ඉස්ලාම් ත්‍රස්තවාදීන් බේරා ගැනීමට ‘මුජුබර් රහුමාන්’ මැදිහත් වූ හැටි මෙන්න

ඉස්ලාම් ත්‍රස්තවාදීන් බේරා ගැනීමට ‘මුජුබර් රහුමාන්’ මැදිහත් වූ හැටි මෙන්න

*********************************************

ඉස්ලාම් ත්‍රස්තවාදීන් බේරා ගැනීමට ‘මුජුබර් රහුමාන්’ මැදිහත් වූ හැටි මෙන්න

(17.03.2021 – colombotoday.com)

ශ්‍රී ලංකාව ඉස්ලාම් කිරීමට කුමන්ත්‍රණය කල බවට පාස්කු කොමිසමෙන් චෝදනා එල්ලවූ පසුගියදා අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ හිටපු නායක ‘හජ්ජුල් අක්බර්’ මීට ඉහතදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුව බේරා ගැනීම සඳහා ‘මුජුබර් රහුමාන්’ දැඩි පරිශ්‍රමයක් යොදා තිබෙනවා.

2019 වසරේ ඔක්තෝබර් 25 දින කොළඹ අපරාධ කොට්ඨාසය මගින් හජ්ජුල් අක්බර් මාවනැල්ලේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඊට දින කිහිපයකට පසු එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කල දැන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් විසින් හජ්ජුල් අක්බර් පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදි.

හජ්ජුල් අක්බර් බේරුවල ‘නලීමියා’ විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් නීතිය පිළිබඳව උපාධියක් ලැබූ විද්වතෙක් බව එම ප්‍රකාශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පෙන්වා දෙන ලද අතර පාස්කු කොමිසම අන්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වා ඇති ‘ජමාත්තේ ඉස්ලාමි’ සංවිධානය පිළිබඳව ගුණ වයුමක්ද සිදුකරන ලදි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බාර් පසුව කොන්දේසි විරහිතව නිදහස් කිරීමට කටයුතු කරන ලදි.

හජ්ජුල් අක්බර් පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ 270 වන පිටුවේ මෙලෙස නිර්දේශ ලබා දී ඇත :

‘හජ්ජුල් අක්බර් යනු ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයේ ප්‍රධාන මතවාදීන්ගෙන් කෙනකු බව පරීක්ෂණ කොමිෂන් සභාවෙහි මතයයි. ඔහු ආගමික වෛරය සහ නොඉවසීම ප්‍රවර්ධනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ෂරීයා නීතිය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමට මුස්ලිම්වරුන් පොළඹවා ඇත. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.’

හජ්ජුල් අක්බර් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කෑ මොර දුන් මුජුබර් රහුමාන් :

******************************************

පාස්කු කොමිසම පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කල මරාගෙන මැරුණු ‘ජමීල්’ගේ මාමාව ඇමති කෙහෙළිය ගුවන් විදුලි සංස්ථාට පත්කරලා

(17.03.2021 – colombotoday.com)

දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල ‘ජමීල්’ නැමැත්තාගේ සහෝදරියට තම පුත්‍රයා විවාහකර දුන් ‘අහමඩ් මුනව්වර්’ නැමැත්තා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයේ උපදේශක සභාවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මීට මාස කිහිපයකට පෙර පත්කර ඇත.

පස් දෙනෙකුගෙන් (5) යුත් උපදේශක මණ්ඩලයට ‘මුස්ලිම් සලාහුදීන්, අහමඩ් මුනව්වර්, ෆස්ලුල් රහ්මාන්, ෆසාල් මරික්කාර් සහ රාසික් සරුක්’ පත්කර තිබුණි. ඔවුන් අන්තවාදී දේශනා සිදුකරන බවට සාම්ප්‍රධායික මුස්ලිම් සමාජයෙන් ලැබුණු පැමිණිලි මත ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා විසින් වාරණය කරනු ලැබූ පුජකයින්ට නැවතත් මුස්ලිම් සේවයේ අවස්ථාව ලබාදීම සඳහා උත්සහ කර ඇත. සභාපතිවරයා වාරණය කල පුජකයන් වන්නේ ‘යුසුෆ් මුෆ්ති, ෆලීල් නලීමි, අබ්දුල් හාලික්, මුර්සිඩ් මුලෆ්ෆර්’ යන පුද්ගලයින්ය.

අහමඩ් මුනව්වර් පත්වීම ලබාගත් අයුරු

මේ පිළිබඳව අප මීට ඉහතදී වාර්තා කල පුවත :
[ අන්තවාදීන් ගුවන්විදුලියේ මුස්ලිම් සේවය ග්‍රහණයට ගැනීමේ දැඩි උත්සාහයක ]

‘අහමඩ් මුනව්වර්’ පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සිංහල පිටපතේ 59 වන පිටුවේ මෙලෙස සඳහන් වේ.

‘වහබ්වාදී වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා යම් කාලයක් පුරා විකාශය කළ බවට සාක්ෂි ද කොමිෂන් සභාව වෙත අසන්නට ලැබුණි. IS සහ වහබ්වාදයට එරෙහිව කතා කළ කෙනකුට ගුවන් කාලයක් ලබා නොදුනි. සාක්ෂිවලින් පෙනී යන්නේ අහමඩ් මුනව්වර් මේ සඳහා වගකිව යුතු බවත් ඔහුගෙන් ප්‍රශ්න කළ විට SLJI විසින් එම පුද්ගලයාට කිසිදු ගුවන් කාලයක් ලබා දීමට අකමැති බැවින් එය සිදුකළ බවත්ය. අහමඩ් මුනව්වර්ගේ පුතා විවාහ වී සිටින්නේ ජමීල් ගේ සහෝදරිය සමඟයි. කාල සීමාව නිසා අහමඩ් මුනව්වර්ට එරෙහිව කොමිෂන් සභාව කිසිදු සොයාගැනීමක් නොකරන නමුත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස නිර්දේශ කරයි.’

‘ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් කාලය NIDA පදනම විසින් වෙනත් ආගම් වලට අයත් පුද්ගලයින් ඉස්ලාම් ආගමට හරවා ගැනීම සඳහා යොදා ගත් බවට සාක්ෂි ද අසන්නට ලැබුණි.’

මෙවැනි වාතාවරණයක් තුල ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ ඉවත් කිරීමට සියුම් සැලසුම් ක්‍රියාත්මක වී තිබිණ. දැන් දිග හැරෙන්නේ එම සැලසුම්වල දිගුවක් දැයි ප්‍රශ්නාර්ථයක් ජනතාව හමුවේ ඇත.

ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල දැන හෝ නොදැන උගුලකට හසුවී සිදුකල පත්වීම අවලංගු කර අන්තවාදීන්ගේ තෝතැන්නක් බවට ගුවන් විදුලි සංස්ථාව පත්වීම වැලක්වීමට පියවර ගැනීමට තවමත් ප්‍රමාද මන්ද? තවදුරටත් එලෙස ප්‍රමාද වන්නේනම් ‘මුනව්වර්’ මෙන් අනික් පුද්ගලයින් පිළිබඳවද ජනතාව දැනුවත් කිරීමට අපට සිදුවන අතර එය දේශපාලනිකව අග්‍රාමාත්‍යවරයාටත් අමාත්‍යවරයාටත් චෝදනා එල්ලවිය හැකි බව පමණක් මතක් කර තබන්නෙමු ෴

******************************************

මත්ද්‍රව්‍යය ජාවාරම්කාර මුස්ලිම් ජාතිකයා ලක්ෂ ගණනින් ත්‍රිකුනාමලයේ පිහිටි මුස්ලිම් බැංකුවක අන්තවාදීන්ගේ ගිණුමට මුදල් බැර කරලා

(17.03.2021 – 05:53 +0530 – lankaleadnews.com)

අන්තවාදී සංවිධානයක් විසින් පවත්වාගෙන යන බැංකු ගිණුමකට රුපියල් ලක්‍ෂ 9800 ක (කෝටි 98 ක්) මුදලක් බැරවීම සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. අදාල බැංකුව පිහිටා ඇත්තේ ති‍්‍රකුණාමලය නගරයේ බවද එම වාර්තා තවදුරටත් පවසා සිටී.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ මුස්ලිම් බැංකුවේ ඇති අන්තවාදී සංවිධානය විසින් පවත්වාගෙන යන බැංකු ගිණුමට මෙරට මහා පරිමාණ මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් බැරකර ඇති බවයි.

පසුගියදා පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ තමන් උපයන මුදල් වලින් කොටසක් මෙම බැංකුවේ ඇති අන්තවාදී සංවිධානයේ ගිණුම වෙත බැර කරන බවයි.

2013 වර්ෂයේ සිටම මෙම අන්තවාදී සංවිධානයට අයත් ගිණුම පවත්වාගෙන යන අතර ඊට මුදල් බැරවූ ආකාරය සොයා පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බවද වාර්තාවේ.

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අදාළ මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍යය ජාවාරම්කාර සැකකරු පෑලියගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙත ඊයේ (15 දා) භාර දුන් බවද වාර්තාවේ ෴

******************************************

දුමින්ද දිසානායක ‘සබීතාපායෙන්’ පොහොට්ටුවට පනීද?

(17.03.2021 – 18:59 +0530 – lankaleadnews.com)

2015-1-15 සිට 2018-12-31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සොයා බැලීමට වත්මන් ජනපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී.

එම කොමිසම විසින් පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දැඩි මතභේදයට තුඩුදුන් දුමින්ද දිසානායක අමාත්‍ය ධූරය දැරූ කෘෂිකර්ම අමාත්‍යාංශයට රාජගිරියේ පිහිටි ‘ඩී.පී. ජයසිංහ’ ගොඩනැගිල්ල කුලියට ගැනීමට වැය කළ රුපියල් මිලියන 1369.7 ක මුදලක් සම්බන්ධයෙන් වන සිද්ධිය ඇතුළුව දූෂිත සිද්ධීන් 15 ක් පිළිබඳව සිය නිර්දේශයන් ලබා දී තිබේ.

‘සබීතාපාය’ ගොඩනැගිල්ලේ සිද්ධිය ලෙස වඩාත් ප්‍රකට වූ මෙම ගනුදෙනුවේ සිදුව ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව වූ පැමිණිල්ල මෙම ජනපති කොමිසම විසින් විභාග කිරීමෙන් අනතුරුව දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහවද කොමිසම විසින් චූදිතයෙකු ලෙස නම් කොට මෙම නිර්දේශය ලබාදී තිබේ.

මේ වන විට එළි දැක ඇති එම කොමිසම් වාර්තාවෙන් චූදිතයන් ලෙස නම් කොට තිබෙන දේශපාලනඥයින් අතුරින් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන එකම දේශපාලනඥයා වන්නේ දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පමණක් වීම ද විශේෂත්වයකි.

වත්මන් ආණ්ඩුව එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටිද්දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙම ගනුදෙනුව පිළිබඳව දැඩි විවේචන එල්ල කළ අතර එවකට කෘෂිකර්ම අමාත්‍ය ධූරය දැරූ දුමින්ද දිසානායකට ද චෝදනා එල්ල කරන ලදී.

එදා එසේ චෝදනා එල්ල වූ දුමින්ද දිසානායක අද වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සෘජුවම පොදු ජන පෙරමුණට සම්බන්ධ වීමට සූදානමින් සිටින බවට ද කට කතාවක් පැතිර යමින් තිබේ ෴

******************************************

ගෝටාභය-මෛත‍්‍රී ඝාතන කුමන්ත‍්‍රණ .. පාස්කු කොමිසම හෙලි නොකල සාක්‍ෂි .. – නාමල් කුමාර හෙලි කරයි ..

(17.03.2021 – 22:28 +0530 – lankacnews.com)

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම තමනට පැවරුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් බව දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කරයි.

මෙහි මූලික සැලසුම් සිදු කරනු ලද්දේ රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා සහ හිටපු පොලිස්පතිවරයා විසින් බවද ඔහු කියා සිටී.

ඔවුන්ට වුවමනා වූයේ එවකට ජනාධිපතිවරයා පොහොට්ටුව සමඟ එක්වී ආණ්ඩුවක් පිහිටුවන එක වැළැක්වීමට යයිද ඔහු පවසයි.

එම ඝාතනයේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ගැනීම එහි අරමුණු වී තිබූ බව ඔහු පැවසීය.

තමන් මේ සියලු සාක්ෂි පාස්කු බෝම්බ කොමිසමට ලබා දුන්න ද ඒවා රටට හෙළිදරව් නොවූ බවද ජනමාධ්‍යයෙන් තොරව ඒ ප්‍රකාශයන් තමා ලබාදුන් බව ද ඔහු පවසයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවද රහස් පොලීසියේ එවකට ප්‍රධානී ශානි අබේසේකර ඒවා යට ගැසූ බවද ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Muslims want Shariya Law? Does the Sharia Law allow using and promoting alcohol consumption? I thought they have been banned in Muslim religion. Yet the report above states that a muslim businessman dealing with alcohol production and trade are contributing a fortune to Muslim extremist organizations. It seems to me that hypocrisy prevails in these Muslim organizations, individuals, and their laws. Let us have one law throughout this country. not laws to suit individual groups. Wake up politicians in power, your immediate action to sweep out this mess.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *