සීනි බදු වංචාව ගැන හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සීනි බදු වංචාව ගැන හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

*********************************************

සීනි බදු වංචාව ගැන හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(12.03.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

සීනි ආනයනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9 ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් අද (12) ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සහ සීනි ආනයනය කරන ලද පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු ඇතුලු 09 දෙනෙකු නම් කර තිබෙනවා.

රජයට සිදු වූ රුපියල් බිලියන 15.9 ක අලාභයක් යළි භාණ්ඩාගාරයට ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කර ඇති අතර, රජයට හිතවාදී ව්‍යාපාරිකයින් පිරිසකට සහන සලසාදීම බදු අඩු කිරිමට හේතුව බව එහි සඳහන්.

එසේම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් පෙත්සම්කරුට ගෙවන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, සීනි සඳහා වන බදු අඩු කිරීම හේතුවෙන් සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් ‘හිරු ටී.වී. බලය’ වැඩසටහනේදී ද සාකච්ඡාවට ලක්වුණා.

******************************************

(12.03.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

බෝපත්තලාව රජයේ රක්ෂිතයේ දර කැඩීමට ගොස් අතුරුදන්වූ තරුණයෙකු සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම තරුණයා පසුගිය (09) දින උදෑසන රක්ෂිතයට දර කැඩිමට ගොස් ඇති අතර මේ වන තෙක් නිවසට නොපැමිණිම නිසා දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර ඇතැයි සඳහන්.

අතුරුදහන් වි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් තේ වත්තේ ඉහල කොටසේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා නිරන්තරයෙන් දර කැඩීමට රක්ෂිතයට යන අතර ඔහුගේ ජංගම දුරකථනය ද මේවන විට ක්‍රියා විරහිත වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහුගේ ජංගම දුරකථනයේ ලබාගත් ඇමතුම් ඔස්සේ වෙනම පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද බගවන්තලාව පොලිසිය සදහන් කලා.

මේ අතර මාතලේ – මහවෙල අන්කන්ද විදුලි බලාගාරය ආසන්නයේ පිහිටි සුදු ගඟේ දිය නෑමට ගොස් සිටියදී ඊයේ (11) අතුරුදන්වූ දෙදෙනාගේ මෘත ශරීර අද (12) පෙරවරුවේ සොයාගැනුනා.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ – දළුපොතගම ප්‍රදේශයේ පදිංචි 16 සහ 26 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් (2).

******************************************

(12.03.2021 – 11:49 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සති අන්තයේදී සෞඛ්‍ය නිර්දේශවලට අනුව කටයුතු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ (11) අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට අදාලව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3346 ක් ෴

******************************************

(12.03.2021 – 12:03 +0530 – hirunews.lk/sinhala)

චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකාව පසුගියදා එළඹුණු ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරුව සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

එමෙන්ම අයි.එම්.එෆ්. ආයතනය සමඟ නව ණය වැඩසටහනකට එළඹීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන මූලික අවශ්‍යතාවන් සපුරාලිය යුතු බවයි එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජෙරී රයිස් ඊයේ (11) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

කොවිඩ්-19 ගෝලීය වසංගතයෙන් ඇතිවී තිබෙන ආර්ථික පීඩාවන් මගහැරවීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි මූල්‍ය සහයක් ඉල්ලා ඇති බවද ඔහු එහිදී කියා සිටියා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අභියෝග සහ අධික ණය බර හේතුවෙන් ඒ සඳහා අනුමැතිය ලබාදීමට කල්ගතවිය හැකි බවයි මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ අඛන්ඩ සන්නිවේදනයක නිරතවන අතර, මෙතෙක් ඒ සඳහා එකඟත්වයක් ඇතිවී නැහැ.

ලක් රජය තිරසාර ණය ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු අතර, ගෙවුම් ශේෂ හිඟයේ අභියෝගවලට පිළියම් යෙදිය යුතුයි.

විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය කෙරෙහි කොරෝනා වෛරස් වසංගතයේ බලපෑම සහ ජාත්‍යන්තර සංචිත හීනවීම ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග අතර වනවා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාව පසුගිය වසරේ වැදගත් සීමාවන් කිහිපයක් හඳුන්වාදී ඇති බවත්, අපනයන ආදායම්වලින් සියයට 25 ක් දේශීය විනිමයට පරිවර්තනය කිරීමේ නියමය එවැනි සීමාවක් බවත්, මූල්‍ය අරමුදල සඳහන් කළා ෴

******************************************

(12.03.2021 – 12:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ අද (12) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්කුඩු පැකට් 28 ක්, ජංගම දුරකථන 05 ක්, සිම්පත් 14 ක්, බැටර් චාජර් 03 ක්, කතුරු යකඩ පටි ඇතුළු භාණ්ඩ රැසක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ උපදෙස් මත රාජකාරියේ නිරත විශේෂ කාර්ය බළකා සහ රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාරවල නිලධාරීන් මෙම මෙහෙයුම සදහා එක්ව සිටි බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කළේ ෴

******************************************

(12.03.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කැළණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාත තුළ ඇති කර්මාන්තශාලා 294 ක පරිසර ආරක්ෂණ බලපත්‍ර සම්බන්ධයෙන් ගැටලු‍ ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අනාවරණය කරනවා.

ඒ, පසුගිය වසරේ ඔක්තෝබර් 06 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 කට අදාළව සැකසුණු වාර්තාවක් මගින්.

අදාළ වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් නව වන පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය සදහා ඉදිරිපත් කෙරුණා.

කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාත තුළ හා ඊ-කාණ්ඩයට අයත් කර්මාන්තශාලා 294 ක් අතරින් එම කාණ්ඩයේ කම්හල් 41 ක් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නොමැති බව හෙළිවී තිබෙනවා.

තවත් කර්මාන්ත ශාලා 205 ක බලපත්‍ර අත්හිටුවා ඇති අතර, කිසිදු සටහනක් නොමැති ඉතා ඉහළ අවදානමක් සහිත කර්මාන්ත ශාලා 17 පවතින බවද අදාළ කෝප් වාර්තාවේ සඳහන්.

සීතාවක අපනයන සැකසුම් කලාපය සඳහා වසර 08 ක කාලයක් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාදී නොතිබීම හා කැළණි ගඟ දෙපස ඇති අනවරස ඉදිකිරීම් පිළිබඳවද එහි සඳහන් වනවා.

******************************************

(12.03.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස දැනට පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යාපීඨ කඩිනමින් ඉන් නිදහස් කර, ගුරුවරුන් පුහුණු කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ගුරු හිඟයක් ඇතිවිය හැකි බව ලංකා විදුහල්පති සංගමය පවසනවා.

මේ බව කියා සිටියේ එම සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

මේ අතර ඊයේ (11) වාර්තාවූ ආසාදිතයන් 304 සමඟින් මෙරටින් මේ වනවිට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86,989 ලෙස පවතිනවා.

ඊයේ (11) වාර්තාවූ ආසාදිතයන්ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 75 ක්.

******************************************

(12.03.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

වනාන්තර නැවත උපයාගත නොහැකි සම්පතක් බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රංවැල්ල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, ‘පරිසරයේ හෙට දවස’ යන තේමාව යටතේ කොළඹ ඊයේ (11) පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමින්.

මෙම අවස්ථාවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ද එක්ව සිටියා.

******************************************

(12.03.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ඊට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසනවා.

මේ අතර, වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවත් දේශපාලනඥයින් අදහස් පළ කළා.

++++++++++

සී.අයි.ඒ. බසිලා ගෙන් මව්බිම බේරාගනිමු !

******************************************

(12.03.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

වාර්ෂිකව සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ සියලු වාන් දොරටු විවෘත කර එය හිස් කිරීම ඊයේ (11) රාත්‍රියේ සිදු කෙරුණා.

වාර්ෂිකව සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් ඊයේ රාත්‍රී 10 සිට අද (12) අලුයම 6 දක්වා පොල්ගොල්ල ජලාශයේ සියලු වාන් දොරටු මෙලෙස විවෘත කර තිබෙනවා.

වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා පොල්ගොල්ල ජලාශය හිස් කිරීම මෙහි අපේක්ෂාවයි.

මහවැලි ගඟේ පහළ කොටසට විශාල වශයෙන් ජලය මුදා හැරෙන බැවින් එම ප්‍රදේශවල ජනතාව ගඟ භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් මෙම අවස්ථාව දැක ගැනීම සදහා පැමිණ සිටියා.

******************************************

(12.03.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීමේදී අමතක නොකළ හැකි ස්ථානයක් මාතර, වැලිගම මුහුදු තීරය.

කෙසේ වෙතත්, පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම ප්‍රදේශයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *