හාමුදුරුවන්ට අපහාස කරන්න වේසගෑනු යොදාගෙන… එන්.ජි.ඕ.වක් අතේ මාට්ටු….

හාමුදුරුවන්ට අපහාස කරන්න වේසගෑනු යොදාගෙන… එන්.ජි.ඕ.වක් අතේ මාට්ටු….

*********************************************

හාමුදුරුවන්ට අපහාස කරන්න වේසගෑනු යොදාගෙන… එන්.ජි.ඕ.වක් අතේ මාට්ටු….

(28.03.2021 – divaina.com)

හාමුදුරුවන්ට අපහාස කරන්න ගෑනු දාන සැලසුමක්… එන්.ජි.ඕ.වක් අතේ මාට්ටු….

ඉවෝනි පුත්තලම කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. විවාහක ඇය අන්තවාදී කතෝලික ආගමක ප‍්‍රබල සාමාජිකාවකි. එලෙසම රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සම්බන්ධ වී මුදල් මත බුද්ධාගම විනාශ කිරීම සඳහා නොයෙක් ආකාරයේ කුමන්ත‍්‍රණ සිදු කරයි.

අනූපමා බෞද්ධ කාන්තාවකි. ඇය ද වසර කිහිපයක සිට මුදල් මත ඉවෝනි සමඟ එකතු වී බුද්ධාගම විනාශ කිරීම සඳහා කුමන්ත‍්‍රණ සිදු කරයි. ඉවෝනිගේ හොඳම ගෝලයා වන්නේ ද ඇයයි.

පුත්තලම ප‍්‍රදේශයේ එක්තරා කාන්තා සංවිධානයක් තිබේ. ඉන්‍ද්‍රා එම කාන්තා සමිතියේ ප‍්‍රබල සාමාජිකාවකි. එමෙන්ම ඇය පුත්තලම ප‍්‍රදේශයේ මුදලට කාන්තාවන් විකුණන ජාවාරමක් ද හොර රහසේ සිදු කරගෙන යයි.

ගණිකා වෘත්තිය අනිවාර්යයෙන් ම නීති ගත කළ යුතු බවත්, මෙරට යුද හමුදා සෙබළුන් උතුරේ දෙමළ තරුණියන් බලහත්කාරයෙන් දූෂණය කළ බවත් පවසා රට පුරා බොරු ප‍්‍රචාර දියත් කිරීමට ද මෙම කාන්තාව උත්සාහ කළාය. එමෙන්ම ඇය ඉවෝනිලා සමග එකතු වී බුද්ධාගම විනාශ කිරීමට ද කටයුතු සිදු කරයි.

පසුගිය සතියේ එක්තරා දිනක මෙම කාන්තාවන් තිදෙනා මුණගැසී මෙලෙස කතාබස් කළහ.

“ඉවෝනි අපේ ගමේ පන්සලේ නායක හාමුදරුවන්ට පොඩි ගේමක් දෙන්න ඕනෑ”

“ඒක තමයි ඉන්ද්‍රා ඒකනම් නියම අදහසක්. මමත් කල්පනා කළා ඔය ගැන ටික දවසක ඉඳන්. මේ බෞද්ධ කාන්තාවක් වන අනූපමාත් ඉන්නවනේ අපිත් එක්ක.”

“ඔව් ඔව් මම බෞද්ධ නමට විතරයි. ඒක නිසා ඕන දෙයක් කරන්නම්.”

“අනේ ඒක ලොකු දෙයක් අනූ.”

“අපි හොඳ ගේමක් ගහලා පන්සලේ හාමුදුරුවන්ව පන්නලා දාමු.”

“ඒක තමයි ඉන්ද්‍රා, අනිවාර්යෙන්ම කරන්න ඕනෑ. අපේ ආගමෙන් කියන්නෙත් ඒකම තමයි. කොහොම හරි බුද්ධාගම විනාශ කරන්න කියලා. ඒ සඳහා සල්ලිත් ඕන තරම් වියදම් කරනවා.”

“ඒකනෙ ඉවෝනි, අපිට සල්ලි තියෙනවනේ. හොඳ වැඩක් දෙමු එහෙනම් හාමුදුරුවන්ට”

“අනූ මොකක්වත් කල්පනා වෙන්නේ නැද්ද ඔයාට”

“එක පාරට නම් කල්පනා වෙන්නේ නැහැ. බලමු හොඳ වැඩක් අඹරලා දෙන්න හාමුදුරුවන්ට.”

“තියෙනවා කරනවා නම් නියම වැඩක්.”

“මොකක්ද ඉවෝනි ඒ.”

“අපේ ආගමෙන් තමයි හාමුදුරුවන්ට එහෙම කරන්න කියන්නේ.”

“ඒ මොකක්ද? අගේ නොකර ඉක්මනට කියන්නකො.”

“එහෙනම් නෝනලා දෙන්නා හොඳට අහගන්න. අපි තරුණියෝ දෙන්නෙක් ඇඟපත පේන විදිහට අන්දලා පන්සලට යවනවා.”

“එහෙම යවලා මොනවා කරන්නද?”

“පැහෙන්නෙ නැතිව ඉන්නකො. ඊට පස්සෙ කරන දේ මම කියන්නම්. ඒ යන එක් තරුණියකට තියෙන්නේ හාමුදුරුවන්ට සෙක්ස් කතා ටිකක් කියලා පොඞ්ඩක් යාළුකර ගන්න බලන්න. එහෙම බැරිවුණොත් එක පාරට ම හාමුදුරුවන්ව බදාගෙන කෑගහන්න දූෂණය කරන්න හැදුවා කියලා. ඒ එක්කම අනෙක් කෙනා මේ සේරම වීඩියෝ කරන්න ඕන. ඒ එක්කම අපේ ඉන්න සෙට්එක අරන් පන්සලට මම එන්නම්. ඇවිත් හාමුදුරුවන්ටත් ගහලා, පන්සලත් විනාශ කරමු. වීඩියෝ එකත් එක්ක ප‍්‍රචාරය යවමු පන්සලට ආපු තරුණියක්ව හාමුදුරුවෝ දූෂණය කරන්න හැදුවා කියලා. එතැනින් අපේ නාට්‍ය ඉවරයි. හොඳ ගාණක් ගන්නත් පුළුවන්.”

“නියමයි ඉවෝනි නියමයි.”

“ඒත් පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා ඉන්ද්‍රා.”

“මොකක්ද ඒ?”

“පන්සලට යන්න කෙල්ලො දෙන්නෙක් හොයා ගන්නේ කොහොමද?”

“අයියෝ ඒක සුළු දෙයක්නෙ. වෙන කවුරුත් ඕන නැහැ. මමයි අනූයි යන්නම්කො. මොකද කියන්නේ අනූ උඹ කැමතිද මේකට?”

“ආයි අහන්නත් දෙයක්ද අක්කේ.. මම එන්නම්.”

“ඒකනේ කියන්නේ ඉවෝනි. දැන් ප‍්‍රශ්නෙ ඉවරනේ. ඔයා අනිත් වැඩ ටික බලාගන්න. පන්සලට යන්න ඕන දවස විතරක් අපිට කියන්න.”

එම කාන්තාවන් තිදෙනාගේ කතාව එතැනින් අවසන් විය. ඉන් පසු ඉවෝනි තම ආගම් නායකයන්ට ඒ පිළිබඳව දැන්නුවාය. එහිදී එම අන්තවාදී ආගම් නායකයන් ඇයට අවශ්‍ය උපදෙස් ලබා දී පැවසුවේ හැකි ඉක්මනින් එය සිදු කරන ලෙසයි.

ඒ අනුව ඉවෝනි පන්සලේ නායක හාමුදුරුවන් එළවා දැමීම සඳහා ඉන්ද්‍රා සහ අනූ සමග එකතු වී සැලසුම් කළහ. ඒ සඳහා නියමිත දිනයක් සහ වේලාවක් ද සාදා ගත්හ.

එම ප‍්‍රදේශයේ සිටිනා බෞද්ධ විරෝධීන් පිරිසකට ද ඇය මේ පිළිබඳව පවසා පන්සලෙන් හාමුදුරුවන් එළවා දැමීමට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. එම පිරිස ද එක පයින් ම එයට කැමැති වූහ. ඒ අය අතර ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ එම ගමේ ප‍්‍රභූ පිරිසක් ද සිටියහ.

ඉවෝනිගේ සැලසුමට අනුව එම පිරිස කුමන්ත‍්‍රණය කළේ කල්පිටිය පාර දැවව මාංපුරිය ගමෙහි පිහිටි අන්තර් සම්බුද්ධ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වන සුමිත්ත හිමියන් පන්නා දැමීමටයි.

රහසිගතව ඉතාමත් සූක්‍ෂමව පිරිස මෙම කුමන්ත‍්‍රණය සිදුකළත් සුමිත්ත නායක හාමුදුරුවන්ට ඒ පිළිබඳව දැන ගන්නට ලැබුණි. ඒ එම ප‍්‍රදේශයේ ම සිටින ක‍්‍රිස්තියානි ආගමික කාන්තාවක් මාර්ගයෙනි. එම කාන්තාව සිදුවන්නට යන කුමන්ත‍්‍රණය පිළිබඳව අකුරක් නෑර සුමිත්ත හිමියන්ට පැවසුවාය.

සුමිත්ත හිමියෝ වහාම දායක සභාව රැස් කළහ. එලෙස රැස් කර සිදුවන්නට යන දෙන පිළිබඳව ඔවුනට පැවසූහ. ඒ අනුව රැස්ව සිටි දායක පිරිස ඒ පිළිබඳව සාකච්ඡා කරගත යුතු පියවර ගැන තීරණයකට පැමිණියහ.

නියමිත දිනය උදාවිය. දායක සභාවේ සාමාජිකයෝ පිරිසක් කල්වේලා ඇතිව පන්සලට පැමිණියහ. ඔවුහු හොර රහසේම විහාර ගෙය ඇතුළට වී ඉදිරියේදී සිදුවන්නට යන දෙය පිළිබඳව විමසිල්ලෙන් පසුවූහ.

එම පිරිස පැමිණ පැයකට පමණ පසු ඉන්ද්‍රා සහ අනූ පන්සලට පැමිණියහ. එලෙස පැමිණ ගරු සැලකිල්ලක් නොමැතිව සුමිත්ත හාමුදුරුවෝ සමඟ මෙලෙස කතා බස් කළහ.

“ඉතින් හාමුදුරුවනේ කොහොමද සැප සනීප?”

“වරදක් නැහැ. හොඳින් ඉන්නවා. මේ උපාසක නෝනලා දෙන්නා පන්සලට ආවේ විශේෂ හේතුවකට ද?”

“අනේ නැහැ. අපේ හාමුදුරුවන්ව බලලා පොඩ්ඩක් කතා කරලා යන්න ආවේ.”

“එහෙමද? මුලින්ම ගිහිල්ලා බුදුන් වැඳලා එන්න එහෙනම්.”

“බුදුන් වඳින්න ඕනෑ නැහැ. අපි අපේ නායක හාමුදුරුවොත් එක්ක ටිකක් කතා කරලා යන්නං.”

“උපාසක නෝනලාට මගෙන් මොනවද දැන ගන්න ඕනෑ?”

“එහෙම විශේෂ දෙයක් නැහැ. ටිකක් කතා කරමු.”

“ඒක තමයි මම එක පාරක් ඇහුවේ මොනවා ගැන ද කතා කරන්න ඕනෑ කියලා.”

“මේකයි හාමුදුරුවනේ අපි දෙන්නම කැමතියි හාමුදුරුවන්ට.”

“මට ඔය උපාසක නෝනලා දෙන්නා විතරක් නොවෙයි ගමේ හැම දෙනාම වාගේ කැමතියි. මොකද මම ඉන්නේ ඒ අයට ධර්මය අවබෝධ කර දෙන්නනේ.”

“අපිටනම් ධර්මය අවබෝධ කර ගන්න ඕනේ නැහැ. හාමුදුරුවොත් එක්ක ළඟින් ඉඳන් කතාකරන්න තිබුණොත් ඇති.”

“මට හරියට පැහැදිලි නැහැ උපාසකම්මලා කියන කතාව.”

“මේකයි හාමුදුරුවනේ කෙළින්ම කතා කරමුකෝ. අපි කැමතියි හාමුදුරුවොත් එක්ක පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න. ඒක කාටවත් කියන්නේ නැහැ. අපි දෙන්නා විතරයි දන්නේ. මොකද කියන්නේ.”

“ඔය ළමයි දෙන්නට පිස්සුද? මම එහෙම කෙනෙක් නෙමෙයි. බුද්ධ පුත‍්‍රයෙක්. ඔය වගේ කතා කියලා පව් පුරවා ගන්න එපා.”

“අනේ යන්න හාමුදුරුවනේ. ඔය ඕන තරම් සාධුලා එහෙම කරන්නේ. අපි දන්නවා ඒකයි අපිත් ආවේ හාමුදුරුවෝ එක්ක එහෙම එකක් පටන් ගන්න.”

“නිකං බොරු කියලා පව් පුරවා ගන්නේ නැතිව මෙතැනින් පිටවෙලා යන්න ඔය ළමයි දෙන්නා.”

“එහෙම කියන්න එපා. අපිත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න. හාමුදුරුවන්ට හොඳ ෆන් එකක් දෙන්නම්. බලන්න අපි දෙන්නා දිහා කොච්චර ලස්සනද? ආයි මේ වගේ චාන්ස් එකක් එන්නේ නැහැ කවදාවත්.”

“මම ඔය ළමයින්ට හොඳින් තේරුම් කරලා දුන්නා. ඔය වගේ කතා කියලා පව් පුරවා ගන්න එපා. මම එහෙම කෙනෙක් නොවෙයි.”

සුමිත්ත නායක හාමුදුරුවන්ට පැවසීමට හැකි වූයේ එපමණකි. එක්වරම එතැන සිටි කාන්තාවක් කෑ ගසාගෙන නායක හාමුදුරුවන් බදා ගැනීමට ඉදිරියට පැන්නාය. එහෙත් ඇයට ඉලක්කය වැරදුනි. නායක හාමුදුරුවෝ පියවරක් පිටුපසට වූහ. ඒ ක්‍ෂණයකින් ඒ අවට හොර රහසේ සැඟවී සිටි දායක සභාවේ සාමාජිකයෝ ද එම ස්ථානයට පැමිණියහ. ඔවුහු මුල සිටම සිදු වූ දෙය බලා සිටියහ.

කාන්තාවෝ දෙදෙනා තමන් සිදු කරන්නට ගිය කුමන්ත‍්‍රණය වැරදුන බව දැන ගත්හ. ඒ අනුව විහාරස්ථානයෙන් හොර රහසේම පැන ගන්නට උත්සාහ කළහ. එහෙත් එම ස්ථානයේ සිටි දායක සභාවේ සාමාජියෝ එයට ඉඩ නොදුන්හ. ඔවුහු තරයේ එම කාන්තාවන්ට අවවාද කළේ යළි මෙවැනි ක‍්‍රියා සිදු නොකරන ලෙසය.

සිද්ධිය එතැනින් අවසන් වූයේ නැත. මෙම කුමන්ත‍්‍රණයේ මහ මොළකාරිය වූ ඉවෝනි සිටියේ දැඩි කේන්තියකිනි. ඒ තම සැලසුම ක‍්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ නිසා ය. එහෙත් එම ස්ත‍්‍රිය එයින් නතර වූයේ නැත. එම ප‍්‍රදේශයේ පොලිසියේ නිලධාරියෙක් සහ රජයේ උසස් නිලධාරියකු සමඟ එකතු වී සුමිත්ත හිමියන්ට විරුද්ධව මඩ ප‍්‍රචාරයක් ගෙන ගියහ. ඒ සුමිත්ත හාමුදුරුවන් පන්සලට පැමිණි තරුණියකට ලිංගික හිරිහැර කිරීමට සැරසුණු බව පවසමින් ය.

එය සැලවීමත් සමඟම සුමිත්ත හිමියෝ නොරොච්චෝල පොලිසියට ගොස් තමාට සිදු වූ අසාධාරණය පිළිබඳව සාක්‍ෂි සහිතව පැමිණිල්ලක් දැමූහ. පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ. එලෙස ගෙන කළ ප‍්‍රශ්න කිරීම් හමුවේදී එයට අනුබල දුන් මහ මොළකාරිය ද අත්අඩංගුවට ගත්හ. එහිදී අනාවරණයවූයේ අන්තවාදී ක‍්‍රිස්තියානි ආගමක අනුදැනුම ඇතිව සුමිත්ත හිමියන් විහාරස්ථානයෙන් එළවා දැමීම සඳහා මෙවැනි කුමන්ත‍්‍රණයක් සිදුකළ බවයි.

අවසානයේ අධිකරණයට ඉදිරිපත් කළ පසු මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ එම සැකකාර කාන්තාවන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මෙම සිදුවීම සුළුකොට තැකිය නොහැකිය. වර්තමානය වනවිට බුද්ධාගම ඉලක්ක කරගෙන අන්තවාදී ආගම් සහ සමහර රාජ්‍ය නොවන සංවිධාන මෙවැනි කුමන්ත‍්‍රණ සිදු කරයි. මෙහි බරපතළම තත්ත්වය වනුයේ සිවුරු පොරවාගෙන බෞද්ධ භික්‍ෂුන්වහන්සේ වශයෙන් පෙනී සිටිමින් මෙවැනි අන්තවාදීන් භික්‍ෂුවකට නොගැළපෙන ක‍්‍රියා සිදුකර එම විඩියෝ අන්තර්ජාලයට පවා මුදා හැරීමයි.

වගකිවයුතු නිලධාරියනි, මෙවැනි පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව සොයා බලා වහාම නීතිය ක‍්‍රියාත්මක කරන්න. එලෙස නොකළහොත් මෙවැනි අන්තවාදීන් බුදු දහම මෙරටින් සදහටම තුරන් කිරීමට පියවර ගනනවා ඇත.

ගයාන් සමරසිංහ

******************************************

(28.03.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

සාම්පූර් පොලිස් වසමේ ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගොස් සිටියදී කිඹුලෙකු ඩැහැගෙන යාම හේතුවෙන් අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර අද (28) සොයා ගැනුණා.

ඉත්තිකුලම් ගම්මානයේ පදිංචි 15 හැවිරිදි එම සිසුවා ඊයේ (27) පස්වරුවේ මෙම වැවේ දියනෑමට ගොස් තිබුණේ තවත් මිතුරන් දෙදෙනෙකුද (2) සමඟයි.

එහිදී කිඹුලෙකු සිය මිතුරා ඩැහැගෙන ගොස් ඇති බවට අනෙක් දෙදෙනා (2) ප්‍රදේවාසීන්ට දැනුම් දී තිබුණා.

ඒ අනුව පොලිසිය සහ නාවික හමුදාව, ප්‍රදේශවාසින් සමග එක්ව සිසුවා සොයා ඉත්තිකුලම් වැවේ ඊයේ (27) පස්වරුවේ සිට මෙහෙයුම් ආරම්භ කළ අතර ඒ අනුවයි අද (28) දහවල් මළ සිරුර සොයා ගැනීමට හැකි වූයේ.

******************************************

(28.03.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා පොලිස් මූලස්ථානයට මාරු කිරීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා, මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා.

බලපෑම් හේතුවෙන් මොහු මාරු කර යැවුණු බවට සමාජය තුළ කතාබහක් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද සංවාදයට ලක්වුණා.

මොහු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ බලපෑම මත මාරු කර ඇති බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පසුගිය 25 වන දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

+++++++++++++

රාජ්‍ය ඇමැති උදහස් වෙයි… එල්.ටී.ටීයටත් යටත් නොවූ එරික් පෙරේරාට මාරුවක්…! වෙන්නප්පුවේ ජාවාරම් මඬින ඒකකය විසුරුවයි…!!

(28.03.2021 – divaina.com)

******************************************

(28.03.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමයේදී රට තුළ පොල්තෙල් හිඟයක් ඇති විය හැකි බවට පොල්තෙල් ආනයනකරුවන් අනතුරු අගවනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට දෛනික පොල්තෙල් පරිභෝජන අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 300 ත්, 350 ත් අතර පවතින බවයි.

කෙසේ වෙතත්, ආනයනික පොල්තෙල් බහලුම් 13 ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු බවට අනාවරණ වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් එම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනයට පසුගිය දා නිර්දේශ කළා.

අනතුරුව අදාළ පොල්තෙල් වෙළදපොළට නිකුත් නොවන බවට තවදුරටත් තහවුරු කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය අදාළ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙහි ගබඩා මුද්‍රා තැබීමටයි පියවර ගනු ලැබුවේ.

මෙම තත්ත්වය හමුවේ ආනයනික පොල්තෙල් වෙළදපොළට නිකුත් කිරීම අඩාල වී තිබෙනවා.

මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,80,000 ක් පමණ වනවා.

ඉන් දේශීයව මෙට්‍රික් ටොන් 40,000 ත්, 50,000 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන අතර සෙසු අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 1,30,000 ක ප්‍රමාණය සපුරා ගැනෙන්නේ ආනයනික පොල්තෙල්වලින්.

******************************************

(28.03.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

‘දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය’ට සමගාමීව ‘සහල් ආර්ථික මධ්‍යස්ථානය’ක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ, ගොවි සංවිධාන නියෝජිතයින් කළ ඉල්ලීමකට අනුවයි. මේ හරහා වෙළඳපොලේ සහල් මිල පාලනය කළ හැකි බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ ෴

******************************************

(28.03.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala)

පොල් තෙල් අර්බුදය පිළිබඳව මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(28.03.2021 – 21:41 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශයේ බැල්ලකට ඉපදී ඇති කොළ පැහැති පැටවකු පිළිබඳ තොරතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

අපි මේ පිළිබදව පශු වෛද්‍යවරයකුගෙන් අප විමසා සිටියා.

අප කළ විමසීමට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ සතුන්ගේ කළල අවස්ථාවේ ඇති රතු රුධිරාණු ප්‍රසුතියෙදී පුපුරා යන අතර මෙහිදී නිකුත්කරන බිලිවඩීන් වර්ණකය ඇතැම් අවස්ථාවල උපතේදි හමේ තැන්පත් වන බවයි.

ඒ අනුව මෙවැනි වර්ණ සහිතව පැටවුන් බිහිවීමේ හැකියාවක් පවතින බවයි ඔහු කියා සිටියා.

මේ අනුව කොළ සහ නිල් පැහැ පැටවුන් බිහිවීමේ හැකියාවක් පවතින අතර මෙම සංසිද්ධිය ඉතාම විරල අවස්ථාවක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් ඔහු පවසන්නේ හිරුගේ පාරජම්බුල කිරණවලට නිරාවරණය වී ටික දිනකින් මේ තත්ත්වය වෙනස් වන බවයි.

******************************************

(28.03.2021 – 22:21 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සිය යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුව වෙත ලබාදුන්නා.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා ඇති නව ව්‍යවස්ථා සම්පාදන කමිටුව වෙත භාර දෙනු ලැබුවේ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

******************************************

(28.03.2021 – 22:27 +0530 – hirunews.lk/sinhala)

වන අලි ගැටලුවට වහාම විද්‍යාත්මක විසඳුමක් ලබාදෙන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අලි මිනිස් ගැටලුවට එරෙහිව මහියංගන ගොවි ජනතා එකමුතුව පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයට එක්වෙමින්.

අලි මිනිස් ගැටුමට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා මහියංගනයේ ගොවි ජනතා එකමුතුව පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (28) දින 12 ක් ගතවනවා.

එම ස්ථානයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (27) රාත්‍රියේ පැමිණියා.

@@@@@@@@@@@@@@

(28.03.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

යාපනය අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (29) සිට සතියක කාලයකට වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලෙයි මහේෂන් මහතා ප්‍රකාශ කළා.

යාපනය දිස්ත්‍රික්කයේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි ඔහු කියා සිටියේ.

ගත වූ පැය 24 තුළ වාර්තා වූ රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් එනම් 88 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2), රෝගීන් 6 දෙනෙකු, රෝහල් සේවකයින් ඇතුළු 19 දෙනෙකුද ඒ අතර වනවා.

එමෙන්ම, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ඇතුලු 28 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව නතර කර ඇති අතර පවුල් 70 කට අයත් පුද්ගලයින් 204 දෙනෙකු නිරෝධායනයේ පසුවන බවයි වාර්තා වන්නේ.

ලුණුගම්වෙහෙර – අගුණුකොළවැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 18 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

මේ අතර, මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වී අදට වසරක් ගත වනවා. එලෙස මිය ගියේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි සංචාරක මඟ පෙන්වන්නෙක්. වසරක් ඇතුළත මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 559 ක්.

එමෙන්ම, අද (28) දිනයේ කොරෝනා ආසාදිතයින් 168 වාර්තා වූ අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92,000 ඉක්මවා ගියා. එය දැක්වුණේ 92,007 ක් ලෙසයි.

එසේම තවත් ආසාදිතයින් 235 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 88,623 දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2825 ක්.

මේ අතර, බස්නාහිර පළාතේ පාසල්වල සියලු‍ ශ්‍රේණි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව හෙට (29) විවෘත වනවා.

විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ පංති කාමරයක් තුළ සිටින සිසුන් සංඛ්‍යාව අනුව කණ්ඩායම් වශයෙන් බෙදා අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසයි.

කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පසුගිය 15 වැනිදා ආරම්භ කෙරුණා.

මේ අතර, මුම්බායි පුරවරය ඇතුළත් බටහිර ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ යාමත් සමඟ එහි ඇඳිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකක් (2) ලබාදීම හරහා නව කොරෝනා ප්‍රභේදවලට ප්‍රතිචාර දක්වන්නේ ද යන්න සෙවීමේ සායනික පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබදව මේ වන විට විශ්ලේෂණය කරමින් පවතින බව අදාළ සමාගම ප්‍රකාශ කළා.

අද (28) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 69 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද (28) දිනයේ මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 237 ක් හඳුනා ගැනුණා .

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 92,076 ක් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය දෙකක් (2) අද (28) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 561 ක් දක්වා ඉහළ ගියා ෴

@@@@@@@@@@@@@@

අපේ දරුවන් ට නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය – සුදාගෙ තවත් මානුෂික සත්කාරයක් Talk with Sudaththa (28.03.2021)

Sudaa Community Care Foundation
A/C No. : 036010318233
HNB Bank – Rajagiriya

TP No. : 077 506 5788

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *