බස් අනතුරෙන් පසු පලාගිය, ටිපර් රථ රියදුරු සොයා විමර්ශන – බස් හිමිකරුගෙන් හිරුට ඇමතුමක්

බස් අනතුරෙන් පසු පලාගිය, ටිපර් රථ රියදුරු සොයා විමර්ශන – බස් හිමිකරුගෙන් හිරුට ඇමතුමක්

*********************************************

බස් අනතුරෙන් පසු පලාගිය, ටිපර් රථ රියදුරු සොයා විමර්ශන – බස් හිමිකරුගෙන් හිරුට ඇමතුමක්

(20.03.2021 – 20:14 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් ලු‍නුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් පසු, පලා ගිය බස් රථයට ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අනතුරෙන් පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් ලු‍ණුගල සහ පස්සර අතර පිහිටි යපම්ම, හොප්ටන් සහ මීදුම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ජීවිතක්ෂයට පත්වූ අය අතර පාසල් ගුරුවරයෙක් සහ පෙර පාසල් පුහුණු ඩිප්ලෝමාධාරින් දෙදෙනෙකුද සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

අද (20) උදෑසන 07:29 ට ලු‍ණුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්වුණේ ලු‍ණුගල සිට කොළඹ බළා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක්.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් මැදිහත්වී තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර, ප්‍රපාතයට පෙරලු‍ණු බස් රථයේ සිරවී සිටි පුද්ගලයින් මුදා ගැනීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමටයි සිදුවුණේ. එම මෙහෙයුම සඳහා යුද හමුදා සාමාජිකයින්ද එක්ව සිටියා.

අනතුරෙන් තුවාල ලැබූවන් මුදාගැනීමේ මෙහෙයුම අතරතුරදී කඳු මුඳුනේ සිට ප්‍රපාතයට ගලක් පෙරලීමෙන්ද පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබුවා.

ළමයින් පස් දෙනෙකුද ඇතුළුව 33 දෙනෙකු අනතුරෙන් තුවාල ලැබූ අතර, පිරිමි 20 දෙනෙකු සහ කාන්තාවන් 13 දෙනෙකු ඒ අතර වනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ මෘතදේහ කොරෝනා පරීක්ෂණ සිදු කිරිමෙන් පසු හදිසි මරණ පරික්ෂණ පැවැත්විම සඳහා පස්සර රෝහලේ සිට බදුල්ල මහ රෝහලට රැගෙන ගියා.

ලුනුගල – බදුල්ල මාර්ගයේ මෙවැනි මාර්ග අනතුරු සිදුවිය හැකි ස්ථාන කිහිපයක් පවතින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.

අනතුරට ලක්වූ බස් රථයේ හිමිකාරීත්වය දරන නිශාන්ත ජයවර්ධන මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය කටයුතු කළා.

ඔහු සඳහන් කළේ අද අනතුරට පත්වූ බස් රථය පැදවූ රියදුරා බිරිඳට අසනීප වීම හේතුවෙන් නිවාඩු ලබා සිට පැමිණ අද බස් රථය ධාවනය කර ඇති බවයි.

කෙසේවෙතත් ඊයේ (19) දිනයේදී ඔහු බස් රථයේ සේවය නොකළ ද බස් රථයේ ගමන් කර ඇතැයි ද හිමිකරු කියාසිටියා.

මෙම රියදුරා ලුණුගල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි නතරවී බස් රථයේ සේවය කරන බවයි ඔහු සඳහන් කළේ.

බස් රථයේ සේවයට රියදුරන් තුන්දෙනෙකු (3) සිටින අතර කොන්දොස්තරවරුන් දෙදෙනෙකු (2) ද සිටින බව හිමිකරු ප්‍රකාශ කළා.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් තිබෙනවා.

බස් රථ ප්‍රපාතයට පෙරලීමට පෙර මාර්ගයේ පටු ස්ථානයේ අදාළ ටිපර් රථය නවතාගෙන සිටින අයුරු සී.සී.ටී.වී. දර්ශනවල සඳහන්.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර මෙම මාරක බස් රථ අනතුරින් එහි රියදුරා මියගොස් නොමැති බවට මේවනවිට අනාවරණ වී තිබෙනවා.

රියදුරා මේවන විට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මීට පෙර ප්‍රකාශ කෙරුනේ මෙම අනතුරින් බස් රථයේ රියදුරා ද මියගිය බවටයි.

රියදුරු අසුනේ සිරවී සිටි පුද්ගලයෙකු පිටතට ගැනීමේදී ඔහු මියගොස් සිටි අතර එම පුද්ගලයා රියදුරා නොවන බව මේවන විට හෙළිවී තිබෙනවා.

බස් රථයේ රියදුරු ලුණුගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක් වන අතර අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ ද්විත්ව වංගුවක් ඇති ස්ථානයක වන අතර මෙම ස්ථානයේ ඇති සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට ද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නා.

මෙම බස් රථය සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් තාක්ෂණික පරීක්ෂාවක් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් බස් රථය සම්පූර්ණයෙන් හානි වී ඇති බැවින් එම පරීක්ෂාව සිදු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

මෙම අවාසනාවන්ත අනතුරට එක් හේතුවක් වූ ගල් පර්වතය ලු‍නුගල – බදුල්ල මාර්ගයට පෙරලි මේ වනවිට මාස 6 ක් පමණ ගත වී තිබෙනවා.

එසේම බස්රථය ප්‍රපාතයට පෙරලු‍නු ස්ථානයේ කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් මීට පෙර නොතිබූ අතර අනතුරින් පසු එහි අනතුරු ඇඟවෙන සංඥා සවිකරන අයුරු දක්නට ලැබුණා.

++++++++++++++

පස්සර බස් අනතුරින් පසු පළාගිය ටිපර් රථ රියදුරා අත්අඩංගුවට

(21.03.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

පස්සර ප්‍රදේශයේ මාරක බස් රථ අනතුරින් පසු පළාගොස් සිටි ටිපර් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

45 හැවිරිදි සැකකරු පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේදීයි.

එම ටිපර් රථය එම ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් බවට ද හෙළිවී තිබෙනවා.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් තිබුණා.

බස් රථ ප්‍රපාතයට පෙරලීමට පෙර මාර්ගයේ පටු ස්ථානයේ අදාළ ටිපර් රථය නවතාගෙන සිටින අයුරු සී.සී.ටී.වී. දර්ශනවල සඳහන්.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

බස් රථයේ රියදුරා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ලබාගෙන තිබෙනවා.

ඔහු මත්පැන් හෝ මත්ද්‍රව්‍යයක් ලබාගෙන සිටියේ ද යන්න පරීක්ෂා කිරීම එහි අරමුණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

රියදුරු ලුණුගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්.

මීට පෙර ප්‍රකාශ කෙරුනේ මෙම අනතුරින් බස් රථයේ රියදුරා ද මියගිය බවටයි.

රියදුරු අසුනේ සිරවී සිටි පුද්ගලයෙකු පිටතට ගැනීමේදී ඔහු මියගොස් සිටි අතර එම පුද්ගලයා රියදුරා නොවන බව පසුව හෙළිවුණා.

මේ අතර අනතුරින් තුවාල ලැබුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට සහ විද්‍යාත්මක සාක්ෂි පිළිබඳ දත්ත සොයා ගැනීමට ද පියවර ගන්නා බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

අනතුර සිදුවී ඇත්තේ ද්විත්ව වංගුවක් ඇති ස්ථානයක වන අතර මෙම ස්ථානයේ ඇති සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට ද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නා.

මෙම බස් රථය සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් තාක්ෂණික පරීක්ෂාවක් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් බස් රථය සම්පූර්ණයෙන් හානි වී ඇති බැවින් එම පරීක්ෂාව සිදු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

මෙම අවාසනාවන්ත අනතුරට එක් හේතුවක් වූ ගල් පර්වතය ලු‍නුගල – බදුල්ල මාර්ගයට පෙරලි මේ වනවිට මාස 6ක් පමණ ගත වී තිබෙනවා.

ලුනුගල – බදුල්ල මාර්ගයේ මෙවැනි මාර්ග අනතුරු සිදුවිය හැකි ස්ථාන කිහිපයක් පවතින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.

එසේම බස්රථය ප්‍රපාතයට පෙරලු‍නු ස්ථානයේ කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් මීට පෙර නොතිබූ අතර අනතුරින් පසු එහි අනතුරු ඇඟවෙන සංඥා සවිකරන අයුරු දක්නට ලැබුණා.

අනතුරට ලක්වූ බස් රථයේ හිමිකාරීත්වය දරන නිශාන්ත ජයවර්ධන දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය කටයුතු කළා.

ඔහු සඳහන් කළේ අනතුරට පත්වූ බස් රථය පැදවූ රියදුරා බිරිඳට අසනීප වීම හේතුවෙන් නිවාඩු ලබා සිට පැමිණ ඊයේ බස් රථය ධාවනය කර ඇති බවයි.

කෙසේවෙතත් පෙරේදා දිනයේදී ඔහු බස් රථයේ සේවය නොකළ ද බස් රථයේ ගමන් කර ඇතැයි ද හිමිකරු කියාසිටියා.

මෙම රියදුරා ලුණුගල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි නතරවී බස් රථයේ සේවය කරන බවයි ඔහු සඳහන් කළේ.

බස් රථයේ සේවයට රියදුරන් තුන්දෙනෙකු සිටින අතර කොන්දොස්තරවරුන් දෙදෙනෙකු ද සිටින බව හිමිකරු ප්‍රකාශ කළා.

මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් ලු‍ණුගල සහ පස්සර අතර පිහිටි යපම්ම, හොප්ටන් සහ මීදුම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ජීවිතක්ෂයට පත්වූ අය අතර පාසල් ගුරුවරයෙක් සහ පෙර පාසල් පුහුණු ඩිප්ලෝමාධාරින් දෙදෙනෙකුද සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

ඊයේ උදෑසන 7.29 ට ලු‍ණුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්වුණේ ලු‍ණුගල සිට කොළඹ බළා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක්.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් මැදිහත්වී තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර, ප්‍රපාතයට පෙරලු‍ණු බස් රථයේ සිරවී සිටි පුද්ගලයින් මුදා ගැනීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමටයි සිදුවුණේ. එම මෙහෙයුම සඳහා යුද හමුදා සාමාජිකයින්ද එක්ව සිටියා.

අනතුරෙන් තුවාල ලැබූවන් මුදාගැනීමේ මෙහෙයුම අතරතුරදී කඳු මුඳුනේ සිට ප්‍රපාතයට ගලක් පෙරලීමෙන්ද පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබුවා.

ළමයින් පස් දෙනෙකුද ඇතුළුව 33 දෙනෙකු අනතුරෙන් තුවාල ලැබූ අතර, පිරිමි 20 දෙනෙකු සහ කාන්තාවන් 13 දෙනෙකු ඒ අතර වනවා.

++++++++++++++

පස්සර බස් අනතුර ගැන ගමනාගමන කොමිසමෙන් පූර්ණ වාර්තාවක් ඉල්ලයි

(21.03.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් ලු‍නුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් පූර්ණ වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඒ, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින්.

මෙම අනතුරත් සමඟ ඉදිරි සති දෙක (2) ඇතුළත දැඩි තීන්දු තීරණ කිහිපයක් ගැනීමට කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, ඊයේ (20) රිය අනතුර සිදුවූ ස්ථානයේ කලක සිට මාර්ගයට ඇද වැටී තිබූ විශාල ගල ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අදාළ ගල ඉවත් කිරීමට මීට පෙර පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මාර්ගය සංවර්ධනය කළ කොන්ත්‍රාත් සමාගමට උපදෙස් ලබාදී තිබූ බවයි.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කලක සිට මාර්ගයට ඇද වැටී තිබූ ගල ඉවත් කිරීමට බලධාරීන් පියවර නොගත් බවයි.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසියද සඳහන් කළේ ඉදිරියේදී මාර්ග සංවර්ධන අධිකාරියෙන්ද මේ පිළිබඳව විමසීමක් සිදුකරන බවයි.

කෙසේ වෙතත්, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයට වැටී තිබූ කළු ගල ඉවත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදුන් බව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා කියා සිටියා.

ලු‍නුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් ලු‍ණුගල සහ පස්සර අතර පිහිටි යපම්ම, හොප්ටන් සහ මීදුම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ළමයින් පස් දෙනෙකු (5) ද ඇතුළුව 33 දෙනෙකු අනතුරෙන් තුවාල ලැබූ අතර, පිරිමි පුද්ගලයන් 20 දෙනෙකු සහ කාන්තාවන් 13 දෙනෙකු ඒ අතර වුණා.

තුවාල ලැබූවන් අතරින් 03 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, අනතුරෙන් පසු, පලා ගිය බස් රථයට ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++

Photos from lankadeepa.lk

++++++++++++

පස්සර අනතුරේ වගකීම සෙවීමට ත්‍රිපුදගල (3) කමිටුවක් – දේශපාලනඥයින් සහ නිලධාරීන් කඹ ඇදිල්ලක

(21.03.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

ලුණුගල පස්සර ප්‍රදේශයේ ඊයේ (20) සිදුවූ මාරක අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව මහාමාර්ග අමාත්‍යංශ ලේකම් R.W.R. ප්‍රේමසිරි මහතා පවසනවා.

ඔහු කියාසිටියේ මේවන විටත් 3 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම අනතුර සිදුවූ එම ප්‍රදේශයට ගොස් සොයා බලමින් සිටින බවයි.

මෙම කමිටුවට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු (2) සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළත්.

මෙහිදී මාර්ග සංවර්ධනයේදී යම් අඩුපාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදුවී ඇත්ද යන්න සොයා බලන අතර මාර්ගයට කඩා වැටුණු ගල් පර්වතය මෙපමණ කලක් තිස්සේ ඉවත් නොකිරීමට හේතුව ද සොයා බලන බවයි ලේකම්වරයා කියාසිටියේ.

අනතුර සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් පසු, මරණයට පත්වූවන්ගේ ඥාතීන්ට සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව ද මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියා.

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කියාසිටියේ කඩාවැටී ඇති මෙම ගල් පර්වතය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පස්සර ලුණුගල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ප්‍රශ්න කර ඇති බවයි.

කෙසේවෙතත් ජීවිත 14 කින් වන්දි ගෙවන තුරුත් එය නිවැරදි කර ගැනීමට නොහැකි වු බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම අනතුර සහ ඉන් සිදුවූ ජීවිත හානි පිළිබඳ ඍජු වගකීම පැවරෙන්නේ කාට ද යන්න සොයා බලා මින් ඉදිරියට එවැනි අනතුරු සිදු නොවීමට ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළා.

ඊයේ (20) පෙරවරුවේ ලුණුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අඩි 300 කට පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් ළමයින් පස්දෙනෙකු ඇතුලුව 33 දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් තවදුරටත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ජීවිත ගණනකට මරු කැඳවූ මෙම අනතුරෙන් පසුව ප්‍රධාන කාරණ කිහිපයක් පිළිබඳව අවධානය යොමුවුණා.

ඉන් එක් කරුණක් වූයේ අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ ප්‍රමිතියයි.

මීට මාස හයකට (6) පමණ ඉහතදී එම ස්ථානයට ගලක් පෙරළීමෙන් මාර්ගයේ කොටසක් අවහිර වී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාව වනවිටත් එය ඉවත් කිරීමට බලධාරීන් පියවර නොගත් බවටයි ප්‍රදේශවාසීන් චෝදනාකළේ.

එමෙන්ම අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අයිනේ ආරක්ෂිත වැටද ඉදිකර නැහැ ෴

******************************************

(20.03.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

තමා පරිසරය ආරක්ෂා කරන්නෙකු මිස ඊට එරෙහි වන්නෙකු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ නුවරඑළිය – වලපනේ ප්‍රදේශයේ පැවති ‘ගම සමඟ පිළිසඳරක්’‍ වැඩසටහනට අද (20) එක්වෙමින්.

දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලු‍ සඳහා එම ගම්මානවලටම ගොස් විසදුම් ලබා දීමට ක්‍රියාත්මක කරන ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ 15 වැනි අදියර අද (20) පැවැත්වුණේ වලපනේ – යොඹුවැල්තැන්න ප්‍රදේශයේදීයි.

******************************************

(20.03.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

සංවේදී පරිසර පද්ධතියක් සහිත රූමස්සල කන්ද හරහා මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව අද (20) විරෝධතාවක් පැවැත් වුණා.

ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති මෙම විරෝධතාව සඳහා පරිසර සංවිධාන, සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

මේ අතර කොත්මලේ ඔයට ජලය ගලාබසින පූඩළුඔය හරස්කරමින් පුද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසකයට ප්‍රදේශවාදීන්ගේ විරෝධය එල්ල වුණා.

ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කර තිබෙනවා.

මේ අතර කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග එම ඉඩම් වල පදිංචිකරුවන් ඊයේ (19) කන්තලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

ත්‍රස්තවාදී බලපෑම් හේතුවෙන් සිය ගම්මාන අතහැරගොස් සිටි කන්තලේ වාන්ඇළ ප්‍රදේශයේ ජනතාව නැවත එම ප්‍රදේශයට පැමිණ කැළෑ ප්‍රදේශයක් එළිපෙහෙළි කර පදිංචි වී තිබෙනවා.

කන්තලේ වන සංරක්ෂණ නිලධාරීන් මීට මාසයකට පමණ ඉහතදී එම ඉඩම්වලින් ඉවත්වන ලෙස ඔවුන්ට දන්වා ඇත්තේ ඒවා අනවසර ඉඩම් බව පවසමින්.

ඒ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක්ද හටගෙන ඇති අතර එම ස්ථානයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ප්‍රාදේශිය සභා මන්ත්‍රි විජය වික්‍රම ළමාහේවා මහතාද පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් සිය රාජකාරියට බාධා කල බවට කන්තලේ වනජිවි නිළධාරින් කල පැමිණිල්ලකට අනුව අදාළ මන්ත්‍රිවරයා කන්තලේ පොලීසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගත්තා.

ඒ සමග අදාළ ඉඩම්වල පදිංචි පිරිස කන්තලේ පොලීස් ස්ථානය අසළට පැමින මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කළා.

******************************************

(20.03.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ සෑම නගරයකම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් අලෙවි කිරීමට කටයුතු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

පොළොන්නරුවේදී අද (20) පැවති රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ ජංගම අලෙවි රථ භාවිත කරමින් එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි.

මේ අතර ලබන කන්නයේදී වී මිලදී ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (19) පස්වරුවේ සහල් මිල සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී.

******************************************

(20.03.2021 – 21:19 +0530 – hirunews.lk/sinhala)

බංග්ලාදේශයේ දෙදින නිල සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා මහත්මිය සහ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා එක්වුණා.

අනතුරුව, දෙරට අතර අවබෝධතා ගිවිසුම් 6 කටද අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන රාජතාන්ත්‍රික සහ වෙළඳ සබඳතා, කෙරෙහි මෙහිදී අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

සෘජු ගුවන් ගමන් සේවා පුළුල් කිරීම මඟින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් මෙන්ම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සහ මිනිස් ජාවාරම් මැඩලීමට අවශ්‍ය ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීම කෙරෙහිද දෙරටේ අග්‍රාමාත්‍යවරුන් මෙහිදී සාකච්ඡාකර තිබෙනවා.

ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ගෙන ඇති පියවර මෙහිදී බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා මහත්මිය ප්‍රශංසාවටද ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

නිල සංචාරයක් සඳහා එළඹෙන වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී බංග්ලාදේශ අගමැතිනියට ආරාධනා කර තිබුණා ෴

******************************************

(20.03.2021 – 21:32 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ වන සංවේදී කලාප රැසක ජනතාව පදිංචි වී සිටින බව ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය පවසනවා.

වන සංරක්ෂණය සඳහා එම ඉඩම් ජනතාවගෙන් නිදහස් කර ගතයුතු බවට ඇය සඳහන් කිරීමත් සමඟ අද (20) පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම උණුසුම් වුණා.

මේ අතර දේවානි ජයතිලක මහත්මියගේ ක්‍රියා කලාපය සහ රටපුරා සිදුවන වන විනාශයන් සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදහස් පළ කළා.

@@@@@@@@@@@@@@@

(20.03.2021 – 20:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත මරණයක් වාර්තාවීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 545 ක් දක්වා ඉහළ ගියා.

මියගොස් ඇත්තේ බූවැලිකඩ ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පුද්ගලයෙක්. මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 14 වනදායි ඔහු මරණයට පත්වී ඇත්තේ. මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 188 දෙනෙකු ද වාර්තාවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *