‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කිරීමට හේතුව

‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කිරීමට හේතුව

*********************************************

‘පාම් ඔයිල්’ ආනයනය තහනම් කිරීමට හේතුව

(08.04.2021 – 17:59 +0530 – sinhala.adaderana.lk)

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකරවීම හේතුවෙන් බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දළ පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝග කාරකයක් බව වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විසින් විටින් විට පෙන්වා දී තිබුණු බව එම නිවේදනයේ දැක්වේ.

“එසේ වුවද සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද, බිස්කට්, රසකැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කෙරේ. 1511.90.10 සුසංගත කේතාංකය (Harmonized System code) සහිත ප්‍රභේදය එවැන්නකි. එය ව්‍යවහාරයේ දී ‘පාම් ස්ටියරින්’ (Palm Steering) යනුවෙන් හඳුන්වනු ලැබේ”.

අදාළ අතුරු ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරනු පිණිස ඉහත ප්‍රභේදය ආනයනයට කිසිදු බාධාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

“වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු කලින් බරපතළ විවේචනයට ලක්ව තිබූ එතනෝල් ආනයනය මුළුමනින් නතර කරනු ලැබීය. එහෙත් සායනික අවශ්‍යතා සඳහා එතනෝල් ආනයනයට ඉඩදී තිබේ. පාම් ස්ටියරින් ගෙන්වීමට ඇති අවසරය ද එබඳුය. කටුපොල් වගාව, ජල මූලාශ්‍ර සිඳීයාම සහ පස නිසරුවීම වැනි දිගුකාලීන අහිතකර පාරිසරික ප්‍රතිවිපාක ඇතිකරන බව කලෙක සිට පර්යේෂණවලින් තහවුරුකර තිබිණ. එබැවින් වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මීට මාස 06 කට පමණ පෙර කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙන ලදී. දැනට තිබෙන කටුපොල් වගාව වරකට 10% බැගින් අදියරෙන් අදියර ගලවා ඉවත්කොට එකී ඉඩම්වල රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාකිරීමට සැලසුම් කර තිබේ” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ ෴

++++++++++++++

‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ නාමයෙන් පිළිකාකාරක විෂ පොල්තෙල් වෙළඳපොලේ…

(08.04.2021 – 00:01 +0530 – lankacnews.com)

පිළිකාකාරක විෂකාරක අඩංගු පොල්තෙල් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ නාමයෙන් වෙළඳපොලේ විකිණීමට ඇති බව පාරම්පරික පොල් තෙල් නිෂ්පාදන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වෙළෙඳ නාමය ද බරපතල අනතුරක ඇතැයි එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටී.

මෙම තත්ත්වය මත වෙළෙඳ පොළෙන් පොල් තෙල් තෝරා ගැනීමේදී අතිශය ප්‍රවේශම් විය යුතු බවද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමග සිදු කරන සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පල කරයි.

******************************************

(08.04.2021 – 15:39 +0530 – sinhala.adaderana.lk)

බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේදී අද (08) අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් දෙදෙරු (2) පියෙකුට දිවි අහිමි විය.

ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක සහ වෑන් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණි.

ඔහු ගමන් කළ යතුරුපැදිය පළමුව මෝටර් රථයක වැදී විසිවී ඇති අතර පසුව හොරණ දෙස සිට පැමිණි වෑන් රථයක ගැටී තිබුණි.

අනතුරෙන් 44 හැවිරිදි දෙදරු පියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

පොලීසිය සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගත් බවය.

https://www.youtube.com/watch?v=VFnvVdaV4ew#t=6

******************************************

නොසැලකිල්ල – වාසනාව (CCTV දර්ශන සහිතයි)

(08.04.2021 – 12:05 +0530 – sinhala.adaderana.lk)

කොළඹ සිට නුවරඑළිය දක්වා අනාරක්ෂිත ලෙස ‘දුරකථන රැහැන් රෝල්’ රැගෙන යමින් තිබු ලොරි රථයකින් එම ‘රෝල්’ කිහිපයක් ප්‍රධාන මාර්ගයට වැටී පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබේ.

ඊයේ (07) දහවල් 12:30 ට පමණ එම අනතුර සිදුව ඇත්තේ හැටන් – නුවර එළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේ දීය.

ලොරි රථය වංගුවක් ගැනීමත් සමග එහි තිබු ‘රෝල්’ කිහිපයක් මාර්ගයට පෙරළීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු (2) එලෙස තුවාල ලබා තිබේ.

ඔවුන්ගේ ඇඟට විසි වී එන ‘රෝල්’ වලින් බේරීමට මාර්ගයෙන් ඉවතට දිවයෑමේ දී තුවාල සිදුව ඇත.

දුරකථන රැහැන් රෝල් මාර්ගයේ පෙරළී යෑමත් සමග ලොරි රථයේ රියදුරු, රථය නවතා නැවත එම ‘රෝල්’ පටවා ගෙන ගොස් ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

‘දුරකථන රැහැන් රෝල්’ මාර්ගයේ පෙරළී යන අයුරු අසල තිබු CCTV කැමරාවක මෙලෙස සනිටුහන් විය :

******************************************

(08.04.2021 – 09:04 +0530 – sinhala.adaderana.lk)

කැකිරාවේ, කිලෝ මීටර් 79 කණුව අසල දී සිදුවු රිය අනතුරකින් කුඩා පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (07) සවස 05:30 ට පමණ මාර්ගය අයිනේ නවතා තිබු කාර් රථයක් නැවත මාර්ගයට හැරවීමේ දී කැකිරාව දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් කාර් රථයේ ගැටී තිබේ.

පසුව ත්‍රීරෝද රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ අඹුසැමි යුවළ හා වයස අවුරුදු 3 ක් වු පිරිමි දරුවෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී දරුවා මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ ම පදිංචි දරුවෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු (1) හා පිටුපස ගමන් කළ කාන්තාවන් තිදෙනෙකු (3) තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ගලේවල, අඹේපුස්ස – ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වු ටිපර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ වයස 46 ක් වු පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ ෴

******************************************

(08.04.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ ඇති වු බහින් බස් වීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර, ඇතිවු බහින් බස්වීම නිසා සභාවේ ඇතිවු උණුසුම් තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව විනාඩි පහකට (5) කල් තැබීමට සිදුවුණා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් නියම වි සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධූරය පුරප්පාඩු වි ඇති බවට තමන් ඊයේ (07) සිදුකල නිවේදනය පිළිබද විපක්ෂය නගන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධණ මහතා අද (08) පැහැදිලි කිරීමක් සිදුකළා.

විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂය සමාජයට වැරදි මතයක් ඇති කිරීමේ අරමුණින් චෝදනා ඉදිරිපත් කරන බවයි කථානායකවරයා එහිදි සභාවට දැනුම් දුන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කලේ අතපසුවීමකින් ඇතැම් වැරදි සහගත කරුණු තමන්ගෙන් ඉදිරිත්වු බවයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සංවදාත්මක තත්ත්වය හමුවේයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර බහින් බස්වීමක් සිදුවුණේ.

එහිදි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කළුපටි පැළද, පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධය දැක්වු බවද අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළා.

මේ අතර, අද (08) දිනයේදි පැවති පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබද විවාදයට හෙට (09) පස්වන (5) දිනටත් පැවත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එකගත්වය පළව තිබෙනවා.

එමෙන්ම, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පාර්ලිමේන්තුවේදි රැස්වුණා.

******************************************

(08.04.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

අයවැය හිඟය පියවීමට බදු වැඩි කිරීම ප්‍රායෝගික විකල්පයක් නොවන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පවසනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් බදු සහ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කොළඹදී අද (08) සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

******************************************

(08.04.2021 – 21:22 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව නියෝජනය කරන සුලු පක්ෂ 11 ක නායකයන්ගේ හමුවක් මීට ටික වේලාවකට පෙර ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අවසන් වුනා.

අද (08) රාත්‍රී 7 ට පමණ ආරම්භ කෙරුණු මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක ඇතුලු පිරිසක් එක්ව සිටි අතර කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ මහතා, උදය ගම්මන්පිල මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා මෙන්ම මන්ත්‍රීවරුන් වන ගෙවිඳූ කුමාරතුංග මහතා, අතුරලියේ රතන හිමියන් සහ හිටපු අමාත්‍යවරයෙකු වන ඩිව් ගුණසේකර මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

පැය 1 හමාරකට අධික කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණි මහජන නියෝජිතයින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියාසිටියේ මෙය පාර්ලිමේන්තුව නියෝජනය කරන සුලු පක්ෂ නායකයන්ගේ රැස්වීමේ මාලාවේ තවත් එක් පියවරක් පමණක් බවයි.

කෙසේ වෙතත් මෙහිදී විමල් වීරවංශ මහතා සහ දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය මගහරිමින් යන අයුරු දක්නට ලැබුනා ෴

+++++++++++

(09.04.2021 – 17:47 +0530 – lankaleadnews.com)

වත්මන් යහපාලන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ එකොලහක නායකයන් සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රිලංනිප මූලස්ථානයේදී ඊයේ(08) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලැබූ බව වාර්තා වේ.

අදාල සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රාජ්‍යය අමාත්‍යය දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, ගෙවිඳු කුමාරණතුංග යන මැති ඇමතිවරු සහ අතුරලියේ රතන හිමි එම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙම දේශපාලන පක්ෂ එකොළහේ (11) නායකයන් පිරිස කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු විරුද්ධ වූ පිරිසම වීම ද විශේෂත්වයකි.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීම පරාජය කිරීමෙන් පසු සියළු පක්ෂවල නායකයන් මසකට වරක් රැස්ව සාකච්ඡා කරනවාය යන එකඟතාවය මත මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මෙම සාකච්ඡාවට මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ පළමුවන අවස්ථාව මෙය වෙයි. මීට පෙර රාජ්‍යය ඇමති දයාසිරි ජයසේකර මහතා පමණක් මෙම සාකච්ඡා වලට සහභාගි විය ෴

******************************************

(08.04.2021 – 21:30 +0530 – hirunews.lk/sinhala)

මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සහ දීමනා ඔවුන්ගේ යැපෙන්නන්ට දිවි ඇති තෙක් ගෙවීමට අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට එක් කියා සිටියා ෴

******************************************

(08.04.2021 – 22:01 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියාවට යවන බව පවසා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ ස්ථානයක් බණ්ඩාරගමදී වටලා, විදේශ ගමන් බලපත්‍ර 98 ක් සහ රුපියල් 210,000 ක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(08.04.2021 – 23:00 +0530 – hirunews.lk/sinhala)

අයවැය හිඟය පියවීමට බදු වැඩි කිරීම ප්‍රායෝගික විකල්පයක් නොවන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා හොඳම මාර්ගය ආයෝජකයින් දිරිගැන්වීම හා ව්‍යාපාර නැංවීම බවයි.

කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් බදු හා වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණා.

@@@@@@@@@@@@@@@@

(08.04.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ නිෂ්පාදිත ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබන 23 වන දා සිට ජුලි 06 දක්වා ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, දෙවන (2) මාත්‍රාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් ෴

+++++++++++++++++

(08.04.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සංචරණ සීමා පැනවීමට හෝ ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අතර ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් 221 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 93,992 දක්වා ඉහළ ගියා.

අද (08) දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 127 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 90,044 ක් ෴

ඩෙන්මාර්කයේ පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදය අසාදිත 3 දෙනෙකු කොළඹින් සහ බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදයක් ආසාදිතයෙකු (1) නිරෝධායන මධ්‍යස්ථානයකින් හඳුනා ගෙන තිබෙනවා. ඒ පිළිබඳව අප කළ විමිසම්කදී ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ආචාර්ය වන්දිම ජීවන්දර මහතා මේ බව තහවුරු කළා ෴

අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 260 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 02 ක් අද (08) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 593 ක් දක්වා ඉහළ ගියා ෴

අද (08) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 49 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (08) දිනයේ වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 309 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *