කොවිඩ් තුන්වන (3) රැල්ලක් ඇතිවීමේ අවධානමක්

කොවිඩ් තුන්වන (3) රැල්ලක් ඇතිවීමේ අවධානමක්

*********************************************

කොවිඩ් තුන්වන (3) රැල්ලක් ඇතිවීමේ අවධානමක්

(17.03.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් තුන්වන (3) රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සදහා එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේශයෙන් ඊයේ (16) වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණා.

නව ආසාදිතයින් 286 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංක්‍යාව 88,524 ක් දක්වා ඉහළ ගියා.

ඉන් 250 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරෙන්ද ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

විදේශයන්හි සිට පැමිණි 12 ක්ද මෙම නව ආසාදිතයින් අතරට ඇතුළත්.

වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 94 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිස 47 ක් වශයෙන් වාර්තා වී ඇත්තේ කටුනායක ප්‍රදේශයෙන් ඊට අමතරව කොළඹින් ආසාදිතයින් 59 ක් සහ කළුතරින් ආසාදිතයින් 26 ක් වාර්තා වී තිබෙනවා.

තවත් මරණ 2 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 534 ක් දක්වා ඉහළ ගියා.

එලෙස මියගොස් ඇත්තේ මහනුවර සහ මීගමුව ප්‍රදේශවල කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 354 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 85,725 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@@@

(17.03.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීමෙන් හෝ ඇප ලබාදීමෙන් සිය තැන්පත්කරුන්ට මුදල් යළි ලබා ගැනීමක් හෝ සාධාරණයක් ඉටු නොවන බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපති අනුෂා ජයන්ති මහත්මිය ප්‍රකාශ කළා.

ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (16) අත්අඩංගුවට ගත් අතර, තැන්පත්කරුවන් සමඟ එම ස්ථානයට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඇය මේ බව කියා සිටියේ.

මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගත් ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අද (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි.

ඊ.ටී.අයි ආයතනය පවත්වාගෙන යමින් පුද්ගලයන්ගේ මුදල් සාපරාධී ලෙස පරිහණය කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මොවුන්ට චෝදනා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මීට පෙර රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා මත ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරියා ෴

(17.03.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි.

ඊ.ටී.අයි ආයතනය පවත්වාගෙන යමින් පුද්ගලයන්ගේ මුදල් සාපරාධී ලෙස පරිහණය කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මොවුන්ට චෝදනා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මීට පෙර රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා මත ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරියා ෴

******************************************

(17.03.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් පිළිබදව සොයා බැලීම සඳහා කොමිසමක් පත් කරන ලෙස 1996 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ මෙරටට දිනා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතා ප්‍රකාශ කළා.

96 ලෝක ක්‍රිකට් ශූරයින්ට සහ එවකට සිටි ක්‍රිකට් පරිපාලකයින්ට උපහාර දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දැන් පැවැත්වෙන උත්සවයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ලෝක කුසලානයේ අභිමානවත් 25 වන සැමරුම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. එම අවස්ථාවට 96 ලෝක කුසලාන කණ්ඩායමට ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, උපුල් චන්දන, මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කළුවිතාරණ ඇතුළු ක්‍රීඩකයින් ද එක්ව සිටියා.

මෙහිදී ලෝක කුසලානය මෙරටට දිනා දී වසර 25 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරුණා.

මීට වසර 25 කට පෙර පාකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති ලෝක කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලෝක ශූරතාව දිනා ගනු ලැබුවේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයටපත් කරමින්.

******************************************

(17.03.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

ජිනිවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට අගතියක් වීමට ඉඩ ලබානොදෙන බවට ඉන්දියාව සහතික වී ඇති බව විදේශ කටයුතු ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික සංවර්ධනය පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (17) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ෴

******************************************

(17.03.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ විශ්‍රාමික පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබදව අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයා වෙත සිහි කැදවීමක් යැවීමට නියෝග කර තිබෙනවා.

ඒ, මීට අදාළ නඩුව අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ කැදවූ අවස්ථාවේදියි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මෙම සැකකරුවන්ට එරෙහිව ගන්නා ඉදිරි නීතිමය පියවර පිළිබදව නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බවයි.

ඒ අනුවයි නීතිපතිවරයාට අදාළ උපදෙස් ලබාදීමට අධිකරණය නියෝග කරනු ලැබුවේ.

මේ අතර පාස්කු ප්‍රහාරයේ වාර්තාව පිළිබද වැඩිදුර විවාදය එළඹෙන 25 සහ 26 යන දෙදින තුළ පැවැත්වීමට අද (17) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

මෙම වාර්තාව පිළිබද පළමු දින විවාදය පසුගිය 10 වන දා පැවැත්වුණා ෴

******************************************

(17.03.2021 – 15:31 +0530 – hirunews.lk/sinhala)

මහියංගනයේ පවතින වන අලි ගැටළුවට විසදුම් ඉල්ලා ගොවි සංවිධාන කිහිපයක නියෝජිතයින් සත්‍යාග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. මහියංගනය නගරයේ අද (17) මෙම සත්‍යග්‍රහය ආරම්භ කෙරුණා.

මේ අතර, යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සූරියවැව වල්සපුගල ගොවීන් ආරම්භ කල සත්‍යග්‍රහය 60 වන දිනටත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා ෴

******************************************

ඇස් නොඇරුණු අවධානය – කඩා වැටුණු හැටි (රතු මිනිත්තුව)

******************************************

(17.03.2021 – 16:35 +0530 – sinhala.adaderana.lk)

මස්කෙළිය පොලිස් වසමේ බ්‍රවුන්ස්වික් වතුයායට අයත් ක්වින්ස්ලැන්ඩ් කොටසේ වතු නිවාස පෙළක අද (17) දහවල් හටගත් ගින්නකින් නිවාස 20 ක් පමණ විනාශ වී තිබේ.

මස්කෙළිය පොලීසිය පැවසුවේ (17) එක් නිවසක හටගත් ගින්නක් එලෙස සෙසු නිවාසවලට පැතිරගොස් ඇති බවය.

ගින්න හේතුවෙන් පවුල් 20 කට අයත් සමාජිකයන් 60 දෙනෙකු පමණ අවතැන් වී ඇත.

මස්කෙළිය පොලීසිය, යුද හමුදාව සහ වතු කම්කරුවන් එක්ව ගින්න පාලනය කිරීමට පියවරගෙන තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

******************************************

අලුත් පාරක් සඳහා තවත් ගස් රැසක් කැපේ

(16.03.2021 – 21:11 +0530 – sinhala.adaderana.lk)

ඇලහැර යෝධඇළ ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑමට අලුතින් මාර්ගයක් හා පාලමක් ඉදිකිරීමට යෑමේදී වසර 200 ක් පමණ පැරණි කුඹුක් ගස් ඇතුළු ගස් රැසක් කපා ඉවත් කර තිබේ.

ගම්වාසීන් පෙන්වා දෙන්නේ පැරණි පාලම අලුත්වැඩියා කළේ නම් මෙවැනි පරිසර විනාශයක් සිදු නොකර යන්ත්‍ර සූත්‍ර ගෙන යෑමට මාර්ගය සකසා ගතහැකි බවය.

මෙම ගස් කැපීම සිදුවී ඇත්තේ ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේය.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑම සඳහා නව මාර්ගයක් හා පාලමක් ඉදිකිරිමට ව්‍යාපෘතිය භාර නිලධාරින් කටයුතුකර තිබේ.

ප්‍රදේශවාසින් පවසන්නේ රක්ෂිතය තුළ තවත් ශාඛ 2,000 ක් පමණ කපා දැමීම සඳහා අංක යොදා සලකුණු කර ඇති ආකාරය දක්නට ලැබෙන බවය.

වෙලන්, මොර, කෝන්, කුඹුක් ඇතුළු වටිනා ශාඛ රැසක් මේ වනවිටත් කපා දමා රැගෙන යෑම සඳහා සුදානම්කර ඇති ආකාර දැකගත හැකි විය.

මේ අතර බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අක්කර දහයකට (10) ආසන්න වගුරු බිම් ගොඩකරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු (2) වනජීවී නිලධාරීන් විසින් පසුගිය ඉරිදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ද සමගිනි.

සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදාහැර තිබුණි.

එවන් පසුබිමක අද (16) මෙම ස්ථානය නිරීක්ෂණයට ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා එහි පැමිණ සිටියහ.

එම අවස්ථාවේදිත් බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියට ටිපර් රථ මගින් විවිධ අපද්‍රව්‍ය ගෙනවිත් වගුරුබිම් ගොඩ කරන ආකාරය දක්නට ලැබුණි.

එසේම ඩොසර් යන්ත්‍ර යොදා ගනිමින් එහි සංවර්ධන කටයුතු සිදු කරන අයුරු ද දක්නට ලැබේ.

ඔවුන් මෙලෙස වගුරුබිම ගොඩකරනු ලබන්නේ ශ්‍රි ලංකා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් “මෙම ස්ථානයේ ගොඩකිරිම්, ඉදිකිරිම් හෝ සංවර්ධනය කිරීම සපුරා තහනම් වේ” යනුවෙන් දැන්වීමක් යොදා ඇති පසුබිමකය.

මේ අතර රූමස්සල කන්ද මැදින් යද්දෙහිමුල්ල සහ සාම චෛත්‍ය සහිත ගම්මානවලට යෑමට ඇති මාර්ගය තාර අතුරා සංවර්ධනකර දෙන ලෙස ඉල්ලමින් ගම්වාසීන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ රූමස්සල කඳු පිවිසුමේදී උද්ඝෝෂණයක නිරතවිය.

අද (16) පෙරවරුවේ පැවති උද්ඝෝෂණය විසිරුවා හැරීමට එහි ගිය හබරාදුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් ද ඇතිවිය.

++++++++++++++

******************************************

විශාල මුදලක් රටට ඉතිරි කරමින් පළමුවරට දුම්රිය මැදිරි හදන හැටි – On Topic with Hasitha Wijewardena (06.03.2021)

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *