ඇමති අලි සබ්‍රිගේ සැබෑ අරමුණු ජාතික සංවිධාන එළිදරව් කරයි. භූමදාන ගැසට්ටුවටත් විරෝධය

ඇමති අලි සබ්‍රිගේ සැබෑ අරමුණු ජාතික සංවිධාන එළිදරව් කරයි. භූමදාන ගැසට්ටුවටත් විරෝධය

*********************************************

ඇමති අලි සබ්‍රිගේ සැබෑ අරමුණු ජාතික සංවිධාන එළිදරව් කරයි. භූමදාන ගැසට්ටුවටත් විරෝධය

(27.02.2021 – 21:01 +0530 – lankaleadnews.com)

මහාචාර්ය එල්.එම්.ජේ. කුරේ මහතාගේ ‘ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට හැඳින්වීමක්’ නම් වූ ග්‍රන්ථයට අනුව පුද්ගල නීතියක් ලෙස හඳුන්වනු ලබන්නේ යම් පුද්ගල කණ්ඩායමක සංස්කෘතික හෝ ආගමික උවමනාවන් මත පදනම්ව එම කණ්ඩායමට බලපාන ආකාරයට පනවනු ලබන නීතියක්ය. ඒ අනුව අප රටේ උඩරට නීතිය, තේසවලාමේ නීතිය සහ මුස්ලිම් නීතිය පුද්ගලික නීති ලෙස සැලකේ. එසේ වුවත් උඩරට නීතිය සහ තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීති ලෙසද සැලකේ. එම නිසා අප රටේ ආගමික විශ්වාසයන් මත පදනම්ව පනවා ඇති එකම පුද්ගල නීතිය මුස්ලිම් නීතිය ලෙස සැලකිය හැක. නමුත් පසුගිය පෙබරවාරි 12 දින අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් මඟින් එම නිර්වචනය සම්පූර්ණයෙන් කණපිට හරවනු ලැබීය. එතුමාට අනුව ‘බෞද්ධ විහාර හා දේවාලගම් පනත’ සහ ‘ශ්‍රී ලංකා කතෝලික දේවස්ථාන පිළිබඳ පනත’ ද පුද්ගල නීති ගණයට අයත් වේ. ඔහු විසින් එම ප්‍රකාශය කරනු ලැබුවේ ඔහුගේ දැනුමේ අඩුපාඩුවක් නිසා නම් අප රටේ ඇමතිවරුන්ගේ හැටියට ඔහුගේ අමාත්‍යකම අභියෝගයට ලක් නොවේ.

නමුත් ඔහු විසින් සිදුකළ ප්‍රකාශයේ සමස්ථ අර්ථය අනුව එම වැරදි ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ප්‍රබල මහජන අපේක්ෂාවක් වන ‘එක් රටක් එක් නීතියක්’ සංකල්පයට එරෙහිව නම් ඒ මඟින් ඔහුගේ අමාත්‍යධූරය අභියෝගයට ලක් වේ. රජයේ ඇමතිවරයෙකුට විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යවරයාට එක් ජනවර්ගයකට අයත් යම් කණ්ඩායමක උවමනාවන්ට අනුව රටේ ව්‍යවස්ථාවට හෝ නීති පද්ධතියට වැරදි අර්ථකතන සැපයීමට අයිතියක් නැත. ඔහු විසින් එසේ තම වෘතීය ගරුත්වය පවා අභියෝගයට ලක්වන ආකාරයට විහාර සහ දේවාලගම් පනත සහ ශ්‍රී ලංකා කතෝලික දේවස්ථාන පනත පුද්ගල නීති ලෙස හුවා දක්වන්නේ මුස්ලිම් ජනතාවට අදාළ පුද්ගල නීති සංශෝධනය කිරීම වැළැක්වීම සඳහා බව තේරුම් ගැනීම අමාරු නැත. එම උවමනාවට සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ උවමනාවක් නොවේ. හිටපු අමාත්‍ය ෆෙරියල් අෂ්රොෆ් මැතිණිය වැනි උගත් මුස්ලිම් කාන්තාවන් තම විවාහ නීති වෙනස් කළ යුතු බවට විවෘතව මත ප්‍රකාශ කරති. ඒ අනුව එසේ එම නීති සංශෝධනය කිරීමට එරෙහි වන්නේ ඉස්ලාම් ආගමික අන්තවාදී බලවේග බවට කිසිඳු සැකයක් නැත.

අධිකරණ අමාත්‍යවරයාගේ වැරදි විග්‍රහය මඟින් එනම් විහාර සහ දේවාලගම් පනත පුද්ගල නීතියක් ලෙස හැඳින්වීම මඟින් ඔහු විසින් තහවුරු කිරීමට උත්සහා කරන්නේ මුස්ලිම් විවාහ නීතිය ඉස්ලාම් ජනකොටස්වලට අදාළවන ආකාරයට විහාර සහ දේවාලගම් නීතිය බෞද්ධයින්ට අදාළ වන බවය. ඒ අනුව එක් රටක් එක් නීතියක් සංකල්පය යටතේ නීතිය සැමට සමාන කිරීම සඳහා එක් නීතියක් ඉවත් කරන්නේ නම් ඒ සමඟම අනෙක් නීතියද ඉවත් කළ යුතුය. පුද්ගල නීතියට අදාළ ඉහත සඳහන් කළ පැහැදිළි කිරීම අනුව එම සමාන කිරීම බුද්ධිමය වශයෙන් මුග්ධ ක්‍රියාවක් ලෙස අවඥාවට ලක් කළ හැක. එහෙත් එවැනි ප්‍රකාශයක් මඟින් අධිකරණ අමාත්‍යවරයා විසින් තහවුරු කරන ස්ථාවරය ඉතා බරපතල වේ. සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අදාළ ප්‍රධාන සාධක ප්‍රමාණයක් නියාමනයට ලක් කරන නීතියක් අභියෝගයට ලක් කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ලෙස අලි සබ්රි මහතා ඉදිරිපත් වීම මඟින් ඔහුගේ මනෝභාවය පැහැදිළි වේ.

විහාර දේවාලගම් පනත අහෝසි කිරීමට නම් ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය, එනම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවට පනවා ඇති ප්‍රතිපාදනය අහෝසි කිරීමට සිදුවේ. එම වෙනස සිදුකළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් පමණක් බවට ඔහු ප්‍රකාශ කරන්නේ එසේ 9 වැනි වගන්තිය සංශෝධනය කරන බව ප්‍රකාශ කිරීමට ඔහුට දේශපාලන ධෛර්යයක් තිබෙන බැවිනි. ඒ ධෛර්ය ඔහුට ලැබෙන්නේ ජනාධිපතිතුමා සමඟ පවතින කිට්ටු මිත්‍ර සම්බන්ධතාවය නිසාද යන්න පැහැදිළි නැත. කෙසේ වෙතත් එම ප්‍රකාශය මඟින් ඔහු කැමති වුවත් අකමැති වුවත් ඉස්ලාම් අන්තවාදී බලවේග වල ප්‍රසාදය ඔහුට හිමිවනු ඇත. මෙතෙක් මෙරට බිහිවූ කිසිඳු මුස්ලිම් දේශපාලඥයෙකුට, විශේෂයෙන්ම තම ජනකොටස ‘අපේ මිනිස්සු’ ලෙස හඳුන්වන දේශපාලඥයින් අතුරින් කිසිවෙකුට එවැනි ධෛර්යක් තිබී නැත. එසේ තිබුණා යැයි තර්ක කළ හැක්කේ අසාද් සාලි මහතා වැනි නගර සභාවක් දිනාගත නොහැකි දේශපාලඥයෙකුට පමණි. පසුගියදා ඔහු විසින් සඳහන් කරනු ලැබුවේ මුස්ලිම් ජනතාවට අදාළව කෝවිඩ් මළ සිරුරු භූමිදානයට අවසර ලබා නොදෙන අයට වන්දිගෙවීමට සිදුවන බවය. නමුත් එසේ වන්දි ලබා ගන්නේ සහරාන් හ‍ෂීම්ගේ ක්‍රමයටද යන්න ඔහු විසින් සඳහන් කළේ නැත.

නමුත් ජනාධිපතිවරණ ජනවරමේ අපේක්ෂාව අනුව ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පනය හෙවත් සටන් පාඨය මඟින් ඉල්ලා සිටින්නේ රටේ පවතින මුස්ලිම් ජනතාවට අදාළ පුද්ගල නීති අහෝසි කිරීමට නොවේ. අධිකරණ අමාත්‍ය වරයා එවැනි උපකල්පනයක සිටීමින් තම වාග් ප්‍රහාරය එල්ල කළද සත්‍යවශයෙන්ම ඒ මඟින් කියවෙන්නේ රටේ අනෙකුත් ජනතාව බුක්ති විඳින අයිතිවාසිකම් මුස්ලිම් ජනතාවටද ලැබෙන ආකාරයට එම නීති සංශෝධනය කළ යුතු බවය. උදාහරණයක් ලෙස විවාහයට සහ දික්කසාදයට අදාළව මුස්ලිම් කාන්තාවකට අන් කාන්තාවකට වඩා වෙනස් ලෙස සැලකීම වරදක් බව ඒ මඟින් කියවේ. එම වරද නිවැරදි කිරීම සඳහා අමාත්‍යවරයාට මානසික සූදානම්කමක් හෝ දේශපාලන ධෙර්යයක් නොමැති බව සත්‍ය සැඟවීම සඳහා ඔහු විසින් කරනු ලබන වැරදි විග්‍රහයන් තුලින් පැහැදිළි වේ. අප රටේ ඉස්ලාම් අන්තවාදයේ උවමනාවන් වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නේ මුස්ලිම් දේශපාලන නායකයින්, 10 කට අඩු ප්‍රමාණයකි. නමුත් ඔවුන් විසින් පෙන්වන බලය මඟින් ආණ්ඩු සහ අමාත්‍යවරුන් පාලනය කළ හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කොට ඇත. ඉන්දියාව තුළ තත්වය වෙනස් වන්නේ නරේන්ද්‍ර මෝඩි වැනි පාලකයින් මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා මූලික ප්‍රතිපත්ති වෙනස් නොකිරීම නිසාය. පසුගිය දිනවල ඉන්දියානු රජය විසින් මුස්ලිම් විවාහ නීතියක් වෙනස් කළ අවස්ථාවේදී අන්තවාදී බලවේග වලට විදී බැසීමට කිසිඳු ඉඩක් ලබා දුන්නේ නැත. ඒ වෙනුවට මුස්ලිම් කාන්තාවන් විශාල පිරිසක් සංවිධානාත්මක වීදී බසින තත්වයක් ඇති කොට ඔවුන් මඟින් අදාළ නීතිය සාධාරනීයකරණය කරනු ලැබීය. ඒවා එසේ සිදු වන්නේ අන්තවාදයට දශමයකින් හෝ හිස නැමීම බලවත් දේශපාලන වරදක් යන පදනම මතය.

නමුත් අප රටේ දේශපාලන නායකයින්ගේ භූමිකාව තුළ එවැනි ධෛර්යය සම්පන්න ආදර්ශයක් දක්නට නැත. එම තත්වය ඉස්ලාම් අන්තවාදී බලවේග වල වාසියට සහ ප්‍රසාදයට හේතු වී ඇත. අසාද් සාලි මහතා වැන්නවුන් ධෛර්යමත්ව අන්තවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ එවැනි තත්වයක් තුලය. ඔහු විසින් ශ්‍රී ලංකාවේදී සිදුකළ ප්‍රකාශය ඉන්දියාව තුළ යම් ඉස්ලාම් අන්තවාදී දේශපාලකයෙකු විසින් සිදුකළා නම් ඔහු අද සිටින්නේ පොලිස් අත්අඩංගුවේ ප්‍රශ්ණ කිරීමට ලක් වෙමිනි. ඉස්ලාම් අන්තවාදීන්ගේ න්‍යාය අනුව මුස්ලිම් ජනතාව සෙසු ජනතාවට වඩා වෙනස් බව මහා සමාජය විසින් පිළිගෙන ඊට අනුව මහා සමාජය වෙනස් වන තත්වයක් නිර්මාණය කළ යුතුය. එසේ මහා සමාජය වෙනස් නොවන්නේ නම් ඊට එරෙහිව කොන්දේසි විරහිතව සටන් කළ යුතුයි. එහිදී අඩියක් හෝ පිටිපසට තැබීමට එම අන්තවාදී බලවේග සූදානම් වන්නේ නැත.

භූමිදානය ප්‍රශ්ණයේදී අන්තවාදීන්ගේ එම උපාය මාර්ගය ඉතා හොඳින් පැහැදිළි විය. ආණ්ඩුව විසින් විද්වත් කමිටු දෙකක් පත්කොට කෙසේ හෝ භූමිදානයට ඉඩ දීමට උත්සහායක් ගනු ලබන්නේ එම උපායමාර්ගය සාර්ථක වී ඇති බැවිනි. පළමු විද්වත් කමිටුව විසින් විද්‍යාත්මක සාක්ෂි මත ගනු ලැබූ තීන්දුවක් වෙනස් කළ හැක්කේ එම සාක්ෂිවලට අභියෝග කළ හැකි නව සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම් පමණි. එහිදී එම සාක්ෂි මොනවාදැයි පොදු මහජනයාටද දැනුම් දිය යුතුය. එසේ නොමැතිව මුල් කමිටුව වෙනුවට භූමිදානයට පක්ෂපාතී විද්වතුන් සහිත වෙනත් කමිටුවක් පත්කරනු ලබන්නේ විද්‍යාත්මක හේතු පසෙකලා දේශපාලන හේතුමත තීන්දු වෙනස් කිරීම සඳහාය. එහිදී වෙනත් යම් රටක භූමිදානයට ඉඩදීම යන තර්කය වලංගු නොවේ. ඊට හේතුව ඉස්ලාම් අන්තවාදී බලපෑම සහිත රටක එම තීන්දු ගැනීමේදී එම සාධකයද සැලකිල්ලට ගත යුතු බැවිනි. උදාහරණයක් ලෙස අසාද් සාලි වැනි පුද්ගලයෙකු විසින් බරපතල තර්ජනයක් කරන තත්වයක් යටතේ කමිටුවලට බලපෑම්කොට තීන්දු ගැනීම මඟින් ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදයට යටත් වූ බවට ජනමතයක් ඇති වේ. ඊට අමතරව අන්තවාදී බලවේග වලට මුස්ලිම් ජනතාව අතර තහවුරු වීමට ඒ මඟින් අවස්ථාව ලැබේ. ආණ්ඩුව විසින් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කලා නම් සමහර විට මහජන මනසේ එවැනි මතයක් ඇති වන්නේ නැත.

මේ වන විට භූමදාන ප්‍රශ්නයට අදාලව ආණ්ඩුව පොදුවේ ක්‍රියා කරන ආකාරය සහ මුස්ලිම් විවාහ වැනි නීති වලට අදාලව අධිකරණ අමාත්‍යවරයා ක්‍රියා කරන ආකාරය අනුව අනාගතයේදී මද්‍රසා පාසල් පිළිබඳ ප්‍රශ්නය විසදීමට ආණ්ඩුවට ධෛර්යයක් ඇතිවේයැයි පිළිගත නොහැක. ඒ අනුව මේ මොහොතේ මුස්ලිම් අන්තවාදී බලවේග තමාගේ මූලික න්‍යායට අනුව ජයග්‍රහණ ලබා ගනිමින් ඉදිරියට යන බව පැහැදිලිවේ. විශේෂයෙන්ම වර්ථමාන අධිකරණ අමාත්‍යවරයා ධූරය දරන කාලය තුල එම තත්වය වෙනස් කිරීම සඳහා සාධනීය පියවර ගතහැකිවනු ඇතැයි සිතිය නොහැක. අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව තුල සිදු කළ ප්‍රකාශය මගින් අන්තවාදයට යටත් නොවීම යන ප්‍රති උපාය මාර්ගය අනුව ආණ්ඩුව කටයුතු නොකරන බව පැහැදිලිව ඔප්පු විය. එය ඉතා බරපතල තත්වයකි. විශේෂයෙන් මුස්ලිම් ආගමික අන්තවාදයෙන් පළමුව පීඩාවට පත්වන සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් ගත් විට එය ඉතාම කණගාටුදායක තත්වයකි.

‘දේශපාලන මුස්ලිම් ආගම’ හෙවත් ‘මුස්ලිම් අන්තවාදය’ ලොව පුරා මහා පිළලයක් සේ වැඩෙමින් මුස්ලිම් සමාජය පමණක් නොව සමස්ථ සමාජ දේහයම ක්‍රමයෙන් විනාශයට පත් කරන බව අප වැනි රටවල දේශපාලන නායකයින් අවබෝධකර ගන්නේ නැත. එහිදී එම අවබෝධයට වඩා ඡන්ද ප්‍රතිශතය වැදගත්වන බවටද තර්ක කළ හැක. ජාත්‍යන්තර අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක්, විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයකදී ඉස්ලාම් අන්තවාදයයට එරෙහිව දැඩි පියවර ගත යුතු බවට සමාජ කතිකාවක් ඇති වුවද අන්තවාදයේ මූලයන් අහෝසි කිරීමට අදාලව ගැඹුරු කතිකාවක් ඇතිවී නැත. අධිකරණ අමාත්‍යවරයාට පුද්ගල නීති පිළිබඳ වැරදි විග්‍රහ දෙමින් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමට ධෛර්යයක් ඇතිවන්නේ එවැනි තත්වයක් තුලය. ඊට අමතරව ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන ඇමෙරිකාව සහ සෞදිඅරාබියාව වැනි රටවල්වල ඔත්තුසේවා වලට සම්බන්ධ සංවිධාන වල අරමුදල් මගින් පුද්ගලයන් මිලදී ගැනීම මගින්ද එම තත්වය පවත්වාගෙන යාමට අදාල සමාජ මනෝභාවය, සකස් කෙරේ. එසේ මිලදී ගන්නා පුද්ගලයන් ‘අල්ටකියා’ න්‍යාය එනම් ‘දෙවියන්වහන්සේ වෙනුවෙන් බොරු කීමේ න්‍යාය’ අනුව ආණ්ඩුව සහ විපක්ෂය යන පාර්ශව දෙකම හසුරුවන බව රහසක් නොවේ.

බෙදුම්වාදය මෙන් නොව විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදය වර්ධනය කෙරෙන්නේ අන්තවාදී බලවේග විසින් මිලදී ගන්නා පුද්ගලයින් ආණ්ඩුව තුල නියෝජනය කරවීම මගිනි. ඊට අමතරව ඔවුන් ආණ්ඩු මාරු කිරීම මගින් හෙවත් එක් පැත්තකින් තවත් පැත්තකට පැනීම මගින් දේශපාලන බලය නැමති පියගැටපෙළේ ඉහළටම නගිති. රිෂාඩ් බදියුදීන් සහ රාවුෆ් හකීම් වැනි දේශපාලකයින් පසුගිය කාලය තුල විවිධ ආණ්ඩුවල බලවත් අමාත්‍යධූර ලබා ගැනීමට සමත්වන්නේ එම ක්‍රියාවලිය තුලය. යම් අන්තවාදී නායකයින් එළිදරව් වීම නිසා ඔවුන්ට තවදුරටත් තම භූමිකාව ඉටු කිරීමට නොහැකි වන විට ඒ සඳහා නව නායකයින් බිහි කිරීම සහ යොදා ගැනීමට අන්තවාදී බලවේග සමත්වී ඇත. කෙසේ වෙතත් එහිදී යම් මුස්ලිම් දේශපාලන නායකයින් ඉතා දුෂ්කර තත්වයන් යටතේ අන්තවාදයට එරෙහිව ක්‍රියා කරමින් සිටින බව රහසක් නොවේ.

නමුත් අන්තවාදයට බියේ ඊට යටත්වන පිරිස් සහ අන්තවාදීන් විසින් මිලදී ගන්නා පිරිස් විසින් අන්තවාදයට එරෙහි වන්නන් පාවා දෙන බැවින් ඔවන්ගේ භූමිකාව ඉතාම දුෂ්කර වී ඇත. එහිදී ආණ්ඩුව විසින් අන්තවාදීන්ගේ ඡන්ද පොදියට කෑදරකම නිසා අන්තවාදයට එරෙහිව මධ්‍යස්ථ මුස්ලිම් නායකයින් ශක්තිමත් කිරීමට පියවර නොගැනීම තුල තත්වය වඩා බරපතල වේ. ෆෙරියල් අෂ්රොෆ් සහ අතාවුල්ලා වැනි අන්තවාදයට එරෙහිව අදහස් ප්‍රකාශ කළ පිරිස් ක්‍රමයෙන් නිහඩ වන්නේ ඔවුන්ව ශක්තිමත් කිරීමට ආණ්ඩුව විසින් පියවර නොගැනීම නිසාය. මෙම තත්වය පිළිබඳ දියුණු විග්‍රහයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනවල මාධ්‍යට නිකුත්කොට තිබුණි. ඔහුට අනුව අන්තවාදී සුළු පිරිසක් විසින් සුලු ජනකොටස්වල ප්‍රජාතන්ත්‍රවාදීයැයි කියන නායකයින් බිය ගන්වා යටත් කරන අතර එම නායකයින් විසින් ඡන්ද පොදියක් පෙන්වා බහුතර පක්ෂ යටත් කරනු ලබයි. අවසානයේ අන්තවාදී සුළුතරය විසින් බහුතරය යටත් කරනු ලබයි. අගමැතිතුමා තම න්‍යායාත්මක පදනම අනුව ප්‍රායෝගිකව ඊට අදාල තත්වයන් සහ සාධක වෙනස් කිරීමට කටයුතු කරන්නේනම් අන්තවාදී ප්‍රවනතාවයන් පරාජය කිරීම සඳහා ශක්තිමත් ආරම්භයක් ගත හැක. එහෙත් අලි සබ්‍රි මහතා වැනි එම න්‍යාය නොපිළිගන්නා අය අධිකරණ අමාත්‍ය ධූරය වැනි ප්‍රබල අමාත්‍යධූරයක් දරණ තත්වයක් යටතේ එවැන්නක් අපේක්ෂා කළ නොහැක.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

***************************************

පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව විකෘති කිරීමේ කුමන්ත‍්‍රණය කලේ රාජපක්‍ෂ පවුලේ කෙනෙක්.. – පූජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමි විශේෂ හෙලිදරවුවක..

(27.02.2021 – 22:02 +0530 – lankacnews.com)

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

එම කුමන්ත‍්‍රණය මෙහෙයවූයේ රාජපක්ෂ පවුලේ කෙනෙකු බවත් එහිමියෝ චෝදනා කරති.

කොමිසමේ අවසාන වාර්තාව බාර දීමට කලින් එම පුද්ගලයා කොමිසමේ සාමාජිකයන් හමුවී වාර්තාව වෙනස් කර ඇති බව ද තම සංවිධානයට සහ තමන්ට අපරාධ චෝදනා එල්ල වූයේ එහි දී බව ද උන්වහන්සේ කියා සිටියහ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

සීඅයිඒබසලා ගෙන් මවුබිම බේරාගනිමු !

++++++++++++++++++

26-02-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • There is a danger in assigning a Muslim man to lead the Minsitry of Justice in a country that is predominantly Buddhist population, with the knowledge that for centuries Muslims have been devastating the institures of other faiths like Zoroastrians, Hinduism and Buddhism throughout the middle-Eastern Countries, Persia, Central and South Asian Countries, and thei teachings, images and all symbolic features of those faiths.

    Incident like Mawanella destruction of Buddha images confirm that Muslim extremists are aggressively implementing their evil and hateful wanton destructions in Sri Lanka too. The President and the PM have committed grave mistakes in appointing this person, and all his actions since his appointment are seen as biased to Muslim religion, and anti-Buddhist and Anti-christian.

    This situation is a grave danger to all other faiths and their devotees, and it is about time that the President and PM swiftly act to correct their errors before the country falls into an anarchy triggered by these highly emotional and sentimental feelings of all the non-muslim population that is the majority of this country.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *