“ගෝඨාභය හෘදයාබාදයකින් රෝහලේ..?” යමපාලන මඩ බලකායේ අන්තිම නාට්ටිය වේලාසනින් එළියට පනී…

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• “ගෝඨාභය හෘදයාබාදයකින් රෝහලේ..?” යමපාලන මඩ බලකායේ අන්තිම නාට්ටිය වේලාසනින් එළියට පනී…

• නොබෙල් තෑග්ගට පමණක් දෙවෙනි ඇමෙරිකානු AAAS සම්මානය ශ්‍රී ලාංකිකයන් දෙපළකට…

• දැනගනිව් (NGO වේසිපුත්‍රයිනි), රටට ණය නැති අපිට රණවිරුගාය …

• පරාජය ඉව වැටෙයි…. ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ප්‍රවෘත්ති පැන දුවයි…. මඩ කප්පිත්තෙක් වැඩ බැලීමට පත් කරයි…

• රණවිරුවන් හිරකරන්න සාක්ෂිදුන් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ

• ඡන්ද පොලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

• ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා – ආචාර්ය ගුණදාස අමරසේකර

• ඩයස්පෝරා ඉල්ලීමට නාවික විරුවන් 5 කගේ වැඩතහනම් කිරීමට අවසාන මොහොතේ දැරූ උත්සාහය ජනාධිපති මැදිහත්වී නවත්වයි

• ඇමරිකානු පුරවැසිභාවය ගැන අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝ පටය ව්‍යාජ එකක් – ඇමරිකානු තානාපති කාර්යාලය

• ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් සමඟ හම්බන්තොටදී පුද්ගලයෙකු අත්අඩංගුවට

• රාජකාරියට, රාජකීය විද්‍යාලයට පැමිණි 58 ක් රෝහලේ

• ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කර විකුණූ 8 දෙනෙකු අත්අඩංගුවට

• අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ලෙස සමාජ මාධ්‍ය යොදාගන්නේ නම් අවහිර කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම කියයි

• ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 60,000 ක්

• ගම්බිම් බලා යන මගීන් නිසා – කොටුව දුම්රියපලේ සහ මධ්‍යම බස් නැවතුම්පලේ තදබදයක්

• දිවයින පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹේ

• බොරැල්ලේදී මෝටර් රථයක් ගිනිගනී

+++++++++++++++++++++++++++++++++++

“ගෝඨාභය හෘදයාබාදයකින් රෝහලේ..?” යමපාලන මඩ බලකායේ අන්තිම නාට්ටිය වේලාසනින් එළියට පනී…

(15.11.2019 – 00:02 +0530 – lankacnews.com)

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවටත් ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවටත්’ පුවතක් ව්‍යාජ ලෙස සකසා සමාජාලා වලට මුදා හැරීමට හෙට (16) දිනයේ සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එවන් පුවතක් දුටුවොත් කිසිසේත්ම ඒවා විශ්වාස නොකරන ලෙසත් ඒවා එක්සත් ජාතික පක්ෂය මඩ බලකාය විසින් අසත්‍ය ලෙස නිර්මාණය කරන ඒවා බවත් ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති අවසන් ජනරැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී ෴

***************************************

නොබෙල් තෑග්ගට පමණක් දෙවෙනි ඇමෙරිකානු AAAS සම්මානය ශ්‍රී ලාංකිකයන් දෙපළකට…

(15.11.2019 – 10:00 +0530 – lankacnews.com)

ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය පිරිනමන AAAS (ට්‍රිබල් ඒ එස්) සම්මානය 2109 වසර සඳහා කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය සරත් ගුණතිලක මහතාට සහ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන මහතාට හිමිව ඇත.

කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් බාධක මැද ඔවුන් සිදු කළ පර්යේෂණ වෙනුවෙන් මෙම සම්මානය ලබා දුන් බව ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය පවසයි.

මෙම වසරේ ජනවාරි මාසයේ මුල් වරට මෙම සම්මානය මහාචාර්ය ගුණතිලක මහතාට සහ මහාචාර්ය ජයසුමන මහතාට ලබා දෙන බව නිවේදනය කළ අතර කෘෂිරසායන සමාගම්වලින් සහ ඔවුන් වෙනුවෙන් සේවය කරන පිරිසෙන් එල්ල වූ අතිමහත් විරෝධය නිසා ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය එම සම්මානය ලබා දීම තාවකාලිකව අත් හිටුවා ඒ ගැන යළි සලකා බැලීමට කමිටුවක් පත් කළේය.

මාස 10 ක් කරුණු විමසු එම කමිටුව සම්මානයට මහාචාර්යවරු සුදුසු බව පසුගිය දා තීරණය කර ඇත.

බටහිර විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයකුට හිමි වූ ඉහලම ඇගයීමද මෙයයි.

මූලාශ‍්‍රය :
https://www.aaas.org/awards/scientific-freedom-and-responsibility/recipients?fbclid=IwAR0eftTU1hQZIRSaprSvn4mELZ5Fe50lgoh5-NhxuPndjFkQ4jZGty366pI

+++++++++++++++++++++

මහාචාර්ය සරත් ගුණතිලක සහ මහාචාර්ය චන්න ජයසුමන

+++++++++++++++++++++

AAAS (ට්‍රිබල් ඒ එස්) සම්මානය

ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය පිරිනමන AAAS (ට්‍රිබල් ඒ එස්) සම්මානය 2109 වසර සඳහා මටත්, කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු මහාචාර්ය සරත් ගුණතිලකටත් හිමිව ඇත. කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ සහ ඒ වෙනුවෙන් සිදු කළ කටයුතු වෙනුවෙන් මෙම සම්මානය ලබා දුන් බව ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය පවසයි.

මෙම වසරේ ජනවාරි මාසයේ මුල් වරට මෙම සම්මානය අපට හිමි වූ බව නිවේදනය වූ නමුත් කෘෂිරසායන සමාගම්වලින් සහ ඔවුන් වෙනුවෙන් සේවය කරන පිරිසෙන් එල්ල වූ අතිමහත් විරෝධය නිසා (ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුගේ පෙත්සම්ද සහිතව) ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය එම සම්මානය ලබා දීම තාවකාලිකව අත් හිටුවා ඒ ගැන යළි සලකා බැලීමට කමිටුවක් පත් කළේය. මාස 10 ක් කරුණු විමසු එම කමිටුව සම්මානයට අප සුදුසු බව පසුගිය දා තීරණය කර ඇත.

කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් අප සිදු කළ දෑ වෙනුවෙන් ආශිර්වාදය, උපකාර ලබා දුන් සියළු දෙනාට (නාථ දෙවියන්ද ඇතුළුව) පුණ්‍යානුමෝදනා.

– චන්න ජයසුමන

https://www.facebook.com/jayasumanachanna
(15.11.2019)

***************************************

දැනගනිව් (NGO වේසිපුත්‍රයිනි), රටට ණය නැති අපිට රණවිරුගාය …

ගායනය : කුමාර තිරිමාදුර
පද රචනය : සංජක ප්‍රසාද් දොලේවත්ත
සංගීතය : සුනෙත් කැළුම්

***************************************

පරාජය ඉව වැටෙයි…. ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ප්‍රවෘත්ති පැන දුවයි…. මඩ කප්පිත්තෙක් වැඩ බැලීමට පත් කරයි…

(15.11.2019 – 16:40 +0530 – lankacnews.com)

ජාතික රූපවාහිනියේ වර්තමාන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිලාර් කාසිම් මහතා සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වී ඇත. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි සිදුකිරීමට නව අධ්‍යක්‍ෂවරයෙකු පත් කර ඇත.

සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය එම පත්වීම සිදුකර ඇත.

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට එම ධුරයේ රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නොමැති බවට සේවකයෝ චෝදනා කරති.

සාමාන්‍ය පෙළවත් සමත් නොමැති අයෙකු 90% පමණ උපාධිධාරින් සිටින ප්‍රවෘත්ති අංශයේ සේවක මඩුල්ලට රාජකාරි කටයුතු සඳහා උපදෙස් ලබා දෙන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් වී ඇත.

නව අධ්‍යක්‍ෂක මඩ පුවත් ප්‍රචාරයට පමණක් සුදුසුකම් ලද්දේක් බව ජාතික රූපවාහිනි සේවකයෝ පවසති.

අවසන් පැය කිහිපය දී දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් කිරීමේ අරමුණින් මෙම පත්වීම කර ඇතැයි වාර්තා වේ.

නව අධ්‍යක්‍ෂක වසර දෙකක කාලයකට අමෙරිකාවට යාමට අවසර ඉල්ලා තිබුණු අතර සංස්ථා සභාපතිනිය ඊට අනුමැතිය ලබා දී ඇත.

ඔක්තෝම්බර් 28 වැනිදා සිට නිවාඩු අනුමත ව තිබියදීත් මෙලෙස සේවයට වාර්තා කරන්නේ නීත්‍යානුකූල නොවන අයුරිනි.

මෙම නිලධාරියාගේ ඔක්තෝබර් වැටුපද අත්හිටුවන ලෙස නියෝග කර ඇත. විදේශ ගතවීමට ටිකට්පත් පවා සූදානම් කොට, තමන් ලවා මඩ පුවත් නිෂ්පාදනය කිරීමට නව අධ්‍යක්‍ෂක දරන උත්සාහය ප්‍රවෘත්ති අංශ නිෂ්පාදකවරුන්ගේ විරෝධයට හේතුවී තිබේ.

– රූපවාහිනී වාර්ථාකරු

***************************************

රණවිරුවන් හිරකරන්න සාක්ෂිදුන් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ

(15.11.2019 – colombotoday.com)

නාවික හමුදා බුද්ධි අංශ රණ විරුවන් විශාල ප්‍රමාණයක් සිරගත කිරීම සඳහා තුඩු දුන් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදුවූ නඩු විභාගයේදී රජයේ සාක්ෂි කරු ලෙස නාවික හමුදා රණවිරුවන්ට එරෙහිව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ලවූ ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත චින්තක වෙලගෙදර ඊයේ (14) රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත චින්තක වෙලගෙදර ඊයේ (14) දින විශ්‍රාම ගොස් ඇති අතර ඊයේ දිනම රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබාගෙන මෙරටින් පිටව ගොස් ඇත ෴

***************************************

ඡන්ද පොලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

(15.11.2019 – colombotoday.com)

ඡන්ද පොලට පැමිණීමේදී ජංගම දුරකථන රැගෙන ඒම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා.

ජංගම දුරකථන රැගෙන ඒමෙන් අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණදිය හැකි බැවින් මෙම තහනම පැනවූ බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.

අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා දැක්වූ අදහස් :

අද පැවැත්වූ සම්පුර්ණ මාධ්‍ය හමුව :

***************************************

ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා – ආචාර්ය ගුණදාස අමරසේකර

(15.11.2019 – 15:38 +0530 – lankaleadnews.com)

ජනාධිපතිවරණය ක්‍රියාවලිය පිළිබඳව lanka lead සාහිත්‍යශූරි ගුණදාස අමරසේකර මහතා ගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා මෙසේ සඳහන් කළේය :

“මෙම මැතිවරණයේ දී සිංහල ජනතාව අතර – කතෝලික සහ බෞද්ධ ජනතාව අතර විශාල පිබිදීමක් ඇති වී තිබෙන බව පේනවා. ඊට හේතුව ආණ්ඩුව විසින් ආගමික අන්තවාදීන් ආරක්ෂා කිරීම නිසා ඇති වූ අනාරක්ෂිත මනෝභාවය විය හැකියි.

විශේෂයෙන්ම චෝදනාවට පාත්‍ර වූ රිසාඩ්-හකීම් යුවල සහ සම්බන්ධන් ඇතුළු බෙදුම්වාදී කල්ලිය එක කඳවුරකට එකතු වීම නිසා එම තත්ත්වය වර්ධනය වූ බව පේනවා. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵලයට සිංහලයාගේ නැගීසිටීම බෙහෙවින් බලපාන බව කිව යුතුයි ෴

***************************************

ඩයස්පෝරා ඉල්ලීමට නාවික විරුවන් 5 කගේ වැඩතහනම් කිරීමට අවසාන මොහොතේ දැරූ උත්සාහය ජනාධිපති මැදිහත්වී නවත්වයි

(15.11.2019 – colombotoday.com)

අවසාන සටනේ නාවික හමුදා බුද්ධි අංශයට අනුක්තව සිටි තම උපන් දේශය වෙනුවෙන් අමිල සේවයක් සිදුකල නාවික විරුවන් 5 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට අද (15) දැරූ උත්සහයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැදිහත්වී නවත්වා දැමූ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

විධිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකොට කොටි ඩයස්පෝරාවේ දේශපාලන ඉල්ලීම් මත සිදුකිරීමට ගිය මෙම ක්‍රියාව පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි ලෙස උරණව සිටින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴

***************************************

ඇමරිකානු පුරවැසිභාවය ගැන අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝ පටය ව්‍යාජ එකක් – ඇමරිකානු තානාපති කාර්යාලය

(15.11.2019 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවකගේ යැයි පවසමින් ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සඳහන් කරමින් අන්තර්ජාලයේ සැරිසරන වීඩියේ පටය ව්‍යාජ වීඩියෝ පටයක් බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

එහි මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වෑන්හෝන් මහත්මිය පැවසුවේ එය තම දෙපාර්තමේන්තුවට අදාළ නොවන හඬ කැවූ ව්‍යාජ වීඩියෝවක් බවට තහවුරු කළ හැකි බවයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවකගේ යැයි පවසමින් ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සඳහන් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වනවා.

අදාළ වීඩියෝ පටය ව්‍යාජ වීඩියෝ පටයක් බවත්, එය කිසියම් අයෙකු විසින් හඬ කවා සකස් කර ඇති බවත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළා ෴

***************************************

ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් සමඟ හම්බන්තොටදී පුද්ගලයෙකු අත්අඩංගුවට

(15.11.2019 – 16:20 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සඳහා හම්බන්තොට සුචී ජාතික පාසලට පැමිණි වෑන් රථයක තිබී ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් සමඟ පුද්ගලයෙකු හම්බන්තොට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෑන් රථයේ රියදුරු අසුන අසල කුටියක තිබී මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගය ඡන්ද පොළ භාර නිලධාරියා විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, හම්බන්තොට පොලීසියේ නිලධාරින් පැමිණ වෑන් රථයේ තිබූ ව්‍යාජ ඡන්ද පත්‍රිකා සහ වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 54 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර අසත්‍ය තොරතුරු ඇතුළත් මඩ පෝස්ටර් 3849 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකුද හලාවත – මාදම්පේ ප්‍රදේශයේදී අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාරගේ පුත්‍රයා ඇතුළු පිරිසක් අද (15) දහවල් හලාවත නගරයේදී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.

අදාළ පහරදීම සිදුවන අවස්ථාවේදී හලාවත නගරාධිපතිවරයා ද එම ස්ථානයේ සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පහරදීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිටත් ප්‍රදේශයෙන් පලාගොස් සිටින අතර, ඔවුන් සොයා පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, හෙට (16) දිනයේදි මෙන්ම ඉදිරි දින කිහිපයේදීත් ජනතාව කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවකට සම්බන්ධ නොවීමට වගබලා ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාද, කොළඹදී අද (15) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ඔහු කියා සිටියේ පෞද්ගලික වාහනවල පෝස්ටර් ඇලවීම සිදුකළ හැක්කේ අදාළ අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ පමණක් බවයි ෴

***************************************

රාජකාරියට, රාජකීය විද්‍යාලයට පැමිණි 58 ක් රෝහලේ

(15.11.2019 – 14:45 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ රාජකාරි සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණ සිටි නිලධාරින් 67 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත යොමුකර තිබුණා.

එහි ප්‍රකාශිකාවක කියා සිටියේ ඔවුන්ගෙන් 58 දෙනෙකු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

උදෑසන ආහාර ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් විවිධ ආසාත්මිකතා වලට ලක්වීමත් සමඟ මෙලෙස රෝහල් ගත කෙරුණා.

පිරිස අතර සිවිල් ආරක්ෂක භටයින් 5 දෙනෙකු ද සිටිනවා.

***************************************

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කර විකුණූ 8 දෙනෙකු අත්අඩංගුවට

(15.11.2019 – 14:08 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම, ව්‍යාජ ලෙස සකස් කර විකිණීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ගනේමුල්ල, මට්ටක්කුලිය, වත්තල සහ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙම සොරකම් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලැබී තිබූ පැමිණිලි මත සිදුකළ විමර්ශනයකදී අනන්‍යතාව තහවුරු නොකළ ත්‍රිරෝද රථයක් සමඟ සැකකරුවෙකු වැල්ලම්පිටිය – සේදවත්ත ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගැණුනා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදීයි අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

***************************************

අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ලෙස සමාජ මාධ්‍ය යොදාගන්නේ නම් අවහිර කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම කියයි

(15.11.2019 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයට ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය යොදාගන්නේ නම් ඒවා අවහිර කිරීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සළකා බලා එම පියවර ගන්නා බවයි.

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (14) පස්වරුව වනවිට පැමිණිලි 3905 ක් ලැබී තිබුණා.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 27 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 3771 ක් ද ඊට අයත්.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු පෙරේදා මධ්‍යම (13) රාත්‍රියෙන් අවසන්වීමෙන් පසු ඊයේ (14) පස්වරු හතරෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 84 ක් වාර්තාවී තිබෙනවා.

එම පැමිණිලි සියල්ලම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර අසත්‍ය තොරතුරු ඇතුළත් මඩ පෝස්ටර් 3849 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු හලාවත – මාදම්පේ ප්‍රදේශයේදී අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අදාළ පෝස්ටර් තොගයද සමඟ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 60,000 ක්

(15.11.2019 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරිවල නිරත පොලිස් නිළධාරින් හැටදහසක් අද (15) පෙරවරු 6 සිට සිය රාජකාරි ආරම්භ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඡන්ද පොළ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිළධාරින් අද (15) පස්වරුව වනවිට සිය රාජකාරි ස්ථාන වෙත වාර්තා කරනු ඇති බවයි.

පොලිස් නිළධාරිගේ සහයට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය ද යොදවා තිබෙනවා.

අවශ්‍ය වුවහොත් හමුදා නිළධාරින්ගේ සහය ද ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි මැතිවරණ කොමිසම් සභාව සඳහන් කළේ.

මේ අතර, ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (16) දිනයේ දිවයින පුරා ජංගම මුර සංචාර ක්‍රියාත්මක කිරිමට සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

***************************************

ගම්බිම් බලා යන මගීන් නිසා – කොටුව දුම්රියපලේ සහ මධ්‍යම බස් නැවතුම්පලේ තදබදයක්

(15.11.2019 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ඡන්දය භාවිතා කිරීම සඳහා ගම් බිම් බලා පිටත්ව යාමට මගීන් විශාල පිරිසක් පැමිණීම නිසා කොළඹ කොටුව දුම්රියපල, මධ්‍යම බස් නැවතුම්පල, බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පලවල තදබදයක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරුවන් ප්‍රකාශ කලේ අද (15) උදෑසන සිට මෙලෙස මගීන් විශාල පිරිසක් දුම්රිය සහ බස්නැවතුම්පල වෙත පැමිණෙමින් සිටින බවයි.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (16) දිනයේදි පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී නිහාල් හිදැල්ලආරච්චි මහතා සඳහන් කළේ ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (15) සහ හෙට (16) දිනවල ප්‍රමාණවත් පරිදි අතිරේකව බස් රථ 150 ක් ද ධාවනයට එක් කර ඇති බවයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් මගී පහසුව දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරී වජිර පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේ.

***************************************

දිවයින පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹේ

(15.11.2019 – 10:57 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යස්ථාන 12,845 කට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ – ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බලකායත්

ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කිරීම අද (15) පෙරවරුවේ ආරම්භ වුණා.

මධ්‍යස්ථාන 12,845 වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා රැගෙන යාම රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කෙරෙන අතර, එම කටයුතු මේ වනවිටත් සිදුවන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙවර ඡන්ද විමසීම සඳහා රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 3 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

ඡන්ද පෙට්ටි 12,845 ක් මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා යොදාගන්නා අතර, ඉන් 12,350 ක් ඝන කාඩ්බෝඩ් පෙට්ටි.

ඉතිරිය ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 488 ක් ස්ථාපිත කර ඇති අතර, එම මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ආරම්භ වූයේ නුවරඑළිය – ගාමිණී ජාතික පාසලේ සිටයි.

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 634 ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වනවිටත් සිදු කෙරෙන බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ආර්.එම්. වන්නිනායක මහතා කියා සිටියේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 713 වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමද අද (15) උදෑසන ආරම්භ වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 835 කදී ඡන්ද විමසීම සිදු කෙරෙනවා.

ඊට අදාළ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න ප්‍රකාශ කළේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 523 ක් ස්ථාපිත කර ඇති අතර, ඊට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමද අද (15) උදෑසන ආරම්භ කෙරුණා.

මාතර, වවුනියාව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සඳහන් කළේ.

ඡන්ද පෙට්ටි රැගෙන යාමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද විමසීම සම්බන්ධයෙන් පෙරහුරුවක්ද පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

***************************************

බොරැල්ලේදී මෝටර් රථයක් ගිනිගනී

(15.11.2019 – 08:00 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – මොඩ්ල්ෆාම් මංසන්ධියේදී ඊයේ (14) මෝටර් රථයක් ගිනි ගැනීමට ලක්වුණා.

ඊයේ (14) පස්වරු හයට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම මෝටර් රථයෙන් දුමාරයක් පිටවී ඇති අතර, ඒ සමඟම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට කර නතර කර එහි සිටි පිරිස ඉන් ඉවත්ව තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න මැඬපැවැත්වීම සඳහා එම ස්ථානයට කැඳවා ඇති අතර, ගිනි නිවන රථ පැමිණෙන විටත් මෝටර් රථය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *