සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු ඇරඹේ

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු ඇරඹේ

*********************************************

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු ඇරඹේ

(13.04.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද පිළිගැනීමට සැරසෙන ඔබ වෙනුවෙන් කවදත් අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර අත්දැකීම් තිළිණ කරන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනේ ප්‍රමුඛයා ‘හිරු ටීවී’, මෙවරත් නවමු අත්දැකීම් පෙළක් ඔබ වෙත තිළිණ කිරීමට සූදානම්.

ඒ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ විශේෂ අවුරුදු සජීවී වැඩසටහන සමඟින්.

අවුරුදු උදාවටත් පෙරම හිරු ටීවී ගෙන එන අවුරුදු වැඩසටහන් පෙළ ගැස්ම අද (13) පස්වරු 5 සිටම ආරම්භ කෙරුණා.

ඒ තරු සිගිත්තන්ගේ අවුරුදු හැන්දෑව තරු සිඟිති අවුරුදු සාජ්ජයෙන්.

සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ අලුත් අවුරුදු සජීව විකාශය හෙට (14) අලුයම පහේ සිට ඇරඹෙනවා.

ඒ, බොල්ගොඩ – වයිට් ලෝටස් පරිශ්‍රයේදියි.

නැටුම් ගැයුම්, වැයුම් සහ ජන ක්‍රීඩාවලින් වර්ණවත් වන සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුද්දට ප්‍රවීන සහ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් සහ නර්තන ශිල්පීන් 100 කට අධික පිරිසක් මෙවරත් එක්වනවා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් හිරු ටී.වී ජනකාන්ත තරු පිරිවරා ගෙන එන හිරු කොවුල් වසන්තය හෙට (14) අලුයම තුනට (03:000) ඇරඹෙන්නේ බක්මහ වසන්තය ප්‍රසාංගිකත්වයෙන් වර්ණවත් කරමින්.

එසේම මියුරු සර වැයෙන බක්මහ වසන්තයේ හිරු ගේ සංගීත සිරිත, හිරු අවුරුදු සාජ්ජය ජනකාන්ත ගී තරු රැසක් පිරිවරා හෙට (14) පස්වරු 05:00 ට ඇරඹෙනවා.

ඒ බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේදීයි. රැගුම් ගැයුම් , ජන ක්‍රීඩා වලින් වර්ණවත් සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු විශේෂ වැඩසටහනට ජනකාන්ත තරු රැසක්ම එක්වීමට නියමිතයි.

එමෙන්ම, හිරු සිඟිති අවුරුදු කුමරා කුමරිය තේරීම ආරම්භ වන්නේ හෙට (14) පස්වරු 03:30 ටයි.

මියුරු සර වැයෙන බක්මහ වසන්තයේ හිරු ගේ සංගීත සිරිත හිරු අවුරුදු සාජ්ජය ජනකාන්ත තරු රැසක් පිරිවරා හෙට (14) පස්වරු 05:00 ට ආරම්භ කෙරෙනවා.

උදාවන හිරු මංගල්‍යයේ හිරු අවුරුදු කුමරා, කුමරිය තේරීම ආරම්භ වන්නේ හෙට (14) රාත්‍රී 09:00 ටයි.

මෙම විශේෂාංග පෙළ අතරතුර හෙළ සිරිතට මුල්තැන දෙමින් සිදුවන සියලු අවුරුදු චාරිත්‍ර ඔබ සමඟ ඉටු කරන්නටත් හිරු ටී. වී, හිරු එෆ්.එම්. සූදානම්.

මෙම සියලු වැඩසටහන් සමඟ නිවසේ සිට එක්වෙමින් බක්මහේ අසිරිය බෙදාගැනීමට එක්වන්නැයි අප ඔබට ඇරයුම් කර සිටිනවා ෴

[ Hiru TV Live ] – [ Derana TV Live ]

******************************************

(13.04.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ පරිපාලනයට අදාලව පිහිටුවන කොළඹ වරාය නගරය, ආර්ථික කොමිෂන් සභාවට අයත් බලතල සහ ක්‍රියාකාරිත්වය නිර්වචනය කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

පිටු 80කින් සමන්විත එම ගැසට් පත්‍රයට කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම පිණිස අවශ්‍ය විධි විධාන ඇතුලත්.

ඒ අනුව කොළඹ වරයා නගරයේ සියලු පරිපාලන, වාණිජ, ජාත්‍යන්තර කටයුතු පහසුකම් සැලසීම, ප්‍රවර්ධනය ආදී සියලු කටයුතු සඳහා මෙම ගැසට් පත්‍රය හරහා බලය පැවරෙනවා.

[ සම්පුර්ණ ගැසට් නිවේදනය මෙතැනින් ]

******************************************

(13.04.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන් ගේ මේ මස අගදී සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

මෙම සංචාරය අතරතුරදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළපෙලේ බලධාරින් මුණ ගැසී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

වත්මන් රජය බලයට පත් වූ පසු, චීන රජයේ අමාත්‍යවරයෙකු මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වනවා ෴

******************************************

(13.04.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන නව අවුරුදු උදාවත් සමග පෞරාණික චාරිත්‍ර අනුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) පස්වරු 05:00 ට පමණ කිරි උතුරවා වසා තැබෙන බව එහි බස්නායක නිළමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා.

යළිත් හෙට (14) පස්වරු 02:00 ට දේවාලය විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

(13.04.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බස් රථ රියදුරන්ට ද, මගීන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වනවා.

මහනුවර ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ අදාල පරීක්ෂණය සමත් වන රියදුරන්ට නේවාසික පුහුණුවක් ලබාදීමටද සැලසුම් කර ඇති බවයි ෴

******************************************

වසර 5 ක කාලයක් රට තුල විෂ පොහොර බෙදාහැරලා – මහින්දානන්ද අලුත්ගමගේ

(13.04.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

2015 සිට වසර 5 ක කාලයක් මෙරට තුල බෙදාහැර ඇත්තේ විෂ පොහොර බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

‘හිරු ටී.වී. සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ වී අලෙවි මණ්ඩලයද දූෂිත ආයතනයක් බවට පත්ව ඇති බවයි.

මේ අතර යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා.

******************************************

(13.04.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ වන විට මුළු රටම ලහි ලහියේ සූදානම් වෙනවා.

අලුත් අවුරුදු චාරිත්‍ර අර්ථ ගැන්වෙන පරිදි හා සියලු ජාතීන් අතර එකමුතුකම නැංවෙන අයුරින් උදාවන අලුත් අවුරුද්ද සැමරීමට අදිටන් කරගන්නා ලෙසයි මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ අනුනායක හිමිවරුන් උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

******************************************

(13.04.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ‘ඇඩොල්ෆ් හිට්ලර්’ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සේබර්ට් අද (13) ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සිය නිල ට්විටර් ගිනුම ඔස්සේ ප්‍රකාශයක් කරන ජර්මානු තානාපතිවරයා සඳහන් කරන්නේ ‘හිට්ලර් කෙනෙක්’ අද ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් විය හැකි බවට වන ඇමතිවරයාගේ ප්‍රකාශය සමග තමන්ට එකඟ විය නොහැකි බවයි.

“මිලියන ගණනක් මරණයට පත් කල සහ තවත් එවැනිම පිරිසක් දුක් වේදනාවට පත් කල ඇඩොල්ෆ් හිට්ලර් කිසිම දේශපාලනඥයෙකුට ආදර්ශයක් නොවේ” යනුවෙන් ජර්මානු තානාපතිවරයාගේ ට්වීටර් පනිවිඩයේ සදහන්.

අදාළ මාධ්‍ය හමුව අමතමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් 69 ලක්ෂයක් ජනතාව හිට්ලර් වැනි පාලකයෙකු අපේක්ෂා කල බව කියා සිටියා.

කෙසේ වෙතත් ඔවුන් අපේක්ෂා කළ හිට්ලර් දක්නට නොමැති නිසා රජය මහජනතාවගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

******************************************

(13.04.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

අද දින (13) නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවක් විසින් එම සැකකරුට ලබා දීම සදහා ගෙන එන ලද කලිසමක ඉන වාටියේ සූක්ෂම ලෙස සඟවාගෙන ගෙන එන ලද හෙරොයින් යැයි සැක සහිත තහනම් ද්‍රව්‍ය ග්‍රෑරෑම් 2 යි මිලි ග්‍රෑරෑම් 32 ක ප්‍රමාණයක් බන්ධනාගාර බුද්ධි අංශ භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකාරිය මෙම රැඳියාවගේ බිරිඳ බවයි වැඩිදුර පරීක්ෂණ වලදී හෙළිදරව් වී ඇත්තේ.

අදාළ සැකකාරිය සහ අදාළ මත්ද්‍රව්‍ය, වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසිය වෙත භාර දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

******************************************

(13.04.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) තංගල්ල කාල්ටන් නිවසට අවුරුදු නෑගම් පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම සමස්ත රට වැසියන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කළ බවයි.

******************************************

(13.04.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සුරාසැල් වසා තැබෙන අද (13) සහ හෙට (14) දෙදින විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ ඒ සඳහා නිලධාරීන් 1,200 ක් යොදවා ඇති බවයි ෴

******************************************

(13.04.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා කොරෝනා වසංගතය නිසා රැකියා හා ආදායම් මාර්ග අහිමි වූ අඩු ආදායම්ලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට රජය මගින් සිංහල හා දමිළ අළුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් විසින් ලබා දිය යුතු රුපියල් 5000 ක මුදල ලබා දීමේ වැඩපිළිවලට අද (13) එක් වුණා.

ඔහු ගල්ගමුව ගිරිබාව හෙට්ටිආරච්චිගම ප්‍රදේශයේදී මහජන නියෝජිතයින් පිරිවරා ගෙයින් ගෙට ගොස් රුපියල් පන්දහසේ (5000) දීමනාව බෙදා දී තිබෙනවා.

ඔහු මෙම අවස්ථාවට එක වුනේ හෙට්ටියාරච්චිගම ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයෙන් අනතුරුවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ මුහුණු පොතේ සටහනක් ද යොදා තිබුනේ මෙලෙසින්.

******************************************

ආරක්ෂිතව දුරස්ථ පාලකයකින් අහස් කූරු යවන අලුත්ම ක්‍රමය

(13.04.2021 – 18:14 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු සමයේදී ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරු පිළිබඳව නිරන්තරයෙන් වාර්තාවනවා. ඒ ගිනිකෙළි දැල්වීමේදී මතුවන අනාරක්ෂිත බව හේතුවෙන්.

කෙසේ වෙතත් ආරක්ෂිතව ගිනිකෙළි භාවිත කළ හැකි සරල යන්ත්‍රයක් නිපදවීමට බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ 9 වසර අධ්‍යාපනය හදාරණ සිසුවෙකු සමත්ව තිබෙනවා.

දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් කෝණය වෙනස් කර අහස් කූරු යැවිය හැකි මෙම සරළ යන්ත්‍රය නිපදවා ඇත්තේ මනුජ් හේෂාන් සිසුවා.

වොල්ට් 12 ක යතුරුපැදි බැටරියක් සහ ගලවා ඉවත්කරන ලද දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන මෝටර් රථයක කොටස් උපයෝගී කරගනිමින් තමන් මෙම යන්ත්‍රය නිර්මාණය කළ බවත් ඒ හරහා අහස කූරු දැල්වීමේදී සිදුවිය හැකි අනතුරු අවමකරගෙන අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳිය හැකි බවත් කුඩා හේෂාන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් හේෂාන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූයේ මෙලෙසින් :

******************************************

(14.04.2021 – 01:11 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘රාජ්පුත්’ පන්තියේ පස්වන (5) නෞකාව වන ‘රන්විජේ’ නෞකාව හෙට (15) කොළඹ වරායට ළඟාවනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මෙරට ජනතාවට අලුත් අවුරුදු දා සහයෝගය සහ සමගියේ පණිවුඩය රැගෙන රාජ්පුත් නෞකාව දිවයිනට පැමිණෙන බවයි.

රාජ්පුත් නෞකාව ඉන්දීය නාවික හමුදාව සතු ප්‍රබල නෞකාවක් ලෙස සැළකෙන අතර, සබ්මැරින නාශක සහ මිසයිල නාශක පද්ධතිවලින්ද සමන්විතයි.

එහි කපිතාන්වරයා ලෙස කටයුතු කරන්නේ නාරායනන් හරිහරන්.

මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතාව වර්ධනය කිරීමේ පියවරක් බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නෞකාව අප්‍රේල් 16 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රඳවා තැබෙනු ඇති ෴

******************************************

(13.04.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද පිළිගැනීමට සැරසෙන ඔබ වෙනුවෙන් කවදත් අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර අත්දැකීම් තිළිණ කරන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනේ ප්‍රමුඛයා ‘හිරු ටීවී’, මෙවරත් නවමු අත්දැකීම් පෙළක් ඔබ වෙත තිළිණ කිරීමට සූදානම්.

ඒ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ විශේෂ අවුරුදු සජීවී වැඩසටහන සමඟින්.

අවුරුදු උදාවටත් පෙරම හිරු ටීවී ගෙන එන අවුරුදු වැඩසටහන් පෙළ ගැස්ම අද (13) පස්වරු 5 සිටම ආරම්භ කෙරුණා.

ඒ තරු සිගිත්තන්ගේ අවුරුදු හැන්දෑව තරු සිඟිති අවුරුදු සාජ්ජයෙන්.

සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ අලුත් අවුරුදු සජීව විකාශය හෙට (14) අලුයම පහේ (05:00) සිට ඇරඹෙනවා.

ඒ, බොල්ගොඩ – වයිට් ලෝටස් පරිශ්‍රයේදියි.

නැටුම් ගැයුම්, වැයුම් සහ ජන ක්‍රීඩාවලින් වර්ණවත් වන සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුද්දට ප්‍රවීන සහ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් සහ නර්තන ශිල්පීන් 100 කට අධික පිරිසක් මෙවරත් එක්වනවා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් හිරු ටී.වී. ජනකාන්ත තරු පිරිවරා ගෙන එන හිරු කොවුල් වසන්තය හෙට (14) අලුයම තුනට ඇරඹෙන්නේ බක්මහ වසන්තය ප්‍රසාංගිකත්වයෙන් වර්ණවත් කරමින්.

එසේම මියුරු සර වැයෙන බක්මහ වසන්තයේ හිරු ගේ සංගීත සිරිත, හිරු අවුරුදු සාජ්ජය ජනකාන්ත ගී තරු රැසක් පිරිවරා හෙට (14) පස්වරු 05:00 ට ඇරඹෙනවා. උදාවන හිරු මංගල්‍යයේ හිරු අවුරුදු කුමරා, කුමරිය තේරීම ආරම්භ වන්නේ හෙට (14) රාත්‍රී 09:00 ටයි.

මෙම විශේෂාංග පෙළ අතරතුර හෙළ සිරිතට මුල්තැන දෙමින් සිදුවන සියලු අවුරුදු චාරිත්‍ර ඔබ සමඟ ඉටු කරන්නටත් හිරු ටී.වී., හිරු එෆ්.එම්. සූදානම්.

මෙම සියලු වැඩසටහන් සමඟ නිවසේ සිට එක්වෙමින් බක්මහේ අසිරිය බෙදාගැනීමට එක්වන්නැයි අප ඔබට ඇරයුම් කර සිටිනවා.

******************************************

(13.04.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී රතිඤ්ඤා සහ ගිනිකෙළි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙලි සංගමය පවසනවා.

එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අවුරුදු දෙකකට (2) පමණ පසු ගිනිකෙළි නිෂ්පාදන ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඊට සරිලන සැපයුමක් ලබාදීමට කර්මාන්තකරුවන්ට නොහැකිවී ඇති බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාරිභෝගිකයින් කියා සිටියේ රතිඤ්ඤා සහ ගිනිකෙලි නිෂ්පාදනවල හිඟයක් පවතින බවයි.

මේ අතර ගිණිකෙළි දල්වා සතුටුවන අතරම එමඟින් ඇතිවන අධික ශබ්දය නිසා සුනඛයන්, පක්ෂීන් ඇතුලු සතුන් බියවීම මෙන්ම සිදුවන හිරිහැර පිළිබඳවද මේ අලුත් අවුරුදු සමයේ අවධානය යොමු කරන ලෙස සත්ව සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් කළා ෴

******************************************

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාවේ

(14.04.2021 – 02:30 +0530 – hirunews.lk/sinhala)

අද (14) අලුයම 02:33 ට එනම් මීට මොහොතකට පෙර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වුණා.

මෙවර අවුරුදු චාරිත්‍ර අනුව ආහාර පිසීමේ නැකත පූර්ව භාග 06:17 ට යෙදී ඇති අතර ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා එළකිරී මිශ්‍ර කිරි බතක් ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල සඳහන් වන්නේ.

මේ අතර, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය පූර්ව භාග 07:41 ට යෙදෙන සුබ මොහොතින් සිදුකළ යුතුයි.

ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතු යැයි නැකත් චාරිත්‍රවල සඳහන් ෴

******************************************

කූරගල දැන් අපේ (06.04.2021)

https://www.youtube.com/watch?v=NdhxM9aHzas

******************************************

එළවලු තෙලෙන් බැදපු ආහාර මාරාන්තිකයි – බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් අනතුරු අඟවයි

(13.04.2021 – 23:03 +0530 – lankaleadnews.com)

එළවලු තෙල් යොදා ආහාර බැදගැනීමේදී ඩිමෙන්ෂියා, පිළිකා සහ හෘද රෝග ඇතිකරණ විෂ රසායනිකයක් වන ඇල්ඩිහයිඩ් අධි සාන්ද්‍රණයෙන් නිපදවෙන බව බ්‍රිතාන්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ අවන්හල් වලින් විකුණන එළවලු තෙල් යොදා බදින ලද අල පෙති තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත ප්‍රමාණයට වඩා 200 ගුණයක් එම විෂ රසායනිකයන් අඩංගු බව එරට පර්යේෂකයින් අනතුරු අඟවන අතර ඉවුම් පිහුම් කටයුතු සඳහා ඔලිව් තෙල්, පොල් තෙල් සහ බටර් යොදා ගැනීමට ගෘහනියන් උනන්දු කරවයි.

@@@@@@@@@@@@@@@@

(13.04.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය නිලධාරීන් හා පොලිසියේ අවසරයකින් තොරව අලුත් අවුරුද්ද නිමිත්තෙන් උත්සව හෝ වෙනත් කටයුතු සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ නිරෝධායන නිති උල්ලංඝනය කරමින් අන්තර්ජාලය හරහා සාද පැවත්වීමේ සුදානමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවයි ෴

+++++++++++++++++++

(13.04.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ඉන්දියාවේ හදිසි භාවිතයට අනුමැතිය හිමිව තිබෙනවා.

සිය රටෙහි විශේෂඥ කමිටුවක් විසින් ස්පුට්නික් එන්නත සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ අනුමැතිය හිමිවූ තුන්වන (3) කොවිඩ් මර්දන එන්නත මෙය වන අතර මෙමගින් වෛරසයට එරෙහිව සියයට 92 ක ආරක්ෂාවක් ලබාදෙන බවටයි සායනිකව තහවුරු වී ඇත්තේ ෴

+++++++++++++++++++

(13.04.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 151 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 91,926 ක් වනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 153 දෙනෙකු හමුවී තිබෙනවා ෴

+++++++++++++++++

(13.04.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක් අද (13) දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව හය සියයේ (600) ඉක්මවා යමින් මේ වනවිට 602 ක් ලෙස සටහන් වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහරගම පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරැස්සේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්, නාරාහේන්පිට පදිංචි 74 හැවිරිදි කාන්තාවක් සහ ගාල්ලේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර, අද (13) දිනයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 151 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 91,926 ක්.

එසේම අද (13) දිනයේදි කොරෝනා ආසාදිතයන් 153 දෙනෙකු අලුතින් හඳුනාගත්තා.

ඒ අනුව මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 95,547 ක් වාර්තා වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 3,019 ක් පමණයි.

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ බලපෑමට ලක්වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබාදීම අදත් සිදුකෙරුණා ෴

මෙරට තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (13) දිනයේ මේ වන විට වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 185 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *