‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල ඉතිහාසය සැඟවීමේ තැතක් හෙළිවෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල ඉතිහාසය සැඟවීමේ තැතක් හෙළිවෙයි (විඩියෝ)

• පාකිස්තානුවෝ තිදෙනක් මාතරදී කලබල කරති

• මාස දෙකකට (02) අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි

• කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (විඩියෝ)

• සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් – සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (විඩියෝ)

• මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (විඩියෝ)

• මෙරට කොරෝනා ආසාදනය වී මියගිය 10 වැන්නා කුවෙට් සිට පැමිණි පයාගල පදිංචි කාන්තාවක් (විඩියෝ)

• කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල ඉතිහාසය සැඟවීමේ තැතක් හෙළිවෙයි

(25.05.2020 – 14:23 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා අනාවරණය කළ මාවනැල්ල – දෙවනගල පුදබිම පූජා භූමියක් නොවන බවට ඒත්තු ගැන්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් මාධ්‍යවේදීන් හමුවේ අනාවරණය වී තිබෙනවා.

ඊයේ (24) දෙවනගල පුදබිම නිරීක්ෂණයට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට බාධා කරමින් එහි පැමිණි පිරිසක් පැවසුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද වැරදීමක් සිදුව ඇති බවයි.

‘හිරු සී.අයි.ඒ.’ හරහා රටට හෙළි කළ දෙවනගල විහාරය අවට සිදුවන ඉඩම් කොල්ලය පිළිබඳ සොයා බැලීමට මෙම මාධ්‍යවේදීන් කණ්ඩායම දෙවනගල පුදබිමට පැමිණියා.

***************************************

From Sri Lanka Telecom :
.
Dear Customers,
.
Please be informed that there are some internal system issues detected at SLT which is purely internal and not impacting to the SLT services offered to our valuable customers .
.
Therefore SLT services you enjoy such as voice, broadband, PeoTv Data center, hosting services Data services eg. VPN services have no effect with this. We also ensure that the necessary measures are in place to continue the customer services . Hence customers can avail them continuously. There may be some access limitations until internal systems problems are fully attended by our system experts. We are in the process of bringing the SLT internal operations back to normalcy as soon as possible. Until such time thank you for bearing with us for any inconveniences
.
SLT

***************************************

පාකිස්තානුවෝ තිදෙනක් මාතරදී කලබල කරති

(25.05.2020 – 16:44 +0530 – lankadeepa.lk)

ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබු අද (25)සවස මාතර වෙරල පාරට හදීසියේ පැමිණී පාකිස්තානූ ජාතිකයින් පිරිසක් පරික්ෂා කිරීමට යාමේ දී ඔවුන් ඊට විරෝධය පල කරමින් පොලීසිය සමග උණුසුම් තත්වයක් ඇති කර ගත්තේය.

රතු පැහති අංක තහඩු සහිතව මෝටර් රථයකින් පැමිණී ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කර ගැනීමට පොලීසිය පළමුව උත්සාහ කළ අතර ඊට එහි සිටි පාකිස්තානු ජාතිකයින් තිදෙනා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව අතිරේක පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට කැදවා තිබුණේය.

තමන් පාකිස්තානු තානාපති කාර්යාලයේ පිරිසක් බවට රාජ්‍ය තාන්ත්‍රික සබදතා මත පැමිණී බවට ද ඔවුන් ප්‍රකාශ කර සිටියේය.

දැඩි ලෙස කලබලකාරීව හැසිරුණු ඔවුන් සිය මෝටර් රථය පිටුපසට ගැනීමේ දී රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක ද හැපී බිම පෙරලී තිබුණි.

එම සිද්ධියෙන් පොලිස් යතුරුපැදියට හානි සිදු නොවු බව එහි සිටි පොලිස් නිලධාරියෙකු පැවසීය.

ඉන් අනතුරුව පාකිස්තානු ජාතීකයින් පිරිස පොලීසිය ඉදිරියේ සිගරට් දල්වා පානය කර තිබුණේය.

ඒ සමගම මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග හා රථ වාහන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් යන මහත්වරු පැමිණ පාකිස්තානු ජාතිකයින් සමග ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහ කලේය.

පසුව වෙනත් මෝටර් රථයකින් පැමිණී පුද්ගලයෙකු අදාල පාකිස්තානු ජාතිකයින් තිදෙනාගේ අනන්‍යතාවය හා වලංගු රියදුරු හැදුනුම්පත ඉදිරිපත් කර ඔවුන් එම ස්ථානයෙන් කැඳවා ගෙන ගියේය.

මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද අදාල පාකිස්තානු ජාතිකයින් වීඩියෝ නොකරන ලෙසට බලපෑම් කර තිබුණි.

කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය මට්ටමින් පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවට අදාල පාකිස්තානු ජාතිකයින් දැනුම් දී තිබුණේය.

මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීය ෴

***************************************

මාස දෙකකට (02) අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි

(26.05.2020 – 05:43 +0530 – hirunews.lk/sinhala)

මාස දෙකකට (02) අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (26) අලුයම 05:00 සිට තවකාලීකව ලිහිල් කෙරුනා.

ඒ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට ද බලපාන පරිදි දින දෙකක් පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද (26) අලුයම ඉවත් කිරීමත් සමඟින්.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10:00 සිට අලුයම 04:00 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස්

(25.05.2020 – 22:15 +0530 – hirunews.lk/sinhala)

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද (25) මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගුවීමත් සමඟ දුෂ්කරතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා වහාම නවාතැන් පහසුකම් සපයන ලෙස එරට වැඩබලන තානාපතිවරයාට උපදෙස් දුන් බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා නිවේදනය කරනවා.

අන්තර්වාර පියවරක් ලෙස මෙම පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කල වාර්තාවක දැක්වුණා.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසක් කටාර් හි රැකියාවල නිරත ව සිටින අතර ඒ අතුරින් වැඩිම පිරිසක් කම්කරු සහ ගෘහ සේවයේ නිරත වූවන්.

කෙසේ වෙතත් විදෙස් රටවලින් මෙරටට ගෙන්වා ගත් පුද්ගලයින්ගෙන් සැලකිය යුතු පිරිසක් පසුගිය දින කිහිපය තුල කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වුණා.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් – සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා

(25.05.2020 – 21:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත් ඔවුන් තමන්ට සහල් අලෙවි කරන්නේ කොන්දේසි මත බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර ව්‍යාපාරික සංගමය පවසනවා.

එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේ මහා පරිමාණ සහල් මෝල් හිමියෙකු පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

+++++++++++++++++++++++++++++++++++

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස්

(25.05.2020 – 21:42 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියා කලාපය හා මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදනය වී මියගිය 10 වැන්නා කුවෙට් සිට පැමිණි පයාගල පදිංචි කාන්තාවක්

(25.05.2020 – 20:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට 10 වන කොවිඩ් 19 මරණය ලෙස වාර්තා වුණේ කුවෙට් සිට මෙරටට පැමිණීමෙන් පසු ත්‍රිකුණාමලය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි කාන්තාවක්.

51 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන ඇය පසුගිය 20 වනදා මෙරට පැමිණ තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථානයේ දී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ඇයට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු කර ගැණුනේ එහිදී සිදුකල පී.සී.ආර්. පරීක්ෂණයේදීයි.

ඇගේ දේහය මේවන විට ත්‍රිකුණාමලය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති ජාත්‍යන්තර නිරෝධායන නීති වලට අනුව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

+++++++++++++++++++++

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර

(26.05.2020 – 22:52 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු ත්‍රිකුනාමලය පොදු ආදාහනාගාරයේ දී ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුව ඊයේ (25) රාත්‍රියේ සිදු කෙරුණා.

අප වාර්තාකරු පැවසුවේ අදාළ අවසන් කටයුතු සදහා සහභාගි වීමට ගිය පයාගල, ගොරකදෙනිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අදාළ කාන්තාවගේ ඥාතීන් 09 දෙනෙකු සහ විහාරස්ථානයක හිමිනමක් පයාගල, ගොරකදෙනිය ප්‍රදේශයේ පිහිටි එම විහාරස්ථානය තුළම නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • These muslims are here enjoying the courtsey and hospitality of Sinhala people over several centuries. Now they have become encroachers of historic archaeological and temple conferred lands. This kind of daylight robbery must be stopped immediately, and I hope that the President will take the right actions to restorer status quo.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *