ගිණුමේ මුදල් සොරාගෙන – දේපලත් වෙන්දේසි කරලා – හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

ගිණුමේ මුදල් සොරාගෙන – දේපලත් වෙන්දේසි කරලා – හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

*********************************************

ගිණුමේ මුදල් සොරාගෙන – දේපලත් වෙන්දේසි කරලා – හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

(14.01.2021 – colombotoday.com)

හැටන් නැෂනල් බැංකුව විසින් අධිකරණ නියෝගයක් තිබෙන බව පවසමින් බලහත් කාරයෙන් සිදුකල දේපලක් වෙන්දේසියක් පිලිබඳ පුවතක් කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ප්‍රදේශයේ ජනතාව විසින් හැටන් නැෂනල් බැංකුවට විරුද්ධව උද්ඝෝෂණයක් ද එම ස්ථානයේදී පවත්වන ලදි.

නිවස ඇපයට තබා ලබාගත් ණය මුදලක් බැංකුව වෙත නැවත ගෙවීමේදී කුණ්ඩසාලේ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාරිනිය විසින් එම මුදල් වංචා කර ඇති බවයි අගතියට පත් විනෝදනී මහත්මිය සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් අදාළ කරුණු සලකා බැලීමකින් තොරව ඇපයට තබා ඇති දේපල නැවත අත්පත් කර ගැනීමට බැංකුව කටයුතු කර තිබෙනවා.

බැංකු ශකාවේ කළමනාකාරිනිය වංචා කර ඇති මුදල බැංකුව විසින් යලි ලබා නොදී තමා සතු එකම දේපල අත්පත් කරගෙන නිවැසියන් පාරට ඇද දැමීමට හැටන් නැෂනල් බැංකු බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි අසාධාරණයට මුහුණ දුන් විනෝදනී මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් අදාළ මුදල් වංචා කර බවට සැලකෙන ශාඛා කළමනාකාරිනිය සහ නියෝජ්‍ය කළමනාකරු සේවයෙන් ඉවත් කර ඇති අතර ඔවුන් විසින් වංචා කල මුදල් අගතියට පත් පාර්ශවයට ලබාදීම හැටන් නැෂනල් බැංකු ඉහල කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කර ඇත.

++++++++++++++

XHNB බංකුවේ තිබෙන ඔබේ මුදල් සුරක්ෂිත ද ?

+++++++++++++++

කුණ්ඩසාලේ දේපල වෙන්දේසිය පුවත පිලිබඳව හැටන් නැෂනල් බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්

(18.01.2021 – colombotoday.com)

‘ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්’ යන මාතෘකාව යටතේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ දේපලක් වෙන්දේසි කිරීමේ අවස්ථාවේදී සිදුවුණු උද්ඝෝෂණයක් සහ මාධ්‍යයට කරුණු දැක්වීමක් පිළිබඳව අප වෙබ් අඩවියේ පළවූ පුවතක් සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුව විසින් කරුණු පැහැදිලි කිරීමක් ඒවා ඇත.

අදාළ කරුණු පැහැදිලි කිරීම :

+++++++++++++++++

(20.01.2021 – colombotoday.com)

තමා දුක් මහන්සි වී උපයා ගත් මුදල් වංචා කර, තමාගේ දේපල වෙන්දේසි කර තවදුරටත් නින්දා කර පහර දෙන්න එපා යැයි කුණ්ඩසාලේ හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක් වූ බව පැවසෙන විනෝදනී විජයකුමාර් මහත්මිය සඳහන් කර සිටිනවා.

“ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්” යන මාතෘකාව යටතේ විනෝදනී විජයකුමාර් මහත්මියගේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඇති නිවාස වෙන්දේසි කිරීමේ අවස්ථාවේදී සිදුවුණු උද්ඝෝෂණයක් සහ මාධ්‍යයට කරුණු දැක්වීමක් පිළිබඳව අප වෙබ් අඩවියේ පුවතක් පලකරන ලදි.

ඊට පසුව එම පුවත සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුව විසින් කරුණු පැහැදිලි කිරීමක් අප වෙත ඒවා තිබුණු අතර එම පුවත “කුණ්ඩසාලේ දේපල වෙන්දේසිය පුවත පිලිබඳව හැටන් නැෂනල් බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්.” මාතෘකාව යටතේ පළකරන ලදි.

එහිදී මතුකර ඇති කරුණු පිළිබඳව විනෝදනී මහත්මිය කරුණු පැහැදිලි කිරීමක් අප වෙත මෙලෙස ඒවා ඇත :

***************************************

මහ සටනට වරායේ සියල්ල සූදානම්… වෘත්තීය සමිති 23 ම එක්වේ.. තවත් සංවිධාන 100 ක්.. අදම රැස්වේ..

(15.01.2021 – 12:00 +0530 – lankacnews.com)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 49% ක් ආයෝජකයෙකුට ලබා දීමට රජය තීරණය කර ඇති නිසා ඊට එරෙහිව කටයුතු කරන ආකාරය ගැන අද (15) දිනයේ වරාය වෘත්තීය සමිති රැස්වී තීරණය කිරීමට නියමිතය.

වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ මෙම කොටස් ආයෝජකයෙකුට ලබා දීමට කටයුතු කළ හොත් සයිටම් ආයතන යෝජනාව පරාජයට පත් කළ ආකාරයටම මෙයද පරාජයට පත් කරන බවයි.

මෙම සටන වෙනුවෙන් දැනටමත් වරාය වෘත්තිය සමිති 23 ම ඒකාබද්ධ වී ඇති බවත් ඊට අමතරව රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති අසූවක් හා මහාසංඝරත්නය ආගමික නායකයන් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඒකාබද්ධ කර ජාතික සභාවක් පිහිටුවා ඇති බවත් ඔවුහු කියා සිටිති.

නැගෙනහිර පර්යන්තයේ 100% ක අයිතියක් වරාය අධිකාරිය සතු විය යුතු බවත් ඉන් මෙපිට කිසිදු විසඳුමක් නැති බවත් ඔවුහු කියා සිටිති ෴

***************************************

ගැබ්ගත්ත පොඩිම දරුවාගෙ වයස අවුරුදු 11 යි – අපි මේ විදියට ආණ්ඩු කරලා මොනදේ කළත් වැඩක් නෑ – ඇමති පියල් නිශාන්ත

(15.01.2021 – am.lk)

අද වනවිට රට තුළ ළමා අපයෝජන සහ ළමා ගැබ්ගැනීම් වැඩිවී ඇති බවත් රටේ දරුපරපුරේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් ආණ්ඩු කිරීමෙන් ද ඵලක් නොමැති බවත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව පැවසුවේ (12) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමින්.

“අද වෙනකොට ළමා අයයෝජන සංඛ්‍යාව වැඩිවෙලා. ඊට පස්සෙ ළමා හිංසනය වැඩිවෙලා. ළමා ගැබ්ගැනීම් වැඩිවෙලා. ගැබ්ගත්ත පොඩිම දරුවාගෙ වයස අවුරුදු 11 යි. ඊට පස්සෙ වීදි දරුවෝ. ඊළඟට විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ. මේ දරුවො මම හොයලා බලනකොට මේ දරුවෝ විශෙෂ අවශ්‍යතා තියෙන දරුවො නෙවෙයි විශේෂ හැකියාවන් තියෙන දරුවො ටිකක් මේ ඉන්නෙ.

ඉතිං ඒ නිසා මං හිතන්නෙ මේ දරු පරපුර පිළිබඳව අපි බලන්න ඕනෙ. හැබැයි අර දරුවෝ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නෙ නැත්නම් අපේ මේ කමිටු තිබිලා, අපි මේ විදියට ආණ්ඩු කරලා මොනදේ කළත් වැඩක් නෑ.”

***************************************

(15.01.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධියේදී රුපියල් කෝටි 06 කට අධික දේපල හානියක් සිදුව ඇති බව ඒ සඳහා පත් කළ තක්සේරු මණ්ඩලය මගින් අනාවරණ කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එහිදී සිදුවූ දේපල හානිය ඇතුළු අලාභය ඉදිරියේදි නිල වශයෙන් ප්‍රකාශ කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එම සිද්ධියේදී රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනා යටතේ කලහකාරි ලෙස හැසිරුණු 120 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමේදී එහි ගොඩනැගිලි කිහිපයකට, ඖෂධ ගබඩාවට හා ලේඛනාගාරය ඇතුළු දේපල රැසකට අලාභ හානි සිදුව තිබුණා ෴

***************************************

(15.01.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඉන්ධන මෙරට මුහුදු කලාපයට එකතු වීම නිසා සිදුවූ පරිසර හානියට වන්දි ලබාගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එහි සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එළැඹෙන සතියේදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවී ඒ පිළිබඳව සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවයි.

මෙම නෞකාවේ ඉන්ධන කාන්දුවීම හේතුවෙන් පරිසරයට සිදුවූ හානිය පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් විසින් සකස් කරනු ලැබූ වාර්තාවක්ද එහිදී නීතිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

එම නෞකාවේ කපිතාන්වරයාට ගොනුකළ අපරාධ චෝදනාවලදී වරද පිළිගැනීම නිසා මීට පෙර වන්දි ලබාදීමට අදාළ නැව් සමාගම කටයුතු කර තිබුණා.

ඒ අනුව පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් තවත් වන්දි මුදලක් හෝ සිදුවූ හානිය අයකර ගැනීමක් සිදුකර ගැනීම කළ යුතු බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(15.01.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

සිරදඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක හට එළඹෙන මාස 06 තුළ පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී විය නොහැකි බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (15) උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා :

***************************************

(15.01.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කළා.

ඒ අනුව, මාර්තු 8, 9 සහ 10 යන දිනවල අදාළ පෙත්සම් විභාගයට ගැනෙනු ඇති.

ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ප්‍රහාරයෙන් අගතියට පත් වූ පාර්ශවයන්, කිතුනු පූජක තුමන් ඇතුළු පාර්ශව 12 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඒවා අද (15) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී .බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත සත් පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ නාවික හමුදාපති පියල් ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා තව දුරටත් පෙනී නොසිටින බවයි.

එම නිසා ඔවුන් වෙනුවෙන් තමා අධිකරණය හමුවේ පෙනී සිටින බව සඳහන් කළා. තම සේවා දායකයන් වෙනුවෙන් නීතිපතිවරයා මේ දක්වා විරෝධතා ගොනු කර නොමැති බැවින් ඔවුන්ට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව අදාළ විරෝධතා පෙබරවාරි මස 8 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 15 වන දාට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නා.

ඊට අමතරව පෙත්සම් වලට අදාල ලිඛිත දේශන තිබේ නම් ඒවා පෙබරවාරි මස 24 වන දා හෝ ඊට පෙර ගොනුකරන ලෙසයි සියලු‍ පාර්ශ්වයන්ට දැනුම් දුන්නේ.

අනතුරුව මෙම පෙත්සම් පිළිබඳව විභාගය මාර්තු මස 8, 9 සහ 10 යන දිනවල දී සිදුකිරීමට සත් පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා ෴

***************************************

(15.01.2021 – 12:17 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර සභාව විසින් පරණ බස් නැවතුම්පොල අසල අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් පොලීසිය එය වසා දැමීමට කටයුතු කිරීම පිළිබඳව වෙළඳුන් සහ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් අදත් (15) විරෝධය පළ කළා.

පෙරේදා (13) දිනයේදී මෙලෙස අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට මහරගම නගර සභාව කටයුතු කළ අතර පොලීසිය සහ වෙළඳුන් අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

කෙසේ වෙතත්, අධිකරණයට කරුණු වාර්තා කර ඉන් ලැබෙන නියෝග අනුව දෙපාර්ශවයම කටයුතු කළ යුතු බව පොලීසිය දැන්වීමත් සමඟ විරෝධතාවය අවසන් වුණා.

එහෙත් අද (15) දිනයේත් නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහ වෙළඳසැල් හිමියන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධතාවයේ නිරත වුණේ එම ස්ථානය වසා දමමින් පොලීසිය කටයුතු කිරීම අසාධාරණ බව පවසමින්.

එම ස්ථානයට පැමිණ සිටි සමගි ජනබලවේගයේ මෙන්ම, පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන් සහ වෙළඳුන් අතර මෙවැනි උණුසුම් සංවාදයක් ඇති වුණා.

***************************************

(15.01.2021 – 12:18 +0530 – hirunews.lk/sinhala)

සතොස සේවකයන් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය දැනුම්දි තිබෙනවා.

2010 – 2014 කාලසීමාව තුළ වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ධුරයේ සිටිමින් සතොස ආයතනයේ සේවකයින් එම ආයතනයට පරිබාහිර කටයුතු සඳහා යෙදවූ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබුණේ අල්ලස් කොමිසම විසින්.

කෙසේ වෙතත්, මහාධිකරණය පසුගිය ඔක්තෝම්බර් මාසයේ නිෂ්ප්‍රභ කළේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ නඩු පැවරීම් සිදුකර ඇත්තේ අල්ලස් කොමිසමේ අනුමැතියකින් තොරව බවට තීන්දු කරමින්.

අද වගඋත්තරකාර පාර්ශවය අධිකරණයට කැඳවා අදාළ තීරණය දැනුම්දී තිබෙනවා ෴

***************************************

(15.01.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඬුගස්තලාව ගම්මානයයි.

අලංකාර පරිසරයකින් යුක්ත වුවද මෙම ගම්මානයේ වැසියන්ට ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ නිසි මාර්ග පහසුකම් නොමැතිකමයි.

පඩුගස්තලාව – ගල්කැටියාවත්ත ඔය හරහා මෙම පාලම ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දීයි.

පඬුගස්තලාව සිට පාලුවත්ත, පේරපිටිය, හිඟුරන හරහා කොහොනාවෙල, ගඩාදෙහිගොල්ල ඇතුළු තවත් ගම්මාන රැසකට යන මාර්ගයේ ආරම්භක ස්ථානය වන්නේ ගල්කැටියාවත්ත ඔය හරහා වන මෙම පාලමයි.

පාලමේ එක් බැම්මක් අඩක් ඉදිවෙමින් තිබියදී එම සියලු ඉදිකිරීම් නවතා දමා අදාළ කොන්ත්‍රාත් සමාගම වෙනත් ඉදිකිරීමක් සඳහා පිටව ගිය බව ප්‍රදේශවාසීන් පවසනවා.

ගොවීන් චෝදනා කරන්නේ පාලම ඉදිකිරීම ආරම්භයේදී තම ගොවිබිම් සඳහා ජලය රැගෙන ගිය ඇළ මාර්ගය කඩා දමා එය මේ වනතුරුත් ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් කුඹුරු අක්කර 30 කට පමණ අවශ්‍ය ජලය ලබා ගැනීමට ද නොහැකි වී ඇති බවයි.

එසේම වර්ෂා කාලයට ගල්කැටියාවත්ත ඔය හරහා ගමන් කරන පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් පත්වන්නේ දැඩි අවදානම් තත්ත්වයකටයි.

අසරණ ජීවිතයක් බිලිවීමට මත්තෙන්, අතරමඟ නවතා දමා ඇති මෙම පාලමේ ඉදිකිරීම් කඩිනමින් නිම කරන තෙක් ‘රතු මිනිත්තුව’ අධානයෙන්.

***************************************

(15.01.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

මෙරට අභිමානය කියාපාන ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම අපකාගේත් වගකීමක්.

නමුත් නිසි සංරක්ෂණයක් සිදු නොවීමෙන් අප වෙතින් ගිලිහී ගිය එවන් ඓතිහාසික උරුමයන් බොහෝමයක් තිබෙනවා.

මේ එවැනි අනතුරකට මුහුණ පා ඇති අපගේ මිලකල ‍නොහැකි ඓතිහාසික සිද්ධස්ථානයක්.

පොළොන්නරුව ලංකාතිලක විහාරගෙයි සැලකේනනේ පරාක්‍රමබාහු රජ සමයේ ඉදිවූවක් ලෙසයි.

ක්‍රි.ව. 1153 – 1186 කාලසීමාවේ ඉදිකරන ලද මෙම ඓතිහාසික විහාරගෙය මහල් 3 කින් සමන්විතයි.

පියස්සක් සමඟ ඉදිකර තිබු බවට සාදක ඇති මෙම විහාරගෙය සැලකෙන්නේ මෙරට ඉදිවූ විශාලතම විහාරගෙය ලෙසටයි.

අඩි 80 කට ආසන්න උසකින් යුත් මෙම විහාරගෙයි දැවැන්ත හිටිපිළිම වහන්සේ නමක් නිර්මාණය කර ඇති අතර එය පිළිමකර්මාන්තයේ සුවිශේෂී නිර්මාණයක් ලෙසටයි සැලකෙන්නේ.

පොළොන්නරු යුගයේදී මෙරටට බලපෑ දකුණු ඉන්දිය ආභාසය හොදින් විදහා දැක්වෙන අලංකාර චිත්‍ර සහ මුර්ති මෙහි දක්නට ලැබුනද ඒවා නිසි ප්‍රතිසංස්කරණයක් නොමැතිවීමෙන් දිනෙන් දින විනාශ මුඛයට යනවා.

කාන්තා රූප සහිත ලංකාවේ එකම මුරගල් ඉදිකර තිබෙන්නේද ලංකාතිලක පිළිමගෙයි ඉදිරිපසයි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉමහත් ආකර්ශණයක් දිනාගත් මෙම ස්ථානය අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇති බවට තොරතුරු වාර්තාවන්නේ ක්‍රි.ව 13 වන සියවසේ බවටයි තොරතුරු ඇත්තේ.

අප සතු මෙවන් උරුමයන් මතු පරපුර වෙනුවෙන් රැකගැනීමට කොතෙකුත් ආයතන බලධාරීන් සිටියද ඔවුන්ගේ ඇස නොගැටීමෙන් මෙම මහඟු සම්පත් දිනෙන් දින වියැකී යනවා.

මේවා රැකගැනීම ඔවුන්ගේ යුතුකම හා වගකීම නොවේද..?

***************************************

(15.01.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

පොල් ත්‍රිකෝණයට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ දිනෙන් දින ඉහළ යන රිලා ග්‍රහණය හේතුවෙන් අස්වනු අහිමිවීමේ තර්ජනයකට පොල් වගාකරුවන් මුහුණදී සිටිනවා.

මෙරට අපනයන බෝග අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා පොල් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කෙරෙනවා.

ඒ අතරින් කුරුණෑගල, හලාවත හා පුත්තලම යන ප්‍රදේශවල වැඩි වශයෙන් පොල් වගාකිරීම හේතුවෙන් එම ප්‍රදේශ හඳුන්වන්නේ පොල් ත්‍රිකෝණය ලෙසයි.

කෙසේ වෙතත් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන්ට සිය වගාවන් රිලවුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මේවන විට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ පුත්තලම, වනාතවිල්ලුව, කල්පිටිය හා මුන්දලම ආදී ප්‍රදේශවල පොල් වතු මේවන විට අස්වැන්න අහිමිවීමේ තර්ජනයකට ලක්ව ඇති අයුරුයි මේ.

පුතත්ලම දිස්ත්‍රික්කයේ රජයේ වතු සමාගම්වලට අයත් පොල් අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් සහ පෞද්ගලික පොල් වතු අක්කර 1500 ක් පමණ රිලවුන්ගේ තර්ජනයට ලක්ව තිබෙනවා.

රිලවුන් මෙන්ම වඳුරන් හා දඬුලේනුන්ද තම පොල් වගාවන්ට හානිකරන බවයි වගාකරුවන් පවසන්නේ.

දිනකට 1000 කට අධික රිලවුන් මෙන්ම දඬුලේනන්, වඳුරන් වැනි සතුන් පොල් අස්වැන්නට හානිකර ඇති ආකාරයයි මේ.

පොල් වගාවට අමතරව වෙනත් බෝග වගාකරුවන්ද මෙම සතුන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා.

රිලවුන්ගේ ක්‍රියාකලාපය නිසා ඇතැම් පොල් ගස්වලට අත්ව ඇති ඉරණමයි මේ.

***************************************

(15.01.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ සිදුව ඇති මුල්‍ය වංචාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අද (15) ඇප මත මුදා හැරුණා.

ඒ එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් හමුවේ අද (15) කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී එක් අයෙකු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

එසේම, සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළ අතර, සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද ඔවුන්ට දැනුම්දී තිබෙනවා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ නිරෝධායනය සඳහා යොමුකර ඇති බැවින් සැකකරුවන් අද (15) දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකළ බවයි.

ETI ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4 කට අධික මූල්‍ය වංචාවකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ පසුගිය 8 වනදා අත්අඩංගුවට ගැනුණේ බොරැල්ල ප්‍රදේශයේදීයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවති තැන්පත් මුදල් ඔවුන් පෞද්ගලික සුඛවිහරණය සඳහා සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

වැඩිදුර නඩු විභාගය මැයි 20 වනදා දක්වා කල් තැබුණා.

මේ අතර, අද (15) නඩුව විභාගයට ගැනෙන අවස්ථාවේදී ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය අධිකරණ පරිශ්‍රය අසල සාමකාමී විරෝධතාවක නිරත වුණා.

***************************************

(15.01.2021 – 15:49 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලේ, කුරුන්දන්කුලම ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක් වටලා ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 ක තරුණියන් දෙදෙනෙකු (2) සහ වයස 32 ක් පමණ වයසැති තරුණියක්.

ඔවුන් පානදුර, කුරුණෑගල සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) සහ සැකකාරියන් තිදෙනා (3) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කලේ.

මේ පිළිබඳ ඉදිරි පරීක්ෂණ මිහින්තලේ පොලිසිය විසින් සිදු කරනවා ෴

***************************************

අවන්තිදේවි ළමා නිවාසයේ පාලිකාව රිමාන්ඩ්

(15.01.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – අවන්තිදේවි ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටින දැරියන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන පාලිකාව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඇය අද (15) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (14) දිනයේදී ඇය අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

52 හැවිරිදි සැකකාර කාන්තාවට එරෙහිව පොලීසිය වෙන් වෙන් වශයෙන් බී වාර්තා 11 ක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ කෲරත්වයට පත් වූ බව කියන දැරියන් සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණවල වාර්තා සහ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ෴

***************************************

(15.01.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ නගරයේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව ඇතුලුවූ පුද්ගලයන් දෙදෙනෙකු (2) එහි තිබූ මුදල් කොල්ලකා පළාගොස් තිබෙනවා.

අද (15) සවස 02:45 ට පමණ මෙම සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මුදල් කොල්ලකා පළාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කොල්ලකන ලද මුදල් ප්‍රමාණය මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගම්පහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

***************************************

(15.01.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට එලෙස වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 74 න් ජලාශ 29 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂක එස්.පී.සී.සුගීෂ්වර මහතා ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Ashamed of HNB. The bank claims that they are the greatest of all private banks in Sri Lanka. The incident is very clearly explained by the victim in this video.

    More to the point when the man (look like the husband of the victim) ask for a court order(CO), the police or the auctioneer didn’t have any answers even to read or show it to the camera. She said that the bank found two persons who cheated the bank by stealing the legitimate deposited money from her accounts and once they discover the thieves within their offices they didn’t pay back the money to the account holder. Yet, the bank had taken a rigid action to punish the customer using their internal rules and procedures for an unsettled mortgage payment.

    The customer had apparently informed the bank that once her settlement of lost money is recovered, then they will pay back the remaining Rs 10 mil and settle the loan.

    This is very clear evidence of an overriding authoritative action against a legitimate customer who trusts on a financial institute in Sri Lanka. In this particular case, CB had been in contacts as well yet HNB had done nothing to settle customer’s lost money from her accounts but take stern action is recovering the remaining unpaid loan that she entrusted to payback.
    HNB – if you were not trustworthy in settling her lost money, you shouldn’t expect to ask the customer to follow on her part. She didn’t hide but she claimed that I need my lost money then I will settle your dues.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *