රටේ නම වෙනස් කරන්නැයි අමාත්‍ය උදය ගම්මන්පිල කියයි

රටේ නම වෙනස් කරන්නැයි අමාත්‍ය උදය ගම්මන්පිල කියයි

*********************************************

රටේ නම වෙනස් කරන්නැයි අමාත්‍ය උදය ගම්මන්පිල කියයි

(13.02.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී රටේ නම ‘ශ්‍රී ලංකා ජනරජය’ ලෙස වෙනස් විය යුතු බවට යෝජනා කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඊට ඇතුළත් විය යුතු යෝජනා පිළිබඳව කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

(13.02.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය හමුවේ වුවද මෙරට ව්‍යවසායකයින් බලගන්වන්නට රජයට හැකිව තිබෙන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

‘Made in Sri Lanka’ වැඩසටහන යටතේ කොළඹ දී පැවැත්වෙන ප්‍රථම වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අරමුණින් ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ දියත් කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඒකාබද්ධවයි.

ඒ යටතේ සංවිධානය කළ වෙළෙඳ ප්‍රදර්ශනය කොළඹ 7, පදනම් මාවතේ දී අද (13) සහ හෙට (14) පැවැත්වෙනවා මෙම වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්වුණා.

ප්‍රදර්ශන භූමියේ වෙළෙඳ කුටි නිරීක්ෂණයෙන් පසු එහි පැවති සම්ප්‍රදායික ගරා යක් ශාන්තිකර්මය ද නැරඹීමට අමාත්‍යවරයා ඇතුළු පිරිස එක්වුණා.

***************************************

(14.02.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ඊයේ (13) සිදුකරන ලද වැටලීම්වලින් විවිධ වැරදිවලට සම්බන්ධ 3,880 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පොලිස් ස්ථාන 494 ක නිලධාරීන් 16,894 ක් සහ පොලිස් නිල සුනඛයින් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැටලීම සිදුකළ බවයි.

මෙම මෙහෙයුමේදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 672 ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි පුද්ගලයන් 127 ක්, නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 983 ක් සහ නීති විරෝධී ගිනි අවි ළග තබාගත් පුද්ගලයන් 8 ක් ගිනි අවි 8 ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(14.02.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

කාති උසාවි ක්‍රමය අහෝසි විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මුස්ලිම් විවාහ නීතිය ද වෙනස් විය යුතු බවයි.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මුස්ලිම්වරුන්ට පමණක් බලපාන නීති සම්බන්ධයෙන් පෙරේදා (12) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ මුස්ලිම් නීතිය ලොව අනෙකුත් රටවලද ක්‍රියාත්මක බවයි.

එලෙස වෙනස් කරන්නේ නම් මුස්ලිම් නීතිය පමණක් නොව සියලුම පුද්ගලික නීතිද එක රටක්, එක නීතියක් සංකල්පය යටතේ වෙනස් විය යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

(14.02.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බඩෝවිට අසංක’ නැමැති සැකකරුගේ සමීපතම ගෝලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 146 යි මිලිග්‍රෑම් 490 ක් සමඟ සැකකරු පිළියන්දල – පැන්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

***************************************

(14.02.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දේශපාලන කටයුතු සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ පක්ෂ නායකයින්ගෙන් මීළඟ රැස්වීම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ලබන 25 වනදා පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡා මාලාවේ පළමු රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්වුණේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදීයි.

එම සාකච්ඡාවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඇතුලු ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 12 ක නායකයින් එක්ව සිටියා ෴

***************************************

(14.02.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව හෙට (15) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට බොහෝදුරට ඉදිරිපත් කරනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ වාර්තාව පිටපත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බවයි.

මේ අතර දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ (13) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ගෙන් විමසා සිටියේ අදාල වාර්තාව අගරදගුරු හිමිපාණන් වෙත ලබා දෙන්නේ කවදාද යන්නයි ෴

***************************************

(14.02.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සැළකිය යුතු මට්ටමකින් ඊයේ (13) පහත බැස තිබෙනවා.

ඒ අනුව පහතරට ප්‍රදේශවලින් ලැබෙන මෑකරල්, දඹල, වම්බටු, කැකිරි ආදී එළවලු කිලෝවක තොග මිල රුපියල් 20 ත් 60 ත් අතර පැවති බවයි ආර්ථීක මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සඳහන් කළේ.

එමෙන්ම උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිල රුපියල් 150 ත් 160 අතර පැවතියා.

යාපනයෙන් සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග වැඩි වශයෙන් ලැබීම මෙලෙස මිල පහල යාමට හේතුවී තිබෙනවා ෴

***************************************

(14.02.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala)

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් මත්ද්‍රව්‍ය සහ දුම්කොළ විසි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 8 ක්, දුම්කොළ 7 ක්, ජංගම දුරකථනයක්, චාජරයක් සහ ලයිටර් 9 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (13) උදෑසන මීගමුව බන්ධනාගාර ආසන්නයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් විසින් සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු (2) පරීක්ෂා කර තිබුණා.

එහිදීයි මෙම මත්ද්‍රව්‍ය සහ අනෙක් උපකරණ සමග සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන්ගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්ණ කිරීම්වලදී මෙම සිද්ධිය පිළිබඳ තොතුරු හෙළිකරගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර අනෙක් පුද්ගලයා සීදුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.

ඔවුන් අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(14.02.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

අදට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයේදී ජංගම දුරකථනවලට ලැබිය හැකි ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලෙසට හෝ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පණිවුඩය ලැබිය හැකි බවයි.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කර ඇති බවට මෙන්ම පෙම්වතා හෝ පෙම්වතිය වටිනා ත්‍යාගයක් එවා ඇති බවට මෙම පණිවුඩය මගින් ප්‍රකාශ කරනවා.

එය ලබාගැනීමට යම්කිසි මුදලක් තැන්පත් කරන ලෙසට එම පණිවුඩය මගින් ඉල්ලා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

වංචනික කණ්ඩායමක් විසින් මෙම කටයුතු සිදුකරන අතර අදාළ ත්‍යාගයේ ඡායාරූපයක් ද සමග ඊමේල් පණිවුඩ ද මේ ආකාරයෙන් ලැබීමේ හැකියාව පවතිනවා.

එබැවින් මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට සහ එලෙස මුදල් තැන්පත් කිරීම් සිදු නොකරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

***************************************

(14.02.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 150 ක් සමඟ වත්තල – ඔලියමුල්ල ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල පොලීසිය ඊයේ (13) සිදුකළ වැටලීමකදී මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඇය සතුව තිබී හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් නවලක්ෂ පනස් දහසක (9,50,000) මුදලක්ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

38 හැවිරිදි අදාළ කාන්තාව වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ ගෝලයෙකු ඇතුලු හයදෙනෙකු (6) හෙරොයින් ග්‍රෑම් විස්සක් (20) සහ අත්බෝම්බයක් සමඟ කෙසෙල්වත්ත පොලීසිය ඊයේ (13) සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ‘කංජිපානි ඉම්රාන්’ගේ ගෝලයා ‘මොහොමඩ් අජීබ්’ ලෙස හඳුන්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

***************************************

(14.02.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

මුතූර් දෙහිවත්ත ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකු (3) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ (13) පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ.

දෙහිවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක කැණීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) කැණීම් සිදුකර ඇති අතර ඊට අනුබල දුන් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනුනා.

එම ස්ථානයේ තිබී ස්කෑනර් යන්ත්‍රයක්, ටැබ් පරිගණකයක් යතුරුපැදියක් ඇතුලු උපකරණ සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශණ සඳහා මුතූර් පොලිසිය වෙත භාරදී තිබෙනවා ෴

***************************************

(14.02.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

සිංහරාජ – වලන්කන්ද රක්ෂිතයේ සතුන් දඩයම් කරමින් සිටි හතරදෙනෙකු (4) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ඊයේ (13) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ගෝන මස් කිලෝ 22 ක්, බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 11 ක් සහ මෝටර් රථයක් ද සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් රක්වාන සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් අතර තේ වතු හිමිකරුවෙකු සහ සේවය හැර ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකුද සිටින බවයි අනාවරණ වී ඇත්තේ.

@@@@@@@@@@@@@@@

(13.02.2021 – 20:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 368 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 74,852 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++++

(13.02.2021 – 21:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 6 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 390 ක්.

මියගොස් ඇත්තේ අවුරුදු 46, 70 සහ 83 වයස්වල පසුවන කාන්තාවන් තුන්දෙනෙක් සහ අවුරුදු 77, 69 සහ 59 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක් (3).

++++++++++++++++++++++

(14.02.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) දිනයේදී කොවිඩ් එන්නත පුද්ගලයන් 7457 දෙනෙකුට ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඔවුන් නිවේදනය කළේ එන්නත ලබාදීම ආරම්භ කළ පසුගිය ජනවාරි මස 29 වනදා සිට ඊයේ (13) දිනය දක්වා පුද්ගලයන් 186,654 දෙනෙකුට එන්නත ලබාදී ඇති බවයි.

මේ අතර නව කොරෝනා ආසාදිතයින් 796 දෙනෙකු ඊයේ (13) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 74,852 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 6,631 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 67,831 ක්.

එමෙන්ම පැල්මඩුල්ල – පාතකඩ ප්‍රදේශයේ මල්වර උත්සවයකට සහභාගීවූ 08 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 04 දෙනෙකු උත්සවය පැවති නිවසේ පදිංචිකරුවන්.

අදාළ උත්සවයට පාතකඩ ප්‍රදේශයේ නිවාස රැසක පුද්ගලයින් සහභාගී වී ඇති අතර පාසල් සිසු සිසුවියන් 30 දෙනෙකු පමණද ඒ අතර සිට ඇති බවයි වාර්තා වන්නේ.

නාවලපිටියේ පාසැලක සිසුන් 06 දෙනෙකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 06 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති අතර එම පාසලේම සිසු සිසුවියන් 15 දෙනෙකුට සහ ගුරුවරියකට කොවිඩ් ආසාදිත බවට මීට පෙර හඳුනා ගත්තා.

තවත් කොරෝනා මරණ 6 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 390 ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 46 ත් 83 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ඊයේ (13) දිනයේදී කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 7,453 දෙනෙකුට එන්නත් ලබාදී ඇති අතර, ඒ අනුව ජනවාරි මස 29 වනදා සිට මේ දක්වා කාලය තුළ එක්ලක්ෂ 86,654 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී තිබෙනවා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් දස කෝටි අනූ ලක්ෂ අසූ පන්දහස් දෙසිය විසි දෙකක් (10,90,85,222) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 24,03,975 ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේත් (24) වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වනවා. නව මරණ 2,199 ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ පහට (5) ආසන්න වී තිබෙනවා.

එය දැක්වෙන්නේ 4,95,990 ක් ලෙසයි.

එමෙන්ම ගතවූ පැය විසි හතරේ (24) ඇමරිකාවෙන් නව ආසාදිතයන් 83,893 ක් වාර්තාවනවා.

බ්‍රසීලයෙන් තවදුරටත් ඉහළ මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන අතර, බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ෴

++++++++++++++++++++

(14.02.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායනය සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් බස්නාහිර පළාත ද ඇතුලුව දිවයින පුරා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ ගතවූ පැය 24 ක කාලය තුල නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන නීති කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ වූ පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3121 ක්.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නේ ද යන්න පිළිබඳ සෙවීමේ පොලිස් මෙහෙයුම් ද තවදුරටත් ක්‍රියාත්මකයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ මේවන විට එවැනි ආයතන දොලොස් දහසක් (12,000) පමණ පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් ආයතන 1400 ක් පමණ නිරොධායන නීතින්ට අනුගතව කටයුතු කර නොමැති බවයි.

එම ආයතන හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළා.

එමෙන්ම නිවසින් පිටතට ගමන් කරන්නේ නම් මුඛ ආවරණයක් පැළඳීමට පියවර ගන්නා ලෙසට ද නීතිඥ අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙනවා ෴

+++++++++++++++++++++

(14.02.2021 – 11:39 +0530 – hirunews.lk/sinhala)

හැටන් – දික්ඔය මූලික රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් තුන්දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ (13) සහ අද (14) උදෑසන රෝහලට පැමිණි අවස්ථාවේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවලින් ඔවුන් ආසාදිතයන් බවට අනාවරණ වූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කොළඹ, පේරාදෙණිය සහ වලපනේ – තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන්ගෙන් දෙදෙනෙකු (2) නෝර්වුඩ් සිට බගවන්තලාව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නියැලී සිටින සේවකයින් වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *