ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් වෙයි

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් වෙයි

*********************************************

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් වෙයි

(09.04.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala)

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අත්‍යවාශ්‍ය කරුණක් සඳහා අවසර ලබාගැනීමකින් පසුව පොල්ගස් කැපීම සිදුකළ හැකි බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා ෴

******************************************

පිළිකාකාරක පොල්තෙල් ගැන විමර්ශනයට සී.අයි.ඩී. කණ්ඩායමක් පත් කෙරේ

(09.04.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු දස (10) දෙනෙකුගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම කණ්ඩායම පත් කළ බවයි.

පොල්තෙල් සිද්ධිය විමර්ශනය කිරීමට කණ්ඩායමක් පත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වා තිබුණා.

ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කල ආනයනික පොල්තෙල් තොගයක් රේගුවෙන් සමාගම් වල ගබඩා වෙත මුදා හැර ඇති බවට හිරු ප්‍රවෘත්තී කල අනාවරණයත් සමගයි සමාජය තුල ඒ සම්බන්ධයෙන් දැඩි කතා බහක් මතුවුණේ.

අදාල තෙල් තොග වෙළදපොලට නිකුත් නොවූ බවට බලධාරීන් සහ නිලධාරීන් විවිධ තහවුරු කිරීම් සිදු කළ පසුබිමකදී දංකොටුව ප්‍රදේශයේ තෙල් මෝලක පිටුපස සඟවා තිබියදී සොයා ගැණුනු බවුසර් දෙකෙහි ද ඇෆ්ලටොක්සින් නැමති පිළිකා කාරකය අඩංගු බව ඊයේ (08) තහවුරු වුණා.

සමාගම් 3 ක් විසින් මෙරටට ආනයනය කළ පොල්තෙල් තොගයක පිලිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණය ඇතුළු ආයතන 3 ක් මගින් පසුගියදා තහවුරු කළ අතර, ඉන් එක් සමාගමක පොල්තෙල් බහාලුම් 6 ක් ප්‍රතිඅපනයනයට වරාය පර්යන්ත වෙත පසුගිය 6 වනදා යොමුකළ ද මේ දක්වා ඒවා නැව්ගත කර නැහැ.

කෙසේ වෙතත්, සෙසු සමාගම්වල තෙල් තොග සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර තවදුරටත් එම ගබඩාවලට මුද්‍රා තබා තිබෙනවා.

දේශපාලන අධිකාරිය සහ නිලධාරින් අවස්ථා කිහිපයකදී අවධාරණය කළේ අදාළ පොල්තෙල් ගබඩාවලින් පිටතට නොගිය බවයි.

ඒ අනුව, මෙරට ජනතාව සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා සූදානම් වන පසුබිමකදී ප්‍රශ්න ගත පොල්තෙල් තොග වෙළඳපොලට නිකුත් වීමේ වගකීම භාර ගත යුත්තේ කවුද ?

ඒ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා ගෙන් විමසා සිටියා.

මේ අතර, රේගු විමර්ශන නිලධාරින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ බවුසර්වල ඇත්තේ ප්‍රතිඅපනයනයට නිර්දේශ කළ තෙල් තොග බවයි.

ඒ පිලිබඳ ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රකාශ කළා. ආනයනකරු විසින් අදාළ මුද්‍රා ඉවත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

තොරතුරු මෙතරම් අනාවරණ වී තිබියදීත් ජනතා බදු මුදලින් නඩත්තු වන මීට වගකිව යුතු ආයතන මෙන්ම වගකිව යුතු බලධාරින් සහ නිලධාරින් විෂ පොල්තෙල් ගැටලුවේ වරද එකිනෙකාට පවරමින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ වගකීම් විරහිත බව නොවේ ද ?

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකර සිදුකෙරෙන මෙම කඹ ඇදිල්ල හමුවේ සිදුවන්නේ තව තවත් අහිංසක මිනිස් ජිවිත පිළිකා රෝගයට ගොදුරු වීම පමණයි.

+++++++++++++

(09.04.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

පිළිකාකාරක අඩංගු බවට තහවුරු වූ දංකොටුව ප්‍රදේශයෙන් සොයා ගැනුණු පොල් තෙල් බවුසර්වල ඇත්තේ ප්‍රතිඅපනයනයට නිර්දේශිත පොල් තෙල්ද නැතහොත් වෙනත් පොල්තෙල් තොගයක්ද යන්න නිශ්චය කරගැනිම සඳහා රේගුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රතිඅපනයනයට නියෝග කළ පොල්තෙල් අඩංගු ගබඩා මුද්‍රා තැබීමට රේගුව කටයුතු කළ අතර, එම මුද්‍රා මේ දක්වා විවෘත කර නොමැති බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා නීති කටයුතු පිළිබඳ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා තහවුරු කළා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිසිය භාරයට ගැනුණූ මෙම පොල් තෙල් බවුසර් දෙක (2) සම්බන්ධයෙන් රේගු නිලධාරීන් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ යටතේ අදාළ පොල් තෙල් බවුසර සොයා ගැනුණූ දංකොටුව ප්‍රදේශයේ පිරිපහදු කර්මාන්ත ශාලාව අයත් ඉඩමේ හිමිකරුගෙන්, ලොරි රියදුරන්ගෙන් සහ සේවකයන්ගෙන් දැනටමත් රේගු විමර්ශන අංශ ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

එමෙන්ම අදාළ පොල් තෙල් මෙරටට ආනයනය කළ සමාගමේ අධ්‍යක්ෂවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකය අඩංගු ආනයනික පොල් තෙල් තොගයක් රේගුවෙන් අදාළ සමාගම් වල ගබඩා වෙත මුදා හැර ඇති බවට පසුගිය දා හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයත් සමඟ සමාජය තුළ ඒ සම්බන්ධයෙන් දැඩි කතා බහක් මතු වුණා.

පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයද චෝදනා කර සිටියේ එම පොල් තෙල් ඒ වන විටත් වෙළඳපොලට නිකුත් වී ඇති බවටයි.

කෙසේ වෙතත් වෙළඳපොලේ පවත්නා පොල් තෙල් සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීම සඳහා පාර්භෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයිනේ දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි සාම්පල පරීක්ෂාවට ලක් කළා.

එලෙස ලබා ගත් සාම්පල 125 කින් බහුතරයක වාර්තා පසුගිය දා ප්‍රකාශයට පත් කරමින් පාර්භෝගික අධිකාරිය තහවුරු කළේ වෙළදපලේ පවතින පොල් තෙල් හානිකර නොවන බවයි.

තත්වය එසේ තිබිය දී පිළිකාකාරක අඩංගු බවට ඊයේ (08) තහවුරු වූ දංකොටුව ප්‍රදේශයෙන් සොයා ගැනුණු පොල් තෙල් තොගය නිදහස් කිරීමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ලබන සතියේ සිට පොල් ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වැවිලි අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ප්‍රකාශ කළා. ඒ ඊයේ (08) හලාවත පැවති උත්සවයකට එක්වෙමින්.

******************************************

(09.04.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

වහබ්වාදය සහ සලාෆිවාදය තහනම් කිරීමට නීතිපතිවරයා ගෙන ඇති පියවර පිළිබඳ ප්‍රසාදය පළ කරන බව ‘සමස්ත ලංකා සුෆි ජමියතුල් උලමා සංවිධානය’ පවසනවා.

එහි සභාපති අල්හාජ් ඒ. අබ්දුල් රවුෆ් මවුලවිතුමන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ වහබ්වාදය සහ සලාෆි වාදය විදේශයන් හි සිට මෙරටට පැමිණි සාමයට හා සංහිඳියාවට බාධාකරන මතවාදයන් බවයි.

වසර 1,400 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සාමකාමී ආගමක් ලෙස තහවුරු වූ ඉස්ලාම් දහමටද ඉන් හානියක් සිදුවන බවයි එමඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සුෆි මුස්ලිම්වරුන් මෙරට බෞද්ධ, හින්දු සහ ක්‍රිස්තියානි ආගම් හා එක්ව ආගන්තුක විදේශීය මතවාදයන්ගෙන් ශ්‍රී ලංකාව රැකගැනීමට කටයුතු කරන බව අල්හාජ් ඒ. අබ්දුල් රවුෆ් මවුලවිතුමන් සිය නිවේදනයෙන් සඳහන් කළා.

මේ අතර, තම සංවිධානය තහනම් කරන ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් සිදුකර ඇති නිර්දේශය පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බව ‘ශ්‍රී ලංකා ජමාඅතේ ඉස්ලාමි සංවිධානය’ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ එලෙස නිර්දේශ කර ඇත්තේ චූදිත පාර්ශවකරුට නිදහසට කරුණු කීමට හෝ අවස්ථාවක් හිමිකර නොදෙමින් බවයි.

වාර්තාවෙන් එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත හා අසත්‍ය බවද එම නිවේදනය මඟින් ඔවුන් පෙන්වා දෙනවා.

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා පසුගියදා අනුමැතිය ලබාදුන්නා ෴

******************************************

(09.04.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිට විවිධ අපරාධ සිදුකර දැනට විදෙස් රටකට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ධර්මසිරි පෙරේරා’ නැමැත්තා විසින් එවන ලද මුදල් සිය බැංකු ගිණුමේ තැන්පත් කර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඊයේ (08) රත්මලානේදී අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරනවා.

මොහුගේ ගිණුමකට ‘ධර්මසිරි පෙරේරා’ නැමැත්තා විසින් මීට මාස කිහිපයකට පෙර රුපියල් කෝටි 49 ක් එවා තිබූ අතර, ඉන් මිලියන 136 ක් ගිණුමේ තිබියදී සොයාගැනුනා.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ත්‍රස්තවාදයට එරෙහි කටයුතු වලදී ඒකාබද්ධව කටයුතු කිරීමට ඉන්දු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු එකඟත්වයකට පැමිණ තිබෙනවා.

ඒ දෙරටේ පොලිස් ප්‍රධානීන් අතර ඊයේ (08) පැවති සාකච්ඡාවකදීයි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කලේ ශ්‍රී ලංකා පොලිස්පතිවරයා සහ ඉන්දීය බුද්ධි කාර්යංශයේ අධ්‍යක්ෂවරයා සාකච්ඡාවට නායකත්වය දුන් බවයි.

බුද්ධි තොරතුරු හුවමාරුකර ගැනීමේ වැදගත්කම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණා.

නැගී එන ආරක්ෂක අභියෝග කාලෝචිතව විසඳා ගැනීම සඳහා තවදුරටත් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගත යුතු බවටයි මෙහිදී දෙපාර්ශවය එකඟත්වයකට පැමිණ තිබුණේ ෴

******************************************

(09.04.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ජල ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් බදුල්ල – සොරණාතොට ඇතුලු ගම්මාන කිහිපයක ජනතාව අද (09) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළා. ඒ සොරණාතොට ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදීයි.

අප වාර්තාකරු කියා සිටියේ මෙම විරෝධතාව හේතුවෙන් බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වූ බවයි ෴

******************************************

අ.පො.ස. උසස්පෙළ විභාගයට දින නියම වෙයි

(09.04.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03 වනදා ඉරිදා දින ත් 2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමට ත් සැලසුම්කර ඇති බව ද සඳහන්.

******************************************

පොලිස් ජීප් රථයකට ගල්ගැසීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්

(09.04.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

විරෝධතා පා ගමනකදී පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් පොලිස් ඇපමත මුදා හැරුනා.

මේ අතර, උන්වහන්සේ අද (09) පෙරවරුවේ පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්.

******************************************

වසර 27 කට පසුව ලංකාවේ බස් හදන හැටි – On Topic with Hasitha Wijewardena (04.04.2021)

******************************************

(09.04.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදි රටේ පවතින වත්මන් තත්තවය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කළ බවත් වෙනත් කිසිදු විශේෂ කරුණක් ගැන සාකච්ඡා නොවූ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

******************************************

(09.04.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපනයේ සංවර්ධනය පිළිබඳ කොතෙකුත් කතා කෙරුනද එය ග්‍රාමීය මට්ටමට ව්‍යාප්ත නොවීම සැම විටම දක්නට හැකි කරුණක්.

බලධාරීන්ගේ යුතුකම ඉටු නොවුනු තැන මව්පියන්ගේ පරිශ්‍රමයෙන් ක්‍රියාත්මක ආනමඩුව මුදලක්කුලිය විජය විද්‍යාලය පිළිබඳවයි මේ විමසා බැලීම.

******************************************

(09.04.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ ගෘහස්ත සිතියම් තාක්ෂණය හඳුන්වාදුන් පළමු අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම් එක්ව Google Indoor Maps හෙවත් ගූගල් ගෘහස්ථ සිතියම හදුන්වා දීම බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී සිදු වුණා.

ගුවන් තොටුපළට පැමිණෙන්නෙකුට ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් උපාංග, ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ් මගින් ගුවන් තොටුපළට පැමිණීමට පෙර සිටම තම ගමන් මාර්ගයන් සොයා ගැනීමේ පහසුව මෙන්ම ඔවුන්ගේ ගුවන් ගමන් දොරටුව, පර්යන්තය, ගමන් මලු ඉල්ලීම හා ටිකට්පත් කවුන්ටරය වෙත නියමිත වේලාවට යාමේ පහසුව මින් සැලසෙනවා.

පරිශීලකයින්ට වඩාත් පහසුවෙන් ඔවුන්ගේ මාර්ගය සොයා ගැනීම සඳහා හුරුපුරුදු ස්ථාන හඳුනාගැනීමේ නිරූපකය හෙවත් ‘Blue Dot’ ද මෙහි ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

ඔන්ලයින් සිතියම්කරණ සේවාවන් ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් භාවිත කරන අතර මෙම පහසුකම මෙරට තුල ස්ථාපිත කිරීම මගින් ව්‍යාපාර ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමටත් හැකියාව හිමිවනවා.

******************************************

Embassy of Sri Lanka
3025 Whitehaven Street NW
Washington DC 20008
Tel: (202) 483 4026-28
Fax: (202) 232 7181 / (202) 483 8017
www.slembassyusa.org

@@@@@@@@@@@@@@

(09.04.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

සමාජය තුළ මග හැරුණු කොරෝනා ආසාදිතයින් සිටිය හැකි බැවින් ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

එසේම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේ මේ වනවිට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාවගේ පවතින අවධානය ඉතා අවම වී ඇති බවයි.

මේ අතර, ඊයේ (08) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 343 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ යාපනය දිස්ත්‍රික්කයෙන්.

ආසාදිතයින් 128 දෙනෙකු යාපනයෙන් හඳුනාගෙන තිබූ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ ආසාදිතයින් සංඛ්‍යාව 68 ක්.

යාපනය දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සම්බන්ධයෙන් සහ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ නිරෝධායනයට යොමුකර සිටි පිරිස අතරින් මෙලෙස ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවී ඇති බවයි.

මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 94,336 ක් වාර්තා වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 2,699 ක් පමණයි.

සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 91,044 ක්.

අද (09) දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 228 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 91,272 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 112 දෙනෙකු හමුවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 94,448 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *