හොරණ – බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 ක් අතුරුදන්
හොරණ – බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 ක් අතුරුදන්
(03.06.2026 – 19:25 +0530 – sinhala.adaderana.lk)
හොරණ – බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ අද (03) පස්වරුවේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 44 දෙනෙකු මුදාගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ තවත් 07 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබන බවය.
කෙසේ නමුත් තවත් පුද්ගලයින් 11 ක් අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසීය.
+++
+++
+++
+++
+++
+++
ගිනි ගැනීමට ලක්වූ හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයෙන් 08 දෙනෙකුගේ සිරුරු දැනට සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා ෴
+++
ගින්නට හසුවූ වැඩිහිටි නිවාසයේ 72 ක් රැඳී ඉදලා
(03.06.2026 – 21:55 +0530 – sinhala.adaderana.lk)
හොරණ, ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි සත්කාරක නිවාසයක අද (03) පස්වරුවේ හටගත් හදිසි ගින්න පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා රස පරීක්ෂක වාර්තාව හෙට (04) උදෑසන ලබාගැනීමට නියමිතය.
ගින්න ඇතිවන අවස්ථාව වනවිට 72 දෙනෙකු රැඳී සිට ඇති බවට තොරතුරු වාර්තාවන අතර, ඉන් 44 දෙනෙකු කිසිදු අනතුරකින් තොරව මුදාගැනීමට පොලිසිය සහ සහන කණ්ඩායම් සමත්විය.
ගින්න පිළිබඳ තොරතුරු සැලවීමත් සමග වහා ක්‍රියාත්මක වූ සහන සේවා සහ ප්‍රදේශවාසීන්, දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කළේය.
කෙසේ නමුත් ගින්න හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 8 දෙනෙකු කඩිනමින් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත.
පොලිසිය සඳහන් කරන සිටියේ එම පරිශ්‍රයේ සිටි පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව තිබූ බවත්, සොයාගැනීම් අතරතුර ඉන් කිහිපදෙනෙකුගේ සිරුරු සොයාගැනීමට හැකිවූ බවත්ය.
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හොරණ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර මෙම වැඩිහිටි සත්කාරක නිවාසයේ රැඳී සිටි 51 ක් මේ වනවිට බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටී ෴
+++
ගින්නෙන් 11 ක් මියයද්දී ලොකු අයියා මුහුණු පොතට එක්කල සංවේදී වීඩියෝව (03.06.2026)
+++
+++
+++
+
හොරණ මහජන බැංකුවෙන් රු. කෝටි තුනහමාරක් (3½) පැහැර ගන්නේ ආරක්ෂකයා පොතේ අත්සන් කරන අතරේ – මුදල් මලු දෙක (2) පැහැරගත්තේ ඒසී යන්ත්‍රය පිටුපස සැඟවී සිටි අයෙක්
(03.06.2026 – hirunews.lk)
හොරණ නගරයේ පිහිටි මහජන බැංකුවෙන් රුපියල් කෝටි තුනහමාරක (3½) මුදලක් කොල්ලකා පලාගිය පුද්ගලයා සෙවීම සඳහා හොරණ මූලස්ථාන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අද (03) දහවල් 02:55 ට පමණ මෙම සොරකම සිදුව තිබුණා.

පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම මුදල් තොගය සූදානම් කර තිබී ඇත්තේ මිල්ලනිය, මොරගහේන සහ පොකුණුවිට ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි අනුශාඛා බැංකුවල ඒ.ටී.එම්. (ATM) යන්ත්‍ර වෙත රැගෙන යාම සඳහායි.
ඒ අනුව මහජන බැංකුවේ සහකාර කළමනාකාරවරයා විසින් මුදල් අසුරන ලද මලු දෙකක් (2) ද රැගෙන බැංකුවේ පිටුපස දොරටුවෙන් පිටතට පැමිණ ඇත්තේ එහි නතර කර තිබූ මෝටර් රථයට එම මුදල් පැටවීම සඳහායි.
සහකාර කළමනාකාරවරයා මෙලෙස රු. කෝටි ගණනක මුදල් මලුත් සමඟ බැංකුවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ, ඔහුට ආරක්ෂාව සැපයිය යුතු ආරක්ෂක නිලධාරියා ඔහු සමඟ ගොස් නොමැති බව හෙළි වී තිබේ.
එම අවස්ථාවේ ආරක්ෂක නිලධාරියා බැංකුව ඇතුළත පිහිටි පොතක අත්සන් කරමින් සිට ඇති බවට විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පවසනවා.
එම අවස්ථාවේදී බැංකුව පිටුපස සවිකර තිබූ වායුසමීකරණ (A/C) යන්ත්‍රය අසල සැඟවී සිටි නාඳුනන පුද්ගලයෙක්, සහකාර කළමනාකරු මෝටර් රථය අසලට ළඟාවෙත්ම එකවරම කඩා පැන රු. ලක්ෂ 350 ක් අඩංගු මුදල් මලු දෙකම (2) පැහැරගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇති බවට හෙළිව තිබෙනවා.
සිද්ධිය සැලවීමත් සමඟ පානදුර කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා සහ හොරණ සහකාර පොලිස් අධිකාරි ඊ.ඒ. ඒකනායක යන නිලධාරීන්ගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබුණා.
මේ වන විට හොරණ මූලස්ථාන පොලිසියට අමතරව මිල්ලනිය සහ අගුරුවාතොට යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් බැංකුවේ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන ඔස්සේ පලාගිය සැකකරු හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වනවා.
මෙම සිද්ධිය වූ මහජන බැංකුවේ හැර ඊට ආසන්නයේ සී සී ටී වී කැමරා පද්ධති සවි කර නොමැති බවට මේ වන විට හෙළිව ඇතැයි ද අප වාර්තාකරුවන් සඳහන් කරනවා.
+
Speed Draft වාහන ගත් අය අමාරුවේ.. රු. ලක්‍ෂ ගණන් ආපසු ගෙවන්න වෙයි…
(03.06.2026 – lankacnews.com)
Speed Draft ක්‍රමය යටතේ වාහන ලබාගත් පුද්ගලයන් හට වත්මන් රජයේ අත්තනෝමතික තීරණ හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බවත්, ඔවුන්ගේ වාහන හිමිකාරිත්වය හීනයක් බවට පත්වෙමින් පවතින බවත් සර්වජන බලය වෙන්නප්පුව ආසන සංවිධායක අචිනි සුරියඅරච්චි මහත්මිය පවසයි.
ඇය මේ බව අවධාරණය කළේ පවතින වාහන ලීසින් අර්බුදය සහ ඒ සම්බන්ධයෙන් රජයේ වගකීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරියඅරච්චි මහත්මිය පෙන්වා දුන්නේ, වාහනයක් මිලදී ගැනීමේදී පැවති ණය පහසුකම් සීමාවන් රජය විසින් දැඩි ලෙස සංශෝධනය කිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි. උදාහරණයක් ලෙස රුපියල් ලක්ෂ 85 ක් පමණ වටිනා වාහනයක් ‘ස්පීඩ් ඩ්‍රාෆ්ට්’ ක්‍රමයට ලබාගත් පුද්ගලයෙකු, එම ණය පහසුකම නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට යාමේදී, වාහනයේ වටිනාකම තීරණය කිරීමේ නව සීමාවන් හේතුවෙන් රුපියල් ලක්ෂ 22 කට ආසන්න මුදලක් අතින් ගෙවීමට සිදුව ඇති බව ඇය අනාවරණය කළාය.
මෙම ලක්ෂ 22 ක මුදල ගෙවීමට නොහැකි වන වාහන හිමියන් සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛනයට ඇතුළත් වීමේ අවදානමකට මුහුණ දී සිටින බවද ඇය සඳහන් කළාය. එසේම, රුපියල් ලක්ෂ 85 ක වාහනයක් සඳහා මසකට රුපියල් ලක්ෂ එකහමාරකට (1½) ආසන්න පොලියක් ගෙවීමට සිදුව ඇති බවත්, මෙය සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි බරක් බවත් ඇය පෙන්වා දුන්නාය.
“මෙය සාමාන්‍ය ජනතාවගෙන් පත් වෙච්ච ආණ්ඩුවක් කියලා කිව්වට, ජනතාවට කිසිම සහනයක් සලසන ආණ්ඩුවක් නෙමෙයි” යනුවෙන් චෝදනා කළ සුරියඅරච්චි මහත්මිය, වත්මන් පාලකයන් බලයට පැමිණියේ ජනතාවගෙන් මුදල් එකතු කරමින් වුවද, අද වන විට ඔවුන් ජනතාව වෙනුවට වෙනත් බලවත් පාර්ශ්වයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රකාශ කළාය ෴
සා/පෙළ විභාග අයදුම්පත් කැඳවීමට පෙර ජාතික හැඳුනුම්පත සකස් කරගන්න – විභාග දෙපාර්තමේන්තුව
(03.06.2026 – hirunews.lk)
විභාග අයදුම්පත් කැඳවීමට පෙර ජාතික හැඳුනුම්පත සකස් කර ගන්නැයි සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්කරුවන්ට දැනුම් දෙනවා.
දෙසැම්බර් මාසයේ පැවැත්වෙන 2026 සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්කරුවන්ටයි විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම දැනුම් දීම සිදු කරන්නේ ෴
කුවේට්හි ගුවන්තොටුපොළට එල්ල වූ ඉරාන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුටත් (3) තුවාල
(03.06.2026 – 22:39 +0530 – sinhala.adaderana.lk)
කුවේට්හි ප්‍රධාන ගුවන් තොටුපළ වෙත අද (03) එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු (3) තුවාල ලබා තිබේ.
ඔවුන් තිදෙනාම (3) සුළු තුවාල ලබා ඇති අතර ප්‍රථිකාර සඳහා රෝහල්ගත කර ඇති බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා පැවසුවේය.

ඔවුන් සම්බන්ධයෙන් මේ වනවිට තත්ත්වය විමසා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම අවශ්‍ය කටයුතු සිදුකළ බව ඒ මහතා පැවසීය.
මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා (3) විදුලි සෝපාන අලුත්වැඩියා කාර්මික ශිල්පීන් ලෙස එහි සේවය කර ඇති බව වාර්තා වේ.
පවතින තත්ත්වය පිළිබඳ කුවේට් රාජ්‍ය ආයතන සිදුකරන මාර්ගෝපදේශ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස තානාපති කාර්යාලය කුවේට්හි සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි ෴
වව්නියාවේ ‘සිඟිති පාතාලයේ’ 07 ක් දැලේ : සැකකරුවන් පරිවාස භාරයට
(03.06.2026 – hirunews.lk)
‘වව්නියාව සිඟිති පාතාලය’ ලෙස හඳුන්වා ගනිමින් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට (2) අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ක්‍රියාත්මක වූ ඉරට්ටපෙරියකුලම් පොලිසිය, ඊට සම්බන්ධ සැකකාර සිසුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 14 සහ 17 වයස් කාණ්ඩවල පසුවන ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
මෙම අමානුෂික ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 15 ක් වන සිසුන් දෙදෙනා (2) බරපතල තුවාල ලබා මේ වන විට වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් පිරිස අද දින (03) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් අධිකරණය, සැකකාර සිසුන් ලබන ජූනි මස 10 දින දක්වා කැබතිගොල්ලෑව පරිවාස නිවාසයට යොමු කිරීමට නියෝග කළා.
ඉදිරි විමර්ශන ඉරට්ටපෙරියකුලම් පොලිසිය විසින් සිදු කරනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴