මහනුවර ජාත්‍යන්තර පාසලක හත් (7) හැවිරිදි දරුවෙකු හදිසි අනතුරකින් මරුට

මහනුවර ජාත්‍යන්තර පාසලක හත් (7) හැවිරිදි දරුවෙකු හදිසි අනතුරකින් මරුට


මහනුවර ජාත්‍යන්තර පාසලක හත් (7) හැවිරිදි දරුවෙකු හදිසි අනතුරකින් මරුට

(12.03.2026 – 13:31 +0530 – sinhala.adaderana.lk)

මහනුවර, මහියාව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ වාහනයකට යටවීමෙන් එම පාසලේ හත් (7) හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (12) උදෑසන 11:30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ, අදාළ අධ්‍යක්ෂවරයා වාහනය නවතා ඉන් බැස යෑමෙන් අනතුරුව වාහනයේ තිරිංග දෝෂයක් හේතුවෙන් වාහනය එක්වරම ක්‍රියාත්මක වී ඇත.

එහිදී පාසලේ වතුර පානය කරමින් සිටි, පාසල් දරුවන් දෙදෙනෙකු (2) වාහනයට යටවී ඇති අතර, එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙමින් වාහනයේ හිමිකාර අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ, තමා වාහනය නවතා ඉන් බැසයෑමෙන් අනතුරුව මෙම අනතුර සිදුව ඇති බවය.

++++

+++

දරුවා මිය ගිය මහනුවර පාසලේ දෙමාපියෝ රැස්වෙති

(13.03.2026 – hirunews.lk)

මහනුවර ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂවරයාගේ මෝටර් රථයට යට වී එම පාසැලේම දරුවෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අදාළ පාසලේ මව්පිය කමිටුව අද (13) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එම ඒ අනතුරෙන් දිවි අහිමි වූ පාසල් සිසුවාට කඩිනමින් සාධාරණයක් ඉටු කිරීම සඳහායි.

ඒ සඳහා පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ද සාකච්ඡාවට සහභාගී වී තිබුණා.

මව්පිය කමිටුවට පැමිණි මවක් මෙහිදී කියා සිටියේ හෙට (14) උදෑසන 8 ට නැවත වරක් මෙම මව්පිය කමිටුව රැස්වී සාකච්ඡා සිදු කිරීමට නියමිත බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂවරයා අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මියගිය දරුවාගේ මරණ පරික්ෂණයද අද (13) මහනුවර ජාතික රෝහලේ සිදු කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මහනුවර නගරයේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක 02 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හත් හැවිරිදි රවිඳු කුමාරගේ නැමැති සිසුවා ඊයේ (12) පෙරවරුවේ අනතුරකට මුහුණ දුන්නේ සිය මිතුරාද සමග පංතියෙන් පිටතට පැමිණ ජල කරාමය අසළට ගොස් තිබූ අවස්ථාවේදීයි.

එම පාසලේම අධ්‍යක්ෂකවරයා සිය මෝටර් රථයෙන් පාසලට පැමිණ තිබු අතර ඔහු මෝටර් රථයෙන් බැස කාර්යාලයට ගොස් තිබුණා.

ඒ අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථය එක්වරම බෑවුම් සහිත ප්‍රදේශය හරහා ඉදිරියට ගමන් කළ බවට පාසලේ අධ්‍යක්ෂකවරයා පැවසු අතර ඉදිරියට පැමිණි මෝටර් රථය රවිඳු සහ ඔහුගේ මිතුරාව යට කරමින් ගමන් කර තිබෙනවා.

අනතුරෙන් රවිඳුට සිය දිවි අහිමි වූ අතර ඔහුගේ මිතුරා මේ වන විට තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ජීවිතක්ෂයට පත් වූ රවිඳු කුමාරගේ සිය පියා සහ මිත්තණිය සමග මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහුගේ මව ඊශ්‍රායලයේ සේවය කරන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ රවිඳුගේ දේහය මේ වන විට මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව දේහය ඔහුගේ ඥාතීන්ට භාර දීමට නියමිතයි ෴


මුද්‍රණ යන්ත්‍රයට හිස සිරවී තරුණ සේවකයකු මරුට

(12.03.2026 – hirunews.lk)

පිළියන්දල, ගොරකපිටිය ප්‍රදේශයේ පෞද්ගලික මුද්‍රණාලයක සේවය කරමින් සිටි 27 හැවිරිදි තරුණයකු, එම ආයතනයේම මුද්‍රණ යන්ත්‍රයකට හිස සිරවීමෙන් ඊයේ (11) මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙනියාය, පල්ලේගම, නිස්සංක පාරේ පදිංචිව සිටි මිලින්ද මදුසංක විජේසිංහ නමැති විවාහක තරුණයෙක්.

මියගිය පුද්ගලයාගේ බිරිඳ ද එම මුද්‍රණාලයේම සේවය කරන බවට වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මියගිය තරුණයා තවත් සේවකයකු සමඟ යන්ත්‍රයේ දෛනික රාජකාරිවල නිරතව සිට ඇති අතර, එහිදී යන්ත්‍රයේ ඇති වූ කිසියම් දෝෂයක් පරීක්ෂා කිරීම සඳහා අනෙක් සේවකයා යන්ත්‍රය තුළට හිස යොමු කරනවාත් සමඟම, මියගිය තරුණයා ද යන්ත්‍රයේ අනෙක් පසින් හිස යොමු කර ඇති බව ආයතනයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශනවල සටහන්ව තිබෙනවා.

එලෙස හිස යොමු කරනවාත් සමඟම මුද්‍රණ යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ඇති අතර, තරුණයාගේ හිස යන්ත්‍රයට හසු වී තිබෙනවා. ලේ විලක් මැද වැටී සිටි ඔහුව අනෙක් සේවකයින් විසින් වහාම හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර ස්ථානීය පරීක්ෂණය සිදු කළා.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පණීත සෙනෙවිරත්න මහතා විසින් අද (12) දින සිදු කිරීමට නියමිතයි.

පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා ෴


ට්‍රැෆික් එකේ 50 ට යන්න මේවා ජෙට් ද ? ස්පීඩ් එක GPS එකෙන් ඔප්පු වුණු හැටි මෙන්න (12.03.2026)

+


නාඩගම් එපා ! තෙල් මිල වහා අඩුකරනු ! (12.03.2026)

+


නිමල් සිරිපාල මහත්තයො, දැන් නං ඇති නේද ? දැන් අලුත් අයට ඉඩ දෙමු (12.03.2026)

+

පොළොව පැලිලත් මුං තවම බොරු කියනවා – තෙල් නැව් වරායට ඇවිත් සල්ලි ඉල්ලනවලු (12.03.2026)

+


එක වචනෙන් හොරු ඉවරයි – රෙස්පෙක්ට් අනුර (13.03.2026)

+


පාස්කු ප්‍රහාරය ගැන ඇමති විජිත කියූ කතාවේ ඇත්ත නැත්ත (12.03.2026)

+

නාමල් රාජපක්ෂ තමයි, මම යන ගමනට අදාල හොදම බස් එකේ ඩ්‍රැයිවර් (13.03.2026)

+


ආණ්ඩුව තෙල් තොග ගැන කියන කතා අමූලික බොරු – මෙන්න ඇත්ත ගණන් මිණුම් (12.03.2026)

+


සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව සලේ නඩුවක් දැම්මා | සලේ අත්අඩංගුවට ගැනීම පිටිපස්සේ තියෙන්නේ ඒක (13.03.2026)

+++

ඔයිට වැඩිය හොදයි ශානි පාරේ හිඟා කෑවනම් | රවීටයි ශානිටයි හිතාගන්න බැරි ප්‍රහාරයක් | අභීත එදිරිසිංහ ගෙන් (13.03.2026)

+++

ආණ්ඩුව මේ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද? | වහාම මේ තුජ්ජ පළිගැනීම නතර කරන්න | අඟුළුගල්ලේ ජිනානන්ද හිමි (13.03.2026)

+


අද තියෙන්නේ දුප්පතාගේ හිතවතා ආණ්ඩුවක්නේ | මන්ත්‍රීවරුන්ගේ අවුරුද්දක පඩි ආණ්ඩුවට දෙන්න | දයාරතන හිමි (13.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *