනවා ෴

******************************************

(22.04.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

මහජනතාවට එදිනෙදා සිදුවන හදිසි අනතුරු, ආපදා, බරපතළ අපරාධ ක්‍රියාවන් පිළිබඳව ක්ෂණිකව ශ්‍රී ලංකා පොලීසියට දැනුම් දීම සඳහා 2004 වසරේ දී ආරම්භ කෙරුණු පොලිස් හදිසි ඇමතුම් ඒකකය හෙවත් 119 හදිසි ඇමතුම් සේවාව බරපතළ ලෙස අවභාවිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු පවසන්නේ 119 අංකයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ ගැඹුරු විශ්ලේෂණයකින් අනතුරුව මේ තත්ත්වය හඳුනා ගත් බවයි.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට 2020 වසරේදී දුරකථන ඇමතුම් දොළොස් ලක්ෂ තිස් දෙදහස් දෙසිය හැත්තෑ දෙකක් (12,32,272) ලැබී තිබෙනවා.

එම සංඛ්‍යාව සලකා බැලීමේදී පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දිනකට සක්‍රීය ඇමතුම් 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ අතරවාරයේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සම්බන්ධ කර ගැනීමට දිනකට අට දහසකට (8000) වැඩි සංඛ්‍යාවක් උත්සාහ කරන බවටත් තොරතුරු ලැබී තිබෙනවා.

මෙම අධ්‍යයනයේ දී හෙළි වී ඇති අනෙක් වැදගත් කරුණ වන්නේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබෙන ඇමතුම් වලින් සියයට 93 අත්‍යවශ්‍ය නොවන කාරණා සඳහා ලැබෙන ඇමතුම් බවයි.

මෙය පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ ප්‍රතිචාර දැක්වීමට සහ පලදායීතාවට දැඩි බාධාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එබැවින් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පොලිස් හදිසි ඇමතුම් ඒකකය හදිසි අනතුරු, බරපතළ අපරාධ, ස්වභාවික ව්‍යසන ආදී කාරණා පිළිබඳව දැනුවත් කිරීම සඳහා පමණක් භාවිතා කරන ලෙසටයි.

එසේ නොමැතිව ඉඩම් ගැටලු, ගිවිසුම් ගැටලු, චෙක්පත් වංචාවන් වැනි කාරණා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් නිසි ප්‍රතිඵලයක් අත් කර ගත නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴

******************************************

(22.04.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ තුනකින් (3) ත්‍රිරෝද රථ සොරා ගැනීමේ සිද්ධීන් වාර්තා වීමත් සමඟ ඒවා ගාල් කර යෑමේදී අවධානයෙන් පසුවන ලෙස පොලිසියෙන් දැනුම් දීමක් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ කොටුව, බොරැල්ල සහ මෝදර යන ප්‍රදේශවලින් මෙලෙස ත්‍රිරෝද රථ සොරාගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇති බවයි ෴

******************************************

(22.04.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේදී අද (22) උදැසන යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් 40 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යාපනය සිට කොළඹ බලා ධාවනය වන ශිඝ්‍රගාමී දුම්රිය ගමන්ගන්නා අවස්ථාවේදී යතුරුපැදියක් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

දුම්රිය වේගය අඩුකොට පැමිණීම හේතුවෙන් අනතුරින් බරපතල හානි සිදුව නොමැති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

වවුනියාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා ෴

******************************************

(22.04.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

බුද්ධි අංශ සහ අපේ සියළු ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටින තාක් කල් අන්තවාදීන්ට කිසි දිනෙක හිස එසවිය නොහැකි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඒ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

@@@@@@@@@@@@@@@

(22.04.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (21) දිනය තුළ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 578.

ඔවුන් අතරින් 516 දෙනකු වාර්තා වන්නේ දිවයින අභ්‍යන්තරයෙන්.

විදේශයන්හි සිට පැමිණි ශ්‍රි ලාංකිකයන් 51 සහ සංචාරකයින් එකොළහක් (11) ද ඔවුන් අතරට අයත්.

ඊයේ (21) දිනය වනවිට කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල් 48 ක් තුල තොරතුරු වාර්තා වූයේ මෙලෙසින්.

මෙම වෛද්‍ය මධ්‍යස්ථාන තුළ බරපතළ නොවන තත්ත්වයේ රෝගීන් 1665 ක් ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

එමෙන්ම රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක වන දැඩි සත්කාර ඒකක 23 ක ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1485.

පෞද්ගලික අංශයේ දැඩි සත්කාර ඒකක 03 ක් තුළ තවත් පුද්ගලයින් 134 දෙනෙකු ප්‍රතිකාර ලබනවා .

මේ අනුව අද (22) උදෑසන වන විට දිවයිනේ දැඩිසත්කාර ඒකක 26 ක් තුළ ප්‍රතිකාර ලබන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1619.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් ද ඇතුළුව අද (22) උදෑසන වන විට කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන 48 ක රෝගීන් 3284 ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 98,050 ක් ලෙස දැක්වෙන අතර තවදුරටත් රෝගීන් 3752 නෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සුවය ලැබූ සංඛ්‍යාව 93,668 ක්.

එමෙන්ම, ඊයේ (21) නව මරණ 5 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 630 ක් දක්වා ඉහළ ගියා.

සෙවනගල, ජාඇල, කැළණිය සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි අවුරුදු 57 ත්, 80 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් මෙලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39 ක පුද්ගලයෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ කුරුණෑගල – කුඹුක්ගැටේ – පොලිස් බලප්‍රදේශයට අයත් තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම ඊයේ (21) සිට හුදෙකලා කෙරුණා.

මේ අතර, දිවුලපිටිය – අස්වැන්නවත්ත ප්‍රදේශයේ පසුගිය 15 වැනිදා පැවති අවුරුදු උත්සවයක් ආශ්‍රිතව සහ රාගම – වල්පොල ප්‍රදේශයේ පසුගිය 13 වැනිදා පැවති අවුරුදු උත්සවයක් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවය ආශ්‍රිතව පළමුව ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වුණා.

එම අවුරුදු උත්සවය සහ අම්බුළුවාවේ විනෝද චාරිකාවක් ගිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පුද්ගලයින් හතලිස් දෙදෙනෙකුට (42) ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (21) තහවුරු වූ බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

රාගම – වල්පොල පැවති අවුරුදු ආශ්‍රිතව මේ වනවිට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

එමෙන්ම, අයි.ඩී.එච්. රෝහලට යොමුකරන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද පසුගිය දින කිහිපයකට සාපේක්ෂව 40% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එහි මේ වනවිට ආසාදිතයින් 150 ක් පමණ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ අතර, නියමිත කොරෝනා පරීක්ෂණ සිදුකර නොපැමිණීම හේතුවෙන් පසුගිය 19 වැනිදා මෙරටින් ජපානය බලා පිටත්ව ගිය ගුවන් යානයක් යළි මෙරටට හරවා එවා තිබෙනවා.

එහි මගීන් 07 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++

(22.04.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

යාපනය පොලිස් නිළධාරීන් 11 දෙනෙකු ඇතුළුව උතුරු පළාත තුළින් ඊයේ (21) දිනයේ පුද්ගලයින් 21 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීශ්වරන් මහතා පැවසූවේ පසුගිය දින කිහිපයේදී යාපනය පොලිසියේ නිළධාරීන් 15 දෙනෙකු වෙත වෛරසය ආසාදනය වී ඇති බවයි.

යාපනය දිස්ත්‍රික්කය තුළින් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු, මන්නාරම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් පස් දෙනෙකු (5) හා මුලතිවි දිස්ත්‍රික්කයෙන් ආසාදිතයෙකු (1) ඇතුළුව උතුරු පළාත තුළින් ඊයේ (21) දිනයේ ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළා.

උතුරු පළාතේ නැවත වතාවක් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් වර්ධනයක් පවතින බැවින් ජනතාව දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *