*********************************************
අහිමි දිවියෙන් ලැබූ ප්‍රාණය, ජීවත් කරවන පටක බැංකුව
(19.02.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)
අහිමිවූ ජීවිතයකින් තවත් ජීවිතයට ප්‍රාණය එක්කිරීමට තරම් මේ වනවිට නවීන විද්‍යාව දියුණු වෙලා.
තවමත් දියුණුවෙමින් පවතින රටක් වුවත් අපේ රටද ඒ දියුණුවේ කොටස්කරුවෙකුවීම සතුටට කරුණක්.
මේ සටහන වෛද්‍ය විද්‍යාවේ තවත් කඩඉමක් සනිටුහන් කළ මෙරට පළමු මානව පටක බැංකුව පිළිබඳවයි.
මේ තියෙන්නේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කර ඇති මෙරට තුළ ලංකාවේ දැනට තිබෙන එකම මානව හදවත් කපාට සහ පටක බැංකුවයි.
දැනට වසර 2 කට පමණ පෙර මෙම මධ්‍යස්ථානය ආරම්භ වුවත් ඊට මූලික අඩිතාලම වැටෙන්නේ වර්ෂ 2013 දීයි.
ඇතැම් ළමා ශල්‍යකර්මයන් සඳහා පටක ලබා ගැනීමේ අවශ්‍යතාව පැනනැගුණද ඒ වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමටද සිදුවීමෙන් එම කාර්ය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
ඊට අවශ්‍ය උපකරණ සහ තවත් බොහෝ දෑ අමෙරිකාව වැනි තාක්ෂණයෙන් ඉහළ රටවලින් ගෙන්වා විෂය ක්ෂේත්රය සම්බන්ධ හසළ දැනුමැති විශේෂඥයින්ගේ උපදෙස් මත අද වනවිට මෙම පටක බැංකුව හරහා ජීවිත රැසකට නව ජීවය එක්කර තිබෙනවා.
එලෙස නිර්මාණය වූ පටක බැංකුවෙන් මානව පටක ළමා ගැනීම සිදු කෙරෙන විද්‍යාත්මක ක්‍රමවේදය පිලිබඳ ළමා හෘදරෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා මෙලෙස අදහස් දැක්වූවා.
අද වනවිට හදවත් පටක සඳහා පමණක් භාවිත කෙරෙන මෙම පටක බැංකුවෙන් ඉදිරියේදී මිනිස් ශරීරයේ බොහෝ අවයව, අස්ථි කොටස්වල පටකද ලබා දීමට අපේක්ෂිතයි.
පුද්ගලයෙකුගෙන් පටක ලබා ගන්නා නිර්ණායක සහ ක්‍රමවේදය කුමක්ද?
මේ වනවිට ළමා රෝහලේ සිදු කෙරෙන ශල්‍යකර්ම සඳහා පමණක් භාවිත කෙරෙන මෙම පටක අවශ්‍ය අවස්ථාවකදී වෙනත් රෝහල් වෙතද ලබා දීම සිදු කෙරෙනවා.
මෙම පටක බැංකුවෙන් ලබාගත් පටක ආධාරයෙන් පමණක් මේ වනවිට ශල්‍යකර්ම සිදුකර ඇති දරුවන් ගණන 12 ක්.
ඔබටත් හැකි පමණින් මීට දායකත්වය ලබා දෙන්නට පුලුවන් නම් ජීවිතයකට නව ජීවයක් එක්කිරීමට එය ශක්තියක් වනු නොඅනුමානයි.
++++++++++++++++
***************************************
(19.02.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)
මහ බැංකු බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා අධිකරණ නියෝගයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අද (19) අධිකරණයට දැනුම් දුන්නා.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ වසන්ත පෙරේරා සඳහන් කළේ ඊට අදාළ නීතිමය පියවර අධිකරණයේ නියමයන්ට අනුව අනුගමනය කරමින් සිටින බවයි.
මෙම නඩුව එළඹෙන මාර්තු 18 වනදා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියම කළා ෴
***************************************
(19.02.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට එරෙහිව එක්ව කටයුතු කිරීමට ආණ්ඩුව ඉල්ලීමක් කළහොත් ඒ සඳහා සහය දීමට සූදානම් බව සමගි ජනබලවේගය පවසනවා.
‘හිරු ටී.වී. බලය’ සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මේ බව සඳහන් කළා.
***************************************
(19.02.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ අනවසරයෙන් සහ කුලී පදනම මත වෙළඳාම් කටයුතු සිදු කරන පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරය සහ පොලිසිය අද (19) කටයුතු කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
වෙළඳුන් චෝදනා කළේ, මැනිං වෙළඳපොල පෙර පැවැති ස්ථානයේ වෙඵඳාම් කළ වෙළඳුන්ට පවා මේ හේතුවෙන් අසාධාරණයක් සිදුවන බවයි.
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ වෙළඳසැල් හිමියන්ට අමතරව වෙනත් පුද්ගලයින් වෙළඳාම් කටයුතු සිදු කරන බවට නාගරික සංවර්ධන අධිකාරියට අවස්ථා කිහිපයකදීම පැමිණිලි ලැබී තිබුණා.
අදාළ අනවසර වෙළෙන්දන් ඉවත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය අද පියවර ගත්තේ ඒ අනුවයි.
මේ සඳහා කැළණිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන 5 ක නිලධාරීන්ගේ සහය ද ලබා ගෙන තිබුණා.
අනවසර වෙළෙන්දන්ට අමතරව කුලී පදනම මත වෙළඳාම් කටයුතු සිදු කරන පුද්ගලයින්ටද මැනිං වෙළඳපොලෙන් ඉවත් වන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබෙනවා.
මේ හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොළ පරිශ්‍රයේ අද (19) උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
වෙළඳුන් චෝදනා කරන්නේ මැනිං වෙළඳපොල පෙර පැවැති ස්ථානයේදීත් කුලී පදනම මත ව්‍යාපාර සිදු කළ තමන්ට මේ හරහා අසාධාරණයක් සිදුවන බවටයි.
***************************************
(19.02.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)
මෙරට ආර්ථිකයගොඩගැනීම සඳහා බැංකුවල පවතින ආකල්ප වෙනස්වීමේ අවශ්‍යතාව මතුව ඇති බව, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, තංගල්ලේ පැවති උත්සවයකදීයි.
දකුණු පළාත් විශිෂ්ඨතම ව්‍යවසායක සම්මාන උළෙල ඊයේ (18) තංගල්ලේදී පැවැත්වුණේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්.
***************************************
(19.02.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)
පානම සිට කිලෝමීටර් 28 ක් දුරින් දකුණු මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 4 ක භූ චලනයක් සිදුව තිබෙනවා.
අද (19) පෙරවරු 11 ට පමණ මෙම භූ චලනය සිදුව ඇති අතර, එය හක්මන, බුද්ධංගල, පල්ලෙකැළේ සහ මහකනදරාව යන ප්‍රදේශවල ස්ථාපිත භූ කම්පන මානවල ද සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළා.
මුහුදේ සිදුවූ මෙම භූ චලනය අම්පාර – ලාහුගල ප්‍රදේශයට ද දැනී තිබුණා.
මීට පෙර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සහ බදුල්ල – ඇකිරිය ප්‍රදේශයේ භූ චලන වාර්තා වූ අතර, මේ වන විට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ද ඇකිරිය ප්‍රදේශයට ගොස් සිටිනවා.
එසේ තිබියදියි අද (19) පානමට ආසන්න මුහුදේ මෙම භූ චලනය හට ගත්තේ ෴
***************************************
(19.02.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)
මෙම කන්නය සඳහා පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ උක් ඇඹරීම ඊයේ (18) ආරම්භ කෙරුණා.
වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරුණු අතර, මෙම කන්නයේදී උක් ටොන් හාරලක්ෂ පනස් දහසක් (4,50,000) ඇඹරීමට නියමිතයි.
එමෙන්ම එතනෝල් ලීටර ලක්ෂ හත හමාරක් (7½) නිෂ්පාදනය කිරීමටද බලාපොරොත්තු වන බවයි පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාර මහතා ප්‍රකාශ කළේ ෴
***************************************
(19.02.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)
නව බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසට තුෂාර උපුල්දෙණිය මහතා පත්කර තිබෙනවා.
ඔහු මීට පෙර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසට කටයුතු කළා.
තුෂාර උපුල්දෙණිය මහතාගේ පත්වීම පසුගියදා කැබිනට් මණ්ඩලය ද අනුමත කළා ෴
***************************************
(19.02.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)
කාලයක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සිය බිරිද සිව්වැනි (4) දරුවා ප්‍රසූත කිරීමට රෝහල් ගත වූ අවස්ථාවේ 19 හැවිරිදි තරුණියක් සමග ජිවත්වූ පුවතක් සමනළ වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම පුද්ගලයා අනියම් බිරිඳ සමග ගතකිරීමට තෝරාගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ, සමනළ වැව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි නිවසක්.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් මෙම නිවසේ හිමිකරුවන් මාසයකට පමණ වෙනත් නිවසක රැදී සිටි ඇති අතර වසා තිබූ එම නිවසේ පිටුපස දොර කඩා මෙම යුවළ ඇතුල් වී තිබීම විශේෂත්වයක්.
නිවසේ හිමිකරුවන් තම නිවසට පැමිණි අවස්ථාවේ එහි තිබූ ජල මෝටරය, ජල ටැංකිය ඇතුලූ රුපියල් 50,000 ක පමණ වටිනා බඩු බාහිරාදිය නොතිබීම හේතුවෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව පොලිසිය කරන ලද පරීක්ෂණවලදීයි සැකකාර සිව්දරු පියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම පුද්ගලයාගේ විවාහක බිරිද සහ දරුවන් තිදෙනා (3) රැක බලා ගැනීමේ කටයුත්ත ඇයගේ දෙමව්පියන් විසින් සිදු කරන බවට ද හෙළිවී තිබෙනවා ෴
***************************************
(19.02.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)
නිකවැරටිය – කොටවෙහෙර – ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක ඝාතනය කර තිබියදී සොයා ගැනුණු උපකාරක පන්ති ගුරුවරයාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
එම අපරාධය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන සහකාර පොලිස් අධිකාරී නාලක සේනානායක මහතා :
@@@@@@@@@@@@@@
සරණක් අවැසි රිලා හාම්පුත්තු
(19.02.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)
වසරකටත් අධික කාලයක් තිස්සේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසය හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවකටම මේ වන විටත් විශාල බලපෑමක් එල්ලවී අවසන්.
මේ එලෙස බලපෑමට ලක්වූ නමුත් මෙතෙක් කිසිවෙකුගේ ඇස යොමු නොවූ ජන කොට්ඨාශයක මැසිවිල්ලයි.
තඹුත්තේගම – කුඹුක්ගැටේ අහිගුණ්ඨක ගම්මානයේ ජීවත්වන වන මොවුන් සිය වෘත්තිය ලෙස ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශණය කරමින් හා අතබලා සාස්තර කියමින් සිය ජීවිතය සරිකරගත්තා.
මේ ජනතාවගේ මුල්ම ජනාවාසය කුඹුක්වැව ජනපදයේ පිහිටා ඇති අතර එහි පවුල් 50 ක් පමණ වාසය කරනවා.
විසකුරු සර්පයින් පවා යොදා ගනිමින් ගෙයින් ගෙට ගොස් දිවි සරිකරගන්නා මොවුන් ගෙවන්නේ ඉතා දුෂ්කර ජීවිතයක්.
කෙසේ වෙතත් මේ දිනවල රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 වෛරසය හේතුවෙන් නිවෙස්වලට යාමට නොහැකි තත්ත්වයක් උදාවීමත් සමඟ ඔවුන්ගේ එම වෘත්තියටද කණ කොකා හැඩීමට පටන් අරන්.
කිසිවෙකුටත් අතනොපා ජීවිකාව ගෙනයාම සඳහා වෙර දරණ මෙම ජනතාවටද කිසියම් සාධාරණයක් ඉටුවන්නේ නම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇති.
+++++++++++++++++++
(19.02.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)
කොවිඩ් එන්නත තමන්ට මේ මොහොතේ අවශ්‍ය නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා අනුරාධපුරය ප්‍රදේශයේ පැවති උත්සවයකදී සදහන් කළේ කොවිඩ් වෛරසය වැළදුණු බැවින් තවම ශරීරයේ අවශ්‍ය ප්‍රතිශක්තිය පවතින බවයි.
+++++++++++++++++++++++
(19.02.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 743 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 72,566 ක් ලෙසටයි.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවදුරටත් පුද්ගලයින් 5,424 දෙනෙකු මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවයි ෴
++++++++++++++++++++
(19.02.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාමය පිංකමක් ලබන 22 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින (22) පස්වරු 3 ට මෙම පිංකම ආරම්භ කෙරෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ.
අදාළ ධර්ම දේශනාමය පිංකම සඳහා සහභාගි වන ලෙසට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා ෴
+++++++++++++++++++
(19.02.2021 – 16:40 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාදීමට වෙන් කර තිබූ කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණද, එය තවත් දින 3 කින් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ලබන 23, 24 සහ 25 යන දින තුන (3) තුළද නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබාගැනීමට හැකියාව පවතින බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
කෙසේ වෙතත් මේ දක්වා එන්නත ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
මේ අතර කොරෝනා ආසාදනය වී සුවය ලැබූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ අදාළ එන්නත දැනට තමන්ට අවශ්‍ය නොවන බවයි ෴
දින 4 ක් තුල බන්ධනාගාර නිලධාරීන් 3145 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා ෴
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 248 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 743 දෙනෙකු සුවය ලබා අද (19) දිනයේ රෝහල්වලින් පිටව ගියා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 72,566 ක් ලෙසටයි ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴