ශ්‍රී ලන්කන් සමාගම එයාර්බස් සමාගමෙන් රුපියල් කෝටි 20,000 ක් වන්දි ඉල්ලයි

ශ්‍රී ලන්කන් සමාගම එයාර්බස් සමාගමෙන් රුපියල් කෝටි 20,000 ක් වන්දි ඉල්ලයි

*********************************************

ශ්‍රී ලන්කන් සමාගම එයාර්බස් සමාගමෙන් රුපියල් කෝටි 20,000 ක් වන්දි ඉල්ලයි

(19.03.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රංශයේ එයාර්බස් ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

එය මෙරට මුදලින් රුපියල් කෝටි 20,000 ට ආසන්නයි.

බ්‍රිතාන්‍ය බරපතල වංචා විමර්ශන කාර්යාංශය, එයාර්බස් සමාගම සිදුකල ගනුදෙනු සම්බන්දයෙන් සිදුකල විමර්ශනයකදී එම සමාගම ලොව විවිද රටවල ගුවන් යානා මිලදී ගැනීමේ ටෙන්ඩර් ලබා ගැනීම සඳහා අල්ලස් ලබා දී ඇති බව හෙළි වුණා.

2013 වසරේදී A 350-900 ගුවන් යානා 4 ක් මිලදී ගැනීම සඳහා මෙම සමාගම සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ගිවිසුමකට එළඹුනා.

එම ගිවිසුමේ ඇති අක්‍රමිකතා සම්බන්දයෙන්ද බ්‍රිතාන්‍ය බරපතල වංචා විමර්ශන කාර්යාංශය සිදු කල විමර්ශනයේදී හෙළිවී තිබුනා.

පසුගිය යහපාලන රජය සමයේ මෙම ගිවිසුම අවලංගු කිරීම හේතුවෙන් එයාර්බස් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 98 ක වන්දියක්ද ගෙවීමට සිදුවූ අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1960 ක්.

ශ්‍රී ලන්කන් සමාගම මෙම වන්දි ඉල්ලීමට අමතරව ගුවන් යාන මිලදී ගැනීම සඳහා එයාර්බස් සමාගමට ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 19 ක් වූ අත්තිකාරම් මුදලද නැවත ඉල්ලා ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකයෙක් සඳහන් කලේ ෴

******************************************

(19.03.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

සතොස හරහා සහන මිලට සහල් ලබා ගැනීමේ හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ජා-ඇල ප්‍රදේශයේ ඊයේ (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

සතොස හරහා රුපියල් 100 ට අඩුවෙන් සහල් ලබාදීම සිදුකරන බවත්, කිලෝ පහක් (5) එකවර ලබාගැනීමේ හැකියාව පවතින බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

******************************************

(19.03.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

අවි ආයුධ, උණ්ඩ සහ හෙරොයින් විශාල ප්‍රමාණයක් රැගත් යාත්‍රා 3 ක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මිනිකෝයි නමැති දිවයින් වලට ඔබ්බෙන් මුහුදේදී අත්අඩංගුවට ගත් මෙම යාත්‍රාව ඒ.කේ. 47 වර්ගයේ ප්‍රහාරක තුවක්කු 5 ක්, ජීව උණ්ඩ වට දහසක් (1000) සහ හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක් පමණ තිබූ බවයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ.

මෙම දිවයින් වලට නුදුරින් පිහිටි ලක්ෂද්වීප් ආසන්නයේදී මීට සති දෙකකට (2) පෙර ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 3 ක් අත්අඩංගුවට ගැණුනේ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ බවට තොරතුරු ලැබීමෙන් අනතුරුවයි.

එලෙස අත්අඩංගුවට ගත් ආකර්ශා දුව යාත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 260 ක් රැගෙනවිත් ඇති බවත්, පසුව ඒවා මුහුදට දමා ඇති බවත් ඉන්දීය වෙරළාරක්ෂකයන් ප්‍රකාශ කළා.

එම යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු මේ වනවිට ඉන්දීය අත්අඩංගුවේ පසුවනවා ෴

******************************************

(19.03.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

රනිල් අත්අඩංගුවට නොගන්නේ ඇයි ? බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

******************************************

(19.03.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

නීතියේ කන්‍යාව දූෂිත තත්වයට පත්කළා – රෑ වෙනකල් අධිකරණ ඇරගෙන හිටියා

විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාද පවත්වා නීතියේ ස්වාධීනත්වය නැති කිරීමට පැවති රජය කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

හිරු ටී.වී. බලය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

******************************************

(19.03.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

මහජනතාවගේ මතය අනුව පළාත් සභා යනු ඵලක් නොමැති දෙයක් බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

මේ අතර තවත් පාර්ශව කිහිපයක් මේ පිළිබඳව අදහස් පල කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *