අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කරයි

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කරයි

*********************************************

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කරයි

(07.04.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ‘සිලෝන් තවුහිද් ජමාත්’ ඇතුළු සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.

එම සංවිධාන 11 පහතින් :

01. එක්සත් තව්හිද් ජමාත් (UTJ)
02. සිලෝන් තවුහිද් ජමාත් (CTJ)
03. ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ)

04. සමස්ත ලංකා තව්හිද් ජමාත් (ACTJ)
05. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM)
06. දාරුල් අදර් @ ජමි උල් අදර්

07. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය / ජමියා (SLISM)
08. අයි එස් අයි එස් සංවිධානය (ISIS)
09. අල් කයිඩා (AL-Qaeda) සංවිධානය

10. සේව් ද පර්ල්ස් සංවිධානය (Save the pearls)
11. සුපර් මුස්ලිම් සංවිධානය (Super Muslim)

******************************************

(07.04.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙගේ මුඛයේ සුක්ෂම ලෙස සගවා තිබූ හෙරෙයින් මිලි ග්රෑම් 180 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට 2021.04.05 වන දින සිදු කල සෝදිසියකදී බන්ධනාගාර නිලධාරීන්ට හැකි වුනා.

මෙලෙස මත්ද්‍රව්‍ය සොයා ගැනුනේ නවක රැඳවියන් නිරෝධායනය කාලසීමාවක් සදහා රඳවා සිටින කුරුවිට බන්ධනාගාර රෝහලේ නව රැදවුම් අංශයේ සිදු කල සෝදිසියකදීයි.

මෙම අංශය ජේලර්වරුන් දෙදෙනෙකුගේ (2) අධික්ෂණය යටතේ පාලනය වන්නක්.

එම රැදවුම් අංශය වැඩිදුරටත් සෝදිසි කිරිමේදී ඉටි කොළයකින් ඔතන ලද තවත් හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 70 ක ප්‍රමාණයක් ද සොයා ගත්තා.

මෙම සැකකරු හෙරොයින් ළඟතබා ගැනිමේ චෝදනා සම්බන්ධයෙන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත භාරයට පත් කල පුද්ගලයෙක්.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද තහනම් ද්‍රව්‍ය ඉදිරි නිතිමය කටයුතු සදහා කුරුවිට පොලිස් ස්ථානය වෙත භාර දුන් අතර අදාළ සැකකරු බන්ධනාගාර රෝහලේ විශේෂ අංශයක රදවා තැබිමට පියවර ගෙන තිබෙනවා ෴

******************************************

(07.04.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහනගර සභාවෙන් සේවාවන් ලබා ගැනීම සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 011 220 8208 යන අංකය ඔස්සේ කොළඹ මහනගර සභාවේ තොරතුරු හා සේවා ලබා දෙන අදාළ අංශයේ නිලධාරියෙකු ඍජුව සම්බන්ධ කර ගැනීමට මහජනතාවට අවස්ථාව හිමිවන බවයි කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක මහත්මිය සඳහන් කළේ.

රාජකාරි දිනවල උදෑසන 08:30 සිට සවස 04:30 දක්වා මෙම ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව ක්‍රියාත්මකයි ෴

******************************************

(07.04.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

පාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අතරතුර අද (07) උණුසුම් තත්ත්වයක් මතුවුණා.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ගමන් කළ රථයකට බිත්තර ප්‍රහාරයක් ද, එල්ලවී තිබෙනවා.

මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන සංවර්ධන කමිටු රැස්විම අද (07) පැවත්වුණේ පාදුක්ක ප්‍රාදේශීය ශ්‍රවණාගාරයේදීයි.

මන්ත්‍රීවරයා අදහස් දක්වමින් සිටියදි සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පලකල අතර එම විරෝධය හමුවේ කමිටු රැස්වීම අත්හිටුවීමට පියවර ගත්තේ.

කෙසේ වෙතත්, විරෝධතා මධ්‍යයේ පොලිස් ආරක්ෂාවද සහිතව මන්ත්‍රීවරයා ඉන් පිටතට පැමිණි අතර එහිදි ඔහු පිටත්ව යන අවස්ථාවේදි ගමන් කල රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

******************************************

පළාත් සභා මැතිවරණය වහා නතර කරන ලෙස බලකරමින් මහා සඟරුවනෙන් රජයට සංදේශයක්

(07.04.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කරමින් හදිසියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම නතර කරන ලෙස මහා සංඝරත්නය රජයට අවධාරණය කරනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන රජය වෙත විවෘත සංදේශයක් යොමුකරමින්.

කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන් ප්‍රමුඛ, මහානාහිමිවරුන්, අනුනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ඊට අත්සන් තබා තිබෙනවා ෴

******************************************

සිද්ධිකා ගැන විනය පරීක්ෂණයක් ඇරඹේ

(07.04.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමඟ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න සම්බන්ධයෙන් තාක්ෂණික අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, සිද්ධිකා සේනාරත්න සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා අද (07) පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, කටුපොල් වගාව සහ පාම් ඔයිල් තහනම් කර ඇතත්, බිස්කට් සහ බේකරි කර්මාන්ත සඳහා බලපත්‍ර ක්‍රමයක් යටතේ පාම් ඔයිල් සැපයීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

(පිළිකා කාරක) පාම් තෙල් (Palm Oil) අඩංගු බිස්කට් – කේක් – මාගරීන් / ෆැට් ස්ප්‍රෙඩ් කෑමෙන් වැළකෙමු ! (ඒ වෙනුවට සහල්, මුංඇට, සෝයා, ඉරිඟු අඩංගු ආහාර කමු.) (ඖෂධයක්වන දේශීය පිරිසිඳු පොල්තෙල් ආහාරයට එක්කර ගනිමු.) – අමරසර

+++++++++++++

Dr. Senal Fernando – Secretary GMOA – 05.04.2021

+++++++++++++

Dr. Samantha Ananda – Ass. Secretary GMOA – 05-04-2021

++++++++++++

Mr Ravindranath Dabare AAL – GMOA Legal Officer – 2021.04.05

+++++++++++++

Dr. Naveen De Zoysa – Asst. Secretary GMOA – 2021-04-05

++++++++++++++

දේශීය මුරුංගා වවමු – කමු
Dr. Anurudda Padeniya – President GMOA – 06-04-2021

++++++++++++

වෛද්‍ය පාලිත ගීගනආරච්චි මහතා – දේශීය වෙදකමේදී මුරුංගාවල ඇති වැදගත්කම (02.04.2021)

******************************************

(07.04.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය ලබාදුන් සහන මල්ලෙන් ජනතාවට ලැබෙන වාසිය වැළැක්වීමට ඇතැමුන් උත්සාහ කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඊට එරෙහිව ජනතාව ඒකරාශී විය යුතු බවයි.

******************************************

(07.04.2021 – 20:41 +0530 – hirunews.lk/sinhala)

කිරිබත්ගොඩ වෙළෙඳ සංගමයේ ලේකම්වරයාට කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු (2) විසින් පහර දී ඇතැයි එම සංගමය චෝදනා කරනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එක් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත්බවයි.

කිරිබත්ගොඩ වෙළෙඳ සංගමයේ ලේකම් සිරිල් පතිරණ මහතාට මෙම පහර දීම සිදුකර තිබුණේ පසුගිය මාර්තු 08 වනදා රාත්‍රී 11 ට පමණ.

කිරිබත්ගොඩ ගාල හන්දියේ අවන්හලෙන් ආහාර ගැනීමට පැමිණ සිටි ලේකම්වරයා මෙලෙස පහරකෑමට ලක්වු අතර ඔහු බරපතළ තුවාල ලබා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

පහරදීම සිදුකර ඇත්තේ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු (2) වන නිශාන්ත අතුකෝරල සහ දුමින්ද පෙරේරා යි.

ඔවුන් පහරදීම සිදුකරන ආකාරය එම අවහන්හලේ CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.

සංවර්ධන කටයුත්තක් සඳහා වසා දමා තිබූ කිරිබත්ගොඩ නගරයේ රථ ගාල කිරිබත්ගොඩ වෙළෙඳ සංගමයේ ඉල්ලීම මත නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් මෙම පහරදීමට මුල් වී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පහරදීමෙන් පසු මෙම රථගාල යළි වසා දමා ඇති අතර එය නැවත මෙමස 09 වනදා විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ චෝදනා ලැබ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදා හැර ඇති බවයි.

******************************************

(07.04.2021 – 23:40 +0530 – hirunews.lk/sinhala)

අද (07) පස්වරුවේ කාත්තන්කුඩිය ප්‍රදේශයේ මුල්‍ය ආයතනයක ගින්නක් හටගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ. ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

එහි දර්ශන පහතින් :

******************************************

(08.04.2021 – 06:22 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුදැනුම මත සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ සිසුන් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයන් දෙදෙනෙකු (2) ඊයේ ඔලුවිල් ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ මොවුන් දෙදෙනා (2) එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 30 සහ 39 යන වයස්වල පසුවන බවයි ෴

@@@@@@@@@@@

(07.04.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

අද (07) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 138 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

අද (07) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 52 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (07) දිනයේ වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 190 ක් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 03 ක් අද (07) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 591 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++

(07.04.2021 – 21:46 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදියයුතු බවට බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් පෙන්වාදෙනවා.

ඔවුන් පවසන්නේ වයස අවුරුදු 19 ත් 30 ත් අතර කාණ්ඩයේ පසුවන්නන් සඳහා මෙම විකල්පය ආදේශ කළ යුතු බවයි.

මේ වනවිට බ්‍රිතාන්‍යයේ මිලියන 20 කට අධික පිරිසක් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී ඇති අතර ඔවුන් අතරින් පුද්ගලයන් 79 කට ලේ කැටිගැසීම සම්බන්ධ රෝගාබාධ මතුවුනා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙම තත්වය සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත සෘජුවම බලපා ඇති බවට කිසිදු සාක්ෂියක් නැති නමුත් මේ සඳහා එන්නත පසුබිම් විය හැකි බවට වන සාධක තහවුරු වෙමින් පවතින බවයි.

ලොවපුරා ව්‍යාප්තව ඇති කොවිඩ්-19 වසංගතය පාලන කිරීම සඳහා සියයට 90 කට වැඩි ඵලදායිතා ප්‍රතිශතයක් පෙන්වූ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්යාඥයන් කණ්ඩායමක් විසින් එළිදැක්වූ ඇස්ට්‍රා සෙනිකා එන්නතට තිඹිරිගෙයින්ම සැකසංකා මතුවීම විශේෂ සිදුවීමක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් එන්නත් සහනාධාර ක්‍රමය යටතේ කොවිඩ්-19 රෝග ව්‍යාප්ති මර්ධනය සඳහා මෙරට ක්‍රියාත්මක වන්නේ ද ඇස්ට්‍රා සෙනිකා එන්නත්කරණයයි.

මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය පරිපාලන අධිකාරියේ නිලධාරීන් පවසන්නේ ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාගැනීමෙන් අනතුරුව යම් පුද්ගලයෙකුට ශ්වසන අපහසුතා, පපුවේ වේදනා, කකුල් ඉදිමීම, උදරාබාධ, බරපතළ හිසේ රුදාව, සහ එන්නත් කළ ප්‍රදේශය අවට සම රතු වීම සහ කැසීම සිදුවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *