ශානි අබේසේකරගේ වැඩ තහනම් – පොලීසිය අපකීර්තියට පත් කළ බවට චෝදනා

(07.01.2020 – 17:06 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ දුරකථන සංවාද මගින් පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ චෝදනාව යටතේ මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරු කර වැඩතහනමට ලක් කර තිබෙනවා.

ඔහුට ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම මූලික විමර්ශනයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇති බවයි එහි ලේකම් නිශාන්ත වීරසිංහ කියා සිටියේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු අසත්‍ය නඩු නිර්මාණය කර දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කරවූවා – නාමල් රාජපක්ෂ

(07.01.2020 – 21:58 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අසත්‍ය නඩු නිර්මාණය කර ඔහුට මරණ දඬුවම නියම කරවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්ව ඇති හඬපට පිළිබඳව අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ හේතුවෙන් වර්තමානය වනවිට නඩු තීන්දු පිළිබඳව ජනතාවගේ විශ්වාසය නැතිවී ඇති බවයි.

+++++++++++++++++++++

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදිය යුතුයි – එස්. එම්. චන්ද්‍රසේන

(07.01.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදිය යුතු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඩ පට සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

+++++++++++++++++++++

රංජන්ගේ හඬපට සිද්ධියත් සමඟ අධිකරණය පිළිබඳ ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවිය හැකියි

(07.01.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

රංජන් රාමනායකගේ හඬපට සිද්ධියත් සමඟ අධිකරණය පිළිබඳ ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද (07) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

+++++++++++++++++++++

ශානි විමර්ශන සිදුකර විනිසුරු පද්මිණී තීන්දු ලබා දුන් නඩු යළි විභාග කළ යුතුයි

(07.01.2020 – 20:10 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුලු දේශපාලන දඩයමට ගොදුරු වූ සියලුදෙනාට යුක්තිය ඉෂ්ඨවීමට නම් ශානි අබේසේකර විසින් විමර්ශන සිදුකර පද්මිණි රණවක විසින් නඩු තීන්දු ලබා දුන් නඩු යළි විභාග කර විමසා බැලිය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක උදය ගම්මන්පිල මහතා අද (07) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් සඳහන් කළේ, අධිකරණය පිළිබඳ ජනතාවට යළි විශ්වාසය ඇතිවීමට නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට අධිකරණයට බලපෑම් කළ දේශපාලනඥයින්ට සහ විනිසුරුවන්ට දඬුවම් කළ යුතු බවයි.

+++++++++++++++++++++

‘ගොන්ජා සහ ජජී පද්මිණි’ නාඩගම වෙනුවෙන් – දැක්කොත් පද්මාවතී …

+++++++++++++++++++++

+++++++++++++++++++++

ජනාධිපති කොමිසමක් පත් කර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කළයුතුයි

(07.01.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධ නඩු තීන්දුවට බලපෑම් එල්ල වී තිබීමේ පසුබිමක් තුළ, ජනාධිපති කොමිසමක් පත් කර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉල්ලා සිටිනවා.

අරලියගහ මන්දිරයේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළකළා.

+++++++++++++++++++++

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට දුන් නඩු තීන්දුව බලපෑම් මත ලබාදී ඇතැයි නිදහස් පක්ෂය කියයි

(07.01.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබාදුන් නඩු තීන්දුව බලපෑම් මත ලබාදුන්නක් බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියා.

+++++++++++++++++++++

ශානි අබේසේකර ඇතුලු පිරිස වහා අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කියයි

(07.01.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

අනාවරණ වී ඇති දුරකථන සංවාද අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම ලබාදී ඇත්තේ දේශපාලන බලපෑම් මත බැවින් ඊට සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු පිරිස වහා අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.

විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

+++++++++++++++++++++

විනිසුරු පද්මිණී රණවක ලබාදුන්, දුමින්ද සිල්වා නඩු තීන්දුව ඇතුලු අනෙකුත් තීන්දු අත්හිටුවන්න – පාර්ශව රැසකින් අධිකරණ කොමිසමට සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි

(07.01.2020 – 19:20 +0530 – hirunews.lk/sinhala)

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරු කරමින් ලබාදුන් නඩු තීන්දුව ඇතුලු අනෙකුත් තීන්දු ශූන්‍ය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත අද (07) පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කෙරුණා.

ඒ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එවකට සිටි විනිසුරුවරියක සහ රහස් පොලීසියේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සමඟ සිදුකරන සංවාද ඇතුළත් හඬ පට පදනම් කරගනිමින්.

ඒ අනුව නව සිංහල රාවය සංවිධානය, අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත අද (07) පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

එසේම නව සිංහලේ ජාතික සංවිධානයද අද (07) අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරු කරමින් ලබාදුන් නඩු තීන්දුව ඇතුලු අනෙකුත් තීන්දු ශූන්‍ය කළ යුතු බව පවසමින්.

මේ අතර සිංහලේ සංවිධානයඅධිකරණ සේවා කොමිසන් සභාව වෙත අද (07) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අනතුරුව සිංහලේ සංවිධානය පොලිස් මූලස්ථානය වෙත ද කරුණු 8 ක් යටතේ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක විසින් සාපරාධී ලෙස මරණයක් සිදුකිරීමට කුමන්ත්‍රණය කර ඇති බැවින් ඇයව අත්අඩංගුවට ගත යුතු බව පවසමින්.

ඔවුන් ගොනුකළ පැමිණිල්ලේ ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ හිටපු මහාධිකරණ විනිසුරුවරිය අපරාධ චෝදනා එල්ලවී ඇති සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් නීතිමය උපදෙස්, රැකවරණ හා නීතිය අවභාවිත කරන ආකාරය පිළිබඳ සැළසුම් සැකසු බවයි.

අභියාචනාධිකරණයට උසස්වීමක් ලබාගැනීම වෙනුවෙන් තම සන්තකයේ පැවති නඩු ගොනුවක් තම අභිමතය පරිදි භාවිත කරමින් චේතනාන්විතව මිනීමැරීම වෙනුවෙන් අධිකරණ බලය අත්තනෝමතිකව යොදාගැනීම හේතුවෙන් මිනිස් ඝාතනයක් සිදුකිරිමට අනුබලදීම හා චූදිතයා තම පෞද්ගලික අපේක්ෂාවක් වෙනුවෙන් මිනිස් පළිහක් ලෙස භාවිතාවේ යෙදවීම හේතුවෙන් වින්දිතයාට නිදහස්ව ජීවත්ව සිටිමට ඇති අයිතිය අහිමි කිරීම හේතුවෙන් මිනිමැරීමට තැත් කිරීමේ චෝදනා එල්ලවිය යුතු බවද සිංහලේ සංවිධානය අදාළ පැමිණිල්ලෙන් කරුණු ගොනුකර තිබෙනවා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ඇතුලු දේශපාලන දඩයමට ගොදුරු වූ සියලු දෙනාටම යුක්තිය ඉෂ්ඨවීමට නම් ශානි අබේසේකර විසින් විමර්ශන සිදුකළ, පද්මිණී රණවක විනිසුරුවරිය විසින් තීන්දු ලබාදුන් නඩු යළි විභාග කර විමසා බැලිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

කොළඹ අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යොදාගෙන ඇති බවයි.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධ නඩු තීන්දුවට බලපෑම් එල්ලවී තිබීමේ පසුබිමක් තුළ, ජනාධිපති කොමිසමක් පත් කර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනයක් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉල්ලීමක් කරනවා.

අරලියගහ මන්දිරයේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

+++++++++++++++++++++

යහපාලනය විනිසුරුවරුන් වෙනුවෙන් මිනිසුන් එල්ලුම්ගස් යැවූ යුගයක් – මුසම්මිල්

(07.01.2020 – 16:02 +0530 – sinhala.adaderana.lk)

පොලීසියට හා අධිකරණයට නිර්ලජ්ජිත ලෙස බලපෑම් කළ යහපාලන ආණ්ඩුව විනිසුරුවරුන්ගේ උසස්වීමක් වෙනුවෙන් නිවැරදි මිනිසුන් එල්ලුම්ගස් යවන තැනට පත්කළ බව රන්ජන් රාමනායක නැමැත්තාගේ දුරකථන සංවාද හඬපට මගින් ඔප්පු වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

අද (07) ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

ඉහත හඬපටවලින් හෙළිදරව්වන වෙඩි තැබීමකට අදාළ සිදු වීමකදී රන්ජන් රාමනායකට ‘මිස් ෆයර් වුණා’ යනුවෙන් පොලීසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උපදෙස් දෙන හිටපු අගමැතිවරයාගේ සහ හිටපු පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපවලින් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයන් නීතිය සමඟ සූදු කෙළි ආකාරය බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම ශ්‍රී ලංකා පොලීසිය සතු සංවිධානාත්මක ඒකකය වන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා එජාප මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල ‘මාස ගණන වළං හේදීමට’ එකඟ වන නිර්ලජ්ජිත තත්වයට පත්ව සිටි ආකාරය ‘ශානි අබේසේකර රන්ජන් රාමනායක’ දුරකථනක සංවාද හඬපට තුළින් අනාවරණය වූ බව ද මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

2015 බලපෙරළියත් සමඟ විපක්‍ෂයේ දේශපාලන නායකයන් දඩයම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සිට ‘රනිල් – රාජිත – චම්පික – සුමන්තිරන් හා අනුර දිසානායක’ කළ කී දෑ පක්‍ෂ, පාට භේදවලින් තොරව මේ රටේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන සෑම සුරවැසියකුටම මේ හඬපට තුළින් තේරුම් ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

නීතියේ ආධිපත්‍යය කෙරෙහි හා පොලීසියේ හා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැංවීම, මේ නීතිය සමඟ සුදු කෙලීමේ ක්‍රියාවලියේ වින්දිතයන් වූ දේශපාලනඥයන්ට, රණවිරුවන්ට සාධාරණයක් ඉටු කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයක් බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රන්ජන් තවත් විනිසුරුවරියන් කිහිපදෙනෙකු සමඟ සමීපව කටයුතු කර ඇති බවට සිංහලේ ජාතික සංවිධානයෙන් චෝදනා

(07.01.2020 – 19:15 +0530 – hirunews.lk/sinhala)

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවකට අමතරව තවත් විනිසුරුවරියන් කිහිපදෙනෙකු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමීපව කටයුතු කර ඇති බවට සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් චෝදනා කළා.

ඒ, කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

හිටපු බුද්ධි ප්‍රධානීයා ඉවත් කරන්න රන්ජන සහ ශානි අතර සිදු වු දුරකථන සංවාදය

(07.01.2020 – 20:46 +0530 – sinhala.adaderana.lk)

හිටපු හමුදා බුද්ධි ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අතර සිදු වූ දුරකථන සංවාදයක හඬපටයක් ද අද (07) මාධ්‍යට නිකුත් විය.

මේ සම්බන්ධයෙන් අද (07) පැවති මාද්‍ය මහුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අදහස් දැක්වීය.

එහිදි ඔහු පැවසුවේ මේ ආකාරයට කුමන්ත්‍රණ සිදු කරමින් බුද්ධි අංශ අඩපණ කළ නිසා රට තුල ජාතික ආරක්ෂාව බිඳ වැටුන බවයි.

+++++++++++++++++++++

රන්ජන්ගේ තවත් හඬ පට එළියට – හිටපු අගමැති උපදෙස් දුන් බවත් හෙළිවේ

(07.01.2020 – 19:28 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජයේ සමයේදී රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෙඩි තැබීමේ සුදානමක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සිදුවු දුරකථන සංවාද ඇතුලත් හඬ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත්වී තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේදි මන්ත්‍රී වරප්‍රසාද යටතේ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (07) මේ සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමුකළා.

+++++++++++++++++++++

රන්ජන් සහ හිටපු අගමැති රනිල් අතර දුරකථන සංවාදයක්

(07.01.2020 – 20:24 +0530 – sinhala.adaderana.lk)

තමාව ඝාතනය කිරීම සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණය කරන දුරකතන සංවාදයක් සමාජ මාධ්‍යට නිකුත් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහිදී කතානායක කරූ ජයසූරිය සඳහන් කළේ ඉදිරියේදී තමා මේ පිළිබඳ අවධානය යොමු කරන බවයි.

එවකට රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ රන්ජන් රාමනායක විපක්ෂ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්ධයෙන් 2016 ජූනි මස 21 වනදා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සිදු කළේය.

ඒ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී භාවිත කළ ඩිෆෙන්ඩර් රථයක් යළි රජයට භාරනොදී රහසින් මාදිවෙල මන්ත්‍රී නිවාස වෙත රැගෙන විත් ගාල් කර තබා ඇති බවට චෝදනා කරමින්.

කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් එවකට මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු ආලින්දයේදී ප්‍රතිචාර දැක්වීමට යාමත් සමඟ දෙපළ අතර බහින්බස්වීමක් ඇතිවූ බවද එය ගැටුමක් දක්වා දුරදිග ගිය බවද මාධ්‍යට තොරතුරු වාර්තා වුණි.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2016 ජූනි 22 වනදා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කළේය.

කෙසේවෙතත් 2016 ජූනි මස 23 වනදා මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් වෙඩි හඩක් නිකුත් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකර සිටියේ මෙවන් පසුබිමකයි.

එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එදින පෙරවරුවේ චිත්‍රපටයක ජවනිකාවකට පුහුණුවීමක නිරත වී ඇති නිසා එම වෙඩි හඬ ඇසී ඇති බවයි.

කෙසේවෙතත් රන්ජන් රාමනායකගේ පුහුණුවීම පිළිබඳව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් පළකිරීමෙන් පසු ඒ සඳහා ස්තූති කරමින් රන්ජන් රාමනායක විසින් රනිල් වික්‍රමසිංහට ලබාදුන් දුරකතන ඇමතුමක හඩ පටයද මේ වනවිට නිකුත් වී තිබේ.

කෙසේවෙතත් මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • All the people involved in this conspiracy, including the former PM should be taken into custody, charged and put before the courts forpunsihment. former PM has been planning with gonja how to kill mahindananda and then advising gonja how to create a false account of his shooting. These are criminal offences. batalanda crimes are being repeated yet again 32 years later.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *