කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ – විශේෂඥ තාක්ෂණික කමිටුව කියයි

කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ – විශේෂඥ තාක්ෂණික කමිටුව කියයි

*********************************************

කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ – විශේෂඥ තාක්ෂණික කමිටුව කියයි

(14.02.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවට ඒ පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විශේෂඥ තාක්ෂණික කමිටුවේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා තම කමිටුව මෙතෙක් කිසිදු නිර්ණායකයක් ඉදිරිපත් කර නොමැති බවයි.

කොවිඩ් මරණ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදව විවිධ මතුවීමත් සමග ඒ සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුවුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් මෘත දේහ භූමදානයට අවසර දෙන බවට පාර්ලිමේන්තුවේදී පසුගිය දා ප්‍රකාශ කළේ ද එවන් පසුබිමකයි.

කොවිඩ් මරණ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් සෞඛ්‍ය ලේකම් එස්.එච්. මුණසිංහ මහතා පසුගිය දෙසැම්බර් 24 වනදා පත් කළ අතර අදාළ වාර්තාව දෙසැම්බර් 28 වන දා සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන් බව එම කමිටුවේ සභාපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ඊයේ (13) හිරු ප්‍රවෘත්ති අංශයට අනාවරණ කළා.

ඇය කියා සිටියේ විශේෂ නිර්ණායක ඔස්සේ මෘතදේහ භූමදානයට අවශ්‍ය යෝජනා තම කමිටුව ඉදිරිපත් කර ඇති බවයි.

එහෙත් මරණ භූමදානය පිළිබදව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කොවිඩ් මරණ ආදාහනය හෝ භූමදානය කරන්නේ ද යන්න පිළබදව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විශේෂඥ තාක්ෂණික කමිටුවේ සභාපති අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ අනුව මරණ ආදාහනය කළ යුතු බවට මීට පෙර කටයුතු කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉදිරිපත් කළ ගැසට් නිවේදනය තවදුරටත් බලාත්මක බවයි.

+++++++++++++++++++++

කොවිඩ් ආසාදනය වී සිටි හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

(14.02.2021 – 20:41 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඔහු 80 වන වියේ පසුවුණා.

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය දෙවැනිදායි.

අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණා.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ලොකුබණ්ඩාර මහතා අද (14) පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ බව ඔහුගේ පුත් උදිත ලොකුබණ්ඩාර මහතා තහවුරු කළා.

1941 වසරේ අගෝස්තු 5 වැනිදා හපුතලේදී උපත ලැබූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ 1977 වසරේදී.

එතැන් සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු 2004 වසරේ සිට 2010 වසර දක්වා ශ්‍රී ලංකාවේ 06 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළා.

එමෙන්ම වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා 2010 වසරේ සිට 2015 වසර දක්වා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.

තවත් කොරෝනා ආසාදිතයින් 444 දෙනෙක් අද (14) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද (14) දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 801 ක් ලෙසයි.

මේ අතර කොවිඩ් ආසාදනය වී, අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද (14) අභාවප්‍රාප්ත වුණා ෴

+++++++++++++++++++++

(15.02.2021 – 00:00 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 07ක් වර්තා වී තිබෙනවා.

මෙම මරණ හතත් (7) සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ 397 ක් දක්වා ඉහළ ගියා.

කොවිඩ් ප්‍රතිශක්තිකරන වැඩසටහන යටතේ ඊයේ (14) දිනය වන විට කොරෝනා වෛරසයට එරෙහි එන්නත්, පුද්ගලයින් 189,349 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඊයේ (14) දිනයේදී පමණක් පුද්ගලයින් 2,695 ක් සඳහා මෙම එන්නත් ලබාදුන් බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴

++++++++++++++++++

භූමදානය දෙන්න හදන බෝර්න් එගෙන් කල්ලියට යටවුනු හොර කොවිඩ් කමිටුව අහෝසි කරන්න

(15.02.2021 – colombotoday.com)

භූමදානය ලබා දීම සඳහා උත්සහ කරන, බෝර්න් එගෙන් කල්ලියට යටවුනු හොර කොවිඩ් කමිටුව අහෝසි කරන ලෙස නව සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

මෙහිදී, මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ නායකත්වයෙන් සකසන ලද වාර්තාව එක් ආගමික කොට්ඨාශයක් වෙනුවෙන් සකස් කල වාර්තාවක් බවත් ඔවුන්ට සාමාන්‍ය දැනීමවත් නොමැති බවත් සුදත්ත හිමියෝ මෙම හොර කමිටුව ‘බෝර්න් එගේන්’ කල්ලියට යටවුනු හොර කමිටුවක් බවත් පැවසීය.

මෙහිදී මහාචාර්ය ජෙනිෆර් පෙරේරා සහ මල් මහාචාර්යවරිය ලෙසින් හඳුන්වනු ලැබූ මහාචාර්ය වරියක් දැඩි විවේචනයට ලක්විය.

‘ලස්සන ෆ්ලෝරා’ නැමති මල් සැරසිලි සිදුකරන ආයතනය කොවිඩ් මරණ භූමිදානය සඳහා පක්ෂව අදහස් දැක්වූ බවට චෝදනා එල්ලවුණු මහාචාර්ය නීලිකා මලවිගේගේ පවුලේ ව්‍යාපාරයකි.

@@@@@@@@@@@@@@@@

(14.02.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

වන අලියෙකු පහර දී අනුරාධපුර – ඇලයාපත්තුව – කුඩාමානිංගමුව කෑළෑබඳ ප්‍රදේශයකදී පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් පිරිසක් වනජීවී නිලධාරීන්ට පහරදී තිබෙනවා.

පහරකෑමට ලක්වූ අනුරාධපුර වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාරවරයෙකු, නියාමකවරුන් දෙදෙනෙකු (2) සහ රියදුරෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලටයි.

පෙරේදා මෙම වන අලි ප්‍රහාරය සිදුව ඇති අතර, පහරකෑමට ලක්වූ 62 හැවිරිදි පුද්ගලයා සෙවීමට සහ වන අලියා පලවා හැරීමට කණ්ඩායමක් එවන ලෙස ප්‍රදේශවාසීන් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, එම ස්ථානයට ප්‍රමාද වී වනජීවි නිලධාරීන් ගොස් ඇත්තේ වෙනත් ප්‍රදේශයක වන අලි මෙහෙයුමකට සහභාගිවීම හේතුවෙන්.

වනජීවි නිලධාරීන් පැමිණෙන විට පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මියගිය පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර වන ජීවි නිලධාරීන් පැමිණි පසු කෝපයට පත්ව සිටි ප්‍රදේශවාසීන් ඔවුන්ට පහරදී තිබෙනවා.

කෙසේ වෙතත්, සමස්ත ලංකා වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා ප්‍රකාශ කලේ අනවසරෙන් වනාන්තර එළි පෙහෙලි කිරීම නිසා වන අලි ගම්වැදීම ඉහළ ගොස් ඇති බවයි.

නිලධාරීන්ගේ හිඟය සහ ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම ද වන අලි පලවා හැරීමේ මෙහෙයුම් සඳහා බලපා ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(14.02.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වීමෙන් සිර දඬුවම් විඳීමට සිදුවූ පුද්ගලයින්ට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටුවිය යුතු බව පවසමින් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

***************************************

දෙවනගලට යළිත් අන්තවාදීන්ගේ ප්‍රහාර

(14.02.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයට යළිත් වරක් අන්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා.

මාවනැල්ල – ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයේ ඉතිහාසය මකා දැමීමට අන්තවාදීන් කලක පටන් විවිධාකාරයේ ක්‍රියාවල නිරතවෙමින් සිටිනවා.

පුරා විද්‍යා ස්මාරකයක් ලෙස නම් කොට ඇති මෙහි ස්ථාපිත සෙල්ලිපි විවිධ රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කිරීමට ඔවුන් උත්සාහ ගන්නේ ඒවායේ දෙවනගලට අයත් ඉඩම් පිළිබද විස්තර සටහන් කර ඇති නිසාවෙන්.

දෙවනගල රජමහා විහාරස්ථානය ආශ්‍රිතව සිදුවන ඉඩම් ආක්‍රමණ ඇතුළු පුරා විද්‍යා විනාශයන් අප ‘හිරු සී.අයි.ඒ.’ හරහා දිගින් දිගටම අනාවරණය කිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාගේ අවධානයද ඒ පිළිබද යොමු වුණා.

ඒ අනුවයි බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව හරහා විහාරස්ථානය සතු භූමි නිරවුල් කිරීමේ පළමු අදියර සදහා මුදල් වෙන්කෙරුණේ.

එම මුදල් ප්‍රතිපාදන හරහා කෑගල්ල දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය මගින් දෙවනගල විහාරස්ථානයට අයත් ඉඩම් හදුනාගෙන මායිම් කණු සිටුවීම පසුගිය කාලයේ සිදුකෙරුණා.

රජයේ වියදමින් යෙදූ එම මායිම් කණු සංවිධානාත්මක පිරිසක් ගලවා ඉවත් කරන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු ලැබීමත් සමග CIA කණ්ඩායම පොලිසිය සමඟ අදාල ස්ථානයට ලගා වුණා.

***************************************

(14.02.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

තමන් පත් කළ ජනතා නියෝජිතයින් හරහා තම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කරවාගැනීම ජනතාව සතු වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ඳසහන් කළේ, බේරුවල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (14) එක්වෙමින්.

***************************************

(14.02.2021 – 21:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට ක්‍රීඩා තේරීම් කමිටු නම් කිරීමේදී තමන් කිසි ලෙසකින් මැදිහත් නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ගාල්ලේ දී අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නව ක්‍රිකට් තේරීම් කමිටුව ඉදිරි දින කිහිපයේදී නම් කිරීමට නියමිත බවයි.

***************************************

(14.02.2021 – 22:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකේය ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා මෙරට දේශපාලන නායකයින් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ චෙන්නායි හි පැවති ජන හමුවකදී.

***************************************

(14.02.2021 – 22:53 +0530 – hirunews.lk/sinhala)

සතිඅන්ත ජාතික පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇතිව තිබෙන මත ගැටුම සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් අදහස් පළ කළා.

***************************************

(14.02.2021 – 23:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සැක මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ අද (14) පැවති උත්සවයකදී.

***************************************

(14.02.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala)

සිය දරුවන් සිඟමනේ යොදවා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් දෙදෙනකු (2) පෙරේදා (13) අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 26 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙකු (2) බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනාම (2) දෙදරු මව්වරුන් වන අතර ඔවුන්, ඔවුන්ගේ දරුවන් අම්බලන්ගොඩ නගරයේ සිඟමනේ යොදවා, මෙම කාන්තාවන් දෙදෙනා (2) ගණිකා වෘත්තියේ නියැලී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මව්වරුන් දෙදෙනා (2) සහ බාලවයස්කාර දරුවන් සිව්දෙනා (4) බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔවුන් ඇප මත මුදා හැර තිබෙනවා.

ඇප ලබාදීමෙන් අනතුරව මොවුන්ට අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 22 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ෴

***************************************

රොඩ්නි වර්ණකුල මුතුරාජවෙල රැක ගැනීමට එක්වෙයි

(14.02.2021 – 22:18 +0530 – sinhala.adaderana.lk)

මුතුරාජවෙල රක්ෂිතය විනාශ කිරීමට එරෙහිව අද (14) දහවල් බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයේ සිට ඇරඹුණු විරෝධතා රථ පෙළපාලිය බෝපිටිය, දෑලතුර, උස්වැටකෙයියාව හරහා පමුණුගම දක්වා ගමන් ගත්තේ ය.

ඊට එක්ව සිටි ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහතා සඳහන් කළේ, “හාස්‍යට කාරණයක්. බලතල තියෙන අයගෙන් අහිංසකයො ඉල්ලනවා අපේ පරිසරය රැකලා දෙන්න කියලා. බොහෝ රටවල එහෙම නැතුව ඇති. කොළඹට හුස්ම දෙන පෙනහළු දෙකෙන් එකක් මුතුරාජවෙල. අනෙක් එක අත්තිඩිය. එක ජනතා නියෝජිතයෙක්වත් මෙතන නෑ. මවා පෙන්නුවට දිව්‍ය ලෝකයක් කරනවා කියලා, අභ්‍යන්තරයේ තියෙන අපාය කාටවත් තේරෙන්නේ නෑ.” යනුවෙනි.

***************************************

පාස්කු ප්‍රහාරය : චෝදනා ගොනු කිරීමට 30 කගේ තොරතුරු නීතිපතිට

(14.02.2021 – 08:06 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 30 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට අදාළ තොරතුරු මේ වනවිට නීතිපතිවරයාට ලබාදී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 251 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතකර සිටින බවය.

කොළඹ දී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

“කාදිනල්තුමාට කතෝලික ජනතාව ගැන වගකීමක් තියෙනවා. එතුමාගේ අවශ්‍යතාව අපිට වැටහෙනවා. 30 දෙනෙකු ගැන, මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් නීතිපතිවරයාට අපි තොරතුරු දීලා තියෙනවා. ඊට අමතරව ජනාධිපති කොමිසමේ වාර්තාවත් නීතිපතිට ගියාට පසුව තමයි නඩු පවරන්නේ. නඩු දාන්න පටන්ගත්තාට පස්සේ ජනතාවට තේරෙයි අපි කොහොමද වැඩ කරන්නේ කියලා. පොලීසියෙන් ගන්න පුළුවන් තීරණ අරන් ඉවරයි.” යනුවෙන් සරත් වීරසේකර අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,”ජිනීවා හැම තිස්සෙම අපිට විරුද්ධව තමයි කටයුතු කරන්නේ. අපිට සහනයකට තියෙන්නේ 30/1 යෝජනාවේ සමඅනුග්‍රාහකත්වයෙන් අපි ඉවත් වුණා. ඒ නිසා බොහෝ රටවල් අපිත් සමග සහයට එයි. මෙවර රටවල් 5ක් අපිට විරුද්ධව ගේනවා යෝජනාවක්. ඒකට අපි ප්‍රතියෝජනාවක් ගේන්න තමයි බලාපොරොත්තුවෙන්නේ.” යනුවෙන් ද පැවසීය ෴

***************************************

විමල් එළවන්න කුමන්ත්‍රණයක් ? පී.බී කියන කේවට්ටයා රටට වැඩක් කරන්න දෙන්නෑ. Truth with Chamuditha (13.02.2021)

+++++++++++++++++

+++++++++++++++++

++++++++++++++++

විමල් විපක්‍ෂයටද…? හිරුණිකාට වහා ප‍්‍රතිචාර…

(15.02.2021 – 11:20 +0530 – lankacnews.com)

තමන් විපක්ෂයට එක් වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදුකරන ලද මාධ්‍ය ප‍්‍රකාශ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ප‍්‍රතිචාර දක්වයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ ඒ මහතා තබා ඇති සටහන මෙසේය :

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විපක්ෂයේ බංකොලොත් බලවේග වෙත…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පල කර ඇති බව දුටිමි. ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට සුදානමින් සිටින බවයි. ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබුණි.

ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරළම පිළිතුර වන්නේ ‘එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති’ බවයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ඇතුළු බංකොලොත් විපක්ෂයේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් අප බංකොලොත්ව නැති බව ඔවුන් වටහා ගත යුතුව තිබේ. විපක්ෂයේ භූමිකාව වෙනුවෙන්වත් පෙනී සිටීමට හැකියාවක් නැති ළදරු විපක්ෂයක් වෙනුවෙන් අප පෙනී සිටිනු ඇතැයි සිතීමම විහිළුවකි.

අප පෙනී සිටින්නේ අප ගැන විශ්වාසය තැබු 69 ලක්ෂයේත් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි, රටට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, ආණ්ඩුවට පැවැත්මට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, සමස්ථ ලාංකිකයන් අපේක්ෂා කරන තැනට අප මාතෘ භුමිය රැගෙන යෑම වෙනුවෙනි. ඒ ගමනේදී ඉතිහාසය පුරාවටම අප හට එල්ල කල ප්‍රහාරයන් මැද වුවද අපගේ අරමුණු අත් නොහළ බව අප ඔප්පු කොට තිබේ. අනාගතයේදීත් එම අරමුණු වල වෙනසක් නොවන බවද විශ්වාසයෙන් යුතුව කියමි.

අපගේ අදහස් සහ භාවිතාව වරදවා වටහා ගත් සියලු දෙනාටම සංවේගය පල කරමි…!

***************************************

‘යාලුවෙකුගේ පියාට පිහියෙන් ඇන්නා; බෝර්න් එගේන් වුනේ මැරෙන්න යද්දී’ – වික්ටර්ට දෙවියන් පෙන්නූ ප්‍රධාන පූජක කියයි

(14.02.2021 – colombotoday.com)

පාසලේ ශිෂයෙකු සමග ඇතිවූ ගැටළුවක් හේතුවෙන් ඇති වූ ප්‍රශ්නයක් දුරදිග යාමෙන් ඒ පිළිබඳව විමසීමට පැමිණි ඔහුගේ පියාට පිහි ඇනීමක් තමන් සිදුකල බවත් ඒ පිළිබඳව ගත් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් දවස් 28 ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවත් ‘බොර්න් එගේන්’ යැයි හඳුන්වන ඉවන්ජලිකල් ආගමික කල්ලියේ ප්‍රධාන පූජක ලෙස හඳුන්වන පාස්ටර් කිංග්ස්ලී නැමැත්තා සඳහන් කර සිටිනවා.

ප්‍රවීන මාධ්‍යවේදී කිංග්ස්ලි රත්නායක මහතා සමග සිදුකල සංවාදයකදී ඔහු පවසා ඇත්තේ, උපතින් බෞද්ධයෙකු වන තමන් වස පානය කර සියදිවි නසා ගැනීමට සිටියදී අහඹු ලෙස බයිබලයක් අතින්ගත් මුලධර්මවාදී දේවගැතිවරයෙකු හමුවීමත් සමගම මේ තත්වයට පත්වූ බවයි.

ප්‍රවීන කලාකරු වික්ටර් රත්නායක සහ නෙලූ අධිකාරී පිළිබඳව ඇතිවූ කතාබහත් සමගම ‘බෝර්න් එගේන්’ කල්ලිය පිළිබඳව ආන්දෝලනයක් පසුගිය කාලයේදී ඇතිවී ඇත.

ඇමරිකානු නව යටත් විජිතකරණ වැඩපිළිවෙල යටතේ බිහිවූ මෙම කල්ලි විසින් ගම්වලට පැන ලෙඩ සුවකරන බව පවසා සහ මුදල් ලබා දී පුද්ගලයින් ‘බෝර්න් එගේන්’ බවට පත්කරන අන්‍යාගමීකරන වැඩසටහනක් දියත්කරමින් සිටින බවට දිගින් දිගටම චෝදනාවට ලක්වන පිරිසකි.

මෙම කණ්ඩායම රෝමානු කතෝලික සභාවට කිසිදු සම්බන්ධයක් නැති කණ්ඩායමක් බවත් ඔවුන් කතෝලික ලෙස හැඳින්වීමෙන් වලකින ලෙසටත් මැල්කම් රන්ජිත් කාදිනල් තුමා විසින් පසුගිය දා ප්‍රකාශයක් සිදුකරන ලදි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඒජන්තයා ලෙස පුද්ගලයින් හඳුන්වන මිලින්ද මොරගොඩට ද මෙම කණ්ඩායම සඳහා අනුග්‍රය සපයන බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල විය ෴

***************************************

අලි සබ්‍රි අල්-ටකියා භාවිතා කරන කපටි නරියා ඉස්ලාම් අන්තවාදීන්ගේ උවමනාව නියෝජනය කරන රජයේ නියෝජිතයායි

(15.02.2021 – colombotoday.com)

අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශය පිළිබඳව සමස්ත ජාතියත් විශේෂයෙන් රටේ බහුතර සිංහල බෞද්ධයන් දැඩි අවධානයක් යොමු කර යුතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා පැවසීය.

අධිකරණ ඇමති ලෙස අලි සබ්‍රි පත්කරන විට මේ රටේ සිංහල බෞද්ධයන් තුල සැකයක්, අප්‍රසන්න බවක්, කණගාටුවක් ඇති වුන බවත් බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ යෝධ ජයග්‍රහණයට කැළලක් එල්ලවූ බවත් ඒ මහතා පැවසුවේ පසුගිය 13 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

ඔහු ක්‍රමානුකුලව ඉස්ලාම් අන්තවාදීන්ගේ උවමනාව ඉතාම සියුම් ලෙස උපක්‍රමිකව නියෝජනය කරන රජයේ නියෝජිතයාගේ භූමිකාව ඉටුකරමින් සිටින බවත් හැටනම ලක්ෂයේ ජනවරම අහෝසි කරන එක කීතු කීතුවලට ඉරා දමන සියුම් කපටි භූමිකාවක් ඉටුකරමින් සිටින බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙරට පුද්ගලික නීති පිළිබඳව අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශයේදී ඔහු පුද්ගලික නීති ගණයට උඩරට විවාහ නීතිය, උඩරට අනුප්‍රාප්තික නීතිය, යාපනයේ විවාහ අනුප්‍රාප්තික නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් විවාහ දික්කසාද පනත, මුස්ලිම් අනුප්‍රාප්තික නීතිය, බෞද්ධ විහාර දේවාලගම් පනත, හින්දු සංස්කෘතික ඇතුළු පනත් තිබෙන බවත් මුස්ලිම් ප්‍රජාවගේ පුද්ගලික නීතිය අහෝසි කරනවානම් සියලුම පුද්ගලික නීති අහෝසි කල යුතුයි පවසන සබ්‍රිගෙන් විහාර හා දේවාලගම් මෙරට පුද්ගලික නීති ගණයට අයත්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බව උදයශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සම්බුද්ධ ශාසනයේ ඉතිරිව තිබෙන බෞද්ධ ශිෂ්ඨාචාරයේ සියලුම දේ අයිතිව තිබෙන මේ විහාර දේවාලගම් පනත අහෝසි කලයුතු බවට ඔහු පාර්ලිමේන්තුවේ සඳහන් කල බවත් අල්ටකියා න්‍යාය භාවිතා කරමින් ඉස්ලාම් නීතියේ ඇති අන්තවාදී කොටස් සංශෝධනය කරනවානම් විහාර හා දේවාලගම් පනතද අහෝසි කල යුතු බවට කපටි තර්කයක් ගෙන ආ බව හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අධිකරණ ඇමතිධුරය භාවිතා කරමින් අලි සබ්‍රි අන්තවාදී ඉගැන්වීමක් කරන බව සඳහන් කර සිටි උදයශාන්ත මහතා එදා අසාද් සාලි, රිෂාඩ් බදුර්දීන්, හකීම් වැනි කපටි නරින් සිටි බවත් මොහු මේ ආණ්ඩුවේ කපටි නරියාගේ භූමිකාව ඉටුකරන බවත් ඉතාම අවධාරණයෙන් ජනාධිපතිවරයාට පවසන බව පැවසීය.

සම්බුද්ධ ශාසනයට අත තියන්න අලි සබ්‍රිට තිබෙන අයිතිය මොකද්ද යැයි ප්‍රශ්න කර සිටි හිටපු මන්ත්‍රීවරයා ඔහු නොකියා පැවසුවේ 9 වන වගනිතිය ද අහෝසි කල යුතු බවටයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පද්ම උදයශාන්ත හිටපු මන්ත්‍රීවරයා :

***************************************

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියනියගේ නිරුවත් ඡායාරූප ගෙන කප්පම් ඉල්ලූ ටියුෂන් ගුරා අල්ලයි

(15.01.2021 – am.lk)

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියනියකට ටියුෂන් දීමට පැමිණ, ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා නොහැරීමට කප්පම් ඉල්ලූ බවට උසස් පෙළ භෞතික විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු අත් අඩංගුවට පත්ව තිබෙන බව වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුනේ මෙරට ප්‍රධාන පෙලේ හෝටල් සමූහයක හිමිකරුවකු වන කෝටිපති ව්‍යාපාරිකයෙක් විසින්. උසස් පෙළ ශිෂ්‍යාවට ඉගැන්වීමට නිවෙසට පැමිණි සැකකරු ඇය රවටා නිරුවත් ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයේ මුදා නොහැරීමට මසකට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන් දහසක (1,75,000) මුදලක් ඉල්ලා ඇතැයි පැමිණිල්ලේ සදහන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. සැකකරු රුසියාවේ සිටින තම මිත්‍රයෙකුගේ මාර්ගයෙන් කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙලි කර ගෙන තිබෙනවා.

සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී මෙම ශිෂ්‍යාවගේ පමණක් නොව තවත් පාසල් ශීෂ්‍යාවන් කිහිප දෙනෙකුගේ මෙන්ම මව්වරුන් කිහිප දෙනෙකුගේ නිරුවත් ඡායාරූප හමුවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට හෙලිකිරීමෙන් අනතුරුව සැකකරු ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවට වාර්තා වනවා. සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 345 , 372 යටතේ වරදක් කර ඇති බවට වාර්තා කර තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී . සේනාරත්න මහතා විසින් ෴

***************************************

උතුරේ දේශපාලකයො ඉන්දියානු රෝ එකේ ගෝලයෝ. මුන්ට ඕන ආපහු යුද්ධයක් – අරුන් සිද්ධාර්ත් – Truth with Chamuditha (15.02.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *