මිහින්තලේ පොසොන් උත්සවයේ රාජ්‍ය අනුග්‍රහ මුදල ප්‍රමාණවත් නැහැ : මිහින්තලා රජමහා විහාරාධිපති

මිහින්තලේ පොසොන් උත්සවයේ රාජ්‍ය අනුග්‍රහ මුදල ප්‍රමාණවත් නැහැ : මිහින්තලා රජමහා විහාරාධිපති


මිහින්තලේ පොසොන් උත්සවයේ රාජ්‍ය අනුග්‍රහ මුදල ප්‍රමාණවත් නැහැ : මිහින්තලා රජමහා විහාරාධිපති

(03.06.2026 – hirunews.lk)

මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලෙස ලැබී ඇති රුපියල් ලක්ෂ පනහක (50,00,000) මුදල ප්‍රමාණවත් නොවන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ඓතිහාසික මිහින්තලා පුද බිමේදී පැවති පොසොන් කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක හිමියන් පැවසුවේ, පවතින ඉන්ධන මිල ඉහළ යාම හා ආර්ථික තත්ත්වය හේතුවෙන් එම රාජ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් නොවන බවයි.

මෙවර පොසොන් සතිය ජුනි 26 සිට ජුලි 02 දක්වා මිහින්තලේ පුදබිමේදී පැවැත්වෙන්නේ ‘අනුබුදු ගුණ බෙලෙන් යුද ගිනි නිවේවා’ යන තේමාවෙන්.

ඒ පිලිබඳ ව විශේෂ සාකච්ඡාවක් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්ද එක්ව සිටියා.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටු රැස්වීම පැවැත්වුණේ අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ සහභාගීත්වයෙන්.

+++

+


භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට මුදල් අමාත්‍යාංශය බහුවිධ උපක්‍රම දියත් කරලා – ‍ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

(03.06.2026 – hirunews.lk)

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය හෙවත් ඩොලර් 2,509,430 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය ලැජ්ජා සහගත උත්සාහයක නිරතව ඇතැයි ‍’ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය පවසනවා.

මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත ලබාදිය යුතු වාර්තා එහි සාමාජිකයින්ගෙන් සැඟවීමට කටයුතු කර ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

භාණ්ඩාගාර කොල්ලය පිලිබඳ වාර්තාව ‘Bed time reading’ (නින්දට යන වේලාවේ කියවීම) සඟරාවක් නොව ජනරජයේ ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට පවරා ඇති රාජ්‍ය මුල්‍ය පිළිබඳ වගකීමක් බවත් එබැවින් එය වහා පාර්ලිමේන්තුව වෙත ලබාදිය යුතු බවයි ‘‍ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කරන්නේ.

ලංකා ඉතිහාසයේ මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය වන ඩො.මි. 2.5 ක මුදල තුන්වන (3) පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ (FINAL BUDGET POSITION REPORT – ANNUAL REPORT 2025) කිසිදු සඳහනක් නොවන අතර මුදල් අමාත්‍යාංශයට අදාලව 2025 වසරේ සිදු වූ වඩාත් අවධානය යොමු වූ සිද්ධිය පිළිබඳ අවම වශයෙන් පාද සටහනක් (ෆුට් නෝට්) හෝ මුදල් අමාත්‍යාංශය සිය වාර්ෂික වාර්තාවට ඇතුලත් කර නැති බවත් එම ලිපියෙහි සඳහන්.

මුදල් අමාත්‍යාංශයට, මහ බැංකුවට පමණක් නොව රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ කළ භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට – මඟහැරීමට මුදල් අමාත්‍යාංශ්‍ය බහුවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවත් එම සංවිධායන පවසනවා.

එම ලිපියෙහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා :

“මහා භාණ්ඩාගාරයේ වාර්ෂික මුල්‍ය වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කරන ජාතික විගණන කාර්යාලය (පි. 11) Non disclosures in the Financial Statements යටතේ දක්වන්නේ, 2025 වසරේ දී ඇමරිකානු ඩොලර් 1,091,419 ක් හෙවත් රු.මි. 333 ක් ද, 2026 ජනවාරි මස ඩොලර් 1,418,011 ක් ද ණයකරුවන් නොවන තුන්වන පාර්ශවයකට (භාණ්ඩාර මංකොල්ලකරුවන්ට) ගෙවා ඇති බවයි. ඒ අනුව, ‘ෆ්‍රී ලෝයර්ස්’ අනාවරණය කළ පරිදිම ඩොලර් 2,509,430 ක් මංකොල්ලකරුවන් අතට පත්ව ඇත. භාණ්ඩාගාර මංකොල්ල සිදු වූ දින සිට අද දක්වාම මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව මඟහරිමින් සිටී. මුදල් අමාත්‍යා ලේකම්වරයා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා නොමඟයවන සුළු ප්‍රකාශ සිදු කිරීමෙන් පසුව සැඟවී ඇත. මෙම මංකොල්ලයට අවශ්‍ය ලේඛන සකස් කර, මෙහි පළමු ගෙවීම සිදු කර එම ලිපිගොනු භාණ්ඩාගාරයට ලබාදුන් ශ්‍රී ලංකා මහ බැංකුව ‘අපට ලබාදෙන බැංකු ගිණුමකට මුදල් යැවීම’ හැර වෙනත් වගකීමක් අප‍ට නොමැති බව පවසමින් අතසෝදා ගෙන ඇත. රජයේ කිසිදු පාර්ශවයක් භාණ්ඩාගාර මංකොල්ලයේ වගකීම බාර නොගන්නා අතරම, එය ඉතිහාසයෙන් මකා දැමීමට සියළු උත්සාහයන් දරමින් ඇත. මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සභාපතීත්වය දරන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව භාණ්ඩාගාර මංකොල්ලය පිළිබඳ ලේඛන ලබාදීම සඳහා ප්‍රශ්නකාරී ලෙස මාසයක කාලයක් ලබාදුන්නේය. එමගින් ප්‍රශ්නය මාසයකට වඩා යට ගැසීමට ආණ්ඩුවටත්, ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා මහ බැංකුවටත් හැකි විය. නියමිත කාලය අවසන්වීමෙන් පසුව පවා, මුදල් අමාත්‍යාංශය අදාළ වර්තාව මුදල් කාරක සභාවේ සමාජිකයින්ගෙන් සැඟවීමට තවමත් උත්සහ දරයි. භාණ්ඩාගාර කොල්ලය පිලිබඳ වාර්තාව ‘Bed time reading’ (නින්දට යන වේලාවේ කියවීම) සඟරාවක් නොව ජනරජයේ ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට පවරා ඇති රාජ්‍ය මුල්‍ය පිළිබඳ වගකීම කි” ෴

+++

+


ඇඹිලිපිටිය ඇඟලුම් කම්හලේ ඇතිවූ ගින්නේ දුම් ආඝ්‍රාණය වී 19 ක් රෝහලට

(03.06.2026 – hirunews.lk)

ඇඹිලිපිටිය නගරය ආසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (03) උදෑසන ඇතිවූ ගින්නේ දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අද (03) උදෑසන 7 ට පමණ ඇඹිලිපිටිය නගරයේ ආසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළින් දුමාරයක් පිටවන බවට ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

එහිදී අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව හඳුනාගැනීමත් සමග එහි සිටි සේවක පිරිස් කඩිනමින් මුදා ගැනීමට කටයුතු කළා.

ඇඹිලිපිටිය නගර සභාවේ ගිනි නිවීමේ රථයක්, සෙවනගල සීනී කර්මාන්ත ශාලාවේ සහ ඇඹිලිපිටිය යුධ හමුදා කඳවුරේ ජල බවුසර් යොදා ගත් බවද පොලිසිය සඳහන් කර තිබෙනවා.

මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්නට හේතුව සොයා ඉදිරි පරික්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

+++

+++

+


ෆේස්බුක් එකේ රැකියා පෙන්වා කතකගේ රුපියල් ලක්ෂ 09 කට ආසන්න මුදලක් වංචා කළ දෙදෙනා (2) රිමාන්ඩ් – එකෙක් ගුවන් හමුදා නිලධාරියෙක්

(02.06.2026 – hirunews.lk)

අන්තර්ජාලය ඔස්සේ නිවෙසේ සිට රැකියා අවස්ථා ලබා දෙන බවට මුහුණු පොතේ දැන්වීම් පළ කර කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 09කට ආසන්න මුදලක් වංචා කළ ගුවන් හමුදා නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන දෙදෙනෙක් (2).

ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වංචාවට හසු වූ කාන්තාව අන්තර්ජාලය ඔස්සේ ඔහු සමග සම්බන්ධ වී තිබෙනවා.

නිවෙසේ සිට රැකියාව කිරීම සඳහා ඇයට ලබාදුන් ගිණුම් අංකයකට මෙම මුදල් බැර කර ඇති බවයි පවසා ඇත්තේ.

නමුත් මාස ගණනක් ගත වුවද පොරොන්දු වූ රැකියා අවස්ථාව නොලැබීම නිසා ඇය පොලීසියට පැමිණිලි කර ඇති අතර, එහිදී සිදුකළ බැංකු ගිණුම් පරීක්ෂාවකදී වංචාවේ සුලමුල හෙළි වී තිබුණා.

ප්‍රධාන සැකකරු විසින් ලබාගත් මුදලින් රු. ලක්ෂ දෙකකට (2) ආසන්න මුදලක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කරන නිලධාරියෙකුගේ ගිණුමකට බැර කර තිබූ අතර, ඒ අනුව එම ගුවන් හමුදා නිලධාරියා ද පොලිස් අත්අඩංගුවට පත් වුණා.

මොවුන් දෙදෙනා (2) එකතු වී කාලයක සිට විවිධ ප්‍රදේශවල කාන්තාවන් මුලා කරමින් මෙලෙස මහා පරිමාණයෙන් මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ පිළිබඳව පොලීසිය තවදුරටත් පුළුල් විමර්ශන පවත්වනවා ෴


දිල්ලියේ ගින්නකින් 21 ක් මරුට – 40 කට වැඩි පිරිසකට තුවාල

(03.06.2026 – 14:00 +0530 – sinhala.adaderana.lk)

දිල්ලියේ මල්වියා නගර් ප්‍රදේශයේ පිහිටි හෝටලයක හටගත් දරුණු ගින්නකින් විදේශීය ජාතිකයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මහල් පහකින් (5) යුත් මෙම ගොඩනැගිල්ලේ පහළ මාලයේ පිහිටා තිබූ හෝටලයේ ආපනශාලාව තුළ අද (03) උදෑසන 08:50 ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

පසුව මෙම ගින්න ඒ අසල පිහිටි තවත් හෝටලයකට ද පැතිර ගොස් තිබේ.

ගිනි නිවන රථ සහ අනෙකුත් සහන සේවා ඒකක වහාම එම ස්ථානයට පිටත් කර හැරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඇතැම් පුද්ගලයන් තම ජීවිත බේරා ගැනීම සඳහා ගිනිගන්නා ගොඩනැගිල්ලෙන් පහළට පනින අයුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ වීඩියෝ දර්ශනවලින් දැකගත හැකි වේ.

ඔවුන් බිමට වැටීමේදී සිදුවන අනතුරු අවම කිරීම සඳහා ප්‍රදේශවාසීන් විසින් බිම මත මෙට්ට එලා තිබු බවද විදෙස් මාධ්‍ය පවසයි.

පටු වීදියක පිහිටි මෙම හෝටලය කාමර 25 කින් පමණ සමන්විත ව බව සඳහන් වේ.

එහි වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිල්ලි නුවරට පැමිණි විදේශිකයන් ඇතුළු අමුත්තන් 40 කට වැඩි පිරිසක් ලැගුම් ගෙන සිටි බව වාර්තා වේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිල්ලි වෙත පැමිණෙන විදේශිකයන් බහුතරයක් මෙවැනි හෝටල් හෝ නේවාසික ස්ථානවල රැඳී සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ගින්න හටගන්නා අවස්ථාවේදී හෝටලයේ සිටි බහුතරයක් නිදාගෙන සිටි බව පැවසේ ෴


දෙනෙක්ට හැදුණොත් එක්කෙනක් මැරෙනවා – ඉබෝලා ගැන ජනතාවට විශේෂ නිවේදනයක් (03.06.2026)

+

ඉදිරි සතිය ඉතාමත් තීරණාත්මකයි – ‘මොළේ උණ’ ගැන විශේෂ අනාවරණයක් (03.06.2026)

+


සංජීව එදිරිමාන්න වහාම මාධ්‍ය කැඳවයි – ආණ්ඩුව ආර්ථිකේ ගැන කියන්නේ තඩි පචයක් (03.06.2026)

+


මෙරට දරුවන් 5 න් එකකට මන්දපෝෂණය – සෞඛ්‍ය ලේකම් (03.06.2026)

+


අයිස් ක්‍රීම් පුරවලා මුස්ලිම් ළමයි දුන්න – කොමඩු ජූස් දන්සල මරු නේද ? (03.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *