රජයෙන් විශේෂ ප්‍රකාශයක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රජයෙන් විශේෂ ප්‍රකාශයක් (විඩියෝ)

• අන්තර්ජාලයෙන් පෞද්ගලික සරසවියක කෝටි 3 ක මුදල් ඇද්ද සැකකරුවන් අත්අඩංගුවට

• හෝමාගම පෞද්ගලික සරසවියක ගිණුමකින් කෝටි ගණනක් වංචා කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

• ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍යය පුරවැසියෙකුට වසර 7 ක සිරදඬුවම්

• බාල එන්නත් ගෙන්වා ඇති බවට චෝදනා මත ෆාමේස් පුද්ගලික සමාගමේ කටයුතු නවතී

• රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානි අගමැති හමුවෙයි (විඩියෝ)

• ශ්‍රී ලංකා හමුදාවට රුසියාවෙන් පුහුණුව

විරෝධතාකරුවන් වෙන් කළ ස්ථානයට යාම ප්‍රතික්ෂේප කරයි (විඩියෝ)

• ලාභයෙන් පාඩුව ඉවත් කළත් බිලියන 18 ක ශුද්ධ ලාභයක් තිබිය යුතුයි – හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් (විඩියෝ)

• විදුලිය කප්පාදුව ගැන කඩිනම් පරීක්ෂණයක් – මහින්දානන්ද අලුත්ගමගේ (විඩියෝ)

• එජාපයේ නව තනතුරු ගැනත් එකඟතාවක් නැහැ – ඇමති මහින්දානන්ද (විඩියෝ)

• රාජ්‍ය සේවා වෘත්තිය සමිතිවලින් අනතුරු ඇඟවීමක් (විඩියෝ)

• ග්‍රාම සේවා සහතික සදහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන අවශ්‍ය නැහැ – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය

• ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා තවදුරටත් දියතලාව කඳවුරේ – ලොව පුරා මරණ 492 දක්වා ඉහළට (විඩියෝ)

• උණ රෝගයක් පැතිරයාමේ අවදානමක්

• පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට ඇප (විඩියෝ)

• ජනපතිගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව ලේක් හවුස් ආයතනය තුළ සැලසුම් කළ බවට පැමිණිල්ලක් (විඩියෝ)

• 16 ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ නොයෙදීමට රජයේ අවධානය

• ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රෙස්න නිවසින් අතුරුදන් – මහින්දානන්ද අලුත්ගමගේ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

රජයෙන් විශේෂ ප්‍රකාශයක්

(05.02.2020 – 20:07 +0530 – sinhala.adaderana.lk)

2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි රජය කියා සිටී.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි :

+++++++++++++++++++++

• Click on Image (There are 2 images)
• Use ‘Ctrl’ + ‘+’ keys to increase the size (and font size) of the Image.
• Use ‘Ctrl’ + ‘-‘ keys to decrease the size (and font size) of the Image.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

අන්තර්ජාලයෙන් පෞද්ගලික සරසවියක කෝටි 3 ක මුදල් ඇද්ද සැකකරුවන් අත්අඩංගුවට

(05.02.2020 – 16:17 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය ඔස්සේ රුපියල් කෝටි 3 ක මුදලක් වංචා කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

අන්තර්ජාලය භාවිතා කරමින් හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළ වී එම ආයතනයේ නමින් කිරුළපන ප්‍රදේශයේ බැංකුවක පවත්වා ගෙන ගිය ගිණුමකින් මෙම මුදල් වෙනත් ගිණුමකට බැර කර ඇත.

පසුව තවත් රුපියල් මිලියන 100 ක මුදලක් නැවත ඒ ආකාරයෙන්ම බැර කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් අදාළ විශ්වවිද්‍යාලයේ මුල්‍ය ප්‍රධානියා විසින් ජනවාරි මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව සිදුකල විමර්ශනවලදී ආදළ සරසවි ගිණුමෙන් රුපියල් මිලියන 30 ක මුදලක් වංචනිකව වෙනත් පුද්ගලික බැංකු ගිණුමකට බැර කර ගත් පුද්ගලයා නැවත ඒ ආකාරයෙන්ම ආදළ ආයතනයේ ගිණුමෙන් රුපියල් මිලියන 100 ක මුදලක් විදේශිකයින් දෙදෙනෙකුට අයත් පෞද්ගලික සමාගමක ගිණුමකට බැර කිරීමට දරනු ලැබු උත්සහයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ජනවාරී 24 වන දින කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වංචනිකව ලබා ගත් රුපියල් ලක්ෂ 16 ක මුදලක් ද ඔහුට අයත් ගම්පොල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක තිබී සොයා ගැනීමට හැකිවී තිබේ.

සැකකරුවන් ජනවාරි 25 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු නැවත පෙබරවාරි 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම වංචාව සම්බන්ධයෙන් ගිණුම් හිමි විදේශිකයින් දෙදෙනා පෙබරවාරි 3 වන දින කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඊයේ (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 6 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඒ අනුව අන්තර්ජාලය මඟින් සිදු කරන මුදල් ගනුදෙනු සහ බැංකු කටයුතුවලට අදාළ ඔබගේ මුරපද (password) සහ ඇතුළත් වීමේ භාවිත නම (username) විවිධ බැංකුවල වෙබ් පිටු ඔස්සේ හුවමාරු කර ගැනීමේ දී එම අන්තර්ජාල වෙබ් පිටුවල විශ්වසනීයත්වය සහ සත්‍යතාවය තහවුරු කොට වඩාත් විමසිලිමත්ව ගනුදෙනු සිදු කරන මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි ෴

+++++++++++++++++++++

හෝමාගම පෞද්ගලික සරසවියක ගිණුමකින් කෝටි ගණනක් වංචා කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

(05.02.2020 – 17:10 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට ඇතුළු වී එහි ගිණුමකින් රුපියල් මිලියන 30 ක් වෙනත් ගිණුමකට බැර කර තවත් මිලියන 100 ක් වංචා කිරීමට තැත් කළ සිද්ධියකට අදාළව විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීට අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණේ පසුගිය 24 වනදායි.

ඒ අනුව එදිනම ගම්පොල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, රුපියල් ලක්ෂ 16 ක මුදලක් ද ඔහුගේ ගිණුමකින් සොයා ගැණුනා.

සැකකරු මේ වනවිට පෙබරවාරි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

රුපියල් මිලියන 100 ක මුදලක් විදේශිකයන් දෙදෙනෙකුට අයත් ගිණුමකට බැර කිරීමට මෙහිදී උත්සාහ දරා තිබූ අතර ඒ අනුව, එම විදේශිකයන් දෙදෙනා ද පෙරේදා කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ෴

***************************************

ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍යය පුරවැසියෙකුට වසර 7 ක සිරදඬුවම්

(05.02.2020 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු සමාගමක ඊමේල් පද්ධතිය හරහා ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදුකළ ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට එරට අධිකරණය මගින් වසර 7 යි මාස 8 ක සිර දඬුවමක් ලබාදී තිබෙනවා.

41 හැවිරිදි මයිකල් කිනානෝ නැමති මෙම පුද්ගලයා 2018 වසරේදී බ්‍රිතානයේ ක්‍රියාත්මක ඇමරිකානු සමාගමක විද්‍යුත් තැපෑලට අනවසරයෙන් ඇතුලුවී ඇති බව සඳහන්.

එහිදී ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 8 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට එරට පොලීසියට පැමිණිලි ලැබී තිබුණා.

ඒ අනුවයි බ්‍රිතාන්‍ය නෝත්වේල්ස් පොලිසිය සහ එෆ්.බී.අයි. ආයතනය එක්ව මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විමර්ශනයක් සිදුකර ඇත්තේ.

මූල්‍ය විශුද්ධිකරණ චෝදනා පිළිගැනීමෙන් අනතුරුව ඔහුට ඊයේ මෙම සිර දඬුවම නියම කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ෴

***************************************

බාල එන්නත් ගෙන්වා ඇති බවට චෝදනා මත ෆාමේස් පුද්ගලික සමාගමේ කටයුතු නවතී

(05.02.2020 – 18:44 +0530 – sinhala.adaderana.lk)

පිලිකා රෝගයට ඖෂධ එන්තත් ගෙන්වු ෆාමේස් පුද්ගලික සමාගමේ කටයුතු ජාතික ඖෂධ නීයාමන අධිකාරිය විසින් අද (05) නවතා දමා ඇත.

ඒ පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොරවු ඖෂධ මෙරටට ගේනවීම, නියම කරනු ලබන ආකාරයට පටහැනිව ඖෂධයක් ලේබල් කිරීම, අධිකාරියේ ලියාපදිංචි නොකර ඖෂධයක් ආනයනය කිරීම, ලේබල් කිරීමට ආදාල ඖෂධ නියෝග උල්ලංගනය කිරීම සහ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන ලෙස සහ එකී ඖෂධයන් මහින් ඒවා භාවිතා කරන තැනැත්තන්ට බරපතල සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකි ආකාරයට ප්‍රමිතියෙන් තොරව ආනයනය කිරීම යන චෝදනා මතයි.

මෙම සමාගම පසුගිය රජයේ අමාත්‍යවරායෙකු සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කර ඇති බවද පසුගිය කාලයේ වාර්තා විය.

මෙම ෆාමේස් පුද්ගලික සමාගට අයත් ඖෂධ ගබඩාවක (Cefotaxime for injection USP 1g) නැමැති එන්නත් කුප්පි 20,000 ක් නියමිත ආකාරයට පටහැනිව ලේබල් කරමින් සිටියදි පසුගිය මාසයේ සොයා ගෙන ඇත.

එමෙන්ම එම ඖෂධය ආනයන කර ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතට ගැනෙන නමුත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ බංගාදේශයේ Orian pharma Ltd සමාගමෙන් බව ද හෙළි වී තිබේ.

ඒ අනුව ෆාමේස් පුද්ගලික සමාගමට ලබා දී ඇති සියළුම බලපත්‍ර අහොසි කර ඇති අතර ලියා පදිංචි කිරීමේ සහතික අදාල බලධාරින්ට නැවත ලබා දෙන ලෙසටත් දැනුම් දී ඇති බව වාර්තා වේ.

+++++++++++++++++++++

***************************************

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානි අගමැති හමුවෙයි

(05.02.2020 – 23:05 +0530 – sinhala.adaderana.lk)

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානි ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා අද (05) අරලිය ගහමන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමු වී සාකච්ඡා පැවත්වා ඇත.

මෙහිදී දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ මූලික අවධානය යොමු වූ බව වාර්තා වේ.

එමෙන්ම ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට නොමිලේ දේශන පැවැත්වීම හා නිලධාරීන්ට රුසියානු අධ්‍යාපන ආයතනවල පුහුණුව ලබා දීමට රුසියාව සූදානම් බවද රුසියානු රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානි ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා ප්‍රකාශ කර තිබේ.

+++++++++++++++++++++

ශ්‍රී ලංකා හමුදාවට රුසියාවෙන් පුහුණුව

(06.02.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ ගොඩබිම් හමුදාවල සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සල්යුකෝව් මහතා ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

මෙහිදී දෙරට අතර ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මොහු අරලියගහ මන්දිරයේදී ඊයේ (05) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවුණා.

දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා හමුදාවට නොමිලේ දේශන පැවැත්වීම සහ රුසියානු අධ්‍යාපන ආයතනවල පුහුණුව ලබාදීමට ද රුසියාව සූදානම් බවයි හමුදා ප්‍රධානියා සඳහන් කර ඇත්තේ.

ජාත්‍යන්තර හමුදා කටයුතුවලදී ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වය තවදුරටත් වර්ධනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී රුසියානු ගොඩබිම් හමුදාවල සේනාධිනායකයාගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් ද ඊයේ (05) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

***************************************

විරෝධතාකරුවන් වෙන් කළ ස්ථානයට යාම ප්‍රතික්ෂේප කරයි

(05.02.2020 – 22:34 +0530 – sinhala.adaderana.lk)

පාර්ශ්ව කිහිපයක් අද (05) සවස කොළඹදී පැවැත්වූ විරෝධතා හේතුවෙන් කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පැවැත්විය.

කෙසේ වෙතත් උද්ඝෝෂකයන්ට විරෝධතා පැවැත්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයත් ෂැන්ග්‍රිලා හෝටලයත් අතර හිස් ඉඩමක් වෙන් කර ඇති බව පොලිසිය පෙන්වා දුන්නත් විරෝධතාකරුවන් අදාල ස්ථානයේ විරෝධතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළේය.

ඉන්ධන අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් කිරීම,පාඩු ලබන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නඩත්තු කිරීම සඳහා ජනතා මුදල් නාස්ති කිරීමට එරෙහිව සහ CPC, IOC ඉන්ධන මිල සමාන කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමය අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

එහිදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කළේ උද්ඝෝෂණ කිරීම සඳහා වෙනම ස්ථානයක් ස්ථාපිත කර ඇති බැවින් එම ස්ථානයට ගොස් විරෝධතාව පවත්වන ලෙසයි.

එහෙත් විරෝධතාකරුවන්, එලෙස වෙන් කරන ලද ස්ථානයට යාම ප්‍රතික්ෂේප කළේය.

මෙලෙස උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානය්ක ස්ථාපිත කර තිබුණේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයත්, ෂැන්ග්‍රිලා හෝටලයත් අතර ඇති නව බාලදක්ෂ මාවතේ හිස් ඉඩමකයි.

මේ අතර HND සිසුන්ට උපාධිය දක්වා ඉගෙනීමට ඇති අයිතිය තහවුරු කිරීම, ජීවන වියදමට සරිලන ලෙස මහපොළ ශිෂ්‍යධාරය ඉහළ දැමීම ඇතුලු ඉල්ලීම් 3 ක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතින ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය අද (05) විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණි.

කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරි පිටින් ඇරඹි විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන්ගත් අතර එහිදී පොලිස් නිලධාරීන් දැනුම් දුන්නේ උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයට ගොස් සිය විරෝධතාව පවත්වන ලෙසයි.

එහෙත් විරෝධතාවයේ නිරත සිසුන් එම අවස්ථාවේ තවත් විරෝධතාවක නිරත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථවේ සහ සමස්ථ ලංකා ව්‍යාපෘති සහයක එකමුතුවේ පිරිස් සමඟ එක්ව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රිය ධාවනය කළ නොහැකි වන අයුරින් සම්පූර්ණයෙන් එම මාර්ගය අවහිර කරනු ලැබුවේය.

+++++++++++++++++++++

***************************************

ලාභයෙන් පාඩුව ඉවත් කළත් බිලියන 18 ක ශුද්ධ ලාභයක් තිබිය යුතුයි – හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

(05.02.2020 – 22:22 +0530 – sinhala.adaderana.lk)

තමා මහ බැංකු අධිපති ධුරය දරන සමයේ බැඳුම්කර නිකුතුවලින් රජයට සිදුවූ ලාභය වොහාරික විගණන වාර්තාවෙන් සිතාමතාම වසන් කර ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ , ඒ අනුව ගණන් බලන්නේනම් සිය ධුර කාලය තුළ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුවූ ලාභය රුපියල් බිලියන 18 ක් පමණ විය යුතු බවයි.

එහිදි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ රජට සිදු වී ඇති අලභය සම්බන්දයෙන් කතා කරන පිරිස සිදු වීඇති ලාභය සම්බන්ධයෙන් කතා නොකරණ බවයි.

එම ගණුදෙනු අනුව සිදු වි ඇති ලාභය රාජ්‍ය ආයතනවලට සිදු වී ඇති බවද ඒ මහතා පැහැදිලි කළේය.

මේ අතර, මහබැංකු බැඳුම්කර සම්බන්ධයෙන් නිකුත් කෙරුණු වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් චෝදනා එල්ල වන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව හිටපු කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව පැවසු‍වේ, අද (05) කොළඹ පැවැති ‘බැඳුම්කර කොල්ලයේ තිත්ත ඇත්ත’ තේමාව යටතේ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින්.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

හිරු සලකුණ – 2020-02-03 – අජිත් නිවාඩ් කබ්රාල්

මිනිත්තු 86

***************************************

විදුලිය කප්පාදුව ගැන කඩිනම් පරීක්ෂණයක් – මහින්දානන්ද අලුත්ගමගේ

(05.02.2020 – 22:15 +0530 – sinhala.adaderana.lk)

ලංකා විදුලිබල මණ්ඩලයට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන සපයා තිබියදී පසුගිය සඳුදා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කළ බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට අද (05) එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආණ්ඩුව සමයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ද මහා පරිමාණ දුෂණ වංචා රැසක් සිදුව ඇති බවයි .

එහිද අමාත්‍යවරයා පැවසුවේ විදුලිය කප්පාදු කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවත් ජනපතිගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් සිදු කරන බවත්ය.

විදුලිය කප්පාදු කිරීමක් සිදු කිරීමට නොහැකි බවත් විදුලිය කප්පාදු කර ඇත්තේ තෙල් නොමැති බව පවසමින් බවත්
නමුත් විදුලිය කප්පාදු කරනවිට තෙල් ටොන් 1500 තිබි ඇති බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

***************************************

එජාපයේ නව තනතුරු ගැනත් එකඟතාවක් නැහැ – ඇමති මහින්දානන්ද

(05.02.2020 – 19:15 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය තුළ නව සන්ධානයේ තනතුරු පිලිබඳව ද නිසි එකඟතාවක් නොමැති බව ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ලොව සියලු දේ අස්ථිරව තිබියදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය පමණක් ස්ථිර වීම ගැටළු සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේල නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

***************************************

රාජ්‍ය සේවා වෘත්තිය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

(05.02.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

2016 වසරෙන් පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ කප්පාදු කළ විශ්‍රාම වැටුප යළි ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් දැවැන්ත උද්ඝෝෂණයක නිරතවන බවට රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව අනතුරු අඟවනවා.

කොලඹදී අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

ග්‍රාම සේවා සහතික සදහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන අවශ්‍ය නැහැ – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය

(05.02.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාම නිලධාරීන් නිකුත් කරන පදිංචිය හා චරිතය පිළිබඳ සහතිකය හෙවත් ඩී-එස් ෆෝ සහතිකය සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සන මේ මස 10 වැනිදා සිට අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරුණේ අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුවයි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ග්‍රාම නිලධාරීන් වෙත ඩී-එස් ෆෝ සහතික පොත් නිකුත් කිරීමේදී, එම පොත්වල ඇතුළත් සෑම ඩී-එස් ෆෝ සහතිකයකම ග්‍රාම නිලධාරී කොට්ඨාශය සඳහන් මුද්‍රාව තැබීමෙන් අනතුරුව පමණක් එම පොත් ග්‍රාම නිලධාරීන් වෙත නිකුත් කිරීමට කටයුතු කළ යුතු වනවා.

මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නම සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ නම ඇතුළත් මුද්‍රාවක් සකස් කරගත යුතු අතර, අදාළ මුද්‍රාව සකස් කර ගන්නා තෙක් දැනට එම ග්‍රාම නිලධාරී වසම සඳහා භාවිත කරනු ලබන මුද්‍රාව භාවිතා කළ යුතු බවද චක්‍රලේඛයේ සඳහන්.

තවද ඩී-එස් ෆෝ සහතිකය හැර වෙනත් ආකෘතිපත්‍ර, ලිපි හෝ සහතික භාවිත කර පදිංචිය හා චරිතය පිළිබඳව තහවුරු නොකරන ලෙසටද සියළුම ග්‍රාම නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා ෴

***************************************

ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා තවදුරටත් දියතලාව කඳවුරේ – ලොව පුරා මරණ 492 දක්වා ඉහළට

(05.02.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු, විදෙස් ගතවන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව අඩුවීම සහ මගී ඉල්ලුම මත ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත සිදුකරන ගුවන් ගමන්වාර තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ගුවන් ගමන් අඩු කිරීම් හෙට සිට මාර්තු මස 28 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වනවිට චීනයේ – බීජිං, ෂැංහයි සහ කැන්ටන් යන නගර 3 කට සේවා සපයනවා.

මේ අතර, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා කියා සිටියේ කොරෝනා වෛරසය පැතිර යාමත් සමග චීන අවුරුදු සමය දීර්ඝ වීම නිසා නෞකා පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරට වෙළඳපොලේ සුදු ලූණු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

රුපියල් 290 ක්ව පැවති සුදු ලූණු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 500 ක ආසන්න අගයකට පැමිණ ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

චීනයේ – වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා තවමත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබා ගෙන නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණු පැහැදිලි කළා.

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පිළිතුරු ලබාදුන් අතර ඊට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද මැදිහත් වුණා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව තවදුරටත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා.

ඇය සම්බන්ධයෙන් සිදුකරන ලද ජෛව සාම්පලයක් පරීක්ෂණ සඳහා හොංකොං වෙත යොමු කිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද නිලධාරින්ගේ සංගමය ද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කොරෝනා වෛරසයට ආයුර්වේද ඖෂධ ඇති බවට වෛද්‍යවරුන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව අදහස් පළ කළා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මේ වනවිට 492 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,500 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

උණ රෝගයක් පැතිරයාමේ අවදානමක්

(05.02.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල දිවයින පුරා උණ රෝගයක් පැතිර යන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම්දෙනවා.

එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ හැකිතාක් දුරට මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පළදින ලෙසටයි.

කෙසේ වෙතත් මෙම උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ.

මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (05) ආරම්භ කළා. මහරගම අපේක්ෂා රෝහලෙන් එය ආරම්භ කෙරුණා.

මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල අද වැඩිදුර පරීක්ෂණ සඳහා හොංකොං රාජ්‍යය වෙත යොමු කිරීමට ද නියමිතව තිබෙනවා.

ඇය අයි.ඩී.එච්. උණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර පරීක්ෂණ නිමවනතුරු රෝහලෙන් නිදහස් කළ නොහැකි බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා කියා සිටියේ.

මේ අතර මාතර – හම්බන්තොට අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දේශීය සහ චීන ජාතික සේවකයන් නොපැමිණීම හේතුවෙන් අඩපණ වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම වෛරසයට බිය වී සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට සහ ඒවායේ දෛනික සේවා කටයුතු කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මේ වනවිට 492 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,500 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

බෙල්ජියමෙන් ද අද ප්‍රථම වරට කොරෝනා ආසාදිතයෙකු හමුවූ අතර, ඔහු පසුගියදා චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි අයෙකු බවටයි හෙළිවී ඇත්තේ ෴

***************************************

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට ඇප

(05.02.2020 – 15:13 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 4 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම් සළකා බැලුනු අවස්ථාවේදියි.

මෙහිදී සැකකරුවන් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 25 බැගින්වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමටයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කළේ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වාගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනිමැරීමේ චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගිය වසරේ ජූලි මස 2 වනදා අත්අඩංගුවට ගැණුණා.

අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, පසුව ජූලි මස 9 වනදා මොවුන් දෙදෙනා ඇප මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත්, නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකරමින් ඉල්ලා සිටියේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය නීතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත් කර බලරහිත කරන ලෙසයි.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි පසුගිය ඔක්තෝම්බර් 9 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ ඇප නියෝගය අවලංගු කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා කොළඹ මහාධිකරණයේ ප්‍රතිශෝධන අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් පසුවයි.

එය අද සළකා බැලුනු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සැකකරුවන් ඇප මත මුදාහැරීමට විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කළා.

එමෙන්ම ඇප ලබාදීමට විරුද්ධ වීම සඳහා කරුණු තිබුණ ද මානුෂීය හේතු සලකා බලා සැකකරුවන්ට ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම, ඒ අනුව ඔවුන්ට ඇප ලබාදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කළ අතර, විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාර දෙන ලෙසද නියෝග කළා.

එසේම සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා.

මේ අතර, මහාධිකරණය ලබා දුන් එම නියෝගයට අනුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඔවුන් දෙදෙනාට ඇප ලබා දී තිබෙනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මඟින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරීමේ චෝදනා යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

ජනපතිගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව ලේක් හවුස් ආයතනය තුළ සැලසුම් කළ බවට පැමිණිල්ලක්

(04.02.2020 – 20:48 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව මෙන්ම ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ සිද්ධිය ද ලේක් හවුස් ආයතනය තුළ සැලසුම් කළ ඒවා බව මාධ්‍යවේදී චන්දන බණ්ඩාර මහතා චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ කරුණු අනාවරණය කළා.

***************************************

16 ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ නොයෙදීමට රජයේ අවධානය

(06.02.2020 – 08:01 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 16 ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවා නොගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත එමා බ්‍රිගම් සහ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවති සාකච්ඡාවකදියි.

එහිදී වයස අවුරුදු 18 ට අඩු දරුවන් බන්ධනාගාරවලට යැවීමෙන් වැලකී සිටීම සම්බන්ධයෙන් ද සාකච්ජා කර තිබෙනවා.

එමෙන්ම මරණ දඩුවම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින නීති නියාමනය කිරීම ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු වී ඇති බවයි එම අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රෙස්න නිවසින් අතුරුදන් – මහින්දානන්ද අලුත්ගමගේ

(05.02.2020 – 20:56 +0530 – sinhala.adaderana.lk)

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට ශ්‍රි ලංකාවෙන් පිට වී ඇතැයි දැනගන්නට ලැබී තිබෙන බව රජයේ ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කෙසේවෙතත් පොලිසිය පවසන්නේ අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔවුන් දෙදෙනාට විදේශගතවීමට ඉඩක් නොමැති බවයි.

2013 වසරේදී ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර වූ ගනුදෙනුවකදී සිදු වූ බව පැවසෙන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍ර‍සේන මහතා සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක මහත්මියට එරෙහිව චෝදනා එල්ල විය.

ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සදුදා වරෙන්තු නිකුත් කළේය.

ඒ එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සලකා බලා නීතිපතිවරයා දුන් උපදෙස් අනුවයි.

කෙසේ වෙතත් අදාළ වරෙන්තුව නිකුත් කර අදට දින දෙකක් ගතවුවද ඔවුන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

ඒ සම්බන්ධයෙන් අද (05) පැවති මාධ්‍ය හමුවකදීද රජයේ ප්‍රකාශක විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙවන් අනාවරණයක් කළේය.

ඒ අනුව ‘අද දෙරණ’ මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ වරෙන්තු ලබා සිටින කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ සිය නිවසේ මේ වන විටත් නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බවයි.

කෙසේ වෙතත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔවුන් දෙදෙනාට විදේසගතවීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Regarding bankruptsy of the treasury. It is obvious that UNP deshapaaluwos of the previous government have drained all the national asssets and The Treasury for their personal gain, and left a huge debt on the shoulders of the citizens of the country. No wonder they were keen to handover a bankrupt nayional administration to the President, and run away sneering at the helplessness of the new government. Those traitors started their administration by raiding the central bank with the help of their cohorts planted in important nodal positions. They continued with their nefarious activities throughout their 4 and a half years of robbery, and left office in dire straits. The complete previous cabinet and members of the COPE should be arrested immediately and charged with puttung the country into rack and ruin. All their national and foreign assets shoud be confiscated and transferred to the treasury and they should be severely punished without any regard to their corrupt official poistions that they held in the government, politics or administration. There must not be any damn excuse. This is a despicable action by the previous government, they have betrayed the people and all of them should be denied citizens rights in this country.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *