ශ්‍රී ලංකාව ගෝලීය පරිවර්තනයන් සමග වේගයෙන් අනුගත වියයුතුයි – ජනපති

ශ්‍රී ලංකාව ගෝලීය පරිවර්තනයන් සමග වේගයෙන් අනුගත වියයුතුයි – ජනපති

*********************************************

ශ්‍රී ලංකාව ගෝලීය පරිවර්තනයන් සමග වේගයෙන් අනුගත වියයුතුයි – ජනපති

(16.02.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ගෝලීය පරිවර්තනයන් සමග වේගයෙන් අනුගත වියයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

එහිදී ජනපතිවරයා කළ කතාව පහතින් :

+++++++++++++++++

***************************************

(16.02.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මාස 11 ක් පමණ වයසැති තම බිළිඳු පුතුට සහ තුන් (3) හැවිරිදි දියණියට වස පොවා තමන් ද වස පානය කිරීමෙන් රෝහල් ගත කළ 28 හැවිරිදි මව මාර්තු මස 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, අදාළ මව දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත ආරියරත්න හමුවට අද (16) ඉදිරිපත් කළ අවස්ථාවේදියි. දඹුල්ල – කණ්ඩලම ප්‍රදේශයේ දී ඊයේ (15) මෙම මව වස පානය කර දරුවන් දෙදෙනාට (2) ද වස පොවා තිබුණා.

පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් මාස 11 ක් වයසැති බිළිඳු දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පේරාදෙනිය රෝහලට මාරු කර යැවුණු අතර දියණිය දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අදාළ කාන්තාවගේ සැමියා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුලී රථ රියදුරෙකු ලෙස සේවය කරන අතර ඔහු වෙනත් කාන්තාවන් දෙදෙනෙකු (2) සමඟ ප්‍රේම සබදතාවක් පවත්වාගෙන යාම හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම දෙදරු මව වස පානය කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ෴

***************************************

(16.02.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස් වීම් ලැබූ බිම්ෂානි ජාසිං ආරච්චි ගේ උසස්වීම බලරහිත කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 නෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 18 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියම කළා.

ඒ, මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැදවූ අවස්ථාවේදියි.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටි අතර ඔහු ඉල්ලා සිටියේ වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පතිනී බිම්ෂානි ජාසිං ආරච්චි ගේ උසස්වීම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරිය පොලිස් දෙපාර්තමේන්තුවේ නීති සහය ලබාගෙන නොතිබූ අතර ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවේ පළමුවන පෙත්සම්කරු ලෙස පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කටයුතු කරන බැවින් නඩුවට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි.

එම නිසා අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ විරෝධතා අද (16) සිට සති 3 ක් ඇතුළත ඉදිරිපත් කිරීමට වගඋත්තරකාර පාර්ශවයට අවස්ථාව ලබාදෙන බවයි.

ප්‍රති විරෝධතා ඇත්නම් එම සති තුන (3) ඉක්ම ගොස් සතියක් (1) තුළ ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක ලෙස කටයුතු කළ බිම්ෂානි ජාසිං ආරච්චි පොලිස් කොමිසම විසින් පසුගිය වසරේදී නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙනා අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ පොලිස් සේවයේ අනුමත සේවක සංඛ්‍යාවේ කාන්තාවන් සඳහා නොමැති තනතුරකට බිම්ෂානි ජාසිං ආරච්චි පත් කර ඇති බව පවසමින්.

මේ අතර, නියෝජ්‍ය පොලිස්පතිනී බිම්ෂානි ජාසිං ආරච්චි පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එමගින් ඇය දක්වා ඇත්තේ මෙම පෙත්සම හා නොතීසි පොලිස් මූලස්ථානයේ නීති අංශයට පසුගිය ජනවාරි මස 16 වන දා හෝ ආසන්න දිනකදී ලැබී ඇති නමුත් තමන්ට එය භාරදීම අදාළ කොට්ඨාශය විසින් චේතනාන්විතව පැහැර හැර ඇති බවට සාධාරණ සැකයක් මතුව ඇති බවයි.

එම නිසා මෙම නඩුව සම්බන්ධයෙන් සිදුකරන සියළු කටයුතුවලින් නඩුවේ පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඉවත් කර ලෙස අදාළ ලිපියෙන් දක්වා ඇති බව සඳහන් ෴

***************************************

(16.02.2021 – 20:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැවතියද රටේ සංවර්ධන කටයුතු නතර නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, වයඹ පළාත් මහඇළ ව්‍යාපෘතියේ මහ කිතුල සහ මහ කිරුළ ගබඩා ජලාශ දෙක ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට පොල්පිතිගම – ඉරුදෙනියාය ප්‍රදේශයේ දී අද (16) එක්වෙමින්.

එම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

***************************************

(16.02.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කරන බවට ප්‍රකාශ කළ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා හෝ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඒ පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් කරන තුරු ශ්‍රී ලංකාවේ නිල මතය ප්‍රකාශකළ නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

මේ අතර සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීන සමාගම් 3 කට උතුරේ දූපත් තුනක් (3) ලබාදීමේ කැබිනට් තීරණය එලෙසම පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අද (16) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

++++++++++++++++

***************************************

(16.02.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

කූට ලේඛණ උපයෝගි කරගනිමින් 2020 වසරේ පළමු ශ්‍රේණියට නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් කෙරුණු ළමයින් හයදෙනෙකු (6) වහාම ඉවත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විද්‍යාලයේ විදුහල්පතිණියට නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ ළමයින් වෙනුවට අවසාන ලැයිස්තුවේ පොරොත්තු ලේඛනයේ සිටින සිසුවියන් හයදෙනෙකු (6) කඩිනමින් විද්‍යාලයට ඇතුළත් කරගන්නා ලෙසටයි අමාත්‍යාංශ ලේකම්වරයා ජනවාරි මස 19 වනදා යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගයට අනුව පොරොත්තු ලේඛණයේ සිටි සිසුවියන් හයදෙනා (6) විද්‍යාලයට ඇතුළත් කරගෙන ඇති අතර, කූට ලේඛණ මගින් පාසලට ඇතුළත් කරගෙන තිබූ සිසුවියන් හයදෙනා (6) තවමත් ඉන් ඉවත් කර නැහැ.

කෙසේ වෙතත් අදාළ සිසුවියන් හයදෙනා (6) කඩිනමින් පාසලෙන් ඉවත් කිරීමට අදාළ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි නුගේගොඩ අනුලා විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් ලබාදී ඇති නිර්දේශ මත කූට ලේඛන සකස් කරන ලද පාර්ශවයන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා පොලිස්පති වෙත පැමිණිල්ලක් කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නුගේගොඩ අනුලා විද්‍යාලයට නිකුත් කරන ලද ලිපියෙහි දැක්වෙනවා.

පසුගිය වසරේ අනුලා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවියන් ඇතුළත් කරගැනීමේදී කූට ලේඛන සකස් කර සිදුකළ අක්‍රමිකතා රැසක් පිළිබඳව මුල් වරට හිරු ප්‍රවෘත්ති අංශය අනාවරණය කළා.

විගණකාධිපති දෙපාර්තමේන්තුව ද මාස දෙකකට (2) අධික කාලයක් අදාළ විමර්ශන සිදුකළ අතර, එම විද්‍යාලයේ එවකට හිටපු විදුහල්පතිනි ජයනි ප්‍රෂංගිකාට මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට සහ තවත් චෝදනා රැසක් ද එල්ලවී තිබුණා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අනාවරණ කිරීමත් සමඟ හිටපු විදුහල්පතිනියට සහය දක්වමින් සහ හිරු ප්‍රවෘත්ති අංශයට එරෙහිව පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අනුලා විද්‍යාලය ඉදිරිපිට විරෝධතා කිහිපයක්ද සිදු කෙරුණා.

විරෝධතාවයේ නිරත පිරිස ප්‍රකාශ කර සිටියේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව අසත්‍ය බවටයි.

විගණන විමර්ශණයට අනුව නුගේගොඩ අනුලා විද්‍යාලයේ එවකට සිටි විදුහල්පතිනි ජයනි ප්‍රෂංගිකා එම ධුරයෙන් ඉවත් කෙරුණු අතර, පසුව කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ අනෝමා දහනායක, අනුලා විද්‍යාලයේ විදුහල්පතිණිය ලෙස පත් කරනු ලැබුවා.

අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස ජයනි ප්‍රෂංගිකා සේවය කරන කාලසීමාවේදී අදාළ අක්‍රමිකතාව සිදුව තිබූ අතර, අදාළ සිසුවියන් හයදෙනාගේ (6) මව්වරුන් පාසලේ ආදි සිසුවියන් ලෙස සිටි බවට කූට ලේඛන සකස් කරමිනුයි ඔවුන්ගේ ළමයින් පාසලට ඇතුළත් කර තිබුණේ ෴

***************************************

(16.02.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සි.අයි.ඒ.’ හරහා හෙළි කළ විකෘති කාමාශාවන් සදහා කුඩා දරුවන් ඇබ්බැහිකර ගන්නා සංවිධානාත්මක කල්ලියේ තිදෙනෙකු (3) පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

අධිකරණය නියෝග කළේ සැකකරුවන් මාර්තු මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඊයේ (15) අප ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළි කලේ, කලක පටන් කුඩා දරුවන් තම විකෘති කාමාශාවන් සංසිදවා ගැනීමට යොදා ගන්නා ගනේමුල්ල – බොල්ලත ප්‍රදේශයේ කල්ලියක් පිළිබදවයි.

5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දරුවා සහ තවත් දරුවෙකු අවුරුදු 60 පමණ මෙම සැකකරු විසින් එම ප්‍රදේශයේම 36 හැවිරිදි කාන්තාවක් සමගත් ලිංගික ක්‍රියා සිදුකිරීමට පොළඹවා තිබෙනවා.

දරුවන්ගේ දෙමාපියන් පවා පොලිසියට පැමිණිල්ක් හෝ යොමු නොකර මෙම අපරාධය වසන් කිරීමට සැරසෙද්දී ‘හිරු සී.අයි.ඒ.’ ළමා අපයෝජකයන් පිළිබදව පොලිසිය දැනුවත් කළා.

ඒ අනුවයි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත ඊයේ (15) ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

දරුවන් ලිංගික කටයුතු සදහා පොළඹවා ගත් කාන්තාවගේ නිවස සෝදිසි කිරීමේදී දරුවන්ට පෙන්වන ලද අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී. තැටි ද සොයා ගැනුනා.

අදාල කාන්තාව හා සරත් නැමැති ළමා අපයෝජන සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ පුත්‍රයා ද පොලිස් අත්අඩංගුවට ගැනුනා.

එමෙන්ම පොලිසිය පැවසුවේ අපයෝජනයට ලක් වු දරුවන් වෛද්‍ය වාර්තා ලබාගැනීම සදහා රෝහල් ගත කළ බවයි.

***************************************

(17.02.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 3 යි ග්‍රෑම් 250 ක් සමඟ සැකකරුවෙකු පිළියන්දල – මඩපාත – බටුවන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ 3 යි ග්‍රෑම් 250 කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදියි ෴

@@@@@@@@@@@@@@@@

(16.02.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ දෙමටගොඩ සහ වනාතමුල්ල ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබාදීම අද (16) ආරම්භ කර තිබුණා.

ඒ අනුව අද (16) දිනය තුල පමණක් 1028 දෙනෙකුට එන්නත් ලබාදුන් බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කළේ ෴

තවත් කොරෝනා ආසාදිතයන් 403 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

මෙරටින් තවත් කොරෝනා මරණ 06 ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 409 ක් දක්වා ඉහල යනු ඇති.

මරණකරුවන් පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් :

++++++++++++++++++++

(17.02.2021 – 07:06 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ අද (17) දිනයේ පුද්ගලයින් 57,000 කට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාදීමට කටයුතු කරන බව වැඩබලන සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව වයස අවුරුදු 30 ත්, 60 ත් අතර පුද්ගලයින් සඳහා මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

දකුණු අප්‍රිකාවේ පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදයට සමාන තවත් ප්‍රභේදයක් බ්‍රිතාන්‍ය තුල පැතිරෙන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *