රොන් මඩ ගැටළුවක් නිසා දේවානි ජයතිලක උණුසුම් කථාබහක

රොන් මඩ ගැටළුවක් නිසා දේවානි ජයතිලක උණුසුම් කථාබහක

*********************************************

රොන් මඩ ගැටළුවක් නිසා දේවානි ජයතිලක උණුසුම් කථාබහක

(30.03.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala)

මීගමුව කළපුවේ රොන් මඩ ඉවත් කිරීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය අද (30) ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් පළ කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවුණා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති එම රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා සහ ප්‍රසන්න රණවීර මෙන්ම රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටි අතර එහිදියි එම උණුසුම් තත්වය ඇතිවුණේ.

+++++++++++

+++++++++

******************************************

(30.03.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් ලෙස ලබා ගන්නා ලද රුපියල් 10,000 ක මුදලක් ගිල දැමීම හේතුවෙන් වැලිවේරිය පොලිසියේ නිලධාරියෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැලිවේරිය නගරයේ හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදි අදාළ පොලිස් නිලධාරීයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

එහිදි අල්ලස් වශයෙන් ලබාදුන් රුපියල් 5000 නෝට්ටු දෙක (2) ඔහු විසින් ගිල දමා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

කළුතර ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් නිලධාරියා වැලිවේරිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සේවයේ නියුතු අයෙක්.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට අද (30) දින කරුණු ඉදිරිපත් කල අවස්ථාවේ දී සැකකාර පොලිස් නිළධාරියා අප්‍රේල් 08 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝග කලේ ෴

******************************************

(30.03.2021 – 20:41 +0530 – hirunews.lk/sinhala)

පස්සර 10 කනුව ප්‍රදේශයේදී අද (30) පස්වරු කාලයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඩා ඇළක් මතට පෙරලී තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ සිට අඩි 20 පමණ පහළට ඇද වැටී ඇති මෙම ලොරිය පස්සර ප්‍රදේශයට ගමන් කරමින් සිට ඇති බව පොලීසිය පවසන්නේ

මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් දෙදෙනෙකු (2) තුවාල ලබා පස්සර මහ රෝහලට ප්‍රදේශවාසීන් විසින් ඇතුලත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් පස්සර පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

++++++++++

පස්සර සිට බදුල්ල දෙස ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අද (30) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අඩි 100 ක් පමණ ප්‍රපාතයකට වැටී තිබේ.

පස්සර, කිරි මණ්ඩලය අසල දී එම රිය අනතුර සිදුව ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ සහායකයා බරපතළ තුවාල ලබා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනාම (2) අධික ලෙස බීමත්ව සිටි බව විමර්ශනවල දී අනාවරණය වූ බව පස්සර පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

******************************************

(30.03.2021 – 22:29 +0530 – hirunews.lk/sinhala)

වසරකට රුපියල් බිලියන 600 කට වඩා වැඩි මුදලක් වැය කරමින් පළාත් සභා නඩත්තු කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බැවින් පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බව පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමියන් පවසනවා.

මේ අතර පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

******************************************

(31.03.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

දිනෙන් දින සිදුවන යතුරු පැදි සහ ත්‍රී රෝද රථ අනතුරු නිසා දෛනිකව මිනිස් ජීවිත පහත් හයත් අතර ප්‍රමාණයක් (5 – 6) අහිමි වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ මේ හේතුවෙන් සිදුවන ජීවිත හානි අවම කර ගැනීම සඳහා අද (31) සිට දින හතරක් (4) යතුරු පැදි පරික්ෂා කිරීමේ මෙහෙයුමක් දිවයින පුරා ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී පරික්ෂා කෙරෙන යතුරුපැදි වල ගුණාත්මකභාවය සහ එහි ධාවන තත්ත්වය පිළිබඳව සොයා බැලීමට නියමිතයි.

මෙම මෙහෙයුමේ අරමුණ යතුරුපැදිකරුවන් හෝ ත්‍රීරෝද රථ ධාවකයින් අපහසුතාවට පත් කිරීම නොව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව වඩාත් වැඩි සැලකිල්ලක් දක්වන ලෙස ඒත්තු ගැන්වීම බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ඊයේ (30) දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවූ රිය අනතුරු හේතුවෙන් තවත් මනුෂ්‍ය ජීවිත අටක් (8) අහිමි වුණා.

එම අනතුරුවලින් යතුරුපැදිකරුවන් තිදෙනෙකු (3) පදිකයින් දෙදෙනෙකු (2) සහ වාහන වල ගමන් ගත් තවත් දෙනෙකු (2) මියගියා.

මේ වන විට දිවයිනේ මිලියන 8.3 ක ට ආසන්න රථවාහන ප්‍රමාණයක් ලියා පදිංචි වී ඇති අතර ඉන් සියයට පනස් හයක් (56%) යතුරුපැදි.

ලියාපදිංචි වී ඇති ත්‍රීරෝද රථ ප්‍රමාණය සමස්ත සංඛ්‍යාවෙන් සියයට 16%.

මේ නිසා මහ මග සිදුවන අනතුරු වලින් වැඩි වශයෙන් වින්දිතයන් බවට පත්වන්නේ යතුරුපැදිකරුවන්, පදිකයින් සහ ත්‍රිරෝද රථ ධාවකයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

(31.03.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල, ගල්කිස්ස, අඟුලාන යන ප්‍රදේශවල ඊයේ (30) සිදු කළ වැටලීම් 4 දී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9 ක් සමඟ සැකකරුවන් හතරක් (4) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කතරගම ප්‍රදේශයේදී ගංජා කිලෝ ග්‍රෑම් 6 ක් සන්තකයේ තබා ගත් 32 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙම මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක අතර මත්ද්‍රව්‍ය වලට අදාළ සත්‍ය තොරතුරු ඇත්නම් එම තොරතුරු වහාම පොලිසියට දැනුම් දෙන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලීමක් කර තිබෙනවා ෴

******************************************

(31.03.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු සංසරණය වැඩිවීමක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු පවසන්නේ පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කිරීමට උත්සාහ කළ පුද්ගලයින් සහ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

එළඹෙන උත්සව සමයේදී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු වැඩිවශයෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇති නිසා මුදල් ගනුදෙනු කිරීමේදී විශේෂයෙන්ම රුපියල් පන්දහසේ නෝට්ටුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ඊයේ (30) දිනයේ කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙළඳසැලකට රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් (2) රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී තවත් රුපියල් 5000 යේ ව්‍යාජ නෝට්ටු හතරක් (4) අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන්නේ කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් ෴

******************************************

(31.03.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පොලීසිය සොයාගත් බවුසර් රථ දෙකෙහි (2) අඩංගු පොල්තෙල් සම්පල අද (31) රජයේ රස පරීක්ෂකවරයාට, රේගු දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට භාරදීමට නියමිතයි.

ඊයේ (30) සොයා ගත් මෙම බවුසර දෙකෙහි (2) ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් පවතින බවට මේ වනවිට හෙලිව තිබෙනවා.

විමර්ශන සිදුකරන දංකොටුව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගියදා පිළිකා කාරක අඩංගු පොල්තෙල් ගෙන්වූ සමාගම් තුනෙන් (3) එක් (1) සමාගමක් විසින් මලයාසියාවේ සිට මෙරටට මෙම පොල්තෙල් ගෙන්වා ඇති බවයි.

පසුගියදා පිළිකාකාරක අඩංගු බවට හෙළිවූ බවුසර 13 න් බහුතරයක්ම මෙම පොල්තෙල් ගෙන්වූ සමාගමට අයත් බවට හෙලි වුණා.

මෙම රථවලට මුද්‍රා තබා ඇති අතර, ඒවා දංකොටුව ප්‍රදේශයට රැගෙනවිත් ඇත්තේ සැඟවීමටද යන්න සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශන පවත්වනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂක ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා කියා සිටියේ පසුගිය වසරේ අගභාගයත් මේ වසරේ මුල් භාගයත් අතර කාලය තුළ ඇෆ්ලටොක්සීන් පිළිකාකාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් 95 ක් පමණ හමුවී ඇති බවයි ෴

++++++++++++

******************************************

(31.03.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පරිසරයට එරෙහි වන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් දැනුම් දෙමින් පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වාම මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

පරිසරයට හානි කරන්නන් සහ පරිසර දූෂණය සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා මේ වනවිට 1997 යන දුරකථන අංකය වෙන් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(31.03.2021 – 08:07 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගරයේ විවිධ එජන්සි පවත්වාගෙන යමින් කැනඩාවට රැකියා සඳහා පුද්ගලයින් යොමුකරන බව පවසමින් මුදල් ලබාගත් පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) දිනයේ දී අදාළ සැකකරු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු විවිධ පුද්ගලයින්ගෙන් ලක්ෂ 30 කට ආසන්න මුදල් ප්‍රමාණයක් වංචා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම මුදල් ලබාගැනීමෙන් අනතුරුව අදාළ සැකකරු අතුරුදන්ව සිට ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අත්අඩංගුවට පත් සැකකරු 29 හැවිරිදි අටුලුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද (31) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

******************************************

(30.03.2021 – 13:08 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

(File Photo)

කොළඹ නාගරික ආවරණය වන පරිදි පෞද්ගලික හා රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර, දුම්රිය මාර්ග 4 ක් එහිදි ඉදි කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

රක්ත, හරිත, නීල හා දම් ලෙස එම දුම්රිය මාර්ග නම් කර තිබේ.

1. කිලෝමීටර 42 ක දිගින් යුතුව රක්ත (රතු) දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා ද ,

2. හරිත (කොළ) දුම්රිය මාර්ගය කිලෝ මීටර 28 ක දිගින් යුතු අතර එය මොරටුවේ සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ඉදිකිරීමට නියමිතය.

3. මේ අතර නීල (නිල්) දුම්රිය මාර්ගය කිලෝමීටර 23 ක දිගින් යුතුව ඉදිකෙරෙන අතර එය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ධාවනය වේ.

4. සිව්වන දුම්රිය මාර්ගය වන දම් දුම්රිය මාර්ගය වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ඉදිකිරීමට නියමිතය.

******************************************

කටාර් හි විදෙස් ශ්‍රමික අවම වැටුප ඉහළ ට

(30.03.2021 – 12:13 +0530 – sinhala.adaderana.lk)

කටාර් රාජ්‍යයේ සේවය කරන සියලුම සේවකයින්ගේ අවම වැටුප රියාල් දහසක් (1000) දක්වා ඉහළ දමා ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කටාර් රාජ්‍ය කාර්යාලය පවසයි.

එය මෙරට කටාර් තානාපති කාර්යාලය මගින් ද සහතික කර ඇත. මේ අනුව විදේශ ශ්‍රමිකයන්ට අවම සේවක වැටුප් නිර්ණායක තීරණය කළ මැදපෙරදිග කලාපයේ ප්‍රථම රට කටාර් රාජ්‍ය වේ.

මෙම අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය කටාර් හි සේවය කරන සියලු ම විදේශ ශ්‍රමිකයන්ට බලපැවැත්වෙන අතර, ආයතන හෝ නිවාසවල සේවය කරන සේවකයන්ද ඊට ඇතුළත් වේ ෴

රියාල් දහසක අවම වැටුපට අමතරව නවාතැන් පහසුකම් සහ ආහාර ලබාදිය යුතුවනවා.

එම පහසුකම් ලබා නොදෙන්නේ නම් ආහාර සඳහා රියාල් 300 ක්ද, නවාතැන් සඳහා රියාල් 500 ක්ද වශයෙන් අමතර ගෙවීමක් සේවකයාට ලබාදිය යුතුයි ෴

******************************************

(31.03.2021 – 10:12 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක් සමඟ ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙක් කේරළයේ මිනිකොයි දූපත ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දීය වෙරලආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී යාත්‍රාවේ සිදුකළ සෝදිසියකදී හෙරොයින් කිලෝග්‍රෑම් 300 ට අමතරව රුසියාවේ නිෂ්පාදිත AK 47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 5 ක් සහ ඊට යොදන පතොරම් 1000 ක් ද සොයාගෙන ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ.

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

@@@@@@@@@@@@@@@

(31.03.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයන් 139 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 92,442 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ කොරෝනා දෙවන (2) රැල්ල ආරම්භවීමෙන් පසුව ආසාදිතයන් 200 ට අඩු සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඊයේ (30) දිනයේයි.

නව ආසාදිතයන්ගෙන් 118 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් හත්දෙනෙකු (7) සහ විදේශයන් හි සිට පැමිණි 14 දෙනෙකු මේ අතර වනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 2,786 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 89,090 ක්.

ඊයේ (30) දිනයේ කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර, ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 566 ක් ලෙසයි.

පසුගිය ජනවාරි 29 වනදා ඇරඹුණු එන්නත්කරණ වැඩසටහනට අනුව ඊයේ (30) වනවිට මෙරට පුද්ගලයින් 9,13,219 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී තිබෙනවා ෴

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් (6) අද (31) මෙරටට ලැබීමට නියමිතයි.

එම එන්නත් පළමුව මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගියදා අනුමැතිය ලබාදුන්නා ෴

+++++++++++++++++

(31.03.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala)

ජර්මනිය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එරට ජනතාවට ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට වයස අවුරුදු 60 ට අඩු ජනතාවගෙන් මිලියන 2.7 කට මෙම එන්නත ලබාදී ඇති බවයි.

ඉන් රුධිරය කැටි ගැසීමේ සිද්ධීන් 31 ක් වාර්තා වනවා.

ලොව පුරා ආසාදිතයන් දොළොස් කෝටි අසූ හත්ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය හැත්තෑ තුනක් (12,87,71,573)ලෙස ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වුනේ 28,14,766 ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේ (24) වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවන අතර, එය පිළිවෙලින් දැක්වුණේ 86,704 ක් සහ 3,669 ක් ලෙසයි.

ඉන්දියාවේ ද ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, ගතවූ පැය විසි හතරේ (24) එරටින් ආසාදිතයන් 53,158 ක් වාර්තාවී තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වුණේ 355 ක් ලෙසයි ෴

******************************************

මේජර් ජනරාල් ප්‍රියන්ක ෆනෑන්ඩු නිදහස් වීමේ ඇත්ත කතාව – ජනක අලහප්පෙරුම Talk with Sudaththa (30.03.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *