කල් ඉකුත් වු අමුද්‍රව්‍ය යොදාගෙන කේක් හදන, සුප්‍රසිද්ධ කේක් නිෂ්පාදනාගාරය කොටු කළ මෙහෙයුම

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කල් ඉකුත් වු අමුද්‍රව්‍ය යොදාගෙන කේක් හදන, සුප්‍රසිද්ධ කේක් නිෂ්පාදනාගාරය කොටු කළ මෙහෙයුම (විඩියෝ)

• එයාර් බස් සමාගම, ශ්‍රී ලන්කන් හිටපු ලොක්කෙකුගේ බිරිඳකට යුරෝ මිලියන 17 ක අල්ලස් ලබා දී ඇති බව බ්‍රිතාන්‍ය ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත හෙළිකරයි (විඩියෝ)

• එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

• එයාර් බස් ගනුදෙනුව ගැන පරීක්ෂණවලට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පූර්ණ සහය

• කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් සැකකරුවෙකුට මරණ තර්ජන (විඩියෝ)

• හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට කඩිනමින් නිදහස ලැබේවායි ප්‍රාර්ථනා කරමින් කැළණිය රජ මහා විහාරයේදී ආශිර්වාද පූජාවක් (විඩියෝ)

• වූහාන් සිට දියතලාවට පැමිණි සිසුවෙකු හිරුට කතා කරයි (විඩියෝ)

• චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 141 දෙනෙකු දිවයිනට – වූහාන් සිට පැමිණි 33 දෙනා දිනකට දෙවරක් පරීක්ෂාවට

• පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන මෙහෙය වන රහස් පොලිස් නිලධාරියෙකුගෙන් ජනපති කොමිසමට රහස් ප්‍රකාශයක් (විඩියෝ)

• නිවාස 14,022 ක් ඉදිකෙරෙන “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික වැඩසටහන ඇරඹේ (විඩියෝ)

• ETI තැන්පතුකරුවන් අඛණ්ඩ සත්‍යග්‍රහයකට සැරසේ (විඩියෝ)

• මෙරට තුල රැඳී සිටින චීන ජාතිකයින්ට විශේෂ දැනුම් දීමක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කල් ඉකුත් වු අමුද්‍රව්‍ය යොදාගෙන කේක් හදන, සුප්‍රසිද්ධ කේක් නිෂ්පාදනාගාරය කොටු කළ මෙහෙයුම

(01.02.2020 – 20:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට සුප්‍රසිද්ධ කේක් නිෂ්පාදන ආයතනයක් කල් ඉකුත් වු අමුද්‍රව්‍ය යොදා සිය නිෂ්පාදන දිවයින පුරා බෙදාහරිමින් සිටියදී ‘හිරු සී.අයි.ඒ.’ මැදිහත්වීම මත අද (01) වටලනු ලැබුවා.

කොළඹ නමගිය තරු පන්තියේ හෝටල් බහුතරයකට දිනපතා සැපයෙන්නේ කල් ඉකුත් වු අමුද්‍රව්‍ය යොදා සාදන කේක් හා බේකරි නිෂ්පාදන බවයි ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කර ගත්තේ.

+++++++++++++++++++++

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයත් සමඟ කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ටොන් 17 ක් සොයා ගැනේ

(02.02.2020 – 15:03 +0530 – hirunews.lk/sinhala)

හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයත් සමඟ කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර ටොන් 17.5 ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සොයාගෙන තිබෙනවා.

කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය යොදා හැදල – වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආහාර නිෂ්පාදනාගාරයක් සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ ඊයේ (01) අනාවරණයක් සිදුකළා.

එම අනාවරණයත් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අද (02) එම ආහාර නිෂ්පාදනාගාරය පරීක්ෂා කිරීමක් සිදුකර ඇති අතර, එහිදී මෙලෙස කල් ඉකුත් වූ ආහාර ටොන් 17.5 ක් සොයාගෙන තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 15 කට අධික බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

කෝටි එකහමාරක කල් ඉකුත් වූ කේක් – බේකරි නිෂ්පාදන මුද්‍රා තබයි

(02.02.2020 – 18:17 +0530 – lankadeepa.lk)

මෙරට සංචාරක හෝටල් වලට සහ ආපන ශාලා වලට කේක් සහ කෙටි ආහාර සපයන ප්‍රමුඛ පෙළේ සමාගමකට අයත් වත්තල හැදල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා කල් ඉකුත් වූ කේක් සහ බේකරි අමුද්‍රව්‍ය කිලෝ 17,500 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

අත්අඩංගුවට ගත් අමුද්‍රව්‍ය වල වටිනාමක රුපියල් කෝටි 1½ ට අධික බව එම අධිකාරිය පැවසීය.

මෙම ස්ථානය වටලන අවස්ථාවේ එහි සේවකයන් පිරිසක් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය වල ලේබල් ඉවත් කර ඒවා සඳහා නව ලේබල් අලවමින් සිටි බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම ස්ථානය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරක් මත ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරි ඒකකය හා විශේෂ කාර්ය බලකාය එක්ව අද (02) මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් කස්ටඩ් පවුඩර්, පාන් සෑදීමට ගන්නා වෝල් කොර්න්, මෆින් මික්ස්, ප්‍රේස්ට්‍ර් සඳහා භාවිතා කරන බටර් වර්ග, සමෝසා සෑදීමට ගන්නා පිටිවලින් සෑදු ෂීට්, කේක් සැරසිලි අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම වර්ග තිබූ බවත් මේවා 2019.5.13 දින හා 2019.12.06 කාලය අතර කල් ඉකුත් වූ ඒවා බවද පාරිභෝගිය අධිකාරි පවසයි.

මෙම ප්‍රධාන පෙළේ ආයතනය ආහාර නිෂ්පාදන සහ අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය යන රටවල් වලින් ආනයනය කර වෙළෙඳ පොළට හා සංචාරක හෝටල් වලට සැයපීම සිදුකරන බවට විමර්ශණයේ දී හෙළි වු බවද පාරිභෝගිය අධිකාරිය සඳහන් කරයි.

අදාල සමාගමට එරෙහිව ඉදිරි සතියේ නඩු පැවරීමට නියමිතව ඇති අතර එම කල් ඉකුත් වූ භාණ්ඩ සහිත ගබඩාවට මුද්‍රා තබා එයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

+++++++++++++++++++++

ජනතාවට ජාරාව කවා හසුවූ මොහොමඩ්ගේ Caravan Fresh බේකරිය – උලමලා හලාල් සහතිකයත් දීලා

(03.02.2020 – colombotoday.com)

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත්දා සීල් තැබූ වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කේක්, පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පධනාගාරය සඳහා උලමා සභාවේ අනුහසින් ක්‍රියාත්මක හලාල් සහතිකකරණ ආයතනය විසින් හලාල් සහතික ද නිකුත් කර ඇති බව අප සිදුකල සොයා බැලීමකදී වාර්තා වෙනවා.

‘Caravan Fresh’ සන්නාමය ඔස්සේ මෙලෙස කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදාගෙන ආහාර නිෂ්පාදනය කර ඇත්තේ ‘මදිනා ෆුඩ් පුද්ගලික සමාගම’ බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් මමුලා නැමැත්තෙකු මදිනා ෆුඩ් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක වන අතර ඔහු ‘Happy Hen’ නැමති බිත්තර වර්ගය වෙළඳපොළට නිකුත් කරන ‘Switz Lanka Pvt Ltd’ ආයතනයේද අධ්‍යක්ෂකවරයෙකි.

මේ පිළිබඳව අප හලාල් සහතික කරන ආයතනය වෙතින් විමසීමක් සිදුකල අතර මදිනා ෆුඩ් පුද්ගලික සමාගම වෙත හලාල් සහතිකයක් නිකුත් කර ඇති බව ඔවුන් පිළිගන්නා ලදි.

මේ පිළිබඳව ‘Colombo Today’ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතාගෙන් විමසීමක් සිදුකල අතර, එහිදී ඔහු සඳහන් කර සිටියේ ජනතාවට ජරාව කවන මෙවැනි ජාවාරම් කරුවන්ට විරුද්ධව දැඩිව නිතිය ක්‍රියාත්මක කල යුතු බවත් හිමිකරුවන් සතු අනෙකුත් ව්‍යාපාර පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදුකිරීම වහා සිදුකල යුතු බවයි. ජනතාවට ජරාව කවන මෙම ව්‍යාපාරය පිළිබඳව තවත් වැදගත් තොරතුරු රැසක් තමා සන්තකයේ පවතින බවත් ඒවා ඉදිරියේදී හෙළිකිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම අප සමග පැවසීය.

+++++++++++++++++++++

Madina Foods Pvt Ltd
08, Bunt Rd., Hendala, Wattala

Telephone :
011 293 7008
011 293 7009

Brand Names : MASTER BAKER , Happy Hen (Eggs)

CARAVAN FRESH (Madina Foods Pvt Ltd)

***************************************

එයාර් බස් සමාගම, ශ්‍රී ලන්කන් හිටපු ලොක්කෙකුගේ බිරිඳකට යුරෝ මිලියන 17 ක අල්ලස් ලබා දී ඇති බව බ්‍රිතාන්‍ය ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත හෙළිකරයි

(01.02.2020 – 21:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරියෙකුගේ බිරිඳකට එයාර් බස් සමාගම විසින් යුරෝ මිලියන 17 ක් අල්ලස් ලෙස ලබාදී ඇතැයි බ්‍රිතාන්‍යයේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරනවා.

එම වාර්තාවට අනුව මෙලෙස මුදල් ලබාදී ඇත්තේ ගුවන් යානා 14 ක් විකිණීමේ ගනුදෙනුවකට අදාළවයි.

එක්සත් රාජධානියේ වංචා සෙවීමේ කාර්යාලය විසින් 2011 – 2015 අතර කාලයේදී එයාර් බස් සමාගම සිදුකළ ගනුදෙනු පිළිබඳ විමර්ශන සිදුකරනු ලැබුවා.

එහිදී හෙළිව ඇත්තේ එයාර් බස් සමාගම විසින් ජාත්‍යන්තර ව්‍යාපාරවලදී දූෂිත අතරමැදියන් භාවිතා කර ගුවන් යානා අලෙවිය සිදුකර ඇති බවටයි.

එම සමාගම විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එවක විධායක නිලධාරියෙකුගේ බිරිඳක් අතර මැදියෙකු ලෙස භාවිත කරමින් ගුවන් යානා අලෙවි කිරීමට බලපෑම් කර ඇති බවට අදාළ විමර්ශනයේදී හෙළිව තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ද ටෙලිග්‍රාෆ්ට් පුවත්පත වාර්තා කළේ ගුවන් යානා ව්‍යාපාර පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති අදාළ කාන්තාවට යුරෝ මිලියන 17 ක් එයාර් බස් සමාගම විසින් අල්ලස් ලෙස ලබා දී ඇති බවයි.

ඒ, එයාර් බස් සමාගමේ ගුවන් යානා 14 ක් අලෙවි කරගැනීමේ අරමුණින්.

එම සමාගම අදාළ කාලය තුළදී ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය ඇතුළු රටවල් 16 කට මෙලෙස අල්ලස් ලබාදී තම ව්‍යාපාර කටයුතු වර්ධනය කරගෙන ඇති බවද ටෙලිග්‍රාෆ්ට් වාර්තාවේ දැක්වෙනවා.

මෙම අල්ලස් ලබාදීම අනාවරණය කරගැනීමත් සමඟ එයාර්බස් සමාගමට යුරෝ බිලියන 3.6 ක දඩයක් එක්සත් රාජධානියටල ප්‍රංශයට සහ එක්සත් ජනපදයට ගෙවීමටද සිදුව ඇති අතර මෙය වාර්තාවන්නේ දැනට ලෝකයේ ගෙවීමට සිදු වූ වාර්තාගත දඩයක් ලෙසයි.

+++++++++++++++++++++

Airbus ran ‘massive’ bribery scheme to win orders
.
European aerospace group to pay €3.6bn in penalties to regulators in France, UK and US
.
February 1 2020
.
Airbus for years conducted a “massive scheme to offer and pay bribes”, involving very senior executives, according to disclosures in courts in Washington DC, Paris and London, as Europe’s aerospace champion agreed to pay €3.6bn in penalties to regulators in France, the UK and the US.
.
Many of the bribes were paid through shell companies set up by executives working for an autonomous strategy and marketing unit once described by former chief executive Tom Enders as “bullshit castle”, according to investigators in the three countries.
.
This unit, which managed a corps of middlemen in export markets, concealed the bribes by creating fraudulent contracts, accepting fake invoices for services never delivered, and creating false activity reports, Airbus admitted in the US.
.
French prosecutors said the company had boosted profits by €1bn as a result of violations uncovered in their investigation.
.
The details emerged as courts in the three countries approved the deferred prosecution settlement struck with regulators in France, the UK and US. Airbus will pay €2.1bn to France, €983m to the UK and about €530m to the US.
.
Airbus’s admission of a string of bribery and corruption offences stretching back to at least 2008, as well as breaches of disclosure on US arms export filings, brings to an end a nearly four-year investigation that marks a milestone for global anti-corruption co-operation.
.
The admission is also a major victory for anti-corruption reforms introduced in France in 2016, following US action against Alstom and BNP Paribas in 2014. These aimed to match international standards in the pursuit of white-collar crime by toughening sanctions and compliance standards.
.
During the investigations, Airbus handed over some 30m documents to authorities, while employees around the world were interrogated and computers confiscated.
.
“The seriousness of the criminality in this case hardly needs to be spelt out,” said Victoria Sharp, a senior judge in England’s high court. “It is no exaggeration to describe the investigation it gave rise to as worldwide, extending into every continent in which Airbus operates.” The investigations demonstrated “that bribery was . . . endemic in two core business areas within Airbus”.
.
The fine dwarfs the £671m sanction imposed on Rolls-Royce in 2017 by regulators in the US, UK and Brazil for similar bribery and corruption offences.
.
The offences spanned several countries including Taiwan, Indonesia, Malaysia, Nepal, Russia, China and Colombia. They were committed at a time when the European aircraft maker was rapidly gaining on its rival Boeing in the global passenger jet market. People close to the group stressed, however, that the violations involved only a minority of aircraft contracts.
.
At the heart of a catalogue of offences was Airbus’s Strategy and Marketing Organisation, a division dedicated to securing sales in emerging markets.
.
The organisation had roots in the defence business of the politically well-connected Lagardère empire, whose founder drove the creation of EADS, now Airbus, through the merger of French German, UK and Spanish aerospace and defence interests in 2000, according to one insider.
.
Once part of EADS, it began working to win export orders for the aerospace company using third-party agents.
.
In the UK probe individuals associated with Airbus were found to have paid bribes to secure deals with AirAsia and AirAsia X airlines, two airlines headquartered in Malaysia.
.
Individuals connected to Airbus also channelled $2.4m and $11.9m through two intermediary companies to a TransAsia Airways director for personal benefit, hiding the arrangement using coded language passed between the wrongdoers, which included an Airbus employee.
.
Airbus staff also bribed directors of TransAsia Airways, Taiwan’s first private airline, and SriLankan Airlines.
.
Airbus engaged the wife of a SriLanka Airlines executive as an agent, the court documents state, although she had no aerospace expertise. Some $2m was paid to her company to influence the airline’s purchase of 10 aircraft. To disguise her identity, Airbus employees misled the UK export credit agency about her name and gender, the investigation found.
.
US court filings referenced seven unnamed Airbus executives as involved in bribery and corruption, including five who had “senior responsibilities”.
.
The violations in the US probe centred on Airbus sales in China, where the company used consultants to pay bribes to government officials and executives at Chinese state-owned airlines.
.
In addition to cash payments, the filings referred to an event at a luxury resort in Hawaii in the summer of 2013, when Airbus treated Chinese airline executives to activities such as “golf, scuba diving, snorkelling cruises, horseback riding, ocean kayaking, surfing lessons, and cocktail and luau dinner receptions”.
.
The group also admitted violations of export arms regulations known as ITAR. These continued from 2011 to 2016 and involved sales by Airbus’s Defence & Space and Helicopters divisions, according to the filings. Airbus admitted paying political contributions in connection with the sales, failing to keep appropriate records, and using business partners who were not ITAR-registered brokers.
.
In another instance, Airbus agreed to pay €55m in political contributions and fees in Austria in connection with the sale of Eurofighter Typhoon aircraft*.
.
Now the settlement has been agreed by all three countries, Airbus will be safe from prosecution as long as it commits no further offences and improves compliance procedures. US and UK authorities are considering prosecutions against individuals.
.
The ruling will also allow Airbus to draw a line under an unhappy period in its recent history, with the investigations prompting a fierce backlash in France and a shake-up of the board.
.
Guillaume Faury, the chief executive appointed last April, said the settlements marked an important milestone and would allow Airbus “to move forward and further grow in a sustainable and responsible way”.
.
The probe into Airbus was launched by Britain’s Serious Fraud Office in 2016, after the company reported inaccuracies in its disclosures to the country’s export credit agency about the use of middlemen.
.
Two years earlier Mr Enders had halted payments to middlemen as a result of questions over certain commissions and the discrepancies were discovered as part of an internal review of compliance.
.
Within a year of the SFO probe, the investigation widened and leadership transferred to France’s Parquet National Financier. In 2018, US authorities joined the inquiry, following further admissions from Airbus that it had discovered new inaccuracies in filings related to US arms export controls.
.
Since discovering the violations, Airbus has sought to co-operate fully with anti-corruption authorities in the hopes of winning the deferred prosecution agreement. The company called on international law firms Dechert and Clifford Chance to conduct an internal investigation that sparked a fierce political backlash in France.
.
In 2016 Airbus closed the SMO, at the time run by former strategy director Marwan Lahoud, who left the following year after it was fully wound up. The company also appointed an independent panel to monitor compliance in 2017.
.
The panel includes David Gold, the British peer who advised BAE Systems and Rolls-Royce on compliance, Noelle Lenoir, the former French European affairs minister, and Theo Waigel, Germany’s former finance minister.
.
Airbus will remain under surveillance by authorities for three years and any violation could result in prosecution. A conviction would result in Airbus being banned from bidding for government contracts in several countries.
.
ft.com

+++++++++++++++++++++

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

(02.02.2020 – 13:43 +0530 – sinhala.adaderana.lk)

ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වු බව කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට නියෝග කරයි.

ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමග කළ ගනුදෙනුවේ දී ඇතැම් පුද්ගලයන් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා අද (02) සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක සහ ඊයේ (01) අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක පලව තිබිණ.

මේ චෝදනා පිළිබඳව සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් කොට ප්‍රතිඵල තමා වෙත දැනුම් දෙන්නැයි මාධ්‍ය වාර්තා දුටු ජනාධිපතිවරයා නියෝග කර ඇත ෴

+++++++++++++++++++++

එයාර් බස් ගනුදෙනුව ගැන පරීක්ෂණවලට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පූර්ණ සහය

(02.02.2020 – 15:49 +0530 – hirunews.lk/sinhala)

එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙතින් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන ඕනෑම පරීක්ෂණයකට හෝ නීතිමය ක්‍රියාමාර්ගයකට පූර්ණ සහය දක්වන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසනවා.

එමගින් වැඩිදුරටත් කියා සිටියේ එයාර් බස් සමාගම මගින් 2011 වසරේ සිට 2015 වසර දක්වා ගුවන් යානා අලෙවි කිරීමේදී අල්ලස් ලබාදුන් බවට එක්සත් රාජධානියේ අධිකරණයක් මගින් ලබාදුන් තීන්දුව පිළිබදව තමන් දැනුවත්ව සිටින බවයි.

එබැවින් රජය මගින් සිදුකරන විමර්ශන ක්‍රියාවලියකට පූර්ණ සහය දක්වන්නැයි ශ්‍රී ලන්කන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය එහි කළමනාකාරීත්වයට නියෝග කර තිබෙනවා.

එවැනි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය අභ්‍යන්තර ලිපිලේඛන ආරක්ෂා කොට අවශ්‍ය බලධාරීන් වෙත පරීක්ෂා කිරීමට අවස්ථාව සලසන ලෙස ද කළමනාකාරීත්වය වෙත දැනුම් දී ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් සැකකරුවෙකුට මරණ තර්ජන

(01.02.2020 – 20:28 +0530 – hirunews.lk/sinhala)

බන්ධානාගාර ගතකර සිටින පාතාල සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන කංජිපානි ඉම්රාන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදි තවත් සැකකරුවෙකුට මරණ තර්ජන සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තර්ජනයට ලක් වූ සැකකරුගේ නිතීඥවරයා කොළඹ මහේස්ත්‍රාවරයාට පැමිණිලි කර ඇති බවටයි වාර්තා වන්නේ.

පාතාල සාමාජිකයෙකුවන මොහමඩ් නජිබ් මොහමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් තවත් සැකකරුවෙකුට මෙම මරණ තර්ජනය සිදුකරනු ලැබුවේ නඩු කටයුත්තක් සඳහා ඊයේ (31) දිනයේ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් යළි බන්ධානාගාරයට රැගෙන යන අවස්ථාවේදී.

අදාළ තර්ජනය සිදුකරණ අවස්ථාවේදි කංජිපානි ඉම්රාන් සිටියේ පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේයි.

මෙලෙස තර්ජනයට ලක්වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයට අදාළව මහර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙක්.

තර්ජනයට ලක් වූ සැකකරුගේ නීතිඥවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට පැමිණිලි කර තිබෙනවා.

මීට පෙරද අදාළ සැකකරු බන්ධනාගාර පරිශ්‍රයේදී සයනයිඩ් එන්නත් කර ඝාතනය කිරීමට උත්සහ කර ඇති බවටද තොරතුරු වාර්තාවනවා.

ගංජා කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වසර 6 ක් සිරදඬුවම් නියම වී බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් පසුගිය වසරේ පෙබරවාරි 5 වැනිදා ඩුබයි පොලිස් අත්අඩංගුවට පත්වුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ් සංවිධානකර තිබූ සාදයක සිටියදීයි.

***************************************

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට කඩිනමින් නිදහස ලැබේවායි ප්‍රාර්ථනා කරමින් කැළණිය රජ මහා විහාරයේදී ආශිර්වාද පූජාවක්

(01.02.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට කඩිනමින් නිදහස ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද පූජාවක් කැළණිය රජ මහා විහාරයේදී ඊයේ (31) පැවැත්වුණා.

ඒ, විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.

කැළණිය රජ මහා විහාරස්ථානයේදී ඊයේ (31) පස්වරුවේ මෙම ආශිර්වාද පූජාව පැවැත්වුණේ කොළඹ දිස්ත්‍රික් ජනතාව මෙන්ම ජාතික සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට කඩිනමින් නිදහස ලැබේවායි ප්‍රාර්ථනා කරමින්.

***************************************

වූහාන් සිට දියතලාවට පැමිණි සිසුවෙකු හිරුට කතා කරයි

(01.02.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

චීනයේ වූහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු අද (01) පෙරවරුවේ ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත ශ්‍රී ලංකාව ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයක් බව රජය පවසනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප මෙන්ම විශ්වාසදායක විදේශ ප්‍රතිපත්තිය මනාව පිළිබිඹු කරන්නක් බවයි.

නව කොරෝනා වෛසරය හේතුවෙන් දින 9 ක් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි මෙම ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා අද (01) පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා.

ඒ ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.

දිවයිනට පැමිණි සියලුදෙනා දියතලාව යුද හමුදා මූලික රෝහලේ ස්ථාපිත විශේෂ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගැණුනා.

නව කොරෝනා වෛරය ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය පසුගිය ජනවාරි 24 වනදා සිට සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි එරට රජය පියවර ගත්තේ.

ඒ අනුව එම නගරයේ වාසය කරන මිලියන 11 ක් පමණ වූ ජනතාව දින 9 ක පමණ කාලයක් සිරවී සිටින අතර, ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ද ඒ අතර සිටියා.

පසුගිය දින 9 පුරාවට ශ්‍රී ලංකා රජය චීන රජය සමඟ සිදුකළ, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, වූහාන් හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීමට ශ්‍රී ලංකාවට අවසරය හිමිවුණා.

ඒ එම අවසරය හිමිවූ ලෝකයේ සිව්වන රට ලෙසයි.

ඇමරිකාව, ජපානය සහ ඉන්දියාව මීට පෙර සිසුන් සිය රටට රැගෙන ගිය සෙසු රටවල් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් රජය කෙරෙහි චීන රජය තබා ඇති දැඩි විශ්වාසය හේතුවෙන් සිසුන් කඩිනමින් ගෙන්වා ගැනීමට හැකි වූ බව, විදේශ සබඳතා අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළා.

මෙම ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානය ඊයේ (31) පස්වරු 3.56 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් වූවාන්හි – ටියැංහේ ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා පියාසර කළේ ඒ අනුවයි. අදාළ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ද මෙම තත්ත්වය සඳහා මුහුණදීමට විශේෂ පුහුණුවක් ලබාදී තිබුණා.

ඒ අනුව ඔවුන් සිය ගුවන් ගමන සඳහා විශේෂ නිරෝධායන ඇඳුමකින් සැරසී සිටි අතර ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළේ කපිතාන් චමින්ද සොයිසා මහතායි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 8 දෙනෙකු ඇතුළුව 16 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිතව එම යානය පිටත්ව ගියා.

පැය 5 ක පමණ ගුවන් ගමනකින් පසු අදාළ ගුවන් යානය වූහාන් හි ටියැංහේ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලගා වුණේ මෙරට වේලාවෙන් රාත්‍රී 9 ට පමණයි.

වූහාන් හි සිරවී සිටි සියලු ශ්‍රී ලාංකිකයින් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් විශේෂ බස් රථ දෙකකින් ටියැංහේ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත රැගෙන ආවා.

පසුව ඔවුන් විශේෂ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.

මෙරට වේලාවෙන් අලුයම 1.30 ට පමණ ගුවන් ගත වූ යානය පෙරවරු 7.42 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබැස්වූවා.

අනතුරුව සියලුදෙනා ගුවන්තොටුපලේදීම විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට යොමුකරනු ලැබුවේ මෙවැනි ජීව හෝ රසායනික ප්‍රහාර වැනි ව්‍යසන තත්ත්වයන් සදහා ක්‍රියාත්මක වීමට පිහිටවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලගණයේ මූලිකත්වයෙන්.

ගුවන් ගමනට එක්වූ කාර්ය මණ්ඩලය ද එම නිරෝධායන ක්‍රියාවලියට භාජනය කළ බව සඳහන්.

වූහාන්හි සිට පැමිණි ගුවන් යානය නැවත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පිටත් කර ඇත්තේ විෂබීජ නාශක දියරවලින් පිරිසිදු කිරීමෙන් අනතුරුව බව අප වාර්තාකරු සදහන් කළා.

වූහාන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දියතලාව යුද හමුදා මූලික රෝහල වෙත රැගෙන යාම සදහා විශේෂිත බස් රථයක් ඒ වනවිටත් සූදානම් කර තිබූ අතර, නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව ඔවුන් එම බස් රථය වෙත රැගෙන ගියේ විශේෂිත ඇඳුමකින් සැරසවීමෙන් අනතුරුවයි.

මෙම ශ්‍රී ලාංකිකයින් 33 දෙනා අතර, කුඩා ළමයින් සිව් දෙනෙකු, කාන්තාවන් 16 දෙනෙකු ද ඇතුළත්.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පෙරවරු 9.30 ට පමණ පිටත් වූ පිරිස පැය 2 ක් ඇතුළත දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත ළඟා වුණා.

එහිදී මෙම පිරිස දින 14 ක අධීක්ෂණයෙන් පසු සිසුන් දෙමව්පියන්ට භාරදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මෙම විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සදහා දියතලාව යුද හමුදා මූලික රෝහලේ නව ගොඩනැගි දෙකකින් සමන්විත විශේෂ ඒකකය ඉදිකලේ පැය 48 ක් වැනි කෙටි කාලයක් තුළයි.

යුද හමුදාව විසින් ඉදිකළ එම ඒකකය සියලූ පහසුකම් වලින් සමන්විත කාමර 34 කින් යුක්ත වනවා.

මේ අතර, චීනයේ – වූහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට එම සමාගම ස්තුතිය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා සදහන් කළේ අර්බුදකාරි අවස්ථාවලදී අභියෝගය කුමක් වුවත්, ඊට මුහුණදිමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සූදානම් බවයි.

දියතලාව යුද හමුදා මූලික රෝහලේ ස්ථාපිත විශේෂ ඒකකය රඳවා සිටින චීනයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිසුවෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණීමට සහය දුන් සියලුදෙනාට ස්තූතිය පළ කරන බවයි.

+++++++++++++++++++++++++++++++++++

චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 141 දෙනෙකු දිවයිනට – වූහාන් සිට පැමිණි 33 දෙනා දිනකට දෙවරක් පරීක්ෂාවට

(02.02.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා වෛරසය පැතිර යන චීනයේ වූහාන් නගරයේ සිට දිවයිනට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන් 33 දෙනා දෛනිකව දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කෙරෙනවා.

එහිදී ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊයේ (01) දිවයිනට පැමිණි එම පිරිස මේ වනවිට දියතලාව යුද හමුදා මූලික රෝහලේ ස්ථාපිත විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර, අවශ්‍යතාවක් ඇතිවුවහොත් යුද හමුදාවේ වෛද්‍ය නිලධාරීන්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන්ද ඒ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බවයි එම අමාත්‍යාශයේ එම උසස් නිලධාරියෙකු කියා සිටියේ.

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට සැකසහිත පුද්ගලයන් 18 දෙනෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන බවයි.

ඒ අනුව අංගොඩ උණ රෝහලේ පුද්ගලයින් 4 දෙනෙකු, කුරුණෑගල මහ රෝහලේ තුන්දෙනෙකුද, කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දෙදෙනෙකු බැගින්ද සිටිනවා.

මේ අතර ඊයේ (01) රාත්‍රියේ සිට අද අලූයම දක්වා කටුනායක ගුවන් තොටුපලට චීනයේ සිට ගුවන් යානා 3 කින් තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 දෙනෙකු පැමිණ ඇති බව ගුවන් තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

ඔවුන් සියලුදෙනා ගුවන් තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා නිවෙස් වෙත පිටත් කර ඇති බව සඳහන්.

රජය, නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීම නිසා මෙරට කොරෝනා වෛරසය පැතිරීම වළක්වාගැනීමට හැකිවූ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළා.

ඒ, ඇඹිලිපිටියේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන මෙහෙය වන රහස් පොලිස් නිලධාරියෙකුගෙන් ජනපති කොමිසමට රහස් ප්‍රකාශයක්

(01.02.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද (01) ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

කෙසේ වෙතත්, ඊට අදාළ නඩු කටයුත්තක් සිදුවීම ඇතුළු කරුණු කිහිපයක් මත ඔහුගේ ප්‍රකාශ ලබා ගැණුනේ රහසිගතවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නේ මාවනැල්ල බුදුපිළිම වලට හානි කිරීමේ සිද්ධිය වන අවස්ථාවේ මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාව සිටි දමිත නිලංගයි.

ඊයේ (31) දිනයේ ඔහු කොමිසම හමුවට කැඳවා තිබූ අතර, සාක්ෂි ලබාදීමට නිසි සූදානමක් නොමැතිවීම සහ සිද්ධියට අදාළ ලිපි ලේඛන අධ්‍යයනය කර නොතිබීම හේතුවෙන් සාක්ෂිකරු අද (01) නැවතත් කැඳවා තිබුණා.

මෙහිදී ජනාධිපති කොමිසම සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී, සාක්ෂිකරු ප්‍රකාශ කළේ මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් සාදික් හා සිද්ධික් යන පුද්ගලයින්ගේ පියා වන ඊබ්‍රහිම් නමැති මව්ලවිවරයාගේ නිවස 2019 වසරේ ජනවාරි 23 වනදා සෝදිසි කළ බවයි.

එහි තිබී සී.ටී තැටි 390 ක්, වායු රයිෆලයක් සහ අරාබි ලේඛන තොගයක් සොයා ගත් බව ඔහු එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම, නිවසේ ඉහළ මහලේ තිබූ විශේෂ කාමරයක කිසියම් වීඩියෝ පටිගත කිරීමක් සඳහා අවශ්‍ය ආම්පන්න තිබූ බව ද, මාවනැල්ල හිටපු ස්ථානාධිපතිවරයා කොමිසම හමුවේ අනාවරණ කළා.

කාමරයේ එක් බිත්තියක කිසියම් විකාශයක් සඳහා පසුබිම ලෙස යොදා ගන්නට ඇතැයි සැලකෙන කොළ පාට රෙද්දක් එල්ලා තිබූ බවත්, ඊට අමතරව, වීඩියෝ කැමරාවක් සහ ආලෝකකරණ උපාංග ද එහි තිබූ බවත්, ඔහු කියා සිටියා.

අන්තවාදී මුස්ලිම් තරුණයින් මාවනැල්ල ප්‍රදේශයේ මෙලෙස ක්‍රියාකාරිව සිටියදීත් බුද්ධි අංශය කුමක් කලේ දැයි ජනාධිපති කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් විමසුවා.

ස්ථානාධිපතිවරයා එහිදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලැබූ පිරිසක් තමා යටතේ නොසිටි බවයි.

***************************************

නිවාස 14,022 ක් ඉදිකෙරෙන “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික වැඩසටහන ඇරඹේ

(01.02.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පොල් අතු සෙවිලි කළ සෑම නිවසක්ම මේ වසර අවසන් වනවිට උළු සෙවිලි කළ නිවෙස් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා දින 60 ක් තුළ නිවාස 14,022 ක් ඉදිකරන “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේ ජාතික උත්සවයට කුරුණෑගල – ගිරිබාව – වරාවැව ගම්මානයේදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

***************************************

ETI තැන්පතුකරුවන් අඛණ්ඩ සත්‍යග්‍රහයකට සැරසේ

(01.02.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

තම ගැටලුවට වහා විසඳුමක් ලබා නොදුනහොත් ලබන 06 වනදායින් පසුව අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන බව ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය ප්‍රකාශ කළා.

එහි සභාපති, අනූෂා ජයන්ති මහත්මිය මේ බව කියා සිටියේ කොළඹ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

මෙරට තුල රැඳී සිටින චීන ජාතිකයින්ට විශේෂ දැනුම් දීමක්

(01.02.2020 – 18:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට රැඳී සිටිමින් ව්‍යාපෘති සහ සේවා ස්ථානවල සේවය කරන චීන ජාතිකයින් මෙරට තුල වැඩි වශයෙන් සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැනුම් දෙනවා.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

සිය සේවා ස්ථානවල සහ තමන් නවාතැන් ගෙන සිටින ස්ථාන වලට පමණක් රැඳී සිටිය යුතු බවට එම චීන ජාතිකයින්ට ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිටත් දැනුම් දීම් සිදුකරගෙන යන බව ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

මෙරට තුල කොරෝනා වෛරසය පාලනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *