වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරයා හිරුට කියූ කතාව
*********************************************
වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරයා හිරුට කියූ කතාව
(03.03.2021 – 11:22 +0530 – hirunews.lk/sinhala)
වේල්ලවිදියේ ගමන් මල්ලක් තුළ තිබී සොයා ගත් හිස සුන් මළසිරුරේ හිමිකරිනියගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය දේශපලඥයෙකු වන ප්‍රභාත් ජයවර්ධන මහතා සිය නැගණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හිරුට අදහස් පල කළා.
සිය එකම නැගණිය පසුගිය 28 වැනි දින ශ්‍රී පාදේ යන බව පවසා නිවසින් පිට වූ බවත් ඒ මොහොතේ තමාත් සිය මවත් නිවසේ නොසිටි බවත් ඔහු පවසනවා.
ඒ ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“යන අතරතුර අම්බලම් කිහිපයක තීන්ත ගාන්න තියෙන බව නංගි කිව්වා. ඊට අමතරව දන්සැල් දෙන්න සුදානමකුත් තිබුණා කියලා කිව්වා. 28 හවස මම නංගිට කතා කරද්දී ඉන්නේ එරත්න ප්‍රදේශයේ කියලත් කිව්වා…”
සිය නැගණිය පිළිබද තොරතුරු විමසා හංවැල්ල පොලිසියෙන් මාර්තු 02 වැනි දින දුරකථන ඇමතුමක් ලැබුණු බවත් එහිදී ඇය පිළිබඳ තොරතුරු විමසා සිටි බවත් ප්‍රභාත් ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.
“නංගිගේ බෑග් එක හංවැල්ල පොලිසියෙන් හොයාගෙන තිබුනා. එකේ 2017 යොවුන් සේනාංක කඳවුරකට සහභාගී වීම සඳහා සැකසු හැඳුනුම්පතක තිබුණු තොරතුරු හරහායි කුරුවිට පොලිසියෙන් මගේ තොරතුරු හොයාගෙන තියෙන්නේ.
අපි අද කොළඹ වේල්ලවිදිය පොලිසියට එනවා මේ ඇඳුම් බෑගය හා එහි තියෙන තොරතුරු නංගිගේමද කියලා තහවුරු කර ගන්න. එයා ඉපදුණේ 1991 අවුරුද්දේ. තවම අවුරුදු 30 වත් නැහැ…”
වැඩිදුරටත් අදහස් දැක්වූ මිය ගිය තරුණියගේ සොයුරා සඳහන් කළේ මෙම ‘ප්‍රේම සම්බන්ධතාවය’ මුහුණු පොත හරහා ගොඩ නගා ගන්නට ඇතැයි තමන් සැක කරන බවයි ෴
***************************************
(03.03.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)
ඕමන්තේ – මානික්කර්වලව් ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට යුද හමුදාව සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් ගත් දෙදෙනෙකු (2) තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නීතිවිරෝධී දැව ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත අද (03) අළුයම කළ වැටලීමකදී අදාළ කැබ් රථයට නවත්වන ලෙස අණ කළත් එය නොනත්වා ධාවනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම අවස්ථාවේදී කැබ් රථය පැදවූ පුද්ගලයා හමුදා නිලධාරීන් අනතුරට ලක් කිරීමට ද උත්සාහ දරා තිබෙනවා.
තුවාල ලැබූවන් ඕමන්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් 21 සහ 39 යන වයස්වල පසුවන්නන්.
කලක් තිස්සේ මෙම දැව ජාවාරම කරගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ ඕමන්තේ පොලීසිය විසින් සිදුකරනු ලබනවා.
***************************************
(03.03.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)
තම දූපතේ කොරෝනා මරණ භූමිදානය කිරීමට එරෙහිව කිලිනොච්චිය – ඉරණතිව් දූපතේ වැසියන් මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඉරණෙ – මාතානගර් ප්‍රදේශයේ පැවැත්වෙන මෙම විරෝධතාවයට කතෝලික පියතුමන්ලා පිරිසක් ද එක්ව සිටින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
පසුගියදා කොරෝනා මරණ භූමිදානය කිරීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් ප්‍රකාශයට පත් කළ අතර, ඊයේ (02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා කිලිනොච්චිය – ඉරණතිව් දූපත තෝරා ගෙන ඇති බවයි.
***************************************
(03.03.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)
මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුලතිව් – ශිලාවත්ත විභාග මධ්‍යස්ථානයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ෴
***************************************
(03.03.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)
නීතිවිරෝධී ලෙස වාහන එකලස් කිරීමක නිරත වූ පුද්ගලයෙකු ගම්පහ – යක්කල – බෝපගම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහු සතුව තිබී වාහන අංක තහඩු 12 ක් සහ මෝටර් රථයක් සොයා ගත් බවයි.
මෙම සැකකරු ඊයේ (02) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴
***************************************
(03.03.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)
පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් නීති ශිෂ්‍යයෙකු වන මිගාර ගුණරත්න මහතාට පහර දුන්නේ යැයි පැවසෙන සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා උපදෙස් ලබාදී තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ නීතිපතිවරයා විසින් අදාළ උපදෙස් පොලිස්පතිවරයා වෙත ලබාදී ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු (1) සහ කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ (3) සේවය මේ වන විට අත්හිටුවා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පෑලියගොඩ පොලිස් ස්ථානයෙන් ඉවත් කර වෙනත් විශේෂ විමර්ශන ඒකකයක් මගින් සිදුකරන ලෙසට ඊයේ (02) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය ද පොලිස්පතිවරයාට නියෝග කළා ෴
***************************************
(03.03.2021 – 11:51 +0530 – hirunews.lk/sinhala)
මුතුරාජවෙල වගුරු බිමේ වත්මන් තත්ත්වය විමර්ශනය කර මේ මස 9 වන දා කරුණු වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද (03) නීතිපතිවරයාට නියෝග කළා.
ඒ, මුතුරාජවෙල වන විනාශය නැවැත්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම් අද (03) සලකා බැලූ අවස්ථාවේදියි ෴
***************************************
(03.03.2021 – 12:13 +0530 – hirunews.lk/sinhala)
හොරණ වැවිළි සමාගමට අයත් මස්කෙලිය – ඕල්ටන් වතු යායේ අධිකාරීවරයාට සහ සහකාර අධිකාරීවරයාට පහරදීම ඇතුළු කම්කරුවන්ගෙන් සිදුවන හිරුහැරවලට විරෝධය පළ කරමින් දිවයින පුරා වැවිළි සමාගම්වල වතු අධිකාරීවරුන් අද (03) නිහඬ විරෝධතාවක නිරත වුණා.
ඔවුන් අද (03) හැටන් – මල්ලිඅප්පුව මංසන්ධියට පැමිණ කළු කොඩි සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
පෙබරවාරි 17 වන දා වතු කම්කරුවන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර තිබුණේ වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින්.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් 7 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු පසුව මස්කෙලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඕල්ටන් වතු යායේ අධිකාරීවරයාට සහ සහකාර අධිකාරීවරයාට කම්කරුවන් පිරිසක් විසින් පහර දී ගොම වතුරෙන් නහවා ද තුවාල සිදුකර තිබූ අතර ඔවුන් දැනට පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මේ අතර, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට අදාල ගැසට් නිවේදනය අද (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
අදාළ වැටුප ලබාදීමට පෙරේදා පැවති පඩි පාලක සභා රැස්වීමේදී බහුතර එකඟත්වය පළ වූ අතර ඊට එක්වූ වතු හාම්පුතුන් එහිදී විරෝධය පළ කළ බවට වාර්තා පළවුණා.
අප මේ සම්බන්ධයෙන් වැවිළිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජතුරෙයි මහතා ගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ රුපියල් දහසේ (1000) මුදල ගැසට් කළහොත් එය ලබාදීමට සිදුවන බවයි ෴
***************************************
(03.03.2021 – 12:20 +0530 – hirunews.lk/sinhala)
ආනවිලුන්දාව – රැම්සා තෙත් බිමේ පැළ කරන ලද කඩොලාන පැල දහසක් (1000) ගලවා විනාශ කළ 4 දෙනෙකු ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය 22 වන දා රාත්‍රියේ ආනවිලුන්දාව වනජීවි කාර්යාලයේ නිලධාරීන් සිදුකළ පැමිණිල්ලකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 23 වන දායි.
අනතුරුව මීට අදාළ නඩු විභාගය ඊයේ (02) නැවත කැදවූ අවස්ථාවේදී සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි හලාවත මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කළේ.
මෙහිදී වනජීවි දෙපාර්තමේන්තුව සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණයෙන් අවසර ලබාදී තිබෙනවා ෴
***************************************
(03.03.2021 – 12:26 +0530 – hirunews.lk/sinhala)
බරපතල රෝග සඳහා ලබාදෙන ඖෂධ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් පාකිස්තානය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමියි.
ඒ, පසුගියදා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට සිදුකළ සංචාරයේදී ඇති කර ගත් එකඟතාවයකට අනුවයි ෴
***************************************
(03.03.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)
මේ අලව්ව – වෑවල මහා විද්‍යාලයයි.
6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයෙන් අලව්ව හා ඒ අවට ප්‍රදේශ රැසක සිසු සිසුවියන් විශාල පිරිසකට සෙත සැලසෙනවා.
කෙසේ වෙතත්, වසර 100 කට වඩා පැරණි විදුහලේ ගොඩනැගිලි බොහෝමයක් මේ වනවිට පවතින්නේ දැඩි අබලන් තත්ත්වයකයි.
එවැනි තත්ත්වයක් යටතේ 2015 වසරේදී රුපියල් මිලියන 2 කට ආසන්න වියදමකින් ඉදිකරන ලද වැසිකිළි පද්ධතියද මෙතෙක් සිසුන්ගේ භාවිතයට ලබානොදීම විමතියට කරුණක්.
ඉහළ තනතුරු දරන පිරිස් මෙන්ම ජාත්‍යන්තරයද ජයගත් විද්වතුන් බිහිකළ වෑවල මහා විද්‍යාලයට අත්ව ඇති ඉරණම පිළිබඳ බලධාරීන් කොතෙක් දැනුවත් කළද මෙතෙක් කිසිදු ඵලක් වී නොමැති බවට මව්පියන් චෝදනා කරනවා.
රටේ අනාගතය බාරගන්නා මතු පරපුරට සිප් සතර ගෙන අලව්ව – වෑවල මහා විද්‍යාලයේ අඩු පාඩු සකසා අධ්‍යාපනයට සුදුසු පරිසරයක් සකසා දෙන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.
***************************************
(03.03.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)
විනාශවීමේ අවදානමට ලක්වෙමින් තිබූ මාවනැල්ල – අරණායක සැලව රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ පසුගියදා හිරු ප්රවෘත්ති ඔස්සේ සිදුකෙරුණු අනාවරණයෙන් පසුවයි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ඉදිකිරීම් අරඹා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ වැඩ අවසන් කර ඇති බව කියවෙන මාවනැල්ල – අරණායක සැලව රජමහාවිහාරස්ථානයේ තත්ත්වය පිළිබඳව පසුගිය නවම් පොහෝදින අප අනාවරණය කළා.
එහිදී බලධාරීන්ගේ අවධානය යොමු කෙරුණේ විහාරයේ ඇති මහනුවර යුගයට අයත් බිතු සිතුවම් විනාශවෙමින් පවතින ආකාරය, විහාරගෙය ගිලා බසිමින් පැවතීම ඇතුළු අඩුපාඩු රැසක් පිළිබඳවයි.
හිරු අනාවරණයෙන් පසුදිනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුමේන්තුවේ නිලධාරීන් විහාරස්ථානයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණ තිබෙනවා.
විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ නන්දවිමල හිමියන් සඳහන් කළේ මේ වන විට ගිලා බැසීමට ලක්වූ විහාරගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවයි.
මෙරට ඓතිහාසික උරුමය, මතු පරපුරටත් දායාද කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවීම සතුටට කරුණක්.
***************************************
(03.03.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන අඩු සැලකිලි පිළිබඳව පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළවුණා.
***************************************
(03.03.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)
පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට වත්මන් රජය යටතේ සාධාරණයක් කඩිනමින් ඉටුවිය යුතු බවට දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා.
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴