අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

*********************************************

අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

(21.02.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍ය අලි සබ්රි විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.

අදාළ ලිපියේ පිටපතක් කථානායකවරයා වෙත ද යොමු කරමින් මහ සංඝරත්නය ඉල්ලා සිටින්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසයි.

***************************************

තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමකින් පාස්කු කොමිෂමේ නිර්දේශ විකෘතියක්… ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක්…

(22.02.2021 – 00:04 +0530 – lankacnews.com)

පාස්කු කොමිෂන් නිර්දේශ විකෘතියක් බව ‘නව සිංහල රාවය’ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටිති.

රට තුල දළුලා වැඩමෙන් තිබූ මුස්ලිම් අන්තවාදය පිළිබඳව රටට හෙළිදරව් කල ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ඒ හිමියෝ (21) පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සකසන අවස්ථාවේදී කොමිසමේ සියලුම සාමාජිකයින් සහභාගී වුනාද කියන සැකය මතුව තිබෙන බවත් කවුරුන් හෝ දෙතුන් දෙනෙකුගේ දේශපාලන උවමනාවට කොමිෂන් සභාවේ නිර්දේශ සකස් කර තිබෙනවානම් එය බරපතල තත්වයක් බවත් සුදත්ත හිමියෝ කීහ.

ඉස්ලාම් අන්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලනවා වෙනුවට මෙරට ජාතික සංවිධාන මර්ධනය කිරීමට උත්සහ ගන්නවානම් එයට එරෙහිව පුළුල් ජනමතයක් ගොඩ නගන බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.

‘පාස්කු කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සකස් කිරීමේදී විනිසුරුවරුන් පස් දෙනාගේ (5) ඒකමතික තීන්දුවක් මත සකස් කලාද?’ සහ ‘එක් විනිසුරුවෙකුගේ උවමනාවට අනෙක් විනිසුරුවරුන්ගේ හඬ යටපත් කලාද?’ යන ප්‍රශ්න මේ වන විට මතුව ඇති බවත් පාස්කු කොමිසමේ අවසාන වාර්තාව සකස් කිරීමේදී තක්කඩි දේශපාලකයෙකුගේ උවමනාවට නිර්දේශ වෙනස් කලාදැයි සැකයක් මතුව ඇති බවත් අවධාරණය කර සිටි සුදත්ත හිමියෝ පාස්කු වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතු බවත් එය බෝම්බ ගහපු පුද්ගලයින්ට විරුද්ධව මිසක් අන්තවාදී ක්‍රියා පිළිබඳව හෙලිකල ජාතික සංවිධානවලට විරුද්ධව නොවන බවත් සඳහන් කර සිටියහ.

තක්කඩි දේශපාලනය තුලින් ජාතික සංවිධාන නිහඬ කරන්න හදනවානම් එයට එරෙහිව ජනතාව පෙළගස්වන බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට හේතුව තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමෙන් ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ විකෘත කිරීම විය හැකි බවත් සඳහන් කර සිටි උන්වහන්සේ එම කමිටුව සඳහා බුද්ධිමත් මන්ත්‍රීවරු පත්කිරීමේ කාදිනල්වරයාගේ ඉල්ලීම සාධාරණ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා ෴

+++++++++++++++

(21.02.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සඳහා වන කැබිනට් අනුකමිටුව ගැන ගැටලු පවතීනම්, ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඒ මහනුවරදී, ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් දැක්වූ අදහස් පිළිබඳව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ෴

***************************************

(22.02.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

කුකුළන් හතර දෙනෙකු (4) සොරකම් කළ පුද්ගලයෙකු ඊයේ (21) රාත්‍රියේ පොද්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝද්දල, අඳුරත්විල ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

තමන්ගේ රුපියල් 2500 ක් පමණ වටිනා කුකුළන් සිව්දෙනෙකු (4) සොරකම් කර ඇති බවට පෝද්දල, වල්පිට පදිංචි පුද්ගලයෙක් පසුගියදා සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු අද (22) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිසිය පැවසුවේ ෴

***************************************

(22.02.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහ විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

අගරදගුරු නිල නිවස ප්‍රකාශ කළේ අගරදගුරු හිමිපාණන්ගේ උපදෙස් මත අදාළ සාකච්ඡාව කල් දමා ඇති බවයි.

වර්තමානයේ පැන නැගී ඇති විවිධ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන මස 02 වැනිදා මෙම සාකච්ඡාව පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා ෴

***************************************

(22.02.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22) ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි.

මේ අනුව, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අනිද්දා (24) දිනයේදීයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය කොරෝනා ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් අද (22) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනවා.

මානව හිමිකම් සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශයට පත් කළ වාර්තාව පදනම් කර ගෙන මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූ රටවල් 06 ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන එම රටවල් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කරමින් සඳහන් කළේ ජගත් මානව හිමිකම් කොමිසම තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් අඛණ්ඩව සළකා බැලීම වැදගත් බවයි.

මීට පෙර ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවට පසුගිය රජය සමයේ සම සත්කාරකත්වය දැක්වූ අතර, වත්මන් රජය විසින් පසුගිය වසරේ එම සත්කාරකත්වය ඉවත් කර ගනු ලැබුවා.

මේ අතර, ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබා දෙන්නැයි ඉල්ලා ලක් රජය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ ලිපියක් ද යොමුකර තිබුණා ෴

***************************************

(22.02.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

නකල්ස් කලාපයේ පවතින වල් බෝග දර්ශක සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව පරිසර සංවිධාන පවසනවා.

අදාළ කලාපය ආශ්‍රිතව වල් ගම්මිරිස්, වල් ඉඟුරු, වල් කහ වැනි ශාක රැසක් මගින් වැඩි දියුණු කළ ප්‍රභේද රැසක් නිර්මාණය කළ හැකි බවයි එම සංවිධාන සඳහන් කරන්නේ.

වර්තමානයේ වගා කෙරෙන බොහෝ බෝගවල මුල් පැවැත්ම වල් දර්ශක ලෙස අන්තර්ගත බව උද්භිද විද්‍යාඥයන්ගේ මූලික අදහසයි.

ක්‍රමානුකූලව කෘෂි යුගයට පිවිසීමේදී එම වල් බෝග, ප්‍රභේදගත බෝග ලෙස වර්ධනය වී තිබෙනවා.

විෂම පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාවක් මුලදී වල් බෝග ලෙස පැවති වගාවන්ට පැවතීම ද විශේෂත්වයක්.

නිසි අධ්‍යයනයක් නොකළහොත් ඒවා විවිධ තර්ජනයන්ට ලක්වීම වළක්වා ගත නොහැකි බව පරිසර සංවිධානවල අදහසයි ෴

***************************************

(22.02.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 200 ක් සමඟ වාද්දුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

32 හැවිරිදි සැකකරු පානදුර – පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

(22.02.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ (2021) ජනවාරි මාසයේ මෙරට විගාමික ශ්‍රමිකයන් විසින් දිවයිනට එවනු ලැබූ විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 675 යි දශම 3 දක්වා සියයට 16 යි දශම 3 කින් වර්ධනය වී තිබෙනවා.

එය රුපියල් පරිවර්තනයට අනුව සියයට 22 යි දශම 1ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන විනිමය පසුගිය මාස කිහිපය තුල අඩුවීමක් පෙන්නුම් කළද, 2020 වසරේදී ඔවුන් එලෙස එවූ විනිමය ඩොලර් බිලියන 7 යි දශම 1 කට අධිකයි.

2019 වසරේදී විගාමික ශ්‍රමිකයන් ඩොලර් බිලියන 6.7 ක විදේශ විනිමය මෙරටට එවනු ලැබුවා ෴

***************************************

හොස්පිට්ල් යනවා කියලා දූෂණය කරන්න එක්කන් ගියා – ‘අවන්ති දේවි’ දැරියන්ගේ හෙළිදරව්ව

(21.02.2021 – 20:36 +0530 – sinhala.adaderana.lk)

ලිංගික හිරිහැර ඇතුළු අකටයුතුකම් සිදුවන බවට ‘දෙරණ උකුස්සා’ අනාවරණය කළ අනුරාධපුර අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ දැරියෝ අද (21) දිනයේදීත් තවත් ආන්දෝලනාත්මක අනාවරණ රැසක් කළෝය.

ඒ, අද (21) දිනයේදී අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා එහි පරීක්ෂණ සිදුකරන ආකාරය පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදී ය.

අනුරාධපුර අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ සිදුවූ ‘අහස පොළොව නුහුලන ක්‍රියා’ සම්බන්ධයෙන් ‘දෙරණ උකුස්සා’ පසුගිය ජනවාරී මස 08 වනදා සිට අවස්ථා රැසකදී රට හමුවේ අනාවරණය කළේය.

ඒ අනුව බලධාරීන්ගේ අවධානය ඊට යොමුවූවද එහි පරීක්ෂණවල ප්‍රගතියක් අල්ප මාත්‍ර වශයෙන් හෝ අපට දැන ගැනීමට හැකි වූයේ නැත.

අවන්ති දේවී කාන්තා ළමා නිවාසයට ගිය අමාත්‍යවරයා, පළාත් ප්‍රධාන ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබා දී වත්මන් පරීක්ෂණ තත්ත්වය පිළිබඳව විමසා සිටියේය.

අනතුරුව එහි දැනට සිටින දැරියන් තමන් මුහුණ දී සිටින ශෝචනීය තත්ත්වය පිළිබඳව කඳුළු පිරි දෙනෙතින් යුතුව කරුණු අනාවරණය කළේය.

මෙහි සිදුවන නොහොබිනා ක්‍රියාවන් පිළිබඳව දැරියන් මෙපමණ අනාවරණය කර ඇති පසුබිමකත් මෙහි පරීක්ෂණ කටයුතු ඉබි ගමනින් සිදුවීම සැබැවින්ම මවිතයට කරුණකි.

මේ පසුපස ඉහළ බලධාරියෙකුගේ බළල් අතක් තිබේද?

***************************************

(22.02.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ජනවාරි මාසයේ මෙරට විගාමික ශ්‍රමිකයන් විසින් දිවයිනට එවනු ලැබූ විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 675.3 දක්වා සියයට 16.3 කින් වර්ධනය වී තිබෙනවා.

එය රුපියල් පරිවර්තනයට අනුව සියයට 22.1 ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන විනිමය පසුගිය මාස කිහිපය තුල අඩුවීමක් පෙන්නුම් කළද, 2020 වසරේදී ඔවුන් එලෙස එවූ විනිමය ඩොලර් බිලියන 7.1 කට අධිකයි.

2019 වසරේදී විගාමික ශ්‍රමිකයන් ඩොලර් බිලියන 6.7 ක විදේශ විනිමය මෙරටට එවනු ලැබුවා ෴

***************************************

(22.02.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

හබරණ ප්‍රදේශයේ සංවිධානයකර තිබූ මත්පැන් සාදයක් වටලා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසනවා.

හබරණ වැව් ඉස්මත්තේ පිහිටි ලැඟුම්හලක මෙම සාදය පවත්වා ඇති අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මොවුන් සංවිධානය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

හබරණ පොලිස් කොට්ඨාශ බුද්ධි අංශ නිළධාරීන්ට හා විශේෂ කාර්යාංශයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව කුරැණෑගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර අත්අඩංගුවට ගැනුණු පිරිමි පුද්ගලයින් 16 දෙනා හබරණ, කැකිරාව, ත්‍රිකුණාමලය, මාතර හා කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 22-28 වයස් සීමාවල පසුවන්නන්.

ඔවුන් අද (22) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(22.02.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සහ විවිධ වැරදි යටතේ සැකකරුවන් 771 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) පස්වරු 6 සිට අද (22) අලුයම 5 දක්වා මෙම විශේෂ මෙහෙයුම දියත් කළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

එහිදී හෙරොයින් සමඟ සැකකරුවන් 261 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් ළඟ තබා ගැනීමේ චෝදනාවට සැකකරුවන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

@@@@@@@@@@@@@@

(22.02.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (21) ආසාදිතයින් 519 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 79,999 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 75,923 ක්.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 5,255 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (21) දිනයේදී තවත් ආසාදිතයින් 843 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 74,299 ක් වනවා.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 10 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 445 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොලොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිල, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩාගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දස දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඔවුන් අවුරුදු 74, 82, 58, 72, 68, 83 සහ 90 යන වයස්වල පසුවනවා ෴

+++++++++++++++++++++++

(22.02.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ඇස් කන්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වැළඳීමේ ප්‍රවනතාවය තුන් (3) ගුණයකින් අඩු බව සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියානු පර්යේෂකයින් පිරිසක් විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බවයි.

පර්යේෂකන් විසින් පුද්ගලයින් 304 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇස් කන්නාඩි පැළඳ සිටින අය ඔවුන්ගේ මුහුණ අඩුවෙන් ස්පර්ශ කිරීම හේතුවෙන් වෛරසය ආසාදනය වීමේ අඩු අවදානමක් ඔවුන්ට පවතින බවයි.

සෑම පුද්ගලයෙකුම පැයකට 23 වතාවක් තම මුහුණ ස්පර්ශ කරන අතර තුන්වරක් (3) ඇස් ස්පර්ශ කරන බවයි මෙම සමීක්ෂණය සිදුකළ පර්යේෂකයින් සඳහන් කරන්නේ.

පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ දීර්ඝ කාලීනව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් නිරන්තරයෙන් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකීම සිටීම හේතුවෙන් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය විමේ අඩු ප්‍රවනතාවයක් දක්නට ඇති බවයි ෴

+++++++++++++++++++++

(22.02.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (21) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 518 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (21) ආසාදිතයින් එකසිය විසි දෙදෙනෙකු (122) හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

එසේම, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 85 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 64 දෙනෙකුද ඊයේ (21) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතර වනවා. අනෙක් ආසාදිතයින් 247 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා ෴

++++++++++++++++++

(22.02.2021 – 10:41 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිත නව කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4775 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හඳුනා ගත් නව ආසාදිතයින් 28 දෙනාම නේවාසික රැඳවියන්.

මේ වනවිට බන්ධනාගාරයේ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4613 ක්.

ඒ අනුව බන්ධනාගාර ගත ආසාදිතයින්, 149 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා ෴

++++++++++++++++++

(22.02.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඔහු ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයට එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා පිල අද (22) රාත්‍රියේ බටහිර ඉන්දීය කොදෙව් දිවයින් බලා යාමට නියමිතව ඇති අතර, ඊට පෙරයි ක්‍රීඩකයන් මෙලෙස කොරෝනා පරීක්ෂණවලට ලක් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වෛද්‍ය උපදේශක කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කළා.

කෙසේ නමුත්, කොදෙව් සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කොරෝනා එන්නත් ලබාදීමට කටයුතු කෙරෙන්නේ නැහැ.

ඔවුන් සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු එලෙස කොරෝනා එන්නත් ලබා දෙනු ඇති.

කෙසේ නමුත්, බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයට පෙර එලෙස කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ට කොරෝනා එන්නත් ලබාදීමට පියවර ගන්නා බවයි වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ ෴

@@@@@@@@@@@@

Siwhela TV : අනේ මගේ සාක්කුවේ තිබුණ සල්ලි ඔක්කොම බලෙන් අරන් ගියා (21.02.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *