කොරෝනා රෝගීන් වාර්තාවන නාවික හමුදා පොකුර ගැන පරීක්ෂණ – විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන

(20.05.2020 – 14:04 +0530 – hirunews.lk/sinhala)

දැනට මෙරටින් වැඩි වශයෙන් කොරෝනා රෝගීන් වාර්තාවන නාවික හමුදා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප්‍රකාශ කළා.

ඊයේ (19) අවසන් වරට වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවට අනුව අලූතින් වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් හතරදෙනෙකු (04) හමුවී ඇති අතර, ඒ අනුව පසුගිය පැය 24 තුළ වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 35 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මොවුන් සියලුදෙනා නාවික හමුදා සාමාජිකයින්. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1027 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ‘හිරු ටී වී’ ඔස්සේ අද (20) උදෑසන විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ පසුගිය දින විස්ස තුළ බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නොමැති බවයි.

කොළඹ මැනිං පොදු වෙළඳපොලේ වෙළඳුන්, නාට්ටාමිවරුන් ඇතුලු අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට අදාළ සාම්පල ලබාගැනීම අද (20) පෙරවරුවේ සිට සිදු කෙරෙනවා.

ඒ, කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරීන් විසින්. එහිදී පුද්ගලයින් 100 දෙනෙකුගේ පමණ ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකරන බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ.

මේ අතර අවදානමක් නොමැති දිස්ත්‍රික්ක සහ පළාත් අතර මගී බස් රථ ධාවනය අද (20) ආරම්භ කෙරුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමෙන් මෙලෙස ගමන් කිරීමට හැකිවන්නේ අත්‍යාවශ්‍ය කාරණාවලට පමණයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල බස් රථ ප්‍රමාණවත් පරිදි ධාවනය එක් කර නොතිබූ බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

එසේම කළින් ආසන වෙන් කරගැනීමකින් තොරව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින්ට සිය රාජකාරි හැඳුනුම්පත පෙන්වා දුම්රියේ ගමන් කිරීමේ හැකියාව අද සිට ලබාදීමට දුම්රිය බලධාරීන් කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් මීට පෙර දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාගත් පුද්ගලයින් දුම්රියේ ගමන් කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

සිනමා හා ටෙලිනාට්‍ය වැඩ යළි අරඹන්න සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක්

(19.05.2020 – 21:38 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මේ වනවිට අකර්මන්‍ය වී ඇති සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්හි කටයුතු නැවත ඇරඹීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා විසින්.

එම කර්මාන්තයට අයත් පෙර නිෂ්පාදන, නිෂ්පාදන, රූගත කිරීම්, වේශ නිරූපණ, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සැපයීම ආදී එක් එක් ක්ෂේත්‍රයන්හිදී මෙන්ම පොදුවේ අනුගමනය කළයුතු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමෝපායන් මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇතුලත්.

එම නිවේදනය සහ මාර්ගෝපදේශ සංග්‍රහය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *