රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් ගංජා හේන් දෙකක් (2) වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් ගංජා හේන් දෙකක් (2) වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

*********************************************

රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් ගංජා හේන් දෙකක් (2) වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

(05.02.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කොස්ලන්ද උස්ඇල්ල ප්‍රදේශයේ කළ වැටලීමකින් ගංජා හේන් දෙකක් (2) සොයාගන තිබෙනවා.

එහිදී එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

එම ගංජා හේන් දෙක තුල අඩි 11 කට වඩා උසින් යුත් ඉතා සරුවට වැවි තිබූ ගංජා ගස් දෙදහසකට (2000) වැඩි ප්‍රමාණයක් ගිනි තබා විනාශකර තිබෙනවා.

එම ගංජා ශාකවල වටිනාකම රුපියල් කෝටියකට වඩා වැඩි බවටයි අනාවරණ වී ඇත්තේ.

ගංජා හේන් දෙක (2) වගා කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකරු ඉදිරි විමර්ශණ සඳහා කොස්ලන්ද පොලිසියට භාරදී තිබෙනවා ෴

***************************************

(05.02.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කර තිබෙනවා.

එහි සභාපතිත්වය හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා මහතා විසින් දරණ අතර, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර සංගක්කාර යන මහත්වරු එහි සෙසු සාමාජිකයින්.

ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබාදීම කමිටුවේ මූලික කාර්යභාරයයි ෴

***************************************

(05.02.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 15 සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

දිවයින පුරා පිහිටි සියළුම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලදී අදාළ බඳවා ගැනීම් සිදුකරනු ලබන්නේ 2020 වර්ෂයට අදාළවයි.

සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට කැදවීම් ලිපි අදාළ විද්‍යා පීඨ මගින් තැපැල් මාර්ගයෙන් යොමු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා ෴

***************************************

(05.02.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

දැනට කැළණිවැලි මාර්ගයේ ක්‍රියාත්මක කාර්යාලයීය දුම්රියට අතිරේකව නව දුම්රියක් අද (05) සිට ධාවනයට එක් කෙරුණා.

කාර්යාලයීය සහ පාසල් වේලාවන් තුළ හයිලෙවල් මාර්ගයේ තදබදයට පිළියමක් ලෙස නව දුම්රිය ධාවනයට එක්කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව උදෑසන 7 ට හෝමාගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය උදෑසන 08:10 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පස්වරු 06:10 ට එම දුම්රිය කොළඹ කොටුවේ සිට යළි හෝමාගම බලා ගමන් ආරම්භ කෙරෙනවා ෴

***************************************

ඉන්ධන පිරවුම්හලක් අසලට සුනඛයෙක් බෝම්බයක් රැගෙන එයි

(05.02.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

මාතර කැකණදුර ඉන්ධන පිරවුම්හල අසල තිබී ජීව අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

අද (05) පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුවයි මෙය සොයාගෙන ඇත්තේ.

අනතුරුව යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් ආරක්ෂිතව එය නිෂ්ක්‍රිය කර වැඩිදුර විමර්ශන සඳහා මාතර පොලිසියට භාරදී තිබෙනවා.

සිදුකළ මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ ඊයේ (04) රාත්‍රියේ සුනඛයෙකු විසින් මෙම බෝම්බය රැගෙන පැමිණ ඇති බවටයි.

එම ස්ථානයේ සවිකර තිබූ කැමරාවල සුනඛයා බෝම්බය රැගෙන එන ආකාරය ද සටහන් වී තිබෙනවා.

සිද්ධීය සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මකයි.

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%84+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

+++++++++++++++

***************************************

(05.02.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සතුව තිබී ජංගම දුරකථන පහක් (5), ඒ සඳහා භාවිත කරන බැටරි 11 ක් සහ සිම් කාඩ්පත් 10 ක් සොයාගෙන තිබෙනවා.

ඒ, බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රියේ සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදියි.

A-හතර (4) අංශයේ විශේෂ සිරමැදිරියේ රඳවා සිටින සැකකරුවන් සතුව තිබී දුරකථන 3 ක් සහ එම අංශයේම රඳවා සිටින ‘අයිස් ඛාන්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සතුව තිබී දුරකථන දෙකක් (2) මෙලෙස සොයාගෙන ඇති බව සඳහන් ෴

***************************************

(05.02.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

දැනට බන්ධනාගාරගතව සිටින කාන්තාවක් විසින් මෙහෙය වනු ලබන බව කියන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ ඇගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘අගුලානේ රොශා’ නැමැත්තා පානදුර – හොරේතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් මත්කුඩු පැකට් 520 ක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පොලීසිය විසින්.

සැකකරු සතුව තිබී ජාවාරම සඳහා යොදා ගත් ජංගම දුරකථන දෙකක් (2) ද සොයාගැනුනා ෴

***************************************

(05.02.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානය ඇතුලු තවත් සංවිධාන කිහිපයක් දියත් කර ඇති විරෝධතාවයේ නිරත පිරිස් අද (05) වෙල්ලමුල්ලි – වයික්කාල් හිදී යුද්ධයෙන් මියගිය පිරිස සමරා පහන් දල්වා තිබෙනවා.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ශානික්‍ය රාසමානික්කම්, සහ එස් ශ්‍රීධරන්ද එක්ව සිටියා.

අද (05) රාත්‍රිය වනවිට මෙම විරෝධතා පා ගමන වවුනියාව වෙත ළඟාවීමට නියමිතයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තුන්වන (3) දිනටත් ක්‍රියාත්මක මෙම පා ගමන අද (05) ආරම්භ වූයේ ත්‍රිකුණාමලය නගරයෙන්.

ඔවුන් මෙලෙස පා ගමනේ නිරතවන්නේ නැගෙනහිර සහ උතුර පළාත් තුළ විරෝධතා සිදුකිරීම වළක්වාලමින් අධිකරණ නියෝග නිකුත් කර ඇති පසුබිමකයි.

මේ අතර පේදුරුතුඩුව, නෙල්ලිඅඩි, සහ වැල්වැටිතුරෙයි යන පොලිස් බල ප්‍රදේශවල දින හතරක් (4) යනතුරු විරෝධතා පා ගමන් තහනම් කරමින් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත් චුන්නාකම්, කන්කසන්තුරේ, අච්චුවේලි, කොඩිකාමම් සහ චාවකච්චේරි පොලිස් ස්ථාන මගින් මෙවැනි වාරණයක් මල්ලාකම් සහ චාවකච්චේරි අධිකරණවලින් ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනට ඊයේ (04) එක්වූ පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ උතුරේ දේශපාලනඥයන් සිය අභිමතාර්ථ වෙනුවෙන් දෙමළ ජනතාවගේ දුක සහ කඳුල යොදාගන්නා බවයි.

මේ අතර ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලෙට් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කළ වාර්තාවට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව විසින් අද (05) කොළඹ පිහිටි ජගත් සංවිධාන කාර්යාලයට සංදේශයක් භාරදෙනු ලැබුවා ෴

***************************************

(05.02.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට මෙන්ම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවන්ට ඉදිරි සති කිහිපය තුළ දඬුවම් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

නාවලපිටියේදී අද (05) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්වීම අමතමිනුයි අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ ෴

***************************************

(05.02.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් නුවරඑළිය, හැටන් ඇතුළු කඳුකරයේ ප්‍රදේශ රැසක අද (05) හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා.

ඊට සහාය දක්වමින් පාසල් ගුරුවරුන්ද අසනීප නිවාඩු වාර්තා කර තිබූ අතර, ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල් වසා දමා තිබුණා.

අප වාර්තාකරුවන් කියා සිටියේ කෙටි ගමන් බස් රථ සේවාද ධාවනයෙන් ඉවත්වීමට කටයුතු කර තිබූ බවයි.

දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා ඉහළ දමන ලෙස වතු කම්කරුවන් ඇතුළු වෘත්තිය සමිති පාර්ශවයන් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවේ 2015 වසරේ සිටයි.

පසුගිය යහපාලන රජය ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 750 ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ අතර එය 2019 ජනවාරි මාසයේදි ක්‍රියාත්මක වුණා.

අනතුරුව වත්මන් ආණ්ඩුව බලය පත්වීමෙන් පසු කම්කරුවන් සිය දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවා ගැනීමේ ඉල්ලීම් රජයට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුවයි 2021 අයවැය සදහා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමේ යෝජනාව ඇතුළත් කරනු ලැබුවේ.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ මේ වසරේ ජනවාරි මාසයේ සිට මෙය ක්‍රියාත්මක කරන බවයි. ඊට කැබිනට් අනුමැතිය පසුගියදා හිමිවුණා ෴

***************************************

(05.02.2021 – 20:41 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ අධිකරණයට සිදුකළ බලපෑම් සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදත් අදහස් පළ කළා.

***************************************

(05.02.2021 – 20:47 +0530 – hirunews.lk/sinhala)

අයාලේ යන සුනඛයින් බහුලව පැමිණීම හේතුවෙන් රත්නපුර රෝහලේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා.

රෝගීන් පවසන්නේ බොහෝ අවස්ථාවලදී මෙම සුනඛයන්ගේ සපාකෑම්වලට ද තමන්ට ලක්වීමට සිදුවන බවයි.

@@@@@@@@@@@@@@@@@

(05.02.2021 – 16:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 894 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 61,461 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

මෙරටින් මේවන විට කොරෝනා ආසාදිතයන් 67,115 ක් හමුවී ඇති අතර ඉන් 5315 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 339 ක් ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 336 ක් හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 67,451 ක්.

ඔවුන්ගෙන් 5651 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 61,461 ක් ෴

+++++++++++++++++++

(05.02.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහි ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබන මාර්තු මස පළමු සතියේ සිට සාමාන්‍ය ජනතාවට ලබාදීමේදී දෛනිකව ලක්ෂ 6 කට එන්නත ලබාදීමට සැලසුම් සකස් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලද ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ප්‍රමුඛතා ලැයිස්තුවක් යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ සාමාජිකයන් ලක්ෂ එක හමාරකට (1½) ආසන්න පිරිසකට මේ වන විට ලබාදී තිබුණ ද මේ දක්වා බරපතල ආසාත්මිකතා තත්ත්වයන් වාර්තා වී නොමැති බවයි අද (05) පැවති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ ෴

++++++++++++++++++++

(05.02.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව මියගිය මෙරට දෙවන වෛද්‍යවරයා වන විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිදට ද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොරෝනා ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා, අයි.ඩී.එච්. රෝහලට මාරු කිරීමෙන් අනතුරුව ඊයේ (04) අභාවප්‍රාප්ත වුණා.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු කොටිකාවත්ත ආදාහනාගාරයේදී අද (05) සිදු කෙරුණේ නිරෝධායන නීතින්ට අනුකූලවයි.

මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක (2) සේවක සේවිකාවන් 284 කට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මහියංගනය නගරයට ආසන්නයේ ඇති එක් ඇගලුම් කර්මාන්තශාලාවක 108 කට සහ තවත් ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 176 කට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි.

එමෙන්ම, මිනුවන්ගොඩ – නයිවල ප්‍රදේශයේ සේවක සේවිකාවන් දහසකට (1000) වැඩි පිරිසක් සිටින ඇඟලුම් කර්මාන්තශාලාවකින් ද කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු හදුනා ගැනීමත් සමග එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට (3) සහ සිසුන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ තමන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සිසුන් පවසනවා ෴

කොරෝනා වෛරසයට එරෙහිව වඩා වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති ‘ෆයිසර්’ සහ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා’ එන්නත් එක්කර නව එන්නතක් නිෂ්පාදනය කිරීම කෙරෙහි බ්‍රිතාන්‍ය විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

කොරෝනා වසංගතයේ නව ප්‍රභේද වාර්තා වීමත් සමඟයි ඔවුන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ.

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 10,55,00,806 ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 22,96,434 ක් ලෙසයි ෴

++++++++++++++++++++

(05.02.2021 – 20:55 +0530 – hirunews.lk/sinhala)

අද (05) රාත්‍රී 08:30 වන විට කොරෝනා එන්නත පුද්ගලයන් 156,310 දෙනෙකුට ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

අද (05) දිනය තුල පමණක් එන්නත ලබාදී ඇති සංඛ්‍යාව 9983 ක්.

ශ්‍රී ලංකාව තුල කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි 29 වනදායි ෴

+++++++++++++++++++++

(05.02.2021 – 21:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 4 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 343 ක්.

මියගොස් ඇත්තේ කොළඹ 3 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාවල ප්‍රදේශයේ 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බගවන්තලාව ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ මට්ට්ක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 393 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 67,844 ක් ලෙසටයි.

@@@@@@@@@@@@@@@

“පිළිස්සුනු ඕන ලෙඩෙක් සුවකරනවා. මේක මට පොඩි දෙයක් ” – විශේෂඥ වෛද්‍ය පී.එල්. රාජසේකර මහතා (31-01-2021)

https://www.youtube.com/watch?v=Y2QsBPrOlOI

පෙර විඩියෝව :

https://www.youtube.com/watch?v=YgOcuC7eODY
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *