ලාහුගල දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් මුස්ලිම් ජාතිකයන් අතින් විනාශයි – වන සංහාරය සොයා ඥානසාර හිමිත් රක්ෂිතයට

ලාහුගල දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් මුස්ලිම් ජාතිකයන් අතින් විනාශයි – වන සංහාරය සොයා ඥානසාර හිමිත් රක්ෂිතයට

*********************************************

ලාහුගල දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් මුස්ලිම් ජාතිකයන් අතින් විනාශයි – වන සංහාරය සොයා ඥානසාර හිමිත් රක්ෂිතයට

(27.01.2021 – colombotoday.com)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතිනවා. හෙක්ටයාර ගණනාවක් මේ වන විට විනාශ කර කුඹුරු බවට පත්කර ඇති බවයි බොදු බල සේනා සංවිධානය සඳහන් කර සිටියේ. සංවිධානාත්මක ලෙස මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් දිළිඳු පුද්ගලයින් යොදාගෙන රක්ෂිතය එලි කරවා ඔවුන්ට මුදල් දී එම ස්ථානයෙන් ඉවත් කර බලපත්‍ර සාදමින් තම අයිතිය පවසන බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මේ සඳහා රජයේ කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ගේ සහයෝගයද ලබා ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම වන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා බොදු බල සේනා නායක පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරිත විය.

නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය යටතේ මං මාවත් සකස්කර, හොර ඔප්පු සාදා මහා රක්ෂිතය මැද හෙක්ටයාර ගණනාවක් කුඹුරු කර ඇති බවත් පුරාවස්තුවලින් ගැවසුණු විශාල භූමියක සියලුම පුරාවස්තු විනාශ කර ඇති බවත් එම අවස්ථාවේදී ඥානසාර හිමියෝ සඳහන් කර සිටියා.

මෙම සිදුවීම්වලට විරුද්ධව වන සංරක්ෂණ හෝ වනජීවී දෙපාර්තමේන්තු මේ දක්වා ගෙන ඇති ක්‍රියා මාර්ග කුමක්දැයි ප්‍රශ්න කර සිටි උන්වහන්සේ අනවසරයෙන් අදාළ ප්‍රදේශයේත් නොවන පුද්ගලයින් පැමිණ සිදුකරන වනාන්තර විනාශය වැලක්වීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

***************************************

ව්‍යාපෘතිය අවලංගු කළේ කෝටි 236 ක් වියදම් කළාට පස්සේ

(27.01.2021 – 17:14 +0530 – lankadeepa.lk)

කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ බස්නාහිර කලාපීය සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කරනවිටත්, එම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2364 ක මුදලක් වැය කර තිබූ බව රජයේ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

ජයිකා අරමුදලින් රුපියල් මිලියන 1791 ක්ද, භාණ්ඩාගාර ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 573 ක්ද, මෙම ව්‍යාපෘතිය සඳහා වියදම් කර තිබිණි.

ඉඩම් අත්පත් කරගැනීම, පරිසර ක්‍රියාකාරකම්, උපයෝගීතා විචලතාවය, පාර්ලිමේන්තු පනතක් සම්මත කරගැනීම, ව්‍යාපෘති කළමනාකාර ඒකකය පිහිටුවීම, ව්‍යාපෘතිය සැලසුම් කිරීම, ඉදිකිරීම අධීක්ෂණය සඳහා ප්‍රසම්පාදන සහයෝගය ලබාගැනීම සහ කාර්යභාරයන් සඳහා එම මුදල වියදම් කර ඇති බවද, ජාතික විගණන කාර්යාලය 2019 වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත ෴

***************************************

රාජගිරියේ ‘සබීතා බිල්ඩිම’ට කෝටි දෙකේ මාසික කුළිය දිගටම ගෙවයි

(27.01.2021 – 11:31 +0530 – lankaleadnews.com)

රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන් හෙළි කර සිටින්නේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල බවත් එයට අමතරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයට අමතරව ප්‍රාදේශීය කාර්යාල ද මෙලෙස පෞද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යමින් කුලිය වසහයෙන් කෝටි ගණනින් මුදල් ගෙවන බවයි.

ඉකුත් යහපාලන කාලසීමාවේදී කැබිනට් අනුමැතියට අනුව රාජගිරිය ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මසකට රුපියල් දෙකෝටි දසලක්ෂයක (2,10,00,000) මුදලක් කුලී වශයෙන් ගෙවා තිබුණ අතර වත්මන් පාලනය යටතේ ද එම ගොඩනැගිල්ලෙන් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය ඉවත් කලත් මසකට ගෙවිය යුතු කුලී මුදල දිගටම ගෙවා දමන බව විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙළිකරති.

මේ වනවිට විශේෂ සොයා බැලීමක් ද ආරම්භ කර ඇතැයි සඳහන් කරන ඔවුහු මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් සකසා ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට විගණන නිලධාරීන් පිරිසක් කටයුතු ආරම්භ කර ඇති බවද ප්‍රකාශ කරයි ෴

***************************************

මිත්‍යාදෘෂ්ටිකයින් නිසා ‘නිහඩ අරණ’ සසල වෙයි

(28.01.2021 – aruna.lk)

පාදුක්ක, වටරැක ‘වින්ඩ්සෙෆ් නිහඬ අරණ භාවනා මධ්‍යස්ථානය’ට එල්ලවන විවිධ බලපෑම් නිසා එහි භාවනානුයෝගීව වැඩවසන ස්වාමීන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත භාවයට පත්වී තිබේ.

මේ වන විටත් මැර ප්‍රහාරයකට ලක්ව සිටින විහාරාධිපති පූජ්‍ය වෙලන්හින්නේ වාචිස්සර හිමියෝ රෝහල්ගතවී සිටිති.

‘බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බව’ට මතයක් පතුරවන කල්ලියක් මෙම භාවනා මධ්‍යස්ථානය ආක්‍රමණය කිරීමට උත්සාහ කරමින් සිටිති.

වසර කිහිපයකට පෙර මෙම ස්ථානයේ වැඩවිසූ භික්‍ෂූන් වහන්සේ නමක් විසින් බුදුන් මෙරට උපන් බවට පවසමින් විවිධ මිථ්‍යා මත පතුරුවා ඇත. ලුම්බිණි සල්උයන ලෙස දිගන ප්‍රදේශයේ බඹරගල පන්සලත්. අචිරවතී ගංගාව ලෙස වටරැක ප්‍රදේශයේ ජනතාව ස්නානය කරන ‘ආඳා දොළ’ නමැති කුඩා ඇළ මාර්ගයක් පෙන්වමින් එම භික්ෂූන් වහන්සේ මෙලෙස මිථ්‍යා මත වපුරමින් සිටින විටදී ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා එක්ව එම භික්ෂුව භාවනා මධ්‍යස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කර ඇත.

පසුව අධිකරණයේ පිහිට පැතූ එම භාවනා මධ්‍යස්ථානයේ දායකයන්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් බදු ක්‍රමයට එම භාවනා මධ්‍යස්ථාන භූමියෙහි අයිතිය ලබාගෙන එම මිථ්‍යා දෘෂ්ටිකයන් පිස්කල් මර්ගයෙන් ඉවත් කරන ලදී. එහෙත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බව පෙනී යයි.

මෙම භාවනා මධ්‍යස්ථානයේ වැඩවසන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සාමණේර හිමිවරු භාවිත කරන්නේ උල්පත් ජලයයි. එහෙත් එම ජලය ප්‍රමාණවත් නොවීම නිසාද ජලසම්පාදන මණ්ඩලයෙන් ජල සැපයුම ලබා ගැනීමට කටයුතු කර ඇත. නමුත් එක්තරා පුද්ගලයකු ඊටද බලපෑම් කර ජල සැපයුම නතර කිරීමට පියවර ගෙන තිබේ.

ආරණ්‍ය සේනාසනය එක් පසෙක පිහිටි ගල්තලාවෙහි විදේශීය සමාගමක් විසින් ගල්කොරියක් පවත්වගෙන යයි. එම පළාතේම නිවාස ඇතුළුව භාවනා මධ්‍යස්ථානයේ ගොඩනැගිලිද දෙදරා යන අයුරින් මෙම ගල්කොරිය විසින් බෝරා දැමීම සිදු කරයි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් මෙම බෝර ගැසීමේ ශබ්දය මැනීමට පැමිණෙන විටදී ඔවුහු බෝර දැමීමෙන් වැළකී සිටිති. නිලධාරීන් පිටව ගිය පසු නැවතත් බෝර දැමීම සිදු කරන බව විහාරාධිපති හිමියෝ පවසති.

භාවනා මධ්‍යස්ථානය අසල තවත් විශාල ගල්පර්වතයක් කඩා දැමීමට මේ දිනවල පිඹුරුපත් සකසමින් සිටින බවද පැවැසේ.

මේ සම්බන්ධයෙන් විහාරාධිපති පූජ්‍ය වෙලන්හින්නේ වාචිස්සර හිමියන්ගෙන් විමසූ අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කළේ භාවනානුයෝගීව වැඩ සිටින සහ අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන්ගේ කටයුතුවලට මෙය විශාල ප්‍රශ්නයක්ව ඇති බවය.

“මිථ්‍යා මත පතුරවන පුද්ගලයන් මෙහි හෝටලයක් හදන්න උත්සාහ කරනවා. ඒ නිසයි අපි සාසනයත් රැකගෙන මේවා රැකබලාගෙන ඉන්න උත්සාහ කරන්නේ. මට පහර දීලා මෙහි සවිකරල තිබුණු සීසීටීවී කැමරා පද්ධතියක් කඩාදමලා සිවුරුත් එළියට ඇදලා දාලා ගියා. මීගොඩ පොලිසියට පැමිණිලි කරන්න ගියාම පැමිණිලි භාරගන්න බැහැ කියනවා. පාදුක්ක පොලිසියෙ ස්ථානාධිපතිතුමා තමයි හාමුදුරුවන්ට සිදුවන අසාධාරණය විසඳන්න ඉදිරිපත් වුණේ. මිථ්‍යා දෘෂ්ටිකයන් එක්ක මේ සාමණේර හාමුදුරුවරුන්ටයි මටයි තනියෙන් සටන් කරන්න වෙලා තියෙනවා. අපි ජනාධිපතිතුමා ගෙන් අගමැතිතුමා ගෙන් ඉල්ලන්නෙ සාසනය විනාශ කරන මේ පුද්ගලයන්ගෙන් අපව බේරල දෙන්න කියලා විතරයි.” විහාරාධිපති හිමියෝ පැවසූහ.

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධව සොයා බලා ඉදිරි විමර්ශන සිදු කිරීමට උපදෙස් ලබාදීමට පියවර ගන්නා බවයි.

විහාරාධිපති හිමියන්ට පහරදීමට පැමිණි කල්ලියේ සිටි හිමිනමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පාදුක්ක පොලිසිය පියවර ගෙන තිබේ.

හේමන්ත ලියනපතිරණ

***************************************

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේලා, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දක්වන අදහස් වලට ආණ්ඩුව ඇහුම්කම් දිය යුතුයි – අමාත්‍ය මහින්ද අමරවීර

(28.01.2021 – 16:11 +0530 – lankaleadnews.com)

අමාත්‍ය මහින්ද අමරවීර මහතා වලස්මුල්ලේදී පැවැති මාධ්‍ය හමුවක්දී අදහස් දක්වමින් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේලා, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දක්වන අදහස් වලට ආණ්ඩුව ඇහුම්කම් දිය යුතු බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,”ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉදිරි සතියේදී රැස් වනවා.කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පක්ෂයේ මතය ඉන් අනතුරුව ප්‍රකාශ කරනවා.කොහොම වුනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට කිසිසේත්ම එකඟ වන්නේ නැහැ” යනුවෙන් පවසා සිටියේය ෴

++++++++++++++++++

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ජනතා පෙත්සමක්

(28.01.2021 – 14:40 +0530 – sinhala.adaderana.lk)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් ආයෝජකයන්ට නොදෙන බවට ජනාධිපතිවරයා වහාම රටට ප්‍රතිඥා දියයුතු බවට වන ජනතා පෙත්සමකට අත්සන් තැබීම ගාල්ලෙන් අරම්භ වී තිබේ.

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්තානය විසින් මෙය සංවිධානය කරයි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ගාල්ල ශාඛාවේ ලේකම් සිසිර සමන් කීර්ති මහතා සඳහන් කළේ, “මේ දින කිහිපය තුළ ලංකාව පුරාම මේක සිදුකරනවා. නැගෙනහිර ජැටිය වරාය අධිකාරියටම දෙන්න” යනුවෙනි.

මේ අතර නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) රාජ්‍ය ව්‍යවසාය යටතේ පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුවට බල කිරීමට සඳහා හෙට (29) සිට දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට ද වරාය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ, “ජනාධිපතිතුමා ඉතා පැහැදිළි ස්ථාවරයක සිටිනවා කොළඹ ජැටියට යම්කිසි ආයෝජකයෙක් එනවා නම් ඒ එන්නට ඕනේ සියයට සීයක්ම දේශීය සමාගමක් යටතේ කියලා. අපි තාමත් මත ප්‍රකාශ කරන්නේ අනුමානය මතයි” යනුවෙනි.

++++++++++++++++

වරාය සටනට ලංකා ගුරු සේවා සංගමය සම්පූර්ණ සහයෝගය දෙනවා – ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ

(28.01.2021 – 11:11 +0530 – lankaleadnews.com)

එළඹෙන සිකුරාදා (29) සිට සියළු වරාය සේවක සංගම් එක්ව කටයුතු කරමින් දියත් කිරීමට නියමිත අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය සාර්ථක කරගනු පිණිස ‘ලංකා ගුරු සේවා සංගමය’ සිය උපරිම සහයෝගය ලබාදෙන බව පවසයි.

ඊයේ (27) බත්තරමුල්ල පැලවත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අධානි සමාගමට විකීනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ රටේ පොදු ජනයා දැනුවත් කිරීම පිණිස ‘අණබෙර’ පණිවිඩයක් නිකුත් කරමින් මහින්ද ජයසිංහ මහතා මේ බව පවසා සිටියේය.

නැගෙනහිර ජැටිය විකිණීමට ගුරුවරුන්ගේත් විරෝධය :

++++++++++++++++

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ගණුදෙනුවේ කොමිස් මුදළ රු. මිලියන 15,000/= ක් ?

(28.01.2021 – 09:00 +0530 – lankaleadnews.com)

මාධ්‍ය හමුවක් අමතමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කර සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමෙන් රුපියල් මිලියන 15,000 ක කොමිස් මුදලක් කිසියම් පිරිසක් අතර බෙදා ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබෙමින් ඇති බවත් මේ සම්බන්ධ යෝජනාවලිය සහිත කැබිනට් පත්‍රිකාවට අදානි සමාගමේ නම ඇතුළත් වූයේ කෙසේදැයි දැඩි ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.

විකිණීම, බදුදීම, ආයෝජනය කිරීම ආදී විවිධ වචන භාවිතා කළ ද මෙහිදී සිදුවන්නේ එකම ක්‍රියාදාමයක් යැයි ද උන්වහන්සේ පෙන්වා දෙති.

++++++++++++++++

ජනපති හොද වැඩපිළිවෙලට විරුද්ද වෙන ඒකක් නෑ – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (25.01.2021)

++++++++++++++++

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නයට උත්තරය මෙන්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර (26.01.2021)

+++++++++++++++++++

නැගෙනහිර ජැටිය ගන්න ආවොත් මරාගෙන මැරෙනවා – ෂාමල් සුමනරත්න | Talk with Sudaththa (22.01.2021)

++++++++++++++++++

ජාතික සම්පත් සුරැකීම හා වරාය නැගෙනහිර පර්යන්ත අර්බුදය | BIG FOCUS (28.01.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *