සහරාන් මෙහෙයවා ඇත්තේ මොහොමඩ් නවුෆර් – ඇමති සරත් වීරසේකර

සහරාන් මෙහෙයවා ඇත්තේ මොහොමඩ් නවුෆර් – ඇමති සරත් වීරසේකර

*********************************************

සහරාන් මෙහෙයවා ඇත්තේ මොහොමඩ් නවුෆර් – ඇමති සරත් වීරසේකර

(10.03.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

අයි.එස්. මතවාදයට සහරාන් සම්බන්ධ කර පාස්කු ප්‍රහාරය දක්වා ඔහුව මෙහෙයවා ඇත්තේ දැනට අත්අඩංගුවේ සිටින ‘මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර්’ නැමැත්තා බවට හෙලි වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කලා.

ඒ, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර, පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ගැන කල් තැබීමේ විවාදය අද (10) ආරම්භ වුණා.

+++++++++++++++++

සහරාන්ගෙන් පුහුණුව ලැබූ මරාගෙන මැරෙන කාන්තාවන් දෙදෙනෙකු (2) සොයා පරීක්ෂණ – ඇමති වීරසේකර පාර්ලිමේන්තුවේදී පවසයි

(10.03.2021 – 18:26 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට මෙරටදී පුද්ගලයින් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

පාස්කු කොමිසම් වාර්තාව පිළිබඳව අද (10) දින පැවති විවාදයට එක්වෙමින් ඒ මහතා ඒ බව පැවසීය.

ඉන් 202ක් බන්ධනාගාරගත කර ඇති අතර 66 දෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කරන බව ඔහු පැවසීය.

මේ අතර, සහරාන් නැමති ස්වයං ඝාතකයා යටතේ පුහුණු වී ඇති කාන්තා අංශයක් සම්බන්ධයෙන් 2020 මුල්භාගයේ දී මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගත් බව ද අමාත්‍ය සරත් වීරසේකර මහතා කියාසිටියේය.

එසේ පුහුණු වු කාන්තාවන් 17 ක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා (බයියක්) ලබා දී ඇති බවත් ඉන් 5 ක් මියගොස් ඇති අතර තිදෙනෙකුට (3) චෝදනා ගොනු කර බන්ධනාගාර ගත කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, 7 දෙනෙකු අත්අඩංගුවේ තබා විමර්ශන කටයුතු සිදුකෙරෙන බවත් ඉතිරි දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් පැවසීය.

අමාත්‍යවරයා විසින් සිදුකළ සම්පූර්ණ කථාව පහතින් දැක්වේ :

+++++++++

******************************************

(10.03.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

සීනි බදු පහත හෙළීම හරහා රජයට සිදු වී ඇති රුපියල් මිලියන ගණනක පාඩුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

අද (10) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු කියා සිටියේ එලෙස සිදුකෙරෙන පරීක්ෂණවලට සිය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

******************************************

(10.03.2021 – 23:16 +0530 – hirunews.lk/sinhala)

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභා පරිසර අධිකාරි නිර්මාණය වීමත් සමඟ පරිසරය සම්බන්ධයෙන් ජාතික වශයෙන් තීන්දු ගැනීමේදී ගැටලු පැන නැගී ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු කාර්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව හෙවත් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

++++++++++++++++

ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් රටට වන අලාභය කෝප් වාර්තාව හෙළිකරයි

(10.03.2021 – 17:47 +0530 – sinhala.adaderana.lk)

ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දුර්වලතා නිසා රටට විශාල අලාභයක් සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පවසයි.

ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් කමිටුවට ඉදිරිපත්කිරීමට කටයුතු කළ යුතු යැයි ද බලශක්ති අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ.

එසේම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යනය සහ එම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විශේෂ විගණන වාර්තාව අධ්‍යයනයේදී මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවැනි කොටසේ ව්‍යාපෘති ඒකකයේ පිරිවැය අනෙකුත් ඒකකවල පිරිවැය හා සැසදීමේදී ඉහළ අගයක් ගන්නා බවද කෝප් කමිටුව පෙන්වා දී තිබේ.

තවද නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සතුව ඇති ජනක යන්ත්‍රය 03 න් මෙගාවොට් 900 ක් නිකුත්වන බව සඳහන් වුවත් නිවැරදිවම එක් යන්ත්‍රයකින් නිකුත් වන්නේ මෙගාවොට් 270 පමණි.

මේ නිසා සත්‍ය ලෙසම එම බලාගාරය මෙගාවොට් 810 පමණක් නිකුත්වන බලාගාරයක් බව කෝප් කමිටුව අනාවරණය කොට තිබේ.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා පිළිබඳ ප්‍රගතිය හා ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් කෝප් කමිටුවට ලබාදීමට නිර්දේශ කර තිබේ.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය සඳහා වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) පළමුවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම වාර්තාව මගින් 2020.10.06 දින සිට 2020.12.08 දින දක්වා විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක විමර්ශනයන්ට අදාළ වාර්තාව මෙසේ අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබීය ෴

******************************************

(11.03.2021 – 06:43 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් මෙරටට ගෙන ආ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 141 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) යාපනය, එළුවේතීව් දූපත ආසන්න මුහුදු සීමාවේදී ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇති බව කයිට්ස් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවකින් කේරළ ගංජා තොගය ගෙනා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

සැකකරුවන් නිරෝධායන නීති අනුව නිරෝධායනය වෙනුවෙන් කයිට්ස් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත යොමුකොට ඇති අතර කේරළ ගංජා තොගය කයිට්ස් පොලිසිය වෙත භාරදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටි එකහාමාරක් (1½) පමණ වටිනාකමින් යුක්ත බවද ආරක්ෂක අංශ නිළධාරීන් සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු (2) වන අතර, සැකකරුවන් ඉන්දීය ජාවාරම්කරුවන්ගෙන් කේරළ ගංජා ලබාගෙන මෙරටට රැගෙන ඒමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදූකළ බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

(11.03.2021 – 07:06 +0530 – hirunews.lk/sinhala)

කොහුවල – ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ තිබී පිළිස්සුණු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මිය ගිය පුද්ගලයා කළුබෝවිල – භාතිය මාවත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරික පුද්ගලයෙකු බවයි.

අදාළ ව්‍යාපාරිකයා අසල පිහිටි අවන්හලකින් රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව නැවත සිය නිවස වෙත යමින් තිබියදී අදාළ රථය ගිනිගෙන ඇති බවටයි පොලිසිය විශ්වාස කරන්නේ.

******************************************

(11.03.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

වාර්ෂිකව සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු අද (11) රාත්‍රී 10 ට විවෘත කරන බැවින් ජලාශයේ පහළ කොටස සහ මහවැලි ගඟ දෙපස රැදී සිටීමෙන් වළකින ලෙස මහවැලි අධිකාරිය දැනුම් දෙනවා ෴

******************************************

(11.03.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මීගමුව, ශාන්ත ජෝෂප් මාවත ඔස්සේ නගරය දක්වාත්, මීගමුව නගරය දෙස සිට තෙල්වත්ත හංදිය හා ප්‍රධාන මාර්ගය දක්වාත් අද (11) පෙරවරු 8 සිට අනිද්දා (13) පෙරවරු 8 දක්වා රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා ෴

******************************************

(11.03.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අද (11) ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියමිතයි.

මීට පෙර අවස්ථා දෙකකදී (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණත් ඔහු එහි පැමිණියේ නැහැ. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමන් අද (11) උදෑසන 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවයි.

අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය ඉරිදා (07) යි ෴

******************************************

(11.03.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් වන ජාතික නාමල් උයන ව්‍යාපෘතියේ ප්‍රථම කැණීම් කටයුතු අද (11) ආරම්භ වනවා.

නාමල් උයන ව්‍යාපෘතියේ නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි කැණීම් කටයුතු උදෑසන 10 ට ආරම්භ කිරීමට නියමිතයි.

1991 වසරේ ආරම්භ කළ ජාතික නාමල් උයන ව්‍යාපෘතිය 2018 වසරේ සිට මධ්‍යම සංස්කෘතික අරමුලේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වනවා.

අක්කර 2,000 කින් යුත් මෙම භූමි ප්‍රදේශය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමට කෙටුම්පත් සකස් කරමින් පවතින අතර, පාරිසරික සංචාරක කර්මාන්ත ව්‍යාපෘතියක් ලෙස කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද රජයේ අවධානය යොමුව ඇති බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ ෴

******************************************

(11.03.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

අරණායක ප්‍රදේශයේ තරුණයෙකු සිත් තැවුලක් හේතුවෙන් ගෙල වැළලාගෙන සියදිවි නසා ගැනීමට ගත් උත්සාහයක් පොලීසිය මැදිහත්ව වළක්වා තිබෙනවා.

අදාල තරුණයාගේ පියා සහ මව මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇති අතර ඔහු සිය කායික ආබාධ සහිත සහෝදරයා සමඟ වාසය කර තිබුණා.

තරුණයා රැකියාවක් ලෙස කුලී වැඩ කරමින් සිට ඇති අතර ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් මෙලෙස සිය දිවි නසා ගැනීමටයි උත්සාහ දරා ඇත්තේ.

කෙසේ වෙතත්, සිය ආබාධිත සොහොයුරා විසින් සිය සහෝදරයා සියදිවි නසාගැනීමට තැත් කරන බවට ප්‍රදේශවාසීන්ට පැවසීමත් සමග ඔවුන් විසින් අරණායක පොලීසියට දැනුම් දී තිබුණා.

පසුව අරණායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වී 1990 හදිසි ගිලන් රථයක් සහ පොලිස් නිලධාරීන් යොදවා මෙම තරුණයා මුදාගෙන තිබෙනවා.

පසුව ඔහු පොලීසිය විසින් මාවනැල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර, මේ වනවිට ඔහුගේ තත්ත්වය යහපත් බවයි වාර්තා වන්නේ ෴

******************************************

(11.03.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයේදී සොයා ගත් රුපියල් කෝටි 70 කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 74 කට ආසන්න හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් යුවලගේ දුරකතන දත්ත විශ්ලේෂණ වාර්තා ඔස්සේ තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙනවා.

ඊයේ (10) අදාළ කාන්තාව වාසය කළ මහනුවර ප්‍රදේශයේ නිවාස 03 ක් සහ පිරිමි පුද්ගලයා වාසය කළ මීගමුවේ නිවසක් පරීක්ෂාවට ලක් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම නිවාසවලින් හෙරොයින් හෝ වෙනත් කිසිදු නීතිවිරෝධී ද්‍රව්‍යයක් හමුවී නැහැ.

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් යුවල ඊයේ (10) දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීම සදහා පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සොයා ගත් මෙම හොරොයින් තොගය දැනට විදේශ රටකට පළා ගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ ට අයත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ ෴

******************************************

(11.03.2021 – 09:02 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාග වංචාවන්ට සම්බන්ධ හතර දෙනෙකු (4) මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූයේ ඊයේ (10) දිනයෙන්.

ඒ අනුව ඊයේ (10) විභාග අයදුම්කරුවෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි අයෙකු බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@

(11.03.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 342 නෙකු ඊයේ (10) හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,685 ක් දක්වා ඉහළ ගියා.

වාර්තා වූ ආසාදිතයින්ගෙන් 295 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ 5 දෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි 42 නෙකු රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් රෝගීන් 2960 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 83,210 ක්.

නව මරණ 4 ක් ඊයේ (10) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 515 ක් දක්වා ඉහළ ගියා.

අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු ද මිය ගිය අය අතර වනවා.

අනෙක් පුද්ගලයින් අවුරුදු 57 ත්, 77 ත් අතර වයස්වල පසුවන කොළඹ 9, කොළඹ 14 සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම, එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයින් හත්ලක්ෂ 52,098 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ලබාදී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *