අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනයට කළ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු (02) මරුට 04 කට තුවාල

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනයට කළ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු (02) මරුට 04 කට තුවාල (විඩියෝ)

• පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 180 ක් අත්අඩංගුවට

• නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කේ.ඩී.යූ. කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සඳහා සූදානම්

• මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 77 දක්වා ඉහළට (විඩියෝ)

• කොරෝනා ආසාදිත දේවගැතිවරයෙකුගේ දේව මෙහෙයකට පැමිණි 150 ක් ගැන සැකයක් !

• ඔබ මෙතෙක් කල් නිවැරදිව දෑත් පිරිසිදු කළාද ? (විඩියෝ)

• නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස කසාය වර්ග කිහිපයක් (විඩියෝ)

• කොරෝනා වෛරසය නැමැති කළු වළාකුළෙන් මතුවූ රීදී රේඛාව (විඩියෝ)

• තරුණ පිරිසට කොරෝනා අවදානමෙන් මිදීම අසීරු බවට අනතුරු ඇඟවෙයි

• කොරෝනා මැඩළීමට හඳුන්වාදුන් ජපාන ඖෂධය ඵලදරයි

• COVID-19 වසංගතයෙන් ශ්‍රී ලංකාව මිදෙන ලකුණු පහළ වේ!

• ලංකාවේ කොරෝනා මර්දනයට ධම්මිකගෙන් කෝටි 7 ක්

+++++++++++++++++++++++++++++++++++

අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනයට කළ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු (02) මරුට 04 කට තුවාල

(21.03.2020 – 22:46 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර බන්ධනාගාරයේ තුළ ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ නොසන්සුන්තාව අතරතුර රැඳවියන් පලායාම සඳහා ගත් උත්සාහය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදුකරන ලද විරෝධතාවයක් පාලනය කිරීමට යාමේදී අද (21) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එය පාලනය කිරීම සඳහා අනුරාධපුර පොලිස් නිලධාරීන් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද කැඳවා තිබුණා.

ඇති වූ නොසන්සුන්තාව අතරතුර බන්ධනාගාර රැඳවියන් පලායාමට උත්සාහ කර ඇති බව පොලිසිය සඳහන් කළා.

එය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඉන් තුවාල ලැබූ රැඳවියන් 06 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.

ඒ අතරින් රැඳවියන් දෙදෙනෙකු (02) ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

පොලිසිය පැවසුවේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර කිසිදු රැඳවියෙක් පැන නොගොස් ඇති බවයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=KNqG6M2tm70#t=6

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 180 ක් අත්අඩංගුවට

(21.03.2020 – 22:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 180 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඳිරි නීතිය පැනවූ ඊයේ (20) පස්වරු 6 සිට අද (21) රාත්‍රී 9 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ අතරින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුනේ ගැවසීම සම්බන්ධයෙනුයි.

ඊට අමතරව ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක් රැස්වී මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලාවක් විවෘතව තබා ගැනීම, බීමත්ව මාර්ගයේ අශෝබන ලෙසට හැසිරීම සහ වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් ද සැකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් නීතිමය කටයුතු සිදුකරන බව ද පොලිසිය සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කේ.ඩී.යූ. කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සඳහා සූදානම්

(21.03.2020 – 22:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කරනු ලබන මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීම් කටයුතු සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලු පිරිසක් අද (21) එම රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

දැනට රෝහල ගිලන් ඇඳන් 500 කින් පමණ සමන්විත අතර, ඉන් 100 ක් කොවිඩ්-19 ආසාදිත සාමාන්‍ය රෝගීන් වෙනුවෙන් වෙන් කෙරෙනවා.

අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක්ද පිහිටුවීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ යුද හමුදාව විසින් මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු සිදුකරනවා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් තවත් රෝහල් කිහිපයක් වෙන් කෙරෙන බව මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ වේරහැර කේ.ඩී.යූ. රෝහල ඒ සඳහා ලබාගැනීමට සූදානම් බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ්-19 ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා ගුවන් හමුදාව විසින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

එම ඉදිකිරීම් කටයුතු අද (21) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ අධීක්ෂණයට ලක්වුණා.

මෙම රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා තවත් රෝහල් කිහිපයක් වෙන් කිරීමටද රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, හෝමාගම මූලික රෝහල, කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කෙරෙනු ඇති ෴

+++++++++++++++++++++

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 77 දක්වා ඉහළට

(21.03.2020 – 18:29 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ සැක සහිත රෝගීන් සිව්දෙනෙකුට (04) එම වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පස්වරුවේ තහවුරු කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව ඊයේ (20) දිනයේ කොවිඩ්-19 ආසාදිත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවද, අද (21) දිනයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් 16 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 06 ක් බැගින් සමස්ත සැකසහිත රෝගීන් 245 ක් වාර්තාවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කරනු ලබන මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීම් කටයුතු සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුලු පිරිසක් අද (21) එම රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

දැනට රෝහල ගිලන් ඇඳන් 500 කින් පමණ සමන්විත අතර, ඉන් 100 ක් කොවිඩ්-19 ආසාදිත සාමාන්‍ය රෝගීන් වෙනුවෙන් වෙන් කෙරෙනවා.

අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක්ද පිහිටුවීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ යුද හමුදාව විසින් මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු සිදුකරනවා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් තවත් රෝහල් කිහිපයක් වෙන් කෙරෙන බව මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කේ.ඩී.යූ. රෝහල ඒ සඳහා ලබාගැනීමට සූදානම් බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ්-19 ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා ගුවන් හමුදාව විසින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

එම ඉදිකිරීම් කටයුතු අද (21) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්ෂණයට ලක්වුණා.

මෙම රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා තවත් රෝහල් කිහිපයක් වෙන් කිරීමටද රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, හෝමාගම මූලික රෝහල, කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කෙරෙනු ඇති.

මේ අතර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ කොවිඩ්-19 ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී රෝගය ආසාදනය වූ පුද්ගලයින් වාර්තාවීම මේ වනවිට සැළකිය යුතු ලෙස අඩුවී ඇති බවයි.

මේ අතර පසුගිය 11 වනදා ඉතාලියේ සිට පැමිණි 37 හැවිරිදි පුද්ගලයෙකු සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත මාරවිල පිහිටි තම නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී ඊයේ (20) හදිසියේ කොවිඩ්-19 රෝග ලක්ෂණ මතුවී තිබෙනවා.

ඒ අනුව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත ඔහු මාරවිල රෝහලෙන් කුරුණෑගල රෝහල වෙත පිටත්කර යැවූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

එසේම දියතලාව ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගියෙකු වාර්තාවී ඇති අතර, එම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය මිලින්ද පෙරේරා මහතා සඳහන් කළේ පසුගිය 18 වනදා පෙරවරුවේ අදාළ රෝගියා දියතලාව මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

එසේම හබරණ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සේවය කරමින් සිටි තරුණයෙකු කන්තලේ වාන් ඇල ප්‍රදේශයේ තම නිවසට පැමිණ සිටියදී කොවිඩ්-19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් කන්තලේ රෝහලට ගොස් පරීක්ෂා කරගෙන තිබෙනවා.

එම රෝහලේ වෛද්‍ය අධිකාරී ඩී.ජී.එම්. කොස්තා මහතා ප්‍රකාශ කළේ පසුව ඔහු මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවයි.

බේරුවල – පිංහේන – මොරොස්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ බිරිඳ සහ දරුවා ස්වයං නිරෝධායනකට ලක් කර තිබෙනවා.

විදෙස් සංචාරකයන්ගේ මාර්ගෝපදේශකයෙකුගේ රියදුරෙකු ලෙස කටයුතු කරන මොහු පසුගිය 15 වන දා සංචාරයක් නිම කර නිවසට පැමිණීමෙන් පසු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, යාපනය, ෆිලඩෙල්ෆියා දෙව් මැදුරේ පසුගිය 15 වන දා පැවති දේව මෙහෙයට සහභාගි වූ පිරිසට වහාම සෞඛ්‍ය බලධාරීන් අමතන ලෙස බලධාරීන් දැනුම් දෙනවා.

උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම දේව මෙහෙය පැවැත්වූ ස්විට්සර්ලන්ත දේවගැතිවරයාට, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක මතුවීම ඊට හේතුව බවයි.

එසේම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීශ්වරන් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එම දේව මෙහෙයට සහභාගි වූ දෙදෙනෙකු වෛරසය ආසාදනය වූ බවට සැකකර රෝහල් ගත කර ඇති බවයි.

එමෙන්ම, ඊට සහභාගි වූ අනෙකුත් බැතිමතුන්ට 021 221 7278 යන දුරකථන අංකයට අමතන ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ අද (21) විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.

+++++++++++++++++++++

කොරෝනා ආසාදිත දේවගැතිවරයෙකුගේ දේව මෙහෙයකට පැමිණි 150 ක් ගැන සැකයක් !

(21.03.2020 – 19:33 +0530 – lankaleadnews.com)

පසුගිය 14 සහ 15 යන දිනවල ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණි දේවගැතිවරයෙකු විසින් යාපනයේ පල්ලියකදී පවත්වන ලද දේව මෙහෙයක් නිසා 150 කට අධික පිරිසක් COVID-19 වෛරසයට නිරාවරණය වන්නට හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාර චාල්ස් මහත්මිය ප්‍රකාශ කර සිටියි.

එම දේවගැතිවරයාට මේවනවිට වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ. එසේම පල්ලියේ දේව මෙහෙය පැවැත්වීමට පෙර එම දේවගැතිවරයා මෙන්ම ඔහු සමඟ උත්සවයට සහභාගී වී සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකුටද (03) වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සමඟ කතා කළ මාධ්‍යවේදියෙකු අප වෙත මෙසේ පැවසිය :

“මම චාල්ස් ආණ්ඩුකාරවරිය සමඟ කතා කළා. ඇය මෙසේ පැවසුවා. දේවගැතිවරයා ඉරිදා දින සේවය සදහා පැමිණීමට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවූ නමුත් එය නොතකා පල්ලියට පැමිණ සිටියා. ඉන්පසුව එම පල්ලියේ දේවගැතිවරයා හරහා එදින සේවයට පැමිණි සියලු පුද්ගලයින්ගේ නම් ලැයිස්තු ලබා දෙන ලෙස ඔහුට බල කළා.

පෙනෙන විදිහට දේවගැතිවරුන් සමඟ සිටි තිදෙනෙක් (03) වෛරසය ආසාධනය වී ඇතැයි සැක කරන අතර පරීක්ෂණ වලින් එය තහවුරු කරන තෙක් ඇය බලා සිටිනවා. පල්ලියට පැමිණි පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ සිසිටිවී (CCTV) දර්ශන වහාම ඉදිරිපත් කරන ලෙස ඇය නියෝග කර තිබුණා.

එසේම පොලිසිය එම පල්ලියේ දේවගැතිවරයාගේ නිවසට ගොස් පල්ලියේ සියලු සාමාජිකයින් කැඳවන මෙන් ඉල්ලා ඇත්තේ ඔවුන් නිරෝධායනය ක්‍රියාවලියකට යොමු කිරීම උදෙසාය.

මෙම පුවත සැලවීමත් සමගම ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත්, ප්‍රධාන වශයෙන් උතුරේ රෝහල්වල නිසි පරිදි කාර්ය මණ්ඩල නැති නිසා මෙමගින් විශාල ගැටලුවක් පැනනගින නමුත් එය පාලනය කිරීමට ඇය උපරිම උත්සාහයක් ගන්නා බවට ආණ්ඩුකාරවරිය පැවසුවා.

එදින පල්ලියට පැමිණි බොහෝ පුද්ගලයින් සමග කිට්ටු වෙමින් ඔවුන් වැලඳගෙන ඇති අතර ඔවුන්ට පවසා ඇත්තේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඔබ මෙතෙක් කල් නිවැරදිව දෑත් පිරිසිදු කළාද ?

(21.03.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා වෛරසය පාලනයට හොඳම මඟ බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. එසේ නම් ඔබ මෙතෙක් කල් නිවැරදිව දෑත් පිරිසිදු කළාද ? මේ ඒ පිළිබඳ අප කළ සොයා බැලීමක්.

කොරොනා වෛරසය පැතිරයාම වැළැක්වීමේ මූලිකම සහ ප්‍රධානතම ක්‍රමවේදයන් ලෙසින් සෞඛ්‍ය අංශ හදුන්වා දෙන්නේ මුඛ ආවරණ පැළදීම සහ නිවැරදි දෑත් සේදීමයි.

ඔබ දන්නවා ද?

කොරෝනා වෛරසයේ මේදය සංඝටකයක් පවතින නිසා සැඩ ජල පහරකින් හෝ උණුසුම් ජලයෙන් දෑත් සේදු පමණින් ඔබේ දෑත් වලින්ල රෝගකාරක විෂබීජ ඉවත් වන්නේ නැහැ.

ජලයට තෙල් බින්දුවක් දැමුවිට තෙල් ජලයේ පාවෙනවා. නමුත් සබන් යෙදූවිටල සබන් ජලය සමඟ ක්‍රියා කරනවා. එයට හේතුව සබන් තුළ දෙයාකාර අණු දෙකක් ඇති නිසායි. අණුවේ එක් කෙළවරක් ජලයට ආකාර්ෂණය වන අතර අනෙක් කෙළවර ආකර්ෂණය වන්නේ මේදවලටයි. එවිට සබන් අණු ජලය සමඟ ස්පර්ෂවන විට මෙම අණු දෙක මේදය ඉවතට ඇද දමනවා. එහි තෙල් කොටස වට කොට වතුරට විසිරුවා හරිනවා.

කොරෝනා වෛරසයද සබන් සමඟ ගැටුණු විට වෛරසයේ ඇති මේදය සබන් මගින් ඉවතට ඇද ගන්නවා.

එසේනම් ජලය සමඟත් තෙල් සමගත් ක්‍රියා කරන සබන් භාවිතා කර ජලයෙන් දෑත් සේදීම අපට අනුගමනය කළ හැකි ලාභදායී ආසාදන පාලනවලින් එකක් වන අතර එය වඩාත් ඵලදායී ද වනවා.

එසේම කොපමණ වේලාවක් සබන් යොදා දෑත් පිරිසිදු කර ගත යුතුද ?

සෞඛ්‍ය අංශවලට අනුව අවම වශයෙන් තත්ත්පර 20 ක්වත් සබන් යොදා දෑත් පිරිසිදු කරගත යුතුයි.

මෙලෙස සබන් යොදා නිවැරදි ආකාරයෙන් දෑත් පිරිසිදු කිරීම කොරොනා පමණක් නොව තවත් බෝවන රෝග රැසකින් ආරක්ෂාවීමට ඔබට ඇති ලාභම සහ පහසුම දෙයක්.

එසේනම් වෛරසයේ ඉරණම රැදී ඇත්තේ ඔබගේ දෑත්වලයි.

නිවැරදි ලෙසින් දෑත් සෝදා වෛරසය ඉවත් කරන්නේදැයි ඔබ ඔබගෙන්ම විමසා බලන්න.

+++++++++++++++++++++++++++++++++++

නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස කසාය වර්ග කිහිපයක්

(21.03.2020 – 20:28 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස ආර්යුර්වේද වෛද්‍ය ක්‍රම භාවිතයට ගනිමින් කසාය වර්ග කිහිපයක් සකසා ඇති බව ආර්යුර්වේද විද්වත් කමිටුව පවසනවා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය නැමැති කළු වළාකුළෙන් මතුවූ රීදී රේඛාව

(21.03.2020 – 20:22 +0530 – hirunews.lk/sinhala)

සෑම කළු වළාකුලකම රිදී රේඛාවක් පවතින කතාව අප අසා තිබෙනවා. කොරෝනා වෛරසය නැමැති කළු වළාකුළෙත් රීදී රේඛාවක් මතුව ඇති බව දැන් ලොවට පසක්වෙමින් පවතිනවා. ඒ රිදී රේඛාව පිළිබඳයි මේ සටහන.

කොරෝනා වෛරසය මේ වන විට මුළු ලෝකයම වගේ බිලි අරගෙන. වෛරසයෙන් බේරීමට ලොව පුරා රටවල බොහෝ නගර වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් ආර්ථික කඩාවැටීමක් සිදුවන බවට බොහෝ ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

කෙසේවුවත් කෙරෝනා වෛරසය පරිසරයට ඇති කර තිබෙන්නේ සුබදායී බලපෑමක්.

වෛරසය හේතුවෙන් වැඩිම ජීවිත හානියක් සිදුව තිබෙන්න් ඉතාලියේයි.

+++++++++++++++++++++++++++++++++++

තරුණ පිරිසට කොරෝනා අවදානමෙන් මිදීම අසීරු බවට අනතුරු ඇඟවෙයි

(21.03.2020 – 20:58 +0530 – sinhala.adaderana.lk)

යොවුන් වියේ පසුවන්නන්ට ද කොරෝනා වෛරසයේ අවදානමෙන් මිදීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

අවධානමට ලක්විය හැකියැයි වඩාත් සැකකරන පුද්ගලයින් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියි.

මේ අතර ඊයේ දිනය තුළ පමණත් ඉතාලියේ කොරෝනා මරණ 627 ක් වාර්තා වූයේ දිනක් තුළ වාර්තා වුණු ඉහළම කොරෝනා මරණ ගණන සටහන් කරමින්ය.

ලොව මුළු කොරෝනා මරණ සංඛ්‍යාවෙන් 35% ක් වාර්තාවන්නේ ඉතාලියෙන් වීමෙන් එරට කොතෙක් දුරට මෙම වෛරසයෙන් පීඩාවට පත්ව ඇත්ද යන්න වටහාගත හැකියි.

ඉතාලියේ මියගිය ආසාදිතයන් අතර වෛද්‍යවරුන් 17 දෙනෙකුද වෙයි.

එමෙන්ම එරට සෞඛ්‍යය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3,654 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී අවසන්ය.

නව කොරෝනා වෛරස ආසාදනයෙන් ඉතාලියේදී මිය යන රෝගීන් සංඛ්යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මළ සිරුරු ආදාහනාගාර වෙත රැගෙන යාමට අවශ්‍ය වාහන පහසුකම් සොයා ගත නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

ඒ හේතුවෙන් යුද හමුදා ට්‍රක් රථ ඊට යොදා ගෙන තිබුණි.

මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ රැගත් හමුදා හමුදා ට්‍රක් රථ මේ වනවිට වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති බර්ගමෝ නගර වැසියන්ට සුලබ අත්දැකීමක් බවට පත්ව අවසානයි.

ඉතාලි මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය අඛණ්ඩව මාස හයක් පැවතියහොත් මළසිරුරු මිහිදන් කිරීමට සිදුවනු ඇත්තේ සමූහ මිනී වළවල් තුළ බවයි.

පවතින තත්ත්වය හමුවේ ඉතාලි වැසියන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමේ පියවරක් ලෙස පසුගියදා රට පුරා ගුවන්විදුලි මධ්‍යස්ථාන එකම වේලාවකදී ජාතික ගීය විකාශනය කිරීම සිදු කළ අතර ජනතාවද ඊට සහාය පළ කළේය.

ඉතාලිය එවන් ඉරණමකට මුහුණ දී සිටියදී චීනයේ අඛණ්ඩව තුන් වන දිනටත් අලුතින් කොරෝනා ආසාදිතයන් හමු නොවීම විශේෂත්වයකි.

ඊයේ (20) දින පමණක් ආසාදිතයින් 561 දෙනකු එරට රෝහල්වලින් සුවය ලබා පිටව ගොස් තිබුණි.

ඒ අනුව චීනයේ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 71,740 කි.

කෙසේ වෙතත් චීනයෙන් තවත් කොරෝනා මරණ 7 ක් වාර්තා වී තිබුණි.

චිනයෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ ප්‍රමාණය ශීඝ්‍රෙයන් අඩුවෙමින් පවතියි.

මේ අතර විදේශයන්හි සිට පැමිණෙන සියලුම දෙනාට නිවෙස්වල ස්වයං නිරෝධායනය වීම අනිවාර්යය කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ අතර නෙදර්ලන්තයේ සෞඛ්‍ය විෂය භාර අමත්‍යවරයා කොරෝනා වෛරසය සම්බන්ධ පීඩනය හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී ඔහු සිහිසුන්ව ඇදවැටුණි.

මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,994 ක් වන අතර සිදුව ඇති මරණ ගණන 106 කි.

ග්‍රීසියෙන් ආසාදිතයින් 495 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ ගණන 10 කි.

එරට නව කොරෝනා වෛරස ආසාදිත මවක් සාර්ථක සිසේරියන් සැත්කමකින් බිළිදෙකුට උපත ලබා තිබේ.

කෙසේ වෙතත් දරුවාට වෛරසය ආසාදිත වී නොමැති බව සැත්කමට සහභාගී වූ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා : “දරුවා හඬනවා ඇහුණාම මව වගේම අපිත් ගොඩක් සතුටු වුණා. ඇය දරුවාව තමන්ට දෙන ලෙස ඉල්ලුවා. ඒත් දරුවා ඇයට පෙන්වන්න විතරයි අපිට පුළුවන් වුණේ.

දවස් 14 ක් යන තුරු ඇයට කිසිසේත්ම දරුවාව ඇල්ලීමට හැකියාවක් නැහැ. ඒ වගේම ඇය වෛරසයෙන් සුවය ලබා ඇති බව තහවුරු වීමත් අනිවාර්යයයි.”

තුන් වැනි වැඩිම කොරෝනා මරණ වාර්තා වන ඉරානයේ අලුත් අවුරුද්ද ඊයේ (20) දිනට යෙදී තිබුණි.

පවතින තත්වය මත නිවෙස් වලින් බැහැරව නොයන ලෙස එරට රජය උපදෙස් ලබා දී තිබුණත් මිලියන 1.2 ක පමණ ජනතාවක් ඊට අවනත වී තිබුණේ නොමැත.

මේ අතර එක්සත් රාජධානියේ පවතින තත්ත්වය හමුවේ එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

අගමැති බොරිස් ජොන්සන්ගේ නිවේදනයකට අනුව ඊයේ (20) දිනයේ සිට එක්සත් රාජධානියේ තැබෑරුම්, අවන්හල්, නාට්‍ය ශාලා , සිනමා ශාලා සහ ශාරීරික සුවතා මධ්‍යස්ථාන ඇතුළු ජනතාව ගැවසෙන ස්ථාන සියල්ලම පාහේ වසාදමා තිබේ.

ඒ අතර වෛරසයෙන් ආරක්ෂා වීමේ නිසි උපදෙස් පිළිපදිමින් ඊශ්‍රායලයේ පැවති විවාහ උත්සවයක් වෙත කාගෙත් අවධානය යොමු වී තිබුණි.

නව යුවළට සුභ පැතීමට බොහෝ පිරිසක් එක්ව සිටියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

එරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වෙයි.

සිංගප්පූරුවෙන් අද (21) පළමු වරට කොරෝනා මරණ දෙකක් වාර්තා වූයේ අද (21) දිනයේදීයි.

කොරෝනා මරණ 275 ක් වාර්තා වී ඇති අමෙරිකාවේ ජනගහනයෙන් සියයට 23 ක පමණ පිරිසකට බලපැවැත්වෙන පරිදි නිවස තුළ රැදී සිටීමේ නියෝග ප්‍රාන්ත බලධාරීන් නිකුත් කර තිබීම විශේෂත්වයකි.

කැලිෆෝනියා, නිව්යෝර්ක් ඇතුළු ප්‍රාන්ත කිහිපයකටම මෙලෙස නියෝග නිකුත් කර ඇති අතර පවතින තත්ත්වය හමුවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ‘මහජන සෞඛ්‍ය ආපදා තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්ය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මැඩළීමට හඳුන්වාදුන් ජපාන ඖෂධය ඵලදරයි

(21.03.2020 – 20:18 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හටගන්නා නිව්මෝනියා තත්ත්වය මර්දනයට ජපන් වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති ‘අවිගන්’ නැමති ඖෂධය සාර්ථක වී ඇතැයි වාර්තා වෙයි.

ජපාන වෛද්‍ය පර්යේෂකයන් මෙම ඖෂධය නිර්මාණය කර ඇත්තේ වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිවයි.

චීනයේත් ජපානයේත් ආසාදිතයින් ඉහළයද්දි චීන මෙන්ම ජපාන වෛද්‍යවරු මෙම ඖෂධය ආසාදිතයින්ට ලබා දී තිබුණි.

කොරෝනා රෝගියෙකු සුවපත් කිරිමට දින 11 ක් පමණ ගතවුවද මෙම ඖෂධය නිසා දින 4 කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය සුවවී ඇති බව ජපන් පුවත්සේවා වාර්තකරයි.

මේ පුවත සැල වී දින තුනකට පසුව ඉන්දුනීසියාව සිය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම ඖෂධ රැසක් ආනයනය කරන බව එරට ජනාධිපතිවරයා ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මේ අතර මාරාන්තික තත්ත්වයේ පසුවන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සඳහා ඉරානයට මෙම ඖෂධය නොමිලේ ලබාදෙන ලෙස ජපාන විදේශ කටයුතු පිළිබඳව අමාත්‍යවරයා උපදෙස් දී තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 වසංගතයෙන් ශ්‍රී ලංකාව මිදෙන ලකුණු පහළ වේ!

(21.03.2020 – 15:32 +0530 – lankaleadnews.com)

පසුගිය ජනවාරි මාසයේ 27 වනදා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරය පිණිස පැමිණි චීන ජාතික 44 හැවිරිදි කාන්තාව මෙරටින් හමුවූ පළමු COVID-19 ආසාදිත රෝගියා ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී හඳුනාගත් අතර ඇය අංගොඩ අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කරනු ලැබීමෙන් පසු පෙබරවාරි මස 19 වන දා වන විට සම්පූර්ණයෙන්ම සුවපත් කර රෝහලෙන් පිටත් කර හැරීමට අයි.ඩී.එච් රෝහලේ වෛද්‍යය කාර්ය මණ්ඩලයට හැකියාව ලැබුණි.

ශ්‍රී ලංකාවේ වෛද්‍යය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව කටයුතු කළ වත්මන් ආන්ඩුව ශ්‍රී ලංකා රජය චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරය ආශ්‍රිතව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් 33 දෙනෙකු පෙබරවාරි 1 වනදා වන විට මෙරටට ආපසු ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ සාර්ථක මෙහෙයුමක් දියත් කළ අතර ගෙන්වා ගත් සිසුන් දියතලාව යුධ හමුදා කඳවුර ආශ්‍රිතව අලුතින්ම පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානයකදී දින 14 ක් ඉතාමත් සාර්ථක ලෙස නිරෝධායනයට ලක් කර ආපසු තම නිවෙස් කරා පිටත් කර යැවීමට යුද හමුදා වෛද්‍යය කාර්ය මණ්ඩලය සමත් විය.

මාර්තු 10 වෙනි දින ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවන COVID -19 වෛරස් ආසාදිතයා හඳුනාගත් අතර ඔහු 52 හැවිරිදි වියේ පසුවන ඉතාලි ජාතික සංචාරකයන් පිරිසකට සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ අයෙකු බවට හඳුනා ගැනුනි. ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සියළු දෙනා නිරෝධායනයට ලක් කළ අතර ඔහුට පාසල් යන වයසේ දරුවන් සිටීම හේතුවෙන් සියලුම පාසල් වල අප්‍රේල් අවුරුදු නිවාඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කර අප්‍රේල් මස 20 වන දින දක්වා පාසල් වසා තැබීමට කටයුතු කළේ පෞද්ගලික උපකාරක පන්ති ද නැවැත්වීමට කටයුතු කිරීමෙනි.

කේසේ වුවද ඉතාලිය සහ කොරියාව යන රටවල COVID-19 වෛරසය දරුණු ලෙස පැතිරීම හේතුවෙන් ආපසු මෙරටට පැමිණි සමහර පිරිස් කටයුතු කළ වගකීම් විරහිත භාවය හේතුවෙන් COVID-19 වෛරසය ආසාදිතයන් ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ නගින්නට විය. එයට සමාන්තරව විපක්ෂ දේශපාලකයන් රටම අසීරු අවස්තාවේදී වගකිවයුතු දේශපාලකයන් ලෙස ආන්ඩුවට සහයෝගය දෙනවා වෙනුවට ආන්ඩුව විවේචනය කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සහා ගනු පෙනුනි. කෙසේ වුවද COVID-19 වෛරස නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේදී ඊට පෙර දිනයන්ට වඩා අඩු අගයක් ගෙන ඇති බව වාර්තා වී ඇත.

ඒ අනුව මාර්තු 16 දින 10, මාර්තු 17 දින 13 ,මාර්තු 18 දින 11 සහ මාර්තු 19 දින 13 ක් වූ ලෙස වාර්තා වූ නව රෝගීන් ගණන ඊයේ (20) දිනයේදී නව රෝගීන් 6 ක් බවට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ දැක්වෙයි. රෝගය පාලනය සම්බන්ධයෙන් මහජනයා මීට වඩා වගකීම් සහගතව හැසිරෙන්නේ නම් COVID-19 වෛරස් වසංගතය ශ්‍රී ලංකාව තුළ ඉක්මනින් පාලනය කරගත හැකි බව වසංගත රෝග මර්ධන විශේෂඥයන්ගේ මතයයි.

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ කොරෝනා මර්දනයට ධම්මිකගෙන් කෝටි 7 ක්

(21.03.2020 – 21:34 +0530 – lankadeepa.lk)

කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමේ රජයේ ක්‍රියාවලියට සහාය දක්වමින් ඊට අදාළ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් වෙනුවෙන් ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් කෝටි 7 පිරිනැමීමට තීරණය කර ඇත.

ඒ අනුව සිය පෞද්ගලික ධන පරිත්‍යාග යටතේ. කොළඹ අයි.ඩී.එච් රෝහලේ වැඩිහිටි සහ කුඩා ළමුන් සඳහා අවශ්‍ය රෝහල් ඇඳන් 485 ක් , එහි දැඩි සත්කාර ඒකකය සඳහා ඇඳන් 169 ක් සහ දැඩි සත්කාර ඒකකයේ ස්වසන ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වෙන්ටිලයිසර් උපකරණ 6 ක් ද ලබා දෙන බව සුප්‍රකට ව්‍යපාරික ධම්මික පෙරේරා මහතා ඩේලි එෆ්.ටී වෙත පැවසීය.

මෙලෙස කොවිඩ් 19 රෝග ව්‍යාප්තියට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ සටන සිය පෞද්ගලික ධන පරිත්‍යාග කල ප්‍රථම ව්‍යාපාරිකයා ඔහු වේ.

මේ අතර ජෝන් කීල්ස් සමූහය, හේමාස් හෝටල් සමූහය සහ සිට්ට්‍රස් හෝටල් සමූහය සිය ව්‍යාපාර ජාල වලට අයත් එක් හෝටලයක් බැගින් හෝටල් තුනක් කොවිඩ් 19 නිරෝධනය මධ්‍යස්ථාන ලෙස ලෙස ලබා ගන්නා ලෙසට ඉල්ලීම කර ඇත.

ඩේලි එෆ්.ටී ඇසුරෙනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *